යෙදුමෙන් කියවන්න

සක‍්ඛිභබ‍්බ සුත‍්තං

6. 2. 2. 7.

6. 2. 2. 7.

[සක‍්ඛිභබ‍්බ සුත‍්තං]

[සක්ඛිභබ්බ සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

17. ඡහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අභබ‍්බො තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණිතුං සති සති ආයතනෙ. කතමෙහි ඡහි:

17. මහණෙනි, දහම් සයෙකින් සමන්‍වාගත මහණ කරුණු ඇතිවත් ම එ එ වෙසෙස් ගුණෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණෙන්නට අභව්‍ය වෙයි. කවර සයෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු “ඉමෙ හානභාගියා ධම‍්මාති යථාභූතං නප‍්පජානාති, ඉමෙ ඨිතිභාගියා ධම‍්මාති යථාභූතං නප‍්පජානාති, ඉමෙවිසෙසභාගියා ධම‍්මාති යථාභූතං නප‍්පජානාති, ඉමෙ නිබ‍්බෙධභාගියා ධම‍්මාති යථාභූතං නප‍්පජානාති”, අසක‍්කච‍්චකාරී ච හොති අසප‍්පායකාරී ච.

මහණෙනි, මෙ සස්නෙහි, මහණ, ‘මොහු හානභාගිය ධර්‍මයහ’යි තත් වූ පරිදි නො දන්නේ ය. ‘මොහු ස්ථිතිභාගිය ධර්‍මය හ’යි යථාභූත ව නො දන්නේ ය. ‘මොහු විශේෂභාගිය ධර්‍මයහ’යි යථාභූත ව නො දන්නේ ය. ‘මොහු නිර්වේධභාගිය ධර්‍මයහ’යි යථාභූත ව නො දන්නේ ය. නො සකස් කොට කරණුසුලු ද වෙයි. අපථ්‍යකරුණු කරණසුලු ද වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අභබ‍්බො තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණිතුං සති සති ආයතනෙ.

මහණෙනි, මෙ සදහමින් සමන්‍වාගත මහණ කරුණු ඇතිවත් ම එ එ වෙසෙස් ගුණෙහි ප්‍රත්‍යක්‍ෂ භාවයට පත්වීමට අභව්‍ය වේ ය යි.

ඡහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු භබ‍්බො තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණිතුං සති සති ආයතනෙ. කතමෙහි ඡහි:

මහණෙනි, ධර්‍ම සයෙකින් යුත් මහණ කරුණු ඇතිවත් ම එ එ විශේෂ ගුණයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණීමට භව්‍ය වෙයි. කවර සයෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ‘ඉමෙ හානභාගියා ධම‍්මාති යථාභූතං පජානාති, ඉමෙ ඨිතිභාගියා ධම‍්මාති යථාභූතං පජානාති, ඉමෙ විසෙසභාගියා ධම‍්මාති යථාභූතං පජානාති, ඉමෙ නිබ‍්බෙධභාගියා ධම‍්මාති යථාභූතං පජානාති”, සක‍්කච‍්චකාරී ච හොති සප‍්පායකාරී ච.

මහණෙනි, මෙ සස්නෙහි යුත් මහණ ‘මොහු හානභාගිය ධර්‍මයහ’යි යථාභූත ව දන්නේ ය. ‘මොහු ස්ථිතිභාගිය ධර්‍මයහ’යි යථාභූත ව දන්නේ ය. ‘මොහු විශේෂභාගිය ධර්‍මයහ’යි යථාභූත ව දන්නේ ය. ‘මොහු නිර්වේධභාගිය ධර්‍මයහ’යි යථාභූත ව දන්නේ ය. සකසා කරණ සුලුයේත් වෙයි. සත්ප්‍රායකාරීත් වේ.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡභි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛූ භබ‍්බො තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණිතුං සති සති ආයතනෙති.

මහණෙනි, මෙ දහම් සයෙන් සමන්‍වාගත මහණ විශේෂාධිගමයට උපනිඃශ්‍රය කරුණු ඇතිවත් ම එ එ විශේෂගුණයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණීමට භව්‍ය වේ ය යි.