මජ්ඣෙසුත්තං
6. 2. 1. 7.
6. 2. 1. 7.
[මජ්ඣෙසුත්තං]
[මජ්ඣෙ සූත්‍රය]
7. එවං මෙ සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලානං ථෙරානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාත පටික්කන්තානං මණ්ඩලමාලෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: “වුත්තමිදං ආවුසො භගවතා පාරායනෙ මෙත්තෙය්යපඤ්හෙ:
7. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස් ඉසිපතන නම් මිගදායයෙහි වැඩ වසන සේක. එ සමයෙහි පසුබත්හි පිඬුවායෙන් පෙරළා පැමිණි මණ්ඩලමාලයෙහි රැස්ව හුන් බොහෝ තෙරමහණුන් අතර මෙ අතුරු කථාව පහළ විය: ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් පාරායන සමාගමයෙහි තිස්ස මෙත්තෙය්‍ය මාණවකයාගේ ප්‍රශ්නයෙහි දී:
“සො උභන්තෙ විදිත්වාන මජ්ඣෙ මන්තා න ලිප්පති තං බ්රූමි මහාපුරිසොති සො‘ධ සිබ්බනිමච්චගා”
එ (රහත් භික්ෂුතෙම) “උභයාන්තය ප්‍රඥායෙන් දැන මධ්‍යයෙහි නො තැවරේ නම් ඔහු මහාපුරුෂය යි කියමි. හේ මේ පස්කඳෙහි සිබ්බනිසඞ්ඛ්යාත තෘෂ්ණාව ඉක්ම ගියේ ය”යි. (මෙය වදාරණ ලදි)
කතමො නු ඛො ආවුසො එකො අන්තො කතමො දුතියො අන්තො, කිං මජ්ඣෙ, කා සිබ්බනීති.
ඇවැත්නි, එක් අන්තය කවරේ යැ, දෙවන අන්තය කවරේ යැ, මධ්‍යය කවරේ යැ, සිබ්බනි කවර යැයි.
(1) එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරෙ භික්ඛූ එතදවොච: “ඵස්සො ඛො ආවුසො එකො අන්තො, ඵස්සසමුදයො දුතියො අන්තො, ඵස්සනිරොධො මජ්ඣෙ, තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛො ආවුසො භික්ඛු අභිඤ්ඤෙය්යං අභිජානාති, පරිඤ්ඤෙය්යං පරිජානාති. අභිඤ්ඤෙය්යං අභිජානන්තො පරිඤ්ඤෙය්යං පරිජානන්තො දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්ස අන්තකරො හොතී’ති.
(1) මෙ සේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්හට තෙල කීය: “ඇවැත්නි, (ස්පර්ශවශයෙන් උපන් හෙයින් වර්තමාන ආත්මභාව සඞ්ඛ්‍යාත) ස්පර්ශය එක් අන්තයෙක. (අනාගතාත්මභාව සඞ්ඛ්‍යාත) ඵස්සසමුදය දෙවන අන්ත ය, (නිර්වාණ සඞ්ඛ්‍යාත) ස්පර්ශ නිරෝධය මධ්‍යය වෙයි. තෘෂ්ණාව සිබ්බනි යැ. තෘෂ්ණාව ම එ (ආත්මභාවද්වය සඞ්ඛ්‍යාත) ඵස්සය හා ඵස්සසමුදය ඒ ඒ භවයාගේ අභිනිර්වෘත්තිය සඳහා හිවන්නේ ය. ඇවැත්නි, මෙතෙකින් මහණ (චතුස්සත්යධර්ම සඞ්ඛ්‍යාත) අභිඥේයය මනා කොට දන්නේ ය. (ලෞකික සත්යද්වය සඞ්ඛ්‍යාත) පරිඥේය පිරිසිඳ දන්නේ ය. අභිඥේයය අභිජානන කරණුයේ පරිඥේයය පරිජානන කරණුයේ ඉහාත්ම භාවයෙහි ම වෘත්ත දුඃඛය කෙළවර කරන්නේ ය යි.
(2) එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරෙ භික්ඛූ එතදවොච: “අතීතං ඛො ආවුසො එකො අන්තො, අනාගතං දුතියො අන්තො, පච්චුප්පන්නං මජ්ඣෙ, තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛො ආවුසො භික්ඛු අභිඤ්ඤෙය්යං අභිජානාති පරිඤ්ඤෙය්යං පරිජානාති, අභිඤ්ඤෙය්යං අභිජානන්තො පරිඤ්ඤෙය්යං පරිජානන්තො දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොතී”ති.
(2) මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්හට මෙය කී ය: “ඇවැත්නි, අතීතාත්මභාවය එක අන්තයෙක, අනාගතාත්මභාවය දෙවන අන්තය යි, ප්රත්යුත්පන්නාත්මභාවය මධ්‍යය යි. තෘෂ්ණාව සිබ්බනිය යි. තෘෂ්ණාව ම ඒ ඒ භවයාගේ ඉපැත්ම සඳහා එය (අතීතානාගතපච්චුප්පන්න ඛන්ධ) හිවනේ ය. ඇවැත්නි, මෙතෙකින් මහණ අභිඥේයය අභිජානනය කෙරෙයි. පරිඥේයය පරිජානනය කෙරෙයි. අභිඥේයය මනාකොට දන්නේ පරිඥේයය පිරිසිඳ දන්නේ ඉහාත්මභාවයෙහි ම දුක් කෙළවර කරන්නේ ය”යි.
(3) එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරෙ භික්ඛූ එතදවොච: “සුඛා ඛො ආවුසො වෙදනා එකො අන්තො, දුක්ඛා වෙදනා දුතියො අන්තො, අදුක්ඛමසුඛා වෙදනා මජ්ඣෙ, තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා කො ආවුසො භික්ඛු අභිඤ්ඤෙය්යං අභිජානාති -පෙ- දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්ස අන්තකරො හොතී”ති.
(3) මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්ට තෙල කරුණ කී ය: “ඇවැත්නි, සුඛ වේදනා එක් අන්ත යැ, දුක්ඛවේදනාව දෙවන අන්ත යැ, අදුක්ඛමසුඛ වේදනාව මධ්‍යය යි. තෘෂ්ණාව සිබ්බනි යි. තෘෂ්ණාව ම ඒ ඒ භවයාගේ අභිනිර්වෘත්තිය සඳහා එය හිවන්නේ ය. ඇවැත්නි මෙතෙකින් මහණ අභිඥේයය අභිඥාත වෙයි, ... ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නේ වේ ය”යි.
(4) එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරෙ භික්ඛූ එතදවොච: “නාමං ඛො ආවුසො එකො අන්තො, රූපං දුතියො අන්තො, විඤ්ඤාණං මජ්ඣෙ, තණ්හා සිබ්බනී. -පෙ- දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්ස අන්තකරො හොති”ති.
(4) මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්ට තෙල කරුණ කී ය: “ඇවැත්නි, නාමය එක් අන්ත යැ, රූපය දෙවන අන්තය වෙයි. ප්රතිසන්ධි විඥානය මධ්‍ය යි. තෘෂ්ණාව සිබ්බනි යි. තෘෂ්ණාව එය මසයි ... ඉහාත්මයෙහි ම දුක් අන්ත කරන්නේ වේ ය” යි.
(5) එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරෙ භික්ඛූ එතවොච: “ඡ ඛො ආවුසො අජ්ඣත්තිකානි ආයතනානි එකො අන්තො, බාහිරානි ආයතනානි දුතියො අන්තො, විඤ්ඤාණං මජ්ඣෙ, තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛො ආවුසො භික්ඛු අභිඤ්ඤෙය්යං අභිජානාති -පෙ- දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්ස අන්තකරො හොතී”ති.
(5) මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්ට තෙල කීය: “ඇවැත්නි, ෂට්ආධ්යාත්මිකායතන එක අන්ත යැ. ෂට්බාහ්යආයතන දෙවන අන්ත යි. කර්මවිඥානය මධ්‍ය යි. තෘෂ්ණාව සිබ්බනි යි. තෘෂ්ණාව ම එ එ භවයාගේ ඉපැත්ම පිණිස එය හිවයි. ඇවැත්නි, මෙතෙකින් මහණ අභිඥේයය අභිඥාත වෙයි ... ඉහාත්මයෙහි දුක් (අන්තකරන්නේ වේ ය”යි)
(6) එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරෙ භික්ඛූ එතදවොච: “සක්කායො ඛො ආවුසො එකො අන්තො, සක්කායසමුදයො දුතියො අන්තො, සක්කායනිරොධො මජ්ඣෙ, තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛො ආවුසො භික්ඛු අභිඤ්ඤෙය්යං අභිජානාති, පරිඤ්ඤෙය්යං පරිජානාති. අභිඤ්ඤෙය්යං අභිජානන්තො පරිඤ්ඤෙය්යං පරිජානන්තො දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්ස අන්තකරො හොතී”ති.
(6) මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්ට තෙල කීය: “ඇවැත්නි, (ත්‍රෛභූමක වර්ත සඞ්ඛ්‍යාත) සත්කාය එක අන්ත යැ, (සමුදයසත්‍ය සඞ්ඛ්‍යාත) සත්කායසමුදය දෙවන අන්ත යි, (නිරෝධසත්‍ය සඞ්ඛ්‍යාත) සත්කාය නිරෝධය මධ්‍ය යි. තෘෂ්ණාව සිබ්බනි යි. තෘෂ්ණාව ම එ එ භාවයාගේ ඉපැත්ම පිණිස එය හිවන්නේ ය. ඇවැත්නි, මෙතෙකින් මහණ අභිඥෙය අභිඥාත වෙයි, පරිඥේයය පරිඥාත වෙයි, අභිඥේයය අභිඥාන කෙරෙමින් පරිඥේයය පරිඥානකෙරෙමින් ඉහාත්මභාවයෙහි ම දුක් අන්තකරන්නේ වේ ය”යි.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරෙ භික්ඛූ එතදවොච: “බ්යාකතං ඛො ආවුසො අම්හෙහි සබ්බෙහෙව යථාසකං පටිභානං. ආයාමාවුසො, යෙන භගවා තෙනුපසඞ්කමිස්සාම, උපසඞ්කමිත්වා භගවතො එතමත්ථං ආරොචෙස්සාම, යථා නො භගවා ව්යාකරිස්සති, තථා නං ධාරෙස්සාමා”ති. එවමාවුසො’ති ඛො ථෙරා භික්ඛූ තස්ස භික්ඛුනො පච්චස්සොසුං.
මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්ට තෙල කරුණ කීය: “ඇවැත්නි, අප හැම දෙන විසින් ම ස්වකීය ප්‍රතිභානය ප්‍රකාශ කරණ ලදි. ඇවැත්නි, යම්හ, භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙම්හ, එළඹ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකරම්හ, අපහට යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ විවරණ කෙරෙත් නම් එපරිදි එය ධරම්හ”යි. ඇවැත්නි, එසේ ය යි, තෙර මහණහු එ මහණහට පිළිවදන් ඇස්වූහ.
අථ ඛො ථෙරා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු, එකමන්තං නිසින්නා ඛො ථෙරා භික්ඛූ යාවතකො අහොසි සබ්බෙහෙව සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං භගවතො ආරොචෙසුං: කස්ස නු ඛො භන්තෙ සුභාසිත’න්ති.
එක්බිති තෙර මහණහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් තෙර මහණහු හැම දෙනා හා සමග යම් ප්‍රමාණ කථාසංලාපයෙක් ඇති වී නම්, එ හැම භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. වහන්ස, කවුරුන්ගේ (භාෂිතය) සුභාෂිත වේ දැ?”යි.
සබ්බෙසං වො භික්ඛවෙ සුභාසිතං පරියායෙන, අපි ච යං මයා සන්ධාය භාසිතං පාරායනෙ මෙත්තය්යපඤ්හෙ:
“මහණෙනි, පර්‍ය්‍යායයෙන් (ඒ ඒ කරුණින්) තොප හැමගේ කථා සුභාෂිත ය. වැලිදු මා විසින් පාරායනයෙහි ‘මෙත්තෙය්‍ය පඤ්හ’යෙහි යමක් සඳහා:
”සො උභන්තෙ විදිත්වාන මජ්ඣෙ මන්තා න ලිප්පති, තං බ්රූමි මහා පුරිසොති සො‘ධ සිබ්බනිමච්චගා”ති - තං සුණාථ සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති.
“එ (රහත් මහණ) ප්‍රඥාවෙන් උභයාන්තය දැන මධ්‍යයෙහි නො තැවරේ නම්, ඔහු මහාපුරුෂ යයි ද, හේ මෙලොව සිබ්බනී සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ඉක්මගියේ යි කියමි”යි වදාරන ලද නම්, එය මනා කොට අසව මෙනෙහි කරව, කියන්නෙමි”යි
එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං, භගවා එතදවොච:
‘වහන්ස, එසේ ය’යි, එ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
ඵස්සො ඛො භික්ඛවෙ එකො අන්තො, ඵස්සසමුදයො දුතියො අන්තො. ඵස්සනිරොධො මජ්ඣෙ. තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛො භික්ඛවෙ භික්ඛු අභිඤ්ඤෙය්යං අභිජානාති, පරිඤ්ඤෙය්යං පරිජානාති. අභිඤ්ඤෙය්යං අභිජානන්තො පරිඤ්ඤෙය්යං පරිජානන්තො දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්ස අන්තකරො හොතී’ති.
මහණෙනි, වර්තමාන ආත්මභාව (සඞ්ඛ්‍යාත) ඵස්සය එක් අන්තයක, (අනාගතාත්මභාව සඞ්ඛ්‍යාත) ඵස්සසමුදය දෙවන අන්තය වෙයි. ඵස්ස නිරෝධය මධ්‍යය වෙයි. තෘෂ්ණාව සිබ්බනිය යි. තෘෂ්ණාව ම ඒ ඒ ආත්මභාවයාගේ අභිනිර්වෘත්තිය සඳහා එය හිවන්නේ ය. මහණෙනි, මෙ පමණෙකින් මහණ අභිඥේයය අභිජානන කෙරෙයි. පරිඥේයය පරිජානන කෙරෙයි. අභිඥෙය විශිෂ්ටඥානයෙන් දන්මින් පරිඥේයය පිරිසිඳ දන්මින් ඉහාත්මයෙහි දුඃඛය අවසන් කරන්නේ වේ ය යි.