යෙදුමෙන් කියවන්න

සීහනාද සුත‍්තං

6. 2. 1. 10.

6. 2. 1. 10.

[සීහනාද සුත‍්තං]

[සීහනාද සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

10. ඡයිමානි භික‍්ඛවෙ තථාගතස‍්ස තථාගතබලානි යෙහි බලෙහි සමන‍්නාගතො තථාගතො ආසභං ඨානං පටිපානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති. කතමානි ඡ:

10. මහණෙනි, යම් බලයෙකින් සමන්‍වාගත තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිජානන කෙරෙත් නම්, පිරිස්හි සිංහනාද කෙරෙත් නම්, ශ්‍රේෂ්ඨ ඥානචක්‍ර සඞ්ඛ්‍යාත බ්‍රහ්මචක්‍රය පවත්වත් නම්, තථාගතයන්ගේ මෙ එ බඳු තථාගතබල සයෙක. කවර සයෙක යත්:

(1) ඉධ භික‍්ඛවෙ තථාගතො ඨානඤ‍්ච ඨානතො අට‍්ඨානඤ‍්ච අට‍්ඨානතො යථාභූතං පජානාති. යම‍්පි භික‍්ඛවෙ තථාගතො ඨානඤ‍්ච ඨානතො අට‍්ඨානඤ‍්ච අට‍්ඨානතො යථාභූතං පජානාති, ඉදම‍්පි භික‍්ඛවෙ තථාගතස‍්ස තථාගතබලං හොති යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරියාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.

(1) මහණෙනි, මෙ ලොව්හි තථාගතයෝ ස්ථාන ස්ථාන (හේතු) විසින් ද, අස්ථාන අස්ථාන (අහේතු) විසින් ද, යථාභූතය දන්නාහ. මහණෙනි, තථාගතයෝ යම් හෙයෙකින් ස්ථානය ස්ථාන විසින් ද, අස්ථානයන අස්ථාන විසින් ද දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය පිළිදන්නාහු පිරිස්හි අභීතනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨඥානචක්‍රය පවත්වත් ද, මෙ තථාගතයන්ගේ එ තථාගතබල වෙයි.

(2) පුන චපරං භික‍්ඛවෙ තථාගතො අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං කම‍්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති. යම‍්පි භික‍්ඛවෙ තථාගතො අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං කම‍්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම‍්පි භික‍්ඛවෙ තථාගතස‍්ස තථාගතබල හොති, යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.

(2) තවද මහණෙනි, තථාගතයෝ ස්ථාන විසින් හේතු විසින් අතීත අනාගත ප්‍රත්‍යුත්පන්නකර්‍මසමාදානයන්ගේ විපාකය යථාභූත කොට දන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ ස්ථාන විසින් හේතු විසින් අතීත අනාගත ප්‍රත්‍යුත්පන්නකර්‍මසමාදානයන්ගේ විපාකය යථාභූත කොට දනිත් ද, මහණෙනි, තථාගතයෝ යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨ ස්ථානය පිළිදන්නාහු නම්, පිරිස්හි අභීතනාද කෙරෙත් නම්, බ්‍රහ්මචක්‍රය පවත්වත් නම්, තථාගතයන්ගේ මෙ එ තථාගතබලය වෙයි.

(3) පුන චපරං භික‍්ඛවෙ තථාගතො ඣානවිමොක‍්ඛසමාධිසමාපත‍්තීනං සඞ‍්කිලෙසං වොදානං වුට‍්ඨානං යථාභූතං පජානාති. යම‍්පි භික‍්ඛවෙ තථාගතො ඣානවිමොක‍්ඛසමාධියමාපත‍්තිනං සඞ‍්කිලෙසං වොදානං වුට‍්ඨානං යථාභූතං පජානාති, ඉදම‍්පි භික‍්ඛවෙ තථාගතස‍්ස තථාගතබලං හොති යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.

(3) තවද මහණෙනි, තථාගතයෝ ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංක්ලේශය ව්‍යවදානය ව්‍යුත්‍ථානය යථාභූතයෙන් දන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ ධ්‍යාන විමෝක්‍ෂ සමාධිසමාපත්තීන්ගේ සංක්ලේශය ව්‍යවදානය ව්‍යුත්‍ථානය යථාභූතයෙන් දන්නාහු ද, මහණෙනි, තථාගතයෝ යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨස්ථානය පිළිදන්නාහු නම්, පිරිස්හි සීහනාද කෙරෙත් නම්, බඹසක් පවත්වත් නම්, මෙ ද තථාගතයන්ගේ ඒ තථාගතබල වෙයි.

(4) පුන චපරං භික‍්ඛවෙ තථාගතො අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති. සෙය්‍යථීදං: එකම‍්පි ජාතිං, ද‍්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති. යම‍්පි භික‍්ඛවෙ තථාගතො අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති, සෙය්‍යථීදං: එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙ නිවාසං අනුස‍්සරති, ඉදම‍්පි භික‍්ඛවෙ තථාගතස‍්ස තථාගතබලං හොති යං බලං ආගම‍්ම තථාගතො ආසහං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.

(4) තවද මහණෙනි, තථාගතයෝ අනේකවිධ පූර්වේනිවාස සිහිකෙරෙති. හෙ කිසේ ය යත්: එක් ජාතියකුදු සිහිකෙරෙත්, ජාති දෙකකුදු ... මෙ සේ ආකාර සහිත ව උද්දේස සහිත ව අනේකවිධ පූර්වේනිවාස සිහි කරත්. මහණෙනි, යම්හෙයෙකින් තථාගතයෝ අනේකවිධ පූර්වේනිවාසය සිහිකෙරෙත් ද, එ කිසේය යත්: එක් ජායකුදු ජාති දෙකකුදු ... මෙසේ ආකාර ඇති උද්දේස ඇති අනේකවිධ පූර්වේනිවාසය සිහිකෙරෙත් ද, මහණෙනි, තථාගතයෝ යම්බලයකට පැමිණ ශ්‍රේෂ්ඨස්ථානය පිළිණ කෙරෙත් නම්, පිරිස්හි සිංහනාද කෙරෙත් නම්, බඹසක්පවත්වත් නම්, මෙ ද තථාගතයන්ගේ ඒ තථාගතබල වෙයි.

(5) පුන චපරං භික‍්ඛවෙ තථාගතො දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන -පෙ- යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති, යම‍්පි භික‍්ඛවෙ තථාගතො දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන -පෙ- යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති, ඉදම‍්පි භික‍්ඛවෙ තථාගතස‍්ස තථාගතබලං හොති යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.

(5) තවද මහණෙනි, තථාගතයෝ විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය ... දිවැසින් කම් වූ පරිදි මියයන සත්ත්‍වයන් දන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවැසින් ... යථා කර්මෝපගසත්ත්‍වයන් දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණි තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළිදන්නාහු ද, අටපිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වන්නාහු ද, මෙ ද තථාගතයන්ගේ ඒ තථාගතබල යි.

(6) පුන චපරං භික‍්ඛවෙ තථාගතො ආසවානං ඛයා -පෙ- අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. යම‍්පි භික‍්ඛවෙ තථාගතො ආසවානං ඛයා -පෙ- සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති, ඉදම‍්පි භික‍්ඛවෙ තථාගතස‍්ස තථාගතබලං හොති යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.

(6) තවද මහණෙනි, තථාගතයන් වහන්සේ ආස්‍රවක්‍ෂයයෙන් ... විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වාස කරත්. මහණෙනි, යම්හෙයෙකින් තථාගතයන් වහන්සේ ආස්‍රවක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට එළඹ වෙසෙත් ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරෙත් ද, පිරිස්හි ශ්‍රේෂ්ඨනාද කෙරෙත් ද, බඹසක් පවත්වන්නාහු ද, මෙ ද තථාගතයන්ගේ ඒ තථාගත බල යි.

ඉමානි ඛො භික‍්ඛවෙ ඡ තථාගතස‍්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන‍්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.

මහණෙනි, යම් බලයෙකින් සමන්‍වාගත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨස්ථානය පිළිණ කෙරෙත් ද, පිරිස්හි අභීතනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වන්නාහු ද, තථාගතයන් වහන්සේගේ මේ ඒ ෂඩ්තථාගත බල යි.

තත්‍ර චෙ භික‍්ඛවෙ පරෙ තථාගතං ඨානඤ‍්ච ඨානතො අට‍්ඨානඤ‍්ච අට‍්ඨානතො යථාභූතං ඤාණෙන උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡන‍්ති, යථා යථා භික‍්ඛවෙ තථාගතස‍්ස ඨානඤ‍්ච ඨානතො අට‍්ඨානඤ‍්ච අට‍්ඨානතො යථාභූතං ඤාණං විදිතං, තථා තථා තෙසං තථාගතො ඨානඤ‍්ච ඨානතො අට‍්ඨානඤ‍්ච අට‍්ඨානතො යථාභූතං ඤාණෙන පඤ‍්හං පුට‍්ඨො බ්‍යාකරොති.

මහණෙනි, එහිලා ඉඳින් අන්‍යයෝ තථාගතයන් කරා පැමිණ කාරණය කාරණ විසින් ද අකාරණය අකාරණ විසින් ද, තත් වූ පරිදි නැණින් පැන පුළුවුස්නාහු ද, මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් යම් යම් පරිදි කාරණය කාරණ විසිනුත් අකාරණය අකාරණ විසිනුත් යථාභූතය දන්නාලද්දේ ද, ඒ ඒ පරිදි තථාගතයන් වහන්සේ ඔවුනට ස්ථානය ස්ථානය වශයෙනුත් අස්ථානය අස්ථානය වශයෙනුත් තත්වූ පරිදි ඤාණයෙන් පැන පුළුවුස්නාලද සේක් විවරණ කරන්නාහ.

තත්‍ර චෙ භික‍්ඛවෙ පරෙ තථාගතං අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං කම‍්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං ඤාණෙන උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡන‍්ති, යථා යථා භික‍්ඛවෙ තථාගතස‍්ස අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං කම‍්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං ඤාණං විදිතං, තථා තථා තෙසං තථාගතො අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං කම‍්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං ඤාණෙන පඤ‍්හං පුට‍්ඨො බ්‍යාකරොති.

මහණෙනි, එහිලා ඉඳින් අන්‍යයෝ අතීත අනාගත ප්‍රත්‍යුත්පන්නකර්‍මසමාදානයන්ගේ කරුණු විසින් හේතු විසින් විපාක වූ යථාභූතය පිළිබඳ නුවණින් තථාගතයන් වහන්සේ කරා එළැඹ පැන පුළුවුස්නාහු ද, මහණෙනි, යම් යම් පරිදි තථාගතයන් වහන්සේ විසින් අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්නකර්‍මසමාදානයන්ගේ විපාක කරුණු හේතු විසින් යථාභූතකොට විදිත වේ නම්, තථාගතයන් වහන්සේ ඒ ඒ පරිදි අතීත අනාගත ප්‍රත්‍යුත්පන්නකර්‍මසමාදානයන්ගේ ස්ථානවශයෙන් හේතුවශයෙන් විපාකය පිළිබඳ යථාභූතඥානයෙන් පුළුවුස්නා ලද සේක් විවරණ කරත්.

තත්‍ර චෙ භික‍්ඛවෙ පරෙ තථාගතං ඣානවිමොක‍්ඛසමාධිසමාපත‍්තීනං සඞ‍්කිලෙසා වොදානං වුට‍්ඨානං යථාභූතං ඤාණෙන උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡන‍්ති, යථා යථා භික‍්ඛවෙ තථාගතස‍්ස ඣානවිමොක‍්ඛසමාධිසමාපත‍්තීනං සඞ‍්කිලෙසං වොදානං වුට‍්ඨානං යථාභූතං ඤාණං විදිතං, තථා තථා තෙසං තථාගතො ඣානවිමොක‍්ඛසමාධිසමාපත‍්තීනං සඞ‍්කිලෙසං වොදානං වුට‍්ඨානං යථාභූතං ඤාණෙන පඤ‍්හං පුට‍්ඨො බ්‍යාකරොති.

මහණෙනි, එහි ලා ඉඳින් අන්‍යයෝ තථාගතයන් වහන්සේ කරා එළඹ ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංක්ලේශය, ව්‍යවදානය, ව්‍යුත්‍ථානය යථාභූත වශයෙන් දැනීමෙන් පැන පුළුවුස්නාහු නම්, මහණෙනි, යම් යම් පරිදි තථාගතයන් වහන්සේ විසින් ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංක්ලේශව්‍යවදාන ව්‍යුත්‍ථානය පිළිබඳ ඥානය යථාභූත කොට විදිත වේ ද, ඒ ඒ පරිදි ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංක්ලේශ ව්‍යවදාන ව්‍යුත්‍ථානයන් පිළිබඳ යථාභූතඥානයෙන් ඔවුන් විසින් පැන පුළුවුස්නා ලද තථාගතයන් වහන්සේ විවරණ කරන්නාහ.

තත්‍ර චෙ භික‍්ඛවෙ පරෙ තථාගතං පුබ‍්බෙනිවාසානුස‍්සතිං යථාභූතං ඤාණෙන උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡන‍්ති, යථා යථා භික‍්ඛවෙ තථාගතස‍්ස පුබ‍්බෙනිවාසානුස‍්සතිං යථාභූතං ඤාණෙන විදිතං, තථා තථා තෙසං තථාගතො පුබ‍්බෙනිවාසානුස‍්සතිං යථාභූතං ඤාණෙන පඤ‍්හං පුට‍්ඨො ව්‍යාකරොති.

මහණෙනි, එහි ලා ඉඳින් අන්‍යයෝ තථාගතයන් කරා පැමිණ පූර්වේනිවාසානුස්මෘතිය ඇරැබ තත් වූ පරිදි පැන පුළුවුස්නාහු නම්, මහණෙනි, යම් යම් පරිදි තථාගතයන් වහන්සේ විසින් පූර්වේනිවාසානුස්මෘතිය ඇරැබ ඥානය යථාභූත කොට විදිත වේ ද, ඒ ඒ පරිදි තථාගතයන් වහන්සේ පූර්වේනිවාසානුස්මෘතිය ඇරැබ යථාභූත වූ නුවණින් ඔවුන් විසින් පැන විතාරණ ලද සේක් විවරණ කරන්නාහ.

තත්‍ර චෙ භික‍්ඛවෙ පරෙ තථාගතං සත‍්තානං චුතූපපාතං යථාභූතං ඤාණෙන උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡන‍්ති, යථා යථා භික‍්ඛවෙ තථාගතස‍්ස සත‍්තානං චුතූපපාතං යථාභූතං ඤාණං විදිතං, තථා තථා තෙසං තථාගතො සත‍්තානං චුතූපපාතං යථාභූතං ඤාණෙන පඤ‍්හං පුට‍්ඨො බ්‍යාකරොති.

මහණෙනි, ඉඳින් එහි ලා අන්‍යයෝ තථාගතයන් වහන්සේ කරා එළැඹ සත්ත්‍වයන්ගේ චුතිඋපපාතය පිළිබඳ යථාභූත ඥානයෙන් ප්‍රශ්න පුළුවුස්නාහු නම්, මහණෙනි, යම් යම් පරිද්දෙකින් තථාගතයන් වහන්සේ විසින් සත්ත්‍වයන්ගේ චුතිඋපපාතය ඇරැබ යථාභූතඥානය විදිත වේ නම්, ඒ ඒ පරිද්දෙන් සත්ත්‍වයන්ගේ චුතූපපාතය පිළිබඳ යථාභූත වූ නුවණින් ඔවුන් විසින් පැන විතාරණ ලද සේක් විවරණ කරන්නාහ.

තත්‍ර චෙ භික‍්ඛවෙ පරෙ තථාගතං ආසවානං ඛයා යථාභූතං ඤාණෙන උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡන‍්ති, යථා යථා භික‍්ඛවෙ තථාගතස‍්ස ආසවානං ඛයා යථාභූතං ඤාණං විදිතං, තථා තථා තෙසං තථාගතො ආසවානං ඛයං යථාභූතං ඤාණෙන පඤ‍්හං පුට‍්ඨො බ්‍යාකරොති.

මහණෙනි, ඉඳින් එහි ලා අන්‍යයෝ තථාගතයන් වහන්සේ කරා එළැඹ යථාභූත කොට ආස්‍රවක්‍ෂය පිළිබඳ ඥානයෙන් ප්‍රශ්න විචාරත් නම්, මහණෙනි, යම් යම් පරිද්දෙකින් තථාගතයන් වහන්සේ විසින් ආස්‍රවක්‍ෂය පිළිබඳ යථාභූත ඥානය විදිත වේ නම්, ඒ ඒ පරිද්දෙන් තථාගතයන් වහන්සේ ආස්‍රවක්‍ෂය පිළිබඳ යථාභූත ඥානයෙන් ඔවුන් විසින් පැන පුළුවුස්නා ලද සේක් විවරණ කරන්නාහ.

තත්‍ර භික‍්ඛවෙ යමිදං ඨානඤ‍්ච ඨානතො අට‍්ඨානඤ‍්ච අට‍්ඨානතො යථාභූතං ඤාණං, තම‍්පි සමාහිතස‍්ස වදාමි, නො අසමාහිතස‍්ස.

මහණෙනි, ඔවුනතුරෙහි ස්ථාන ස්ථාන විසින් ද අස්ථාන අස්ථාන විසින් දැයි යම්බඳු මෙ යථාභූතඥානයෙක් වේ නම්, එ ද සමාහිතයාහට (වේ යයි) කියමි. අසමාහිතයාහට නො වේ (යයි කියමි).

යම‍්පිදං අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං කම‍්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං ඤාණං, තම‍්පි සමාහිතස‍්ස වදාමි. නො අසමාහිතස‍්ස.

අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න කර්‍මයන්ගේ ස්ථාන වශයෙන් හේතු වශයෙන් විපාක පිළිබඳ යම් බඳු මේ යථාභූතඥානයෙක් වේ නම්, එ ද සමාහිතයාහට වේ යයි කියමි. අසමාහිතයාහට නො වේ (යයි කියමි).

යම‍්පිදං ඣානවිමොක‍්ඛසමාධිසමාපත‍්තීනං සඞ‍්කිලෙසං වොදානං වුට‍්ඨානං යථාභූතං ඤාණං, තම‍්පි සමාහිතස‍්ස වදාමි. නො අසමාහිතස‍්ස.

ධ්‍යාන විමෝක්‍ෂ සමාධිසමාපත්තීන්ගේ සංක්ලේශ ව්‍යවදාන ව්‍යුත්‍ථාන පිළිබඳ යම් බඳු මේ යථාභූතඥානයෙක් වේ නම්, එ ද සමාහිතයාහට වේ යයි කියමි. අසමාහිතයාහට නො වේ (යයි කියමි).

යම‍්පිදං පුබ‍්බෙනිවාසානුස‍්සතිං යථාභූතං ඤාණං, තම‍්පි සමාහිතස‍්ස වදාමි, නො අසමාහිතස‍්ස.

පූර්වේනිවාසනුස්මෘතිය පිළිබඳ යම් බඳු මේ යථාභූතඥානයෙක් වේ නම්, එ ද සමාහිතයාහට වේ යයි කියමි. අසමාහිතයාහට නො වේ (යයි කියමි).

යම‍්පිදං සත‍්තානං චුතූපපාතං යථාභූතං ඤාණං, තම‍්පි සමාහිතස‍්ස වදාමි. නො අසමාහිතස‍්ස.

සත්ත්‍වයන්ගේ චුතූපපාතය පිළිබඳ යම්බඳු මෙ යථාභූතඥානයෙක් වේ නම්, එ ද සමාහිතයාහට වේ යයි කියමි. අසමාහිතයාහට නො වේ (යයි කියමි).

යම‍්පිදං ආසවානං ඛයා යථාභූතං ඤාණං, තම‍්පි සමාහිතස‍්ස වදාමි. නො අසමාහිතස‍්ස.

ආස්‍රවක්‍ෂයයෙන් යම්බඳු මෙ යථාභූතඥානයෙක් වේ නම්, එ ද සමාහිතයාහට ම වේ යයි කියමි. අසමාහිතයාහට නො වේ (යයි කියමි).

ඉති ඛො භික‍්ඛවෙ සමාධි මග‍්ගො, අසමාධි කුම‍්මග‍්ගොති.

මහණෙනි, මෙසෙයින් (චිත්තේකාග්‍රතා සඞ්ඛ්‍යාත) සමාධිය (ඥානාධිගමොපාය සඞ්ඛ්‍යාත) මාර්‍ගය වෙයි. අසමාධිය කුමග (මිථ්‍යාමාර්‍ග) වේ යයි.

මහාවග‍්ගො පඨමො.

මහාවග්ගය පළමු වැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

සොණො ඵග‍්ගුණං ඡළාභිජාතියො ආසවා දාරුකම‍්මහත්‍ථිමජ‍්ඣං පස‍්ස චිත‍්තපරායනං උදකං නිබ‍්බෙධිකසීහනාදෙන වග‍්ගොති – සීමු

සෝණ සූත්‍රය, ඵග්ගුණ සූත්‍රය, ඡළාභිජාති සූත්‍රය, ආසව සූත්‍රය, දාරුකම්මික සූත්‍රය, හත්‍ථිසාරිපුත්ත සූත්‍රය, මජ්ඣෙ සූත්‍රය, පුරිසින්‍ද්‍රියඤාණ සූත්‍රය, නිබ්බේධික සූත්‍රය, සීහනාද සූත්‍රය දැයි දශසූත්‍ර කෙනෙක් වෙත්.

සොණො ඵග‍්ගුණොභිජාති ආසවා දාරුහත්‍ථි ච මජ‍්ඣෙ ඤාණං නිබ‍්බෙධිකං සීහනාදොති තෙ දසාති – මඡසං