යෙදුමෙන් කියවන්න

නිබ‍්බෙධික සුත‍්තං

6. 2. 1. 9.

6. 2. 1. 9.

[නිබ‍්බෙධික සුත‍්තං]

[නිබ්බේධික සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

9. නිබ‍්බෙධිකපරියායං වො භික‍්ඛවෙ ධම‍්මපරියායං දෙසිස‍්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ. භාසිස‍්සාමීති. එවම‍්භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං භගවා එතදවොච:

9. මහණෙනි, තොපට ‘නිබ්බේධික පරියාය’ නම් ධර්‍මපර්‍ය්‍යා ය දෙසමි. එ අසව, මනාකොට මෙනෙහි කරව, කියම්හය. ‘වහන්ස, එසේ ය’යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:

කතමො ච සො භික‍්ඛවෙ නිබ‍්බෙධිකපරියායො ධම‍්මපරියායො:

මහණෙනි, නිබ්බේධිකපරියාය නම් ධර්‍මපර්‍ය්‍යා ය කවරේ ය යත්:

කාමා භික‍්ඛවෙ වෙදිතබ‍්බා, කාමානං නිදානසම‍්භවො වෙදිතබ‍්බො, කාමානං වෙමත‍්තතා වෙදිතබ‍්බා, කාමානං විපාකො වෙදිතබ‍්බො, කාමනිරොධො වෙදිතබ‍්බො, කාමනිරොධගාමිනීපටිපදා වෙදිතබ‍්බා.

මහණෙනි, කාමයෝ දතයුතු වෙත්. කාමයන්ගේ නිදානසම්භවය දතයුතු වෙයි. කාමයන්ගේ වේමත්තතා සඞ්ඛ්‍යාත නානාකරණය දතයුතු වෙයි. කාමයන්ගේ විපාකය දතයුතු වෙයි. කාමනිරෝධය දතයුතු වෙයි. කාමනිරෝධගාමිනීප්‍රතිපද් දතයුතු වේ.

වෙදනා භික‍්ඛවෙ වෙදිතබ‍්බා, වෙදනානං නිදානසම‍්භවො වෙදිතබ‍්බො, වෙදනානං වෙමත‍්තතා වෙදිතබ‍්බා, වෙදනානං විපාකො වෙදිතබ‍්බො, වෙදනානිරොධො වෙදිතබ‍්බො, වෙදනානිරොධගාමිනීපටිපදා වෙදිතබ‍්බා.

මහණෙනි, වේදනා දතයුතු ය. වේදනාවන්ගේ නිදානසම්භවය දතයුතුය. වේදනාවන්ගේ වේමත්තතා සඞ්ඛ්‍යාත නානාකරණය දතයුතු ය. වේදනාවන්ගේ විපාකය දතයුතු ය. වේදනානිරෝධය දතයුතු ය. වේදනානිරෝධගාමිනීප්‍රතිපද් දතයුතු යි.

සඤ‍්ඤා භික‍්ඛවෙ වෙදිතබ‍්බා, සඤ‍්ඤානං නිදානසම‍්භවො වෙදිතබ‍්බො, සඤ‍්ඤානං වෙමත‍්තතා වෙදිතබ‍්බා, සඤ‍්ඤානං විපාකො වෙදිතබ‍්බො, සඤ‍්ඤානිරොධො වෙදිතබ‍්බො, සඤ‍්ඤානිරොධගාමිනීපටිපදා වෙදිතබ‍්බා.

මහණෙනි, සංඥා දතයුතු ය. සංඥාවන්ගේ නිදානසම්භවය දතයුතු ය. සංඥාවන්ගේ වේමත්තතාව දතයුතු ය. සංඥාවන්ගේ විපාකය දතයුතු ය. සංඥානිරෝධය දතයුතු ය. සංඥානිරෝධගාමිනීප්‍රතිපද් දතයුතු යි.

ආසවා භික‍්ඛවෙ වෙදිතබ‍්බා, ආසවානං නිදානසම‍්භවො වෙදිතබ‍්බො, ආසවානං වෙමත‍්තතා වෙදිතබ‍්බා, ආසවානං විපාකො වෙදිතබ‍්බො, ආසවනිරොධො වෙදිතබ‍්බො, ආසවනිරොධගාමිනීපටිපදා වෙදිතබ‍්බා.

මහණෙනි, ආස්‍රවයෝ දතයුත්තාහ. ආස්‍රවයන්ගේ නිදානසසම්භවය දතයුතු වෙයි. ආස්‍රවයන්ගේ වේමත්තතාව දතයුතු ය. ආස්‍රවයන්ගේ විපාක දතයුතු ය. ආස්‍රවනිරෝධය දතයුතු ය. ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපද් දතයුතු යි.

කම‍්මං භික‍්ඛවෙ වෙදිතබ‍්බා, කම‍්මානං නිදානසම‍්භවො වෙදිතබ‍්බො, කම‍්මානං වෙමත‍්තතා වෙදිතබ‍්බා, කම‍්මානං විපාකො වෙදිතබ‍්බො, කම‍්මනිරොධො වෙදිතබ‍්බො, කම‍්මනිරොධගාමිනීපටිපදා වෙදිතබ‍්බා.

මහණෙනි, කර්‍මය දතයුතු ය. කර්‍මයන්ගේ නිදානසම්භවය දතයුතු ය. කර්‍මයන්ගේ වේමත්තතාව දතයුතු ය. කර්‍මවිපාකය දතයුතු ය. කර්‍මනිරෝධය දතයුතු ය. කර්‍මනිරෝධගාමිනීප්‍රතිපද් දතයුතු යි.

දුක‍්ඛං භික‍්ඛවෙ වෙදිතබ‍්බං. දුක‍්ඛස‍්ස නිදානසම‍්භවො වෙදිතබ‍්බො. දුක‍්ඛස‍්ස වෙමත‍්තතා වෙදිතබ‍්බා. දුක‍්ඛස‍්ස විපාකො වෙදිතබ‍්බො. දුක‍්ඛනිරොධො වෙදිතබ‍්බො. දුක‍්ඛනිරොධගාමිනීපටිපදා වෙදිතබ‍්බා.

මහණෙනි, දුඃඛය දතයුතු ය. දුඃඛයාගේ නිදානසම්භවය දතයුතු ය. දුඃඛයාගේ වේමත්තතාව දතයුතු ය. දුඃඛයාගේ විපාකය දතයුතු ය. දුඃඛනිරෝධය දතයුතු ය. දුඃඛනිරෝධගාමිනීප්‍රතිපද් දතයුතු යි.

(1) “කාමා භික‍්ඛවෙ වෙදිතබ‍්බා, කාමානං නිදානසම‍්භවො වෙදිතබ‍්බො, කාමානං වෙමත‍්තතා වෙදිතබ‍්බා, කාමානං විපාකො වෙදිතබ‍්බො, කාමනිරොධො වෙදිතබ‍්බො, කාමනිරොධගාමිණී පටිපදා වෙදිතබ‍්බාති ඉති ඛො පනෙතං වුත‍්තං. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තන‍්ති.

(1) “මහණෙනි, කාමයෝ දතයුත්තාහ. කාමයන්ගේ නිදානසම්භවය දතයුතු. කාමයන්ගේ වේමත්තතාව දතයුතු. කාමයන්ගේ විපාකය දතයුතු. කාමනිරෝධය දතයුතු. කාමනිරෝධගාමිනීප්‍රතිපද් දතයුතු ය”යි තෙල යමක් කියනලද නම්, තෙල කුමක් ඇරැබ කියනලද යැ යත්:

පඤ‍්චිමෙ භික‍්ඛවෙ කාමගුණා: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තාමනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. අපිච ඛො භික‍්ඛවෙ නෙතෙ කාමා, කාමගුණා නාමෙතෙ අරියස‍්ස විනයෙ වුච‍්චන‍්ති.

මහණෙනි, ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්‍රියරූප වූ කාමෝපසංහිත වූ රජනීය වූ චක්‍ෂුර් විඥේය රූපයෝය ... ශ්‍රෝතවිඥේය ශබ්දයෝ ය ... ඝ්‍රාණවිඥේය ගන්‍ධයෝ ය ... ජිව්හා විඥේය රසයෝ ය ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රජනීය වූ කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයෝ ය යි, මෙ කාමගුණ පසෙක. මහණෙනි, වැලිත් මොහු කාමයෝ නො වෙති. මොහු ආර්‍ය්‍යයන්ගේ විනයෙහි කාමගුණ නම්හයි කියනු ලැබෙත්.

66. සඞ‍්කප‍්පරාගො පුරිසස‍්ස කාමො නෙතෙ කාමා යානි චිත්‍රානි ලොකෙ, සඞ‍්කප‍්පරාගො පුරිසස‍්ස කාමො තිට‍්ඨන‍්ති චිත්‍රානි තථෙව ලොකෙ, අථෙත්‍ථ ධීරා විනයන‍්ති ඡන්‍දන‍්ති.

66. ලොවුහි පුරුෂයක් හට සඞ්කල්ප විසින් උපන් රාගය, කාම වෙයි. යම්බඳු විසිතුරු ආලම්බනයෝ වෙත් නම්, තුලුහු කාම නො වෙත්. පුරුෂයාගේ සඞ්කල්පරාගය ම කාම වෙයි. ලොව්හි විසිතුරු වස්තූහු එලෙසින් ම සිටුනාහ. වැලිත් එ අරමුණු කෙරේ උපන් ඡන්‍දරාගය ධීරයෝ විනයනය කරත්.

කතමො ච භික‍්ඛවෙ කාමානං නිදානසම‍්භවො: ඵස‍්සො භික‍්ඛවෙ කාමානං නිදාන සම‍්භවො.

මහණෙනි, කාමයන්ගේ නිදාන සම්භවය (උප්පත්ති කාරණ) කවරේ ය යත්: මහණෙනි, ස්පර්‍ශය කාමයන්ගේ නිදානසම්භවය යි.

කතමා ච භික‍්ඛවෙ කාමානං වෙමත‍්තතා: අඤ‍්ඤො භික‍්ඛවෙ කාමො රූපෙසු, අඤ‍්ඤො කාමො සද‍්දෙසු, අඤ‍්ඤො කාමො ගන්‍ධෙසු, අඤ‍්ඤො කාමො රසෙසු, අඤ‍්ඤො කාමො ඵොට‍්ඨබ‍්බෙසු. අයං වුච‍්චති භික‍්ඛවෙ කාමානං වෙමත‍්තතා.

මහණෙනි, කාමයන්ගේ වේමත්තතා සඞ්ඛ්‍යාත නානාකරණය කවරේ ය යත්: මහණෙනි, රූපාලම්බනයෙහි කාමය අනෙකෙකි, ශබ්දාලම්බනයෙහි කාමය අනෙකෙකි. ගන්‍ධාලම්බනයෙහි කාමය අනෙකෙකි. රසාලම්බනයෙහි කාමය අනෙකෙකි. ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි කාමය අනෙකෙකි. මහණෙනි, මෙ කාමයන්හි වේමත්තතා යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ කාමානං විපාකො: යං ඛො භික‍්ඛවෙ කාමයමානො තජ‍්ජං තජ‍්ජං අත‍්තභාවං අභිනිබ‍්බත‍්තෙති පුඤ‍්ඤභාගියං වා අපුඤ‍්ඤභාගියං වා, අයං වුච‍්චති භික‍්ඛවෙ කාමානං විපාකො.

මහණෙනි, කාමයන්ගේ විපාක කවරේ ය යත්: යම් ආත්මභාවයක් කැමැති වනුයේ එයිනෙයින් උපන් පුණ්‍යභාගිය වූ හෝ අපුණ්‍යභාගිය වූ හෝ ආත්මභාවයක් උපදවා නම්, මහණෙනි, කාමයන්ගේ මෙ විපාක යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ කාමනිරොධො: ඵස‍්සනිරොධො භික‍්ඛවෙ කාමනිරොධො.

මහණෙනි, කාමනිරෝධය කවරේ ය යත්: මහණෙනි, ස්පර්‍ශනිරෝධය කාමනිරෝධය යි.

අයමෙව අරියො ආට‍්ඨඞ‍්ගිකො: මග‍්ගො කාමනිරොධගාමිනී පටිපදා. සෙය්‍යථීදං: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මා ආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි.

මෙ අරිඅටඟි මඟ ම කාමනිරෝධගාමිනීප්‍රතිපදා යි. එ නම්: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධිය යි.

යතො ච ඛො භික‍්ඛවෙ අරියසාවකො එවං කාමෙ පජානාති, එවං කාමානං නිදාන සම‍්භවං පජානාති, එවං කාමානං වෙමත‍්තතං පජානාති, එවං කාමානං විපාකං පජානාති, එවං කාමානං නිරොධං පාජානාති, එවං කාමානං නිරොධගාමිනිං පටිපදං පජානාති, සො ඉමං නිබ‍්බෙධිකං බ්‍රහ‍්මචරියං පජානාති කාමනිරොධං.

මහණෙනි, යම් කලෙක පටන් අරීසවු මෙසෙයින් කාමයන් දන්නේ ද, මෙසෙයින් කාමයන්ගේ නිදානසම්භවය දන්නේ ද, මෙ සෙයින් කාමයන්ගේ වේමත්තතා දන්නේ ද, මෙ සෙයින් කාමයන්ගේ විපාක දන්නේ ද, මෙ සෙයින් කාමයන්ගේ නිරෝධය දන්නේ ද, මෙසෙයින් කාමයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපදා දන්නේ ද, හෙ මෙ නිර්වේධක බ්‍රහ්මචර්‍ය්‍යය වූ කාම නිරෝධය දන්නේ ය.

”කාමා භික‍්ඛවෙ වෙදිත‍්තබ‍්බා -පෙ- කමනීරොධගාමිනීපටිපදා වෙදිතබ‍්බා”ති ඉති යන‍්තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

“මහණෙනි, කාමයෝ දතයුත්තාහ ... කාමනිරෝධගාමිනිපටිපදා දතයුතු ය”යි මෙසෙයින් තෙල යමක් කියනලද නම්, තෙල කරුණ මෙ සඳහා කියනලද.

(2) “වෙදනා භික‍්ඛවෙ වෙදිතබ‍්බා -පෙ- වෙදනානිරොධගාමිනී පටිපදා වෙදිතබ‍්බා”ති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං.

(2) “මහණෙනි, වේදනා දතයුතු ය ... වේදනා නිරෝධගාමිනීපටිපදා දතයුතු ය”යි මෙසේ තෙල යමක් කියනලද නම්, තෙල කරුණ කවර හෙයින් කියනලදයැ යත්:

තිස‍්සො ඉමා භික‍්ඛවෙ වෙදනා, සුඛා වෙදනා දුක‍්ඛා වෙදනා අදුක‍්ඛමසුඛා වෙදනා.

මහණෙනි, සුඛවේදනා ය, දුක්ඛවේදනා ය, අදුක්ඛමසුඛවෙදනා ය යි මෙ වේදනා තුණෙක.

කතමො ච භික‍්ඛවෙ වෙදනානං නිදානසම‍්භවො: ඵස‍්සො භික‍්ඛවෙ වෙදනානං නිදානසම‍්භවො.

මහණෙනි, වේදනාවන්ගේ නිදානසම්භවය කවරේ ය යත්: මහණෙනි, ස්පර්‍ශය වේදනාවන්ගේ නිදානසම්භව යි.

කතමා ච භික‍්ඛවෙ වෙදනානං වෙමත‍්තතා: අත්‍ථි භික‍්ඛවෙ සාමිසා සුඛා වෙදනා, අත්‍ථි නිරාමිසා සුඛා වෙදනා, අත්‍ථි සාමිසා දුක‍්ඛා වෙදනා, අත්‍ථි නිරාමිසා දුක‍්ඛා වෙදනා, අත්‍ථි සාමිසා අදුක‍්ඛමසුඛා වෙදනා, අත්‍ථි නිරාමිසා අදුක‍්ඛමසුඛා වෙදනා, අයං වුච‍්චති භික‍්ඛවෙ වෙදනානං වෙමත‍්තතා.

මහණෙනි, වේදනාවන්ගේ වේමත්තතාව කවර යත්: මහණෙනි, සාමිසසුඛවේදනායෙක් ඇත. නිරාමිස සුඛවේදනායෙක් ඇත. සාමිසදුක්ඛවේදනායෙක් ඇත. නිරාමිස දුක්ඛවේදනායෙක් ඇත. සාමිසඅදුක්ඛමසුඛ වේදනායෙක් ඇත. නිරාමිස අදුක්ඛමසුඛවේදනායෙක් ඇත. මහණෙනි, වේදනාවන්ගේ මෙ වේමත්තතා යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ වෙදනානං විපාකො: යං භික‍්ඛවෙ වෙදියමානො තජ‍්ජං තජ‍්ජං අත‍්තභාවං අභිනිබ‍්බත‍්තෙති පුඤ‍්ඤභාගියං වා අපුඤ‍්ඤභාගියං වා, අයං වුච‍්චති භික‍්ඛවෙ වෙදනානං විපාකො.

මහණෙනි, වේදනාවන්ගේ විපාකය කවරේ ය යත්: මහණෙනි, යම් ආත්මභාවයක් කැමැති වනුයේ එයිනෙයින් උපන් පුණ්‍යභාගිය වූ හෝ අපුණ්‍යභාගිය වූ හෝ ආත්මභාවයක් උපදවා නම්, මහණෙනි, මෙ වේදනාවන්ගේ විපාක යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ වෙදනානිරොධො. ඵස‍්සනිරොධො භික‍්ඛවෙ වෙදනානිරොධො.

මහණෙනි, වේදනානිරෝධය කවරේ ය යත්: මහණෙනි, ස්පර්‍ශ නිරෝධය වේදනා නිරෝධ යි.

අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො වෙදනා නිරොධගාමිනී පටිපදා. සෙය්‍යථීදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි.

මෙ අරීඅටඟි මඟ ම වේදනානිරෝධගාමිනිපටිපදා වෙයි. එ නම්: සම්මාදිට්ඨිය ... සම්මාසමාධි යි.

යතො ච ඛො භික‍්ඛවෙ අරියසාවකො එවං වෙදනං පජානාති, එවං වෙදනා නිදානසම‍්භවං පජානාති, එවං වෙදනානං වෙමත‍්තතං පජානාතිං, එවං වෙදනානං විපාකං පජානාති, එවං වෙදනානං නිරොධං පාජානාති, එවං වෙදනානිරොධගාමිනිං පටිපදං පජානාති, සො ඉමං නිබ‍්බෙධිකං බ්‍රහ‍්මචරියං පජානාති වෙදනානිරොධං.

මහණෙනි, යම් කලෙක පටන් අරීසවු මෙසේ වේදනාවන් දන්නේ ද, මෙසේ වේදනානිදානසම්භවය දන්නේ ද, මෙසේ වේදනාවන්ගේ වේමත්තතාව දන්නේ ද, මෙසේ වේදනාවන්ගේ විපාක දන්නේ ද, මෙසේ වේදනාවන්ගේ නිරෝධය දන්නේ ද, මෙසේ වේදනා නිරෝධගාමිනිපටිපදා දන්නේ ද, හෙ මෙ නිර්වේධකබ්‍රහ්මචර්‍ය්‍යය වූ වේදනානිරෝධය දන්නේ ය.

“වෙදනා භික‍්ඛවෙ වෙදිතබ‍්බා -පෙ- වෙදනානිරොධගාමිනී පටිපදා වෙදිතබ‍්බාති ඉති යන‍්තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

“මහණෙනි, වේදනා දතයුතු ය ... වේදනානිරෝධගාමිනිපටිපදා දතයුතු ය”යි මෙසෙයින් යමක් කියන ලද නම්, තෙල කරුණ මෙ පිණිස කියන ලදි.

(3) “සඤ‍්ඤා භික‍්ඛවෙ වෙදිතබ‍්බා -පෙ- සඤ‍්ඤානිරොධගාමිනී පටිපදා වෙදිතබ‍්බා”ති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං:

(3) “මහණෙනි, සංඥා දතයුතුය ... සංඥානිරෝධගාමිනීප්‍රතිපත් දතයුතු ය”යි මෙසෙයින් යමක් කියන ලද නම්, තෙල කරුණ කුමක් පිණිස කියන ලද ය යත්:

ඡයිමා භික‍්ඛවෙ සඤ‍්ඤා: රූපසඤ‍්ඤා සද‍්දසඤ‍්ඤා ගන්‍ධසඤ‍්ඤා රසසඤ‍්ඤා ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤා ධම‍්මසඤ‍්ඤා.

මහණෙනි, මෙ සංඥා සයෙක: රූපසංඥා ශබ්දසංඥ ගන්‍ධසංඥ රසසංඥා ස්ප්‍රෂ්ටව්‍යසංඥ ධර්‍මසංඥා යි.

කතමො ච භික‍්ඛවෙ සඤ‍්ඤානං නිදානසම‍්භවො, ඵස‍්සො භික‍්ඛවෙ සඤ‍්ඤානං නිදානසම‍්භවො.

මහණෙනි, සංඥාවන්ගේ නිදානසම්භවය කවරේ ය යත්: මහණෙනි, ස්පර්‍ශය සංඥාවන්ගේ නිදාන සම්භව යි.

කතමා ච භික‍්ඛවෙ සඤ‍්ඤානං වෙමත‍්තතා: අඤ‍්ඤා භික‍්ඛවෙ සඤ‍්ඤා රූපෙසු, අඤ‍්ඤා සඤ‍්ඤා සද‍්දෙසු, අඤ‍්ඤා සඤ‍්ඤා ගන්‍ධෙසු, අඤ‍්ඤා සඤ‍්ඤා රසෙසු, අඤ‍්ඤා සඤ‍්ඤා ඵොට‍්ඨබ‍්බෙසු, අඤ‍්ඤා සඤ‍්ඤා ධම‍්මෙසු. අයං වුච‍්චති භික‍්ඛවෙ සඤ‍්ඤානං වෙමත‍්තතා.

මහණෙනි, සංඥාවන්ගේ වේමත්තතා කවර යත්: මහණෙනි, රූපයෙහි අන් සංඥායෙක, ශබ්දයෙහි අන් සංඥායෙක, ගන්‍ධයෙහි අන් සංඥායෙක, රසයෙහි අන් සංඥායෙක, ස්ප්‍රෂ්ටව්‍යයෙහි අන් සංඥායෙක, ධර්‍මයෙහි අන් සංඥායෙක, මහණෙනි, මෙ සංඥාවන්ගේ වේමත්තතා යි.

කතමො ච භික‍්ඛවෙ සඤ‍්ඤානං විපාකො: වොහාර වෙපක‍්කාහං භික‍්ඛවෙ සඤ‍්ඤං වදාමි. යථා යථා නං සඤ‍්ජානාති, තථා තථා වොහරති එවං සඤ‍්ඤී අහොසින‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ සඤ‍්ඤානං විපාකො.

මහණෙනි, සංඥාවන්ගේ විපාක කවරේ ය: මහණෙනි, මම (කථා) ව්‍යවහාර සඞ්ඛ්‍යාත විපාකහේතුයෙන් සංඥාව කියමි. යම් යම් සැටියෙකින් හඳුනාගන්නේ ද, (මෙ බඳු සංඥා ඇතියෙම් වීම් යි) එ එ සැටියෙන් ව්‍යවහාර කෙරෙයි. මහණෙනි, මේ සංඥාවන්ගේ විපාක යයි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ සඤ‍්ඤානිරොධො: ඵස‍්සනිරොධො භික‍්ඛවෙ සඤ‍්ඤානිරොධො.

මහණෙනි, සංඥානිරෝධ කවරේ ය: මහණෙනි, ස්පර්‍ශනිරෝධය සංඥානිරෝධ වෙයි.

අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සඤ‍්ඤානිරොධගාමිනී පටිපදා සෙය්‍යථීදං: සම‍්මා දිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි.

මේ අරීඅටඟිමඟ ම සංඥානිරෝධගාමිනීප්‍රතිපත් වෙයි. හේ කිසේ ය: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි.

යතො ච ඛො භික‍්ඛවෙ අරියසාවකො එවං සඤ‍්ඤං පජාකාති, එවං සඤ‍්ඤානං නිදානසම‍්භවං පජානාති, එවං සඤ‍්ඤානං වෙමත‍්තතං පජානාති, එවං සඤ‍්ඤානං විපාකං පජානාති, එවං සඤ‍්ඤානීරොධං පජානාති, එවං සඤ‍්ඤානිරොධගාමිනිං පටිපදං පජානාති, සො ඉමං නිබ‍්බොධිකං බ්‍රහ‍්මචරියං පජානාති සඤ‍්ඤානිරොධං.

මහණෙනි, යම් තැනෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සංඥාව දන්නේ වේ ද, මෙසේ සංඥාවන්ගේ නිදානසම්භවය දන්නේ වේ ද, මෙසේ සංඥාවන්ගේ වේමත්තතාව දන්නේ වේ ද, මෙසේ සංඥාවන්ගේ විපාක දන්නේ වේ ද, මෙසේ සංඥානිරෝධය දන්නේ වේ ද, මෙසේ සංඥානිරෝධගාමිනීප්‍රතිපත් දන්නේ වේ ද, හේ මේ නිර්වේධක බ්‍රහ්මචර්‍ය්‍යය වූ සංඥානිරෝධය දන්නේ වෙයි.

”සඤ‍්ඤො භික‍්ඛවෙ වෙදිතබ‍්බා -පෙ- සඤ‍්ඤානිරොධගාමිනී පටිපදා වෙදිතබ‍්බා”ති. ඉති යන‍්තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

මහණෙනි, “සංඥා දතයුතු ය ... සංඥානිරෝධගාමිනීප්‍රතිපත් දතයුතු ය”යි මෙසේ යම් එ බසෙක් කියනලද ද, මෙ බස් තෙල පිණිස කියනලදි.

(4) “ආසවා භික‍්ඛවෙ වෙදිතබ‍්බා -පෙ- ආසවනිරොධගාමිනී පටිපදා වෙදිතබ‍්බා”ති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං:

(4) “මහණෙනි, ආස්‍රවයෝ දතයුත්තාහ ... ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපත් දතයුතු ය”යි යමක් කියනලද නම්, තෙල කරුණ කුමක් පිණිස කියන ලද ය යත්:

තයො මෙ භික‍්ඛවෙ ආසවා: කාමාසවො භවාසවො අවිජ‍්ජාසවො.

මහණෙනි, මෙ ආස්‍රවයෝ තුන්දෙනෙකි: කාමාස්‍රව ය, භවාස්‍රව ය, අවිද්‍යාස්‍රව යි.

කතමො ච භික‍්ඛවෙ ආසවානං නිදාන සම‍්භවො: අවිජ‍්ජා භික‍්ඛවෙ ආසවානං නිදානසම‍්භවො.

මහණෙනි, ආස්‍රවයන්ගේ නිදානසම්භවය කවරේ ය යත්: මහණෙනි, අවිද්‍යාව ආස්‍රවයන්ගේ නිදානසම්භව වෙයි.

කතමා ච භික‍්ඛවෙ ආසවානං වෙමත‍්තතා: අත්‍ථි භික‍්ඛවෙ ආසවා නිරයගාමිනියා, අත්‍ථි භික‍්ඛවෙ ආසවා තිරච‍්ඡානයොනිගාමිනියා, අත්‍ථි භික‍්ඛවෙ ආසවා පෙත‍්තිවිසයගාමිනියා, අත්‍ථි භික‍්ඛවෙ ආසවා මනුස‍්සලොකගාමිනියා, අත්‍ථි භික‍්ඛවෙ ආසවා දෙවලොකගාමිනියා, අයං වුච‍්චති භික‍්ඛවෙ ආසවානං වෙමත‍්තතා.

මහණෙනි, ආස්‍රවයන්ගේ වේමත්තතා කවර: මහණෙනි, නිරයගමනට ප්‍රත්‍යය වූ ආස්‍රවකෙනෙක් ඇත. මහණෙනි, තිරිශ්චීනයෝනි ගමනට හිත වූ ආස්‍රව කෙනෙක් ඇත. මහණෙනි, ප්‍රේතවිෂය ගමනට හිත වූ ආස්‍රව කෙනෙක් ඇත. මහණෙනි, මිනිස්ලෝ ගමනට හිත වූ ආස්‍රව කෙනෙක් ඇත. මහණෙනි, දෙව්ලෝ ගමනට හිත වූ ආස්‍රව කෙනෙක් ඇත. මහණෙනි, මේ ආස්‍රවයන්ගේ වේමත්තතා යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ ආසවානං විපාකො: යං ඛො භික‍්ඛවෙ අවිජ‍්ජාගතො තජ‍්ජං තජ‍්ජං අත‍්තභාවං අභිනිබ‍්බත‍්තෙති පුඤ‍්ඤභාගියං වා අපුඤ‍්ඤභාගියං වා, අයං වුච‍්චති භික‍්ඛවෙ ආසවානං විපාකො.

මහණෙනි, ආස්‍රවයන්ගේ විපාක කවරේ ය යත්: මහණෙනි, යම් හෙයකින් අවිද්‍යාගත සත්ත්‍ව තෙමේ එයින් හටගත් පුණ්‍යභාගිය වේවයි, අපුණ්‍යභාගිය වේවයි අත්බවක් දනවා ද, මහණෙනි, මෙ ආස්‍රවයන්ගේ විපාකය යි කියමි.

කතමො ච භික‍්ඛවෙ ආසවනිරොධො. අවිජ‍්ජානිරොධො භික‍්ඛවෙ ආසවනිරොධො.

මහණෙනි, ආස්‍රවනිරෝධ කවරේ ය: මහණෙනි, අවිද්‍යානිරෝධය ආස්‍රවනිරෝධ වෙයි.

අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො ආසවනිරොධගාමිනී පටිපදා. සෙය්‍යථීදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි.

මෙ අරීඅටැඟි මඟ ම ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපත් වෙයි. හෙ කිසේ ය: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි.

යතො ච ඛො භික‍්ඛවෙ අරියසාවකො එවං ආසවෙ පජානාති, එවං ආසවනිදානසම‍්භවං පජානාති, එවං අසවානං වෙමත‍්තතං පජානාති, එවං එවං ආසවානං වෙමත‍්තතං පජානාති, එවං ආසවානං විපාකං පජානාති, එවං ආසවනිරොධං පජානාති, එවං ආසවනිරොධගාමිනිං පටිපදං පජානාති, සො ඉමං නිබ‍්බෙධිකං බ්‍රහ‍්මචරියං පජානාති ආසවනිරොධං.

මහණෙනි, යම් තැනෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ආස්‍රව දන්නේ වේ ද, මෙසේ ආස්‍රව නිදානසම්භව දන්නේ ද, මෙසේ ආස්‍රවයන්ගේ වේමත්තතා දන්නේ වේ ද, මෙසේ ආස්‍රවයන්ගේ විපාක දන්නේ වේ ද, මෙසේ ආස්‍රවනිරෝධය දන්නේ වේ ද, මෙසේ ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපත් දන්නේ වේ ද, හේ මෙ නිර්වේධකබ්‍රහ්මචර්‍ය්‍යය වූ ආස්‍රවනිරෝධය දන්නේ වෙයි.

”ආසවා භික‍්ඛවෙ වෙදිතබ‍්බා -පෙ- ආසවනිරොධගාමිනී පටිපදා වෙදිතබ‍්බාති ඉති යන‍්තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

මහණෙනි, “ආස්‍රව දතයුතු ය ... ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපත් දතයුතු ය”යි මෙසේ යම් එ බසෙක් කියනලද ද, මෙ බස් තෙල පිණිස කියන ලදි.

(5) “කම‍්මං භික‍්ඛවෙ වෙදිතබ‍්බං -පෙ- කම‍්මනිරොධගාමිනී පටිපදා වෙදිතබ‍්බා”ති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං:

(5) “මහණෙනි, කර්‍මය දතයුතු ය ... කර්‍මනිරෝධගාමිනීප්‍රතිපත් දතයුතු ය”යි මෙසෙයින් යමක් කියන ලද නම්, තෙල කරුණ කුමක් පිණිස කියනලද ය යත්:

චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි, චෙතයිත්‍වා කම‍්මං කරොති කායෙන වාචාය මනසා,

මහණෙනි, (විධාන) චේතනාව කර්‍මය ය යි මම කියමි. (ද්වාරප්‍රවෘත්තචේතනායෙන්) සිතා කයින් වචසින් මනසින් කර්‍ම කෙරෙයි.

කතමො ච භික‍්ඛවෙ කම‍්මානං නිදානසම‍්භවො: ඵස‍්සො භික‍්ඛවෙ කම‍්මානං නිදානම‍්භවො.

මහණෙනි, කර්‍මයන්ගේ නිදානසම්භවය කවරේ ය: මහණෙනි, ස්පර්‍ශය කර්‍මයන්ගේ නිදානසම්භව යි.

කතමා ච භික‍්ඛවෙ කම‍්මානං වෙමත‍්තතා: අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං නිරයවෙදනියං, අත්‍ථි කම‍්මං තිරච‍්ඡානයොනිවෙදනියා, අත්‍ථි කම‍්මං පෙත‍්තිවිසයවෙදනියං, අත්‍ථි කම‍්මං මනුස‍්සලොකවෙදනියං, අත්‍ථි කම‍්මං දෙවලොකවෙදනියං. අයං වුච‍්චති භික‍්ඛවෙ කම‍්මානං වෙමත‍්තතා.

මහණෙනි, කර්‍මයන්ගේ වේමත්තතා කවර: මහණෙනි, නිරෑහි විපාක දෙන කර්‍මයෙක් ඇත. තිරිසන්යොන්හි විපාක දෙන කර්‍මයෙක් ඇත. ප්‍රේතවිෂයෙහි විපාක දෙන කර්‍මයෙක් ඇත. මනුෂ්‍යලෝකයෙහි විපාක දෙන කර්‍මයෙක් ඇත. දේවලෝකයෙහි විපාක දෙන කර්‍මයෙක් ඇත. මහණෙනි, මෙ කර්‍මයන්ගේ වේමත්තතා යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ කම‍්මානං විපාකො: තිවිධාහං භික‍්ඛවෙ කම‍්මානං විපාකං වදාමි: දිට‍්ඨෙවා ධම‍්මෙ, උපපජ‍්ජෙ වා, අපරෙ වා පරියායෙ. අයං වුච‍්චති භික‍්ඛවෙ කම‍්මානං විපාකො.

මහණෙනි, කර්‍මයන්ගේ විපාක කවරේ ය යත්: මහණෙනි, දිටුදැමියෙහි හෝ අනතුරු අත්බව්හි හෝ අනෙක් අත්බවෙක හෝ යි මම කර්‍මයන්ගේ විපාකය ත්‍රිවිධ කොට කියමි. මහණෙනි, මෙ කර්‍මයන්ගේ විපාක ය යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ කම‍්මනිරොධො: ඵස‍්සනිරොධො භික‍්ඛවෙ කම‍්මනිරොධො.

මහණෙනි, කර්‍මනිරෝධය කවරේ ය යත්: මහණෙනි, ස්පර්‍ශනිරෝධය කර්‍මනිරෝධ යි.

අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො කම‍්මනිරොධගාමිනී පටිපදා. සෙය්‍යථීදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි.

මෙ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය ම කර්‍මනිරෝධගාමිනිප්‍රතිපදා යි. එ නම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි.

යතො ච ඛො භික‍්ඛවෙ අරියසාවකො එවං කම‍්මං පජානාති, එවං කම‍්මානං නිදානසම‍්භවං පජානාති, එවං කම‍්මානං වෙමත‍්තතං පජානාති, එවං කම‍්මානං විපාකං පජානාති, එවං කම‍්මනිරොධං පජානාති, එවං කම‍්මනිරොධගාමිනිං පටිපදං පජානාති. සො ඉමං නිබ‍්බොධිකං බ්‍රහ‍්මචරියං පජානාති කම‍්මනිරොධං.

මහණෙනි, යම් කලෙක් පටන් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ කර්‍ම දන්නේ ද, මෙසේ කර්‍මයන්ගේ නිදානසම්භව දන්නේ ද, මෙසේ කර්‍මයන්ගේ වේමත්තතා දන්නේ ද, මෙසේ කර්‍මයන්ගේ විපාක දන්නේ ද, මෙසේ කර්‍මනිරෝධය දන්නේ ද, මෙසේ කර්‍මනිරෝධගාමිනීපටිපදා දන්නේ ද, හෙ කර්‍මනිරෝධ නම් වූ මෙ නිර්වේධකබ්‍රහ්මචර්‍ය්‍යය දන්නේ ය.

”කම‍්මං භික‍්ඛවෙ වෙදිතබ‍්බං -පෙ- කම‍්මනිරොධගාමිනී පටිපදා වෙදිතබ‍්බා”ති ඉති යන‍්තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

මහණෙනි, “කර්‍මය දතයුතු ය ... කර්‍මනිරෝධගාමිනීප්‍රතිපදාව දතයුතු ය”යි මෙසේ තෙල යමක් කියනලද නම්, තෙල කරුණ මේ සඳහා කියන ලදි.

(6) “දුක‍්ඛං භික‍්ඛවෙ වෙදිතබ‍්බං, දුක‍්ඛස‍්ස නිදානසම‍්භවො වෙදිතබ‍්බො, දුක‍්ඛස‍්ස වෙමත‍්තතා වෙදිතබ‍්බා, දුක‍්ඛස‍්ස විපාකො වෙදිතබ‍්බො, දුක‍්ඛස‍්ස නිරොධො වෙදිතබ‍්බො, දුක‍්ඛස‍්ස නිරොධගාමිනී පටිපදා වෙදිතබ‍්බා”ති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං

(6) “මහණෙනි, දුඃඛය දතයුතු ය, දුඃඛයාගේ නිදානසම්භවය දතයුතු ය. දුඃඛයාගේ වේමත්තතාව දතයුතු ය. දුඃඛයාගේ විපාකය දතයුතු ය. දුඃඛයාගේ නිරෝධය දතයුතු ය. දුඃඛයාගේ නිරෝධගාමිනීප්‍රතිපදාව දතයුතු ය”යි මෙසේ තෙල යමක් කියනලද නම් තෙල කරුණ කුමක් පිණිස කියනලද ය යත්:

ජාතිපි දුක‍්ඛා ජරාපි දුක‍්ඛා ව්‍යාධිපි දුක‍්ඛො මරණම‍්පි දුක‍්ඛං සොක පරිදෙවදුක‍්ඛදොමනස‍්සුපයාසාපි දුක‍්ඛා යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං, සඞ‍්ඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා.

ජාතිය ද දුකෙක, ජරාව ද දුකෙක, ව්‍යාධිය ද දුකෙක, මරණය ද දුකෙක, ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය, උපායාසයෝ ද දුක්හ. යමක් කැමැති වනුයේත් නොලබා නම් එ ද දුකෙක, සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ දුක්හ.

කතමො ච භික‍්ඛවෙ දුක‍්ඛස‍්ස නිදානසම‍්භමො: තණ‍්හා භික‍්ඛවෙ දුක‍්ඛස‍්ස නිදානසම‍්භවො.

මහණෙනි, දුඃඛයාගේ නිදානසම්භවය කවරේ ය යත්: මහණෙනි, තෘෂ්ණාව දුඃඛයාගේ නිදානසම්භවය යි.

කතමා ව භික‍්ඛවෙ දුක‍්ඛස‍්ස වෙමත‍්තතා: අත්‍ථි ගික‍්ඛවෙ දුක‍්ඛං අධිමත‍්තං, අත්‍ථි පරිත‍්තං, අත්‍ථි දන්‍ධවිරාගී අත්‍ථි ඛිප‍්පවිරාගී. අයං වුච‍්චති භික‍්ඛවෙ දුක‍්ඛස‍්ස වෙමත‍්තතා.

මහණෙනි, දුඃඛයාගේ වේමත්තතා කවර: මහණෙනි, අධිමාත්‍ර බලවත් දුඃඛයෙක් ඇත. අල්පමාත්‍ර දුඃඛයෙක් ඇත. දන්‍ධවිරාගී දුඃඛයෙක් ඇත, ක්‍ෂිප්‍රවිරාගී දුඃඛයෙක් ඇත. මහණෙනි, මෙ දුඃඛයාගේ වේමත්තතා යි.

කතමො ච භික‍්ඛවෙ දුක‍්ඛස‍්ස විපාකො: ඉධ භික‍්ඛවෙ එකච‍්චො යෙන දුක‍්ඛෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො සොචති, කිලමති, පරිදෙවති, උරත‍්තාළිං කන්‍දති, සම‍්මොහං ආපජ‍්ජති. යෙන වා පන දුක‍්ඛෙන අභිභූතො පරියාදින‍්න චිත‍්තො බහිද‍්ධා පරියෙට‍්ඨිං ආජ‍්ජති “කො එකපදං දිපදං පජානාති ඉමස‍්ස දුක‍්ඛස‍්ස නිරොධායා”ති. සම‍්මොහවෙපක‍්කං වාහං භික‍්ඛවෙ දුක‍්ඛං වදාමි පරියෙට‍්ඨිවෙපක‍්කං වා.

මහණෙනි, දුඃඛයාගේ විපාක කවරේ ය: මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් යම් දුකෙකින් මඩනා ලදුයේ වැළඳගත් සිත් ඇතියේ ශෝක කෙරෙයි. වෙහෙසෙයි. වැලපෙයි. ලෙහි අත් පැහැර හඬයි. මුළාවට පැමිණෙයි. යම් හෝ දුකෙකින් මඩනා ලදුයේ වැළඳගත් සිත් ඇතියේ ‘මේ දුක නිරුද්ධ කිරීම පිණිස කවරෙක් එක් පදමතුරක් දෙ පදමතුරක් දනී දැ’යි පිටත්හි සෙවීමට පැමිණෙයි. මහණෙනි, මම දුක සම්මෝහ විපාක ඇතියක් කොට ද පර්‍ය්‍යෙෂණා විපාක ඇතියක් හෝ කොට ද කියමි.

කතමො ච භික‍්ඛවෙ දුක‍්ඛනිරොධො: තණ‍්හානිරොධො භික‍්ඛවෙ දුක‍්ඛනිරොධො.

මහණෙනි, දුඃඛනිරෝධය කවරේ ය යත්: මහණෙනි, තණ්හානිරෝධය දුඃඛනිරෝධ යි.

අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො දුක‍්ඛනිරොධගාමිනී පටිපදා. සෙය්‍යථීදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි.

මෙ අරිඅටඟි මඟ ම දුඃඛනිරොධගාමිනිප්‍රතිපදා යි. එ නම්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි.

යතො ච ඛො භික‍්ඛවෙ අරියසාවකො එවං දුක‍්ඛං පජානාති, එවං දුක‍්ඛස‍්ස නිදානසම‍්භවං පජානාති, එවං දුක‍්ඛස‍්ස වෙමත‍්තතං පජානාති, එවං දුක‍්ඛස‍්ස විපාකං පජානාති, එවං දුක‍්ඛනිරොධං පජානාති, එවං දුක‍්ඛනිරොධගාමිනිං පටිපදං පජානාති, සො ඉමං නිබ‍්බෙධිකං බ්‍රහ‍්මචරියං පජානාති දුක‍්ඛනිරොධං.

මහණෙනි, යම් තැනෙක පටන් අරීසවු මෙසේ දුඃඛය දන්නේ ද, මෙසේ දුඃඛයාගේ නිදානසම්භවය දන්නේ ද, මෙසේ දුඃඛයාගේ නානාකරණය දන්නේ ද, මෙසේ දුඃඛයාගේ විපාක දන්නේ ද, මෙසේ දුඃඛයාගේ නිරෝධය දන්නේ ද, මෙසේ දුඃඛනිරොධගාමිනිප්‍රතිපදා දන්නේ ද, හේ දුඃඛනිරෝධය වූ මේ නිර්වේධකබ්‍රහ්මචර්‍ය්‍යය දන්නේ ය.

“දුක‍්ඛං භික‍්ඛවෙ වෙදිතබ‍්බං, දුක‍්ඛස‍්ස නිදානසම‍්භවො වෙදිතබ‍්බො, දුක‍්ඛස‍්ස වෙමත‍්තතා වෙදිතබ‍්බා, දුක‍්ඛස‍්ස විපාකො වෙදිතබ‍්බො, දුක‍්ඛනිරොධො වෙදිතබ‍්බො, දුක‍්ඛනිරොධගාමිනී පටිපදා වෙදිතබ‍්බාති” ඉති යන‍්තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

මහණෙනි, “දුඃඛය දතයුතු ය, දුඃඛයාගේ නිදානසම්භවය දතයුතු ය, දුඃඛයාගේ නානාකරණය දතයුතු ය. දුඃඛයාගේ විපාකය දතයුතු ය. දුඃඛනිරෝධය දතයුතු ය. දුඃඛනිරෝධගාමිනීප්‍රතිපද් දතයුතු ය”යි මෙසේ යමක් කියනලද නම්, තෙල කරුණ මෙ පිණිස කියන ලදි.

අයං සො ඛො භික‍්ඛවෙ නිබ‍්බෙධිකපරියායො ධම‍්මපරියායොති.

මහණෙනි, මේ ඒ නිබ්බේධිකපරියාය වූ ධම්මපරියාය යි.