අනාගාමිඵල සුත‍්තං
6. 2. 2. 1.
6. 2. 2. 1.
[අනාගාමිඵල සුත‍්තං]
[අනාගාමිඵල සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
11. ඡ භික‍්ඛවෙ ධම‍්මෙ අප‍්පහාය අභබ‍්බො අනාගාමිඵලං සච‍්ඡිකාතුං. කතමෙ ඡ:
11. මහණෙනි, දහම් සදෙනකුන් නො පහා අනාගාමිඵල සාක්‍ෂාත් කරන්නට නො නිසි වෙයි. කවර සයෙක යත්:
අස‍්සද‍්ධියං, අහිරිකං, අනොත‍්තප‍්පං, කොසජ‍්ජං, මුට‍්ඨසච‍්චං, දුප‍්පඤ‍්ඤතං.
අස්සද්ධිය (ශ්‍රද්ධා නැතිබව), අහිරික ය (පවට ලජ්ජා නැතිබව), අනොත්තප්ප ය (පවට භය නැතිබව), කෝසජ්ජ ය (කුසීත බව), මුට්ඨසච්ච ය (සිහි නැතිබව), දුප්පඤ්ඤතා (ප්‍රඥා නැතිබව) යි.
ඉමෙ ඛො භික‍්ඛවෙ ඡ ධම‍්මෙ අප‍්පහාය අභබ‍්බො අනාගාමිඵලං සච‍්ඡිකාතුං.
මහණෙනි, මෙ ධර්‍ම සය නො පහා අනාගාමිඵලය සාක්‍ෂාත් කරන්නට අභව්‍ය වෙයි.
ඡ භික‍්ඛවෙ ධම‍්මෙ පහාය භබ‍්බො අනාගාමිඵලං සච‍්ඡිකාතුං. කතමෙ ඡ:
මහණෙනි, ධර්‍ම සයක් පහා අනාගාමිඵලය සාක්‍ෂාත් කරන්නට නිසි වෙයි. කවර සයෙක යත්:
අස‍්සද‍්ධියං, අහිරිකං, අනොත‍්තප‍්පං, කොසජ‍්ජං, මුට‍්ඨසච‍්චං, දුප‍්පඤ‍්ඤතං.
අස්සද්ධි ය, අහිරික ය, අනොත්තප්ප ය, කෝසජ්ජ ය, මුට්ඨසච්ච ය, දුප්පඤ්ඤතා ය යි.
ඉමෙ ඛො භික‍්ඛවෙ ඡ ධම‍්මෙ පහාය භබ‍්බො අනාගාමිඵලං සච‍්ඡිකාතුන‍්ති.
මහණෙනි, මෙ දහම් සය පහා අනගැමිපල පසක් කරන්නට නිසි වේ ය යි.
6. 2. 2. 2.
6. 2. 2. 2.
[අරහත‍්තඵල සුත‍්තං]
[අරහත්තඵල සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
12. ඡ භික‍්ඛවෙ ධම‍්මෙ අප‍්පහාය අභබ‍්බො අරහත‍්තං සච‍්ඡිකාතුං, කතමෙ ඡ:
12. මහණෙනි, ධර්‍ම සයක් නො පහා අර්‍හත්‍වය සාක්‍ෂාත් කරන්නට අභව්‍ය වෙයි. කවර සයෙක යත්:
ථිනං, මිද‍්ධං, උද‍්ධච‍්චං, කුක‍්කුච‍්චං, අස‍්සද‍්ධියං, පමාදං.
ථින ය, මිද්ධ ය, උද්ධච්ච ය, කුක්කුච්ච ය, අස්සද්ධිය ය, පමාද යි.
ඉමෙ ඛො ඡ ධම‍්මෙ අප‍්පහාය අභබ‍්බො අරහත‍්තං සච‍්ඡිකාතුං.
මහණෙනි, මෙ ධර්‍ම සය නො පහා අර්‍හත්‍වය සාක්‍ෂාත් කරන්නට අභව්‍ය වෙයි.
ඡ භික‍්ඛවෙ ධම‍්මෙ පහාය භබ‍්බො අරහත‍්තං සච‍්ඡිකාතුං. කතමෙ ඡ:
මහණෙනි, දහම් සයක් පහා අර්‍හත්‍වය පසක් කරන්නට නිසි වෙයි. කවර සයෙක යත්:
ථිනං මිද‍්ධං, උද‍්ධච‍්චං, කුක‍්කුච‍්චං, අස‍්සද‍්ධියං, පමාදං.
ථීන ය, මිද්ධ ය, උද්ධච්ච ය, කුක්කුච්ච ය, අස්සද්ධිය ය, පමාද ය යි.
ඉමෙ ඛො භික‍්ඛවෙ ඡ ධම‍්මෙ පහාය භබ‍්බො අරහත‍්තං සච‍්ඡිකාතුන‍්ති.
මහණෙනි, මෙ දහම් සය පහා අර්‍හත්‍වය සාක්‍ෂාත් කරන්නට නිසි වේ ය යි.