සමාධිසුත‍්තං
6. 2. 2. 6.
6. 2. 2. 6.
[සමාධිසුත‍්තං]
[සමාධි සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
16. සො වත භික‍්ඛවෙ භික‍්ඛු න සන‍්තෙන සමාධිනා න පණීතෙන න පටිප‍්පස‍්සද‍්ධිලද‍්ධෙන න එකොදීභාවාධිගතෙන -
16. මහණෙනි, එ මහණ තෙමේ ශාන්ත නො වූ ප්‍රණීත නො වූ සංහිඳීමෙන් නො ලත් එකඟ බැවින් නො ලත් සමාධියෙන් -
අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභවිස‍්සති: එකොපි හුත්‍වා බහුධා භවිස‍්සති, බහුධාපි හුත්‍වා එකො භවිස‍්සති -පෙ- යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.
බහුප්‍රකාර වූ ඍද්ධිවිධඥානය ලබයි: එකෙක් වූයේ ම බහුප්‍රකාර වෙයි. බහුප්‍රකාර වූයේ ම එකෙක් වෙයි ... බඹලොව තෙක් කයින් වශය පවත්වා ය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
දිබ‍්බාය සොතධාතුයා විසුද‍්ධාය අතික‍්කන‍්තමානුසිකාය උභො සද‍්දෙ සුණිස‍්සති, දිබ‍්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන‍්තිකෙ චාති, නෙතං ඨානං විජ‍්ජති.
විශුද්ධ වූ මිනිස් කණ ඉක්මගිය දිවසෝධයින් දිව්‍ය වූ ද මනුෂ්‍ය වූ ද දුර වූ ද ලඟ වූ දැයි ද්විවිධ ශබ්ද අසා ය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
පරසත‍්තානං පරපුග‍්ගලානං චෙතසා චෙතො පරිච‍්ච පජානිස‍්සති: සරාගං වා චිත‍්තං සරාගං චිත‍්තන‍්ති පජානිස‍්සති -පෙ- අවිමුත‍්තං වා චිත‍්තං අවිමුත‍්තං චිත‍්තන‍්ති පජානිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.
පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත ඔහු සිතින් පිරිසිඳ දැනගනී: සරාග වූ හෝ සිත සරාග සිතැයි දැන ගණී ... අවිමුත්ත වූ හෝ සිත අවිමුත්ත සිතැයි දැනගනී යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරිස‍්සති සෙය්‍යථීදං: එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරිස‍්සතීති. නෙතං ඨානං විජ‍්ජති.
බහුප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරේ යි ... කිසෙයින යත්: එක් ජාතියක් ද ජාති දෙකක් ද ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත බහුප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සිස‍්සති -පෙ- යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.
මිනිස් ඇස ඉක්මගිය විශුද්ධ වූ දිවැසින් සත්ත්‍වයන් දක්නේ ය ... කම්වූ පරිදි ගිය සත්ත්‍වයන් දනී යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
ආසවානං ඛයා [අනාසවං චෙතොවිමුත‍්තිං] -පෙ- සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජතීති.
ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ... සාක්‍ෂාත් කොට ඊට පැමිණ වෙසේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ ය යි.
සො වත භික‍්ඛවෙ භික‍්ඛු සන‍්තෙන සමාධිනා පණීතෙන පටිප‍්පස‍්සද‍්ධිලද‍්ධෙන එකොදිභාවාධිගතෙන -
මහණෙනි, ඒ මහණ ශාන්ත ප්‍රණීත ප්‍රතිප්‍රශ්‍රබ්ධියෙන් ලත් ඒකෝදිභාවාධිගත සමාධියෙන් -
අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභවිස‍්සති -පෙ- යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙස‍්සතීති ඨාන මෙතං විජ‍්ජති -පෙ-
බහුප්‍රකාර ඍද්ධිවිධය ලබයි: එකෙක් වූයේ ම බහුප්‍රකාර වෙයි. බහුප්‍රකාර වූයේ ම එකෙක් වෙයි ... බඹලොව තෙක් කයින් වශය පවත්වා යන තෙල කරුණ විද්‍යමාන වෙයි ...
දිබ‍්බාය සොතධාතුයා විසුද‍්ධාය අතික‍්කන‍්තමානුසිකාය උභො සද‍්දෙ සුණිස‍්සති දිබ‍්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන‍්තිකෙ චාති ඨානමෙතං විජ‍්ජති. -පෙ-
විශුද්ධ වූ මිනිස්කණ ඉක්මගිය දිවසෝධයින් දිව්‍ය වූ ද මානුෂ වූ ද දුර වූ ද ලඟ වූ දැයි ද්විවිධ ශබ්ද අසා යැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි ...
පරසත‍්තානං පරපුග‍්ගලානං චෙතසා චෙතො පරිච‍්ච පජානිස‍්සති -පෙ- සරාගං වා චිත‍්තං සරාගං චිත‍්තන‍්ති පජානිස‍්සති -පෙ- අවිමුත‍්තං වා චිත‍්තං අවිමුත‍්තං චිත‍්තන‍්ති පජානිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති -පෙ-
පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත ඔහු සිතින් පිරිසිඳ දැනගනී. සරාග වූ හෝ සිත සරාග සිතැයි දැනගනී ... අවිමුක්ත වූ හෝ සිත අවිමුක්ත සිතැයි දැනගනී යන තෙල කරුණ විද්‍යමාන වෙයි ...
අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරිස‍්සති සෙය්‍යථීදං: එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති -පෙ-
නන්වැදෑරුම් පූර්‍වනිවාසය සිහි කෙරෙයි. එ නම්: එක් දැයකුදු දැ දෙකකුදු ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිධ පූර්‍වනිවාස සිහිකරන්නේ ය යන තෙල කරුණ ඇතැ ...
දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සිස‍්සති චවමානෙ උප‍්පජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ. යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති -පෙ-
විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවැසින් සැවැයන උපදනා හීන ප්‍රණීත මනා පැහැ ඇති නො මනා පැහැ ඇති මනා ගති ඇති නපුරු ගති ඇති සත්ත්‍වයන් දක්නේ ය. කම් වූ පරිදි මියැයන සත්ත්‍වයන් දක්නේ ය යන තෙල කරුණ ඇත ...
ආසවානං ඛයා අනාසවං චෙතො විමුත‍්තිං -පෙ- සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරිස‍්සතීති ඨානමෙතං විජ‍්ජතීති.
ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ... සාක්‍ෂාත් කොට එළඹ වාසය කරන්නේ ය යන තෙල කරුණ ඇතැ යි.