යෙදුමෙන් කියවන්න

2. අනාගාමි වග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. අනාගාමී වර්ගය

1-3. අනාගාමිඵල සුත‍්තාදිවණ‍්ණනා

1-3. අනාගාමිඵල ආදි සූත්‍ර වර්ණනා

සත‍්තමස‍්ස පඨමෙ අස‍්සද‍්ධියන‍්ති අස‍්සද‍්ධභාවං. දුප‍්පඤ‍්ඤතන‍්ති නිප‍්පඤ‍්ඤභාවං. දුතියෙ පමාදන‍්ති සතිවිප‍්පවාසං. තතියෙ ආභිසමාචාරිකන‍්ති උත‍්තමසමාචාරභූතං වත‍්තවසෙන පණ‍්ණත‍්තිසීලං. සෙඛධම‍්මන‍්ති සෙඛපණ‍්ණත‍්තිසීලං. සීලානීති චත‍්තාරි මහාසීලානි.

සත්වැනි වර්‍ගයේ පළමු සූත්‍රයෙහි අස්සද්ධියං යනු අශ්‍රද්ධභාවයයි, දුප්පඤ්ඤතං යනු ප්‍රඥාව නැති බවයි, දෙවැන්නෙහි පමාදං යනු සිහියෙන් තොරව විසීමයි, තෙවැන්නෙහි ආභිසමාචාරීකං යනු උත්තම සමාචාරවූ වත් වශයෙන් පැණවූ සීලයයි, සෙඛං ධම්මං යනු ශෛක්ෂයන් වශයෙන් පැනවූ ශීලයයි, සීලානි යනු සතර මහා ශීලයෝයි.

4. සඞ‍්ගණිකාරාම සුත‍්තවණ‍්ණනා

4. සඞ්ගණිකාරාම සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ සඞ‍්ගණිකාරාමොති ගණසඞ‍්ගණිකාරාමො. සුත‍්තන‍්තිකගණාදීසු පන ගණෙසු අත‍්තනො වා පරිසාසඞ‍්ඛාතෙ ගණෙ රමතීති ගණාරාමො. පවිවෙකෙති කායවිවෙකෙ. චිත‍්තස‍්ස නිමිත‍්තන‍්ති සමාධිවිපස‍්සනාචිත‍්තස‍්ස නිමිත‍්තං සමාධිවිපස‍්සනාකාරං. සම‍්මාදිට‍්ඨින‍්ති විපස‍්සනාසම‍්මාදිට‍්ඨිං. සමාධින‍්ති මග‍්ගසමාධිඤ‍්චෙව ඵලසමාධිඤ‍්ච. සංයොජනානීති දස සංයොජනානි. නිබ‍්බානන‍්ති අපච‍්චයපරිනිබ‍්බානං.

සිවුවැන්නෙහි සඞ්ගණිකාරාමො යනු සමූහයා ඇසුරෙහි සිටීමේ කැමැත්තයි, සුත්තන්තික ගණාදී වූ ගණයන් (සමූහයන්) කෙරෙහි වනාහි තමාගේ හෝ පිරිස් නැමැති සමූහයෙහි ඇලෙයි යනු ගණාරාමො නමි, පච්චෙකෙ යනු කායවිවේකයෙහියි, චිත්තස්ස නිමිතත්තං යනු සමාධි විදර්‍ශනා සිතේ නිමිත්තයි, සමාධි විදර්‍ශනාකාරයයි, සම්මාදිට්ඨිං යනු විදර්‍ශනා සම්‍යදෘෂ්ටියයි, සමාධිං යනු මාර්‍ග සමාධිය මෙන්ම ඵලසමාධියයි, සංයොජනානි යනු දස සංයෝජනයෝයි, නිබ්බානං යනු ප්‍රත්‍යය රහිත පිරිනිවුමයි,

5. දෙවතා සුත‍්තවණ‍්ණනා

5. දේවතා සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ සොවචස‍්සතාති සුබ‍්බචභාවො. කල්‍යාණමිත‍්තතාති සුචිමිත‍්තතා. සත්‍ථුගාරවොති සත්‍ථරි ගාරවයුත‍්තො. එස නයො සබ‍්බත්‍ථ.

පස්වැන්නෙහි සොවචස්සතා යනු සුවච බවයි. කල්‍යාණමිත්තතා යනු පිරිසුදු මිතුරන් ඇති බවයි, සත්‍ථුගාරවො යනු ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුක්තවූයේයි, සියලු තැන්හි මේ ක්‍රමයයි.

6. සමාධිසුත‍්තවණ‍්ණනා

6. සමාධි සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ න සන‍්තෙනාති පච‍්චනීකකිලෙසෙහි අවූපසන‍්තෙන. න පණීතෙනාති න අතප‍්පකෙන. න පටිප‍්පස‍්සද‍්ධිලද‍්ධෙනාති කිලෙසප‍්පටිප‍්පස‍්සද‍්ධියා අලද‍්ධෙන අප‍්පත‍්තෙන. න එකොදිභාවාධිගතෙනාති න එකග‍්ගභාවං උපගතෙන.

සයවැන්නෙහි න සන්තෙන යනු විරුද්ධ කෙලෙසුන්ගෙන් නොසන්සිඳුනාවූයි, න පණිතෙන යනු තෘප්ත නොවන්නාවූයි, න පටිප්පස්සද්ධිලද්ධෙන යනු කෙලෙස් යටපත් කිරීම නොලබනලද නොපැමිණිවූයි, න එකොදිභාවාධිගතෙන යනු එකඟ බවට නොගියානු විසිනි,

7. සක‍්ඛිභබ‍්බ සුත‍්තවණ‍්ණනා

7. සක්ඛිභබ්බ සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ තත්‍ර තත්‍රාති තස‍්මිං තස‍්මිං විසෙසෙ. සක‍්ඛිභබ‍්බතන‍්ති පච‍්චක‍්ඛභාවං. ආයතනෙති කාරණෙ. හානභාගියාදයො විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.39) සංවණ‍්ණිතා. අසක‍්කච‍්චකාරීති න සුකතකාරී, න ආදරකාරී. අසප‍්පායකාරීති න සප‍්පායකාරී, න උපකාරභූතධම‍්මකාරී.

සත්වැන්නෙහි තත්‍ර තත්‍ර යනු ඒ ඒ විශේෂයෙහියි, සක්ඛි භබ්බතං යනු ප්‍රත්‍යක්‍ෂ භාවයයි, ආයතනෙ යනු කාරණයෙහියි, හානභාගියා ආදිය විසුද්ධිමග්ගයෙහි විස්තර කරන ලදි, අසක්කච්චකාරි යනු නොමනාව කරන්නේයි, අනදරින් කරන්නේයි, අසප්පායකාරි යනු යොග්‍ය දේ නොකරන්නේයි, උපකාරවත් දෙය නොකරන්නේයි.

8. බල සුත‍්තවණ‍්ණනා

8. බල සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ බලතන‍්ති බලභාවං ථාමභාවං. අසාතච‍්චකාරීති න සතතකාරී. සෙසං හෙට‍්ඨා වුත‍්තනයමෙව.

අටවැන්නෙහි බලතං යනු ශක්තිමත් බවයි, දැඩි බවයි, අසාතච්චකාරි යනු නිරතුරු නොකරන්නායි, සෙස්ස යට කියන ලද ක්‍රමය ඇත්තේමය.

9. පඨමජ‍්ඣාන සුත‍්තවණ‍්ණනා

9. පඨමජ්ඣාන සූත්‍ර වර්ණනාව

නවමෙ න යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨො හොතීති වත්‍ථුකාමකිලෙසකාමෙසු ආදීනවො න යථාසභාවතො ඣානපඤ‍්ඤාය සුදිට‍්ඨො හොති. දසමං උත‍්තානත්‍ථමෙවාති.

නවවැන්නෙහි න යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨො හොති යනු වස්තූ කාම ක්ලෙශ කාමයන්’හි ආදීනවය ඇති සැටියෙන් ධ්‍යාන ප්‍රඥාවෙන් මනාව නොදක්නා ලද්දේ වෙයි, දසවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.

දෙවතාවග‍්ගො සත‍්තමො.

සත්වැනි වර්‍ගයයි