දෙවතා සුත්තං
6. 2. 2. 5.
6. 2. 2. 5.
[දෙවතා සුත්තං]
[දේවතා සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
15. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං එතදවොච:
15. එකල්හි එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්මැ ගිය කල්හි අභිකාන්ත වර්ණ ඇතියේ හැම දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි එ දෙවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
ඡයිමෙ භන්තෙ ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති. කතමෙ ඡ:
වහන්ස, භික්ෂූහුගේ අපරිහානිය පිණිස මෙ ධර්මයෝ සදෙනෙක් පවත්නාහ. කවර සදෙනෙක යත්:
සත්ථුගාරවතා, ධම්මගාරවතා, සඞ්ඝගාරවතා, සික්ඛාගාරවතා, සොවචස්සතා, කල්යාණමිත්තතා.
සත්ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, සෝවචස්සතා ය, කල්යාණමිත්තතා යි.
ඉමෙ ඛො භන්තෙ ඡ ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්තීති. ඉදමවොච සා දෙවතා. සමනුඤ්ඤො සත්ථා අහොසි.
වහන්ස, මෙ කරුණු සදෙන භික්ෂූහුගේ අපරිහානිය පිණිස වැටෙති යි. ඒ දෙවි මේ කීය. ශාස්තෘහු අනුදත්හ.
අථ ඛො සා දෙවතා සමනුඤ්ඤො මෙ සත්ථා’ති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
ඉක්බිති ඒ දෙවි ශාස්තෘහු ම බස් අනුදත්හයි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.
අථ භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛූ ආමන්තෙසි: ඉමං භික්ඛවෙ රත්තිං අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ සා දෙවතා මං එතදවොච:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ රෑ ඇවෑමෙන් මහණුන් ඇමතූහ: මහණෙනි, මෙ රෑ අන්‍යතර දෙවියෙක් අභිකාන්ත වර්ණ ඇතියේ රෑ පෙරයම ඉක්මැගිය කල්හි හැම දෙව්රම බබුළුවා මා කරා එළඹියේ ය. එළඹ මා සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි එ දෙවි මට තෙල කරුණ කීය:
ඡයිමෙ භන්තෙ ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති. කතමෙ ඡ:
“වහන්ස, මෙ සකාරණයෝ මහණහුගේ අපරිහානිය පිණිස වැටෙති. කවර සයෙක යත්:
සත්ථුගාරවතා, ධම්මගාරවතා, සඞ්ඝගාරවතා, සික්ඛාගාරවතා, සොවචස්සතා, කල්යාණමිත්තතා.
සත්ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, සෝවචස්සතා ය, කල්යාණමිත්තතා යි.
ඉමෙ ඛො භන්තෙ ඡ ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්තී’ති.
වහන්ස, මෙ සදහම්හු භික්ෂුහුගේ අපරිහානිය පිණිස වැටෙති”යි.
ඉදමවොච භික්ඛවෙ සා දෙවතා. ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
මහණෙනි, එ දෙවි මේ කීය. මෙ කියා මා වැඳ පැදකුණු කොට එහි ම ඇතුරුදහන් වී ය යි.
එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච:
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
”ඉමස්ස ඛො අහං භන්තෙ භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි: ඉධ භන්තෙ භික්ඛු අත්තනා ච සත්ථුගාරවො හොති සත්ථුගාරවතාය ච වණ්ණවාදී, යෙ චඤ්ඤෙ භික්ඛූ න සත්ථුගාරවා තෙ ච සත්ථුගාරවතාය සමාදපෙති, යෙ චඤ්ඤෙ භික්ඛු සත්ථුගාරවා තෙසඤ්ච වණ්ණං භාසති භූතං තච්ඡං කාලෙන. අත්තනා ච ධම්මගාරවො හොති -පෙ- සඞ්ඝගාරවො හොති -පෙ- සික්ඛාගාරවො හොති -පෙ- සුවචො හොති -පෙ- කල්යාණමිත්තො හොති කල්යාණමිත්තතාය ච වණ්ණවාදී, යෙ චඤ්ඤෙ භික්ඛූ න කල්යාණමිත්තා තෙ ච කල්යාණමිත්තතාය සමාදපෙති, යෙ චඤ්ඤෙ භික්ඛූ කල්යාණමිත්තා තෙසඤ්ච වණ්ණං භාසති භූතං තච්ඡං කාලෙන.
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මෙ දහම්හුගේ අර්ත්ථය මෙසේ විතර විසින් දන්මි: වහන්ස, මෙ සස්නෙහි මහණ තෙමේ ද ශාස්තෘන් කෙරෙහි ගෞරව ඇතියේ වෙයි, ශාස්තෘගෞරවයෙහි ගුණ බණන සුලු ද වෙයි. ශාස්තෘගෞරව නැති යම් කිසි අන්‍ය මහණහු වෙත් නම් ඔවුනුදු ශාස්තෘගෞරවයෙහි සමාදන් කරවයි. ශාස්තෘගෞරව ඇති යම්කිසි අන්‍ය මහණහු වෙත් නම්, ඔවුන්ගේ භූත වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි කියයි. තෙමේත් ධර්‍මගෞරව ඇතියේ වෙයි ... සඞ්ඝගෞරව ඇතියේ වෙයි ... ශික්‍ෂාගෞරව ඇතියේ වෙයි ... සුවච වෙයි ... කල්‍යාණමිත්‍රයන් ඇතියේ වෙයි. කලණමිතුරන් ඇතිබැව්හි ගුණ බණන සුලු ද වෙයි. කලණමිතුරන් නැති යම් අන් මහණහු වෙත් නම් ඔවුනුදු කලණමිතුරන් ඇති බැව්හි සමාදන් කරවයි. කලණ මිතුරන් ඇති යම් අන් මහණහු වෙත් නම්, ඔවුන්ගේ ද භූත වූ තථ්‍ය වූ ගුණ නිසි කල්හි කියයි.
ඉමස්ස ඛො අහං භන්තෙ භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථ ආජානාමි”ති.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ ධර්මයාගේ අර්ත්ථය මෙසෙයින් මම විතර විසින් දන්මි’යි.
සාධු සාධු සාරිපුත්ත, සාධු ඛො ත්වං සාරිපුත්ත ඉමස්ස මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාසි.
සාරිපුත්‍රය, මැනැවැ, මැනැවැ, ශාරිපුත්‍රය, තෝ මා විසින් සංක්ෂේපයෙන් දෙසනලද මෙ භාෂිතයාගේ අර්ත්ථය මෙසේ විතර විසින් මැනැවින් ම දන්හි.
ඉධ සාරිපුත්ත භික්ඛු අත්තනා ච සත්ථුගාරවො හොති, සත්ථුගාරවතාය ච වණ්ණවාදී, යෙ චඤ්ඤෙ භික්ඛූ න සත්ථුගාරවා, තෙ ච සත්ථුගාරවතාය සමාදපෙති. යෙ චඤ්ඤෙ භික්ඛූ සත්ථුගාරවා, තෙසඤ්ච වණ්ණං භාසති භූතං තච්ඡං කාලෙන. අත්තනා ච ධම්මගාරවො හොති -පෙ- සඞ්ඝගාරවො හොති -පෙ- සික්ඛාගාරවො හොති -පො- සුවචො හොති -පෙ- කල්යාණමිත්තො හොති කල්යාණමිත්තතාය ච වණ්ණවාදී, යෙ චඤ්ඤෙ භික්ඛූ න කල්යාණමිත්තා, තෙ ච කල්යාණමිත්තතාය සමාදපෙති, යෙ චඤ්ඤෙ භික්ඛූ කල්යාණමිත්තා තෙසඤ්ච වණ්ණං භණති භූතං තච්ඡං කාලෙන.
ශාරිපුත්‍රය, මෙ සස්නෙහි මහණ තෙමේත් ශාස්තෘගෞරව ඇත්තේ වෙයි. ශාස්තෘගෞරවයෙහි ගුණ කියෙන්නේ වෙයි. ශාස්තෘගෞරව රහිත අනෙක් යම් භික්ෂු කෙනෙක් වෙත් නම්, ඔහුදු ශාස්තෘගෞරවතායෙහි සමාදන් කරවයි. ශාස්තෘගෞරව සහිත අනෙක් යම් භික්ෂු කෙනෙකුන් ඇත් නම් ඔවුන්ගේත් භූත වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි කියයි. තෙමේත් ධර්‍මගෞරව ඇතියේ වෙයි ... සඞ්ඝගෞරව ඇත්තේ වෙයි ... ශික්‍ෂාගෞරව ඇත්තේ වෙයි ... සුවච වෙයි ... කලණමිතුරන් ඇත්තේ වෙයි. කල්‍යාණමිත්‍රතායෙහි ගුණ බණනසුලු වෙයි. කල්‍යාණමිත්‍රතා රහිත අනෙක් යම් භික්ෂු කෙනෙක් ඇත් නම් ඔහුත් කල්‍යාණමිත්‍රතායෙහි සමාදන් කරවයි. කලණමිතුරන් ඇති අනෙක් යම් භික්ෂු කෙනෙක් ඇත්නම් ඔවුන්ගේත් භූත වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි කියයි.
ඉමස්ස ඛො සාරිපුත්ත මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති.
ශාරිපුත්‍රය, මා විසින් සංක්ෂේපයෙන් දෙසනලද මේ භාෂිතයාගේ අර්ත්ථය මෙසේ විතර විසින් දතයුතු යි.