මිත්ත සුත්තං
6. 2. 2. 3.
6. 2. 2. 3.
[මිත්ත සුත්තං]
[මිත්ත සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
13. සො වත භික්ඛවෙ භික්ඛු පාපමිත්තො පාපසහායො පාපසම්පවඞ්කො, පාපමිත්තෙ සෙවමානො භජමානො පයිරුපාසමානො, තෙසඤ්ච දිට්ඨානුගතිං ආපජ්ජමානො, ආභිසමාචාරිකං ධම්මං පරිපූරෙස්සතීති නෙතං ඨානං විජ්ජති. ආභිසමාචාරිකං ධම්මං අපරිපූරෙත්වා සෙඛං ධම්මා පරිපූරෙස්සතීති නෙතං ඨානං විජ්ජති. සෙඛං ධම්මං අපරිපූරෙත්වා සීලානි පරිපූරෙස්සතීති නෙතං ඨානං විජ්ජති. සීලානි අපරිපූරෙත්වා කාමරාගං වා රූපරාගං වා අරූපරාගං වා පජහිස්සතීති නෙතං ඨානං විජ්ජති.
13. මහණෙනි, පවිටු මිතුරන් ඇති පවිටු යහළුවන් ඇති පාපයනට නැඹුරු වූ, පාපමිත්‍රයන් සෙවුනා භජනය කරණ පර්‍ය්‍යුපාසන කරන, ඔවුන්ගේ දෘෂ්ටානුගතියට පැමිණෙන එබඳු මහණෙක් (වත් විසින් ප්‍රඥප්ත ශීල සඞ්ඛ්‍යාත) ආභිසමාචාරික ධර්මය සම්පූර්ණ කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. ආභිසමාචාරික ශීලය නො පුරා (ශෛක්ෂප්රඥප්ත ශීල සඞ්ඛ්‍යාත) ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. ශෛක්‍ෂධර්‍මය නො පුරා සතර මහසිල් පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සතර මහසිල් නො පුරා කාමරාගය වේවයි රූපරාගය වේවයි අරූපරාගය වේවයි දුරුකරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
සො වත භික්ඛවෙ භික්ඛු කල්යාණමිත්තො කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො, කල්යාණමිත්තෙ සෙවමානො භජමානො පයිරුපාසමානො, තෙසඤ්ච දිට්ඨානුගතිං ආපජ්ජමානො, ආභිසමාචාරිකං ධම්මං පරිපූරෙස්සතීති ඨානමෙතං විජ්ජති. ආභිසමාචාරිකං ධම්මං පරිපූරෙත්වා සෙඛං ධම්මං පරිපූරෙස්සතීති ඨානමෙතං විජ්ජති. සෙඛං ධම්මං පරිපූරෙත්වා සීලානි පරිපූරෙස්සතීති ඨානමෙතං විජ්ජති. සීලානි පරිපූරෙත්වා කාමරාගං වා රූපරාගං වා අරූපරාගං වා පජහිස්සතීති ඨානමෙතං විජ්ජති.
මහණෙනි, කලණමිතුරන් ඇති කලණ සගයන් ඇති කලණ පුඟුලන් කෙරෙහි සම්ප්රවඞ්ක වූ, කල්‍යාණ මිත්‍රයන් සෙවුනා භජනය කරණ කල්‍යාණයන් පර්‍ය්‍යුපාසන කරණ, ඔවුන්ගේ දෘෂ්ටානුගතියට පැමිණෙන එබඳු මහණ ආභිසමාචාරිකශීල සඞ්ඛ්‍යාත ධර්මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ආභිසමාචාරිකධර්‍මය පුරා ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ශෛක්‍ෂධර්‍මය පුරා මහසිල් පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. මහසිල් පුරා කාමරාගය වේවයි රූපරාගය වේවයි අරූපරාගය වේවයි දුරුකරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ය යි.