බල සුත්තං
6. 2. 2. 8.
6. 2. 2. 8.
[බල සුත්තං]
[බල සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
18. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො සමාධිස්මිං බලතං පාපුණිතුං. කතමෙහි ඡහි:
18. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත භික්ෂු සමාධියෙහි බලවද්භාවයට පැමිණීමට සුදුසු නො වෙයි. කවර සයෙකින යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු න සමාධිස්ස සමාපත්තිකුසලො හොති, න සමාධිස්ස ඨිතිකුසලො හොති, න සමාධිස්ස වුට්ඨානකුසලො හොති, අසක්කච්චකාරී ච හොති, අසාතච්චකාරී ච. අසප්පායකාරී ච.
මහණෙනි, මෙ සස්නෙහි මහණ සමාධි සමවැදීමෙහි දක්ෂ නො වෙයි. සමාධි ස්ථිරකිරීමෙහි දක්ෂ නො වේ. සමාධියෙන් නැගිටීමෙහි දක්ෂ නො වේ. සකසා කරන්නේ ද නො වෙයි. නිතර භාවිත කරන්නේ ද නො වේ. අපත්ථ්ය ක්‍රියා කරන්නේ ද වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො සමාධිස්මි. බලතං පාපුණිතුං.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්වාගත මහණ සමාධියෙන් බලවත්භාවයට පැමිණීමට අභව්‍ය වෙයි.
ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො සමාධිස්මිං බලතං පාපුණිතුං, කතමෙහි ඡහි:
මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ සමාධියෙහි බලවද්භාවයට පැමිණීමට භව්‍ය වෙයි. කවර සයෙකින යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු සමාධිස්ස සමාපත්තිකුසලො හොති, සමාධිස්ස ඨිතිකුසලො හොති, සමාධිස්ස වුට්ඨානකුසලො හොති, සක්කච්චකාරී ච හොති, සාතච්චකාරී ච, සප්පායකාරී ච.
මහණෙනි, මෙ සස්නෙහි මහණ සමාධි සමාපත්ති කුශල වෙයි. සමාධි ස්ථිති කුශල වෙයි. සමාධි ව්යුත්ථාන කුශල වෙයි. සකසා කරණසුලු වෙයි. සත්තභාවයෙන් කරණ සුලු වෙයි. සත්ප්‍රායකාරී වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො සමාධිස්මිං බලතං පාපුණිතුන්ති.
මහණෙනි, මෙ කරුණු සයෙන් යුත් මහණ සමාධියෙහි බලවද්භාවයට පැමිණීමට භව්‍ය වේ ය යි.
6. 2. 2. 9.
6. 2. 2. 9.
[පඨමජ්ඣාන සුත්තං]
[පඨමජ්ඣාන සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
19. ඡ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං, කතමෙ ඡ:
19. මහණෙනි, කරුණු සයක් නො පියා ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නට නො නිසි වෙයි. කවර සයෙක යත්:
කාමච්ඡන්දං, ව්යාපාදං, ථීනමිද්ධං, උද්ධච්චකුක්කුච්චං, විචිකිච්ඡං, කාමෙසු ඛො පනස්ස ආදීනවො න යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨො හොති.
කාමච්ඡන්ද ය, ව්‍යාපාද ය, ථීනමිද්ධ ය, උද්ධච්චකුක්කුච්ච ය, විචිකිච්ඡා ය, ඔහු විසින් ධ්යානප්රඥායෙන් කාමයන්හි ආදීනව යථාභූතයෙන් නො දක්නා ලද්දේ වෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ අප්පහාය අභබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං.
මහණෙනි, මේ කරුණු සයක් නො පියා ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නට අභව්‍ය වෙයි.
ඡ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. කතමෙ ඡ:
මහණෙනි, මෙ කරුණු සයක් ප්‍රහීණ කොට ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නට භව්‍ය වෙයි. කවර සයෙක යත්:
කාමච්ඡන්දං, ව්යාපාදං, ථීනමිද්ධං, උද්ධච්චකුක්කුච්චං, විචිකිච්ඡං, කාමෙසු ඛො පනස්ස ආදීනවො යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨො හොති.
කාමච්ඡන්ද ය, ව්‍යාපාද ය, ථීනමිද්ධ ය, උද්ධච්චකුක්කුච්ච ය, විචිකිච්ඡා ය, ඔහු විසින් සම්‍යක්ප්‍රඥායෙන් කාමයන්හි ආදීනව යථාභූතයෙන් දක්නා ලද්දේ වෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ පහාය භබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුන්ති.
මහණෙනි, මෙ කරුණු සය ප්‍රහීණ කොට ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නට භව්‍ය වේ ය යි.
6. 2. 2. 10.
6. 2. 2. 10.
[දුතිය පඨමජ්ඣාන සුත්තං]
[දුතිය පඨමජ්ඣාන සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
20. ඡ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. කතමෙ ඡ:
20. මහණෙනි, කරුණු සයක් ප්‍රහීණ නො කොට ප්‍රථමධ්‍යානයට පැමිණ වසන්නට අභව්‍ය වෙයි. කවර සයෙක යත්:
කාමවිතක්කං, ව්යාපාදවිතක්කං, විහිංසාවිතක්කං, කාමසඤ්ඤං ව්යාපාදසඤ්ඤං, විහිංසාසඤ්ඤං.
කාමවිතක්ක ය, ව්යාපාදවිතක්ක ය, විහිංසාවිතක්ක ය, කාමසඤ්ඤා ය, ව්යාපාදසඤ්ඤා ය, විහිංසාසඤ්ඤා යි.
ඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ අප්පහාය අභබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං.
මහණෙනි, මෙ කරුණු සය ප්‍රහීණ නොකොට ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නට අභව්‍ය වෙයි.
ඡ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං කතමෙ ඡ:
මහණෙනි, කරුණු සයක් ප්‍රහීණ කොට ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නට භව්‍ය වෙයි. කවර සයෙක යත්:
කාමවිතක්කං, ව්යාපාදවිතක්කං, විහිංසාවිතක්කං, කාමසඤ්ඤං ව්යාපාදසඤ්ඤං, විහිංසාසඤ්ඤං.
කාමවිතක්ක ය, ව්යාපාදවිතක්ක ය, විහිංසාවිතක්ක ය, කාමසඤ්ඤා ය, ව්යාපාදසඤ්ඤා ය, විහිංසාසඤ්ඤා යි.
ඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ පහාය භබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුන්ති.
මහණෙනි, මෙ කරුණු සය ප්‍රහීණ කොට ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නට භව්‍ය වේ ය යි.
අනාගාමී වග්ගො දුතියො.
අනාගාමී වර්ගය දෙ වැනි යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
අනාගාමී අරහං මිත්තා සඞ්ගණිකාරාමදෙවතා සමාධිසක්ඛිභබ්බං බලං තජ්ඣානා අපරෙ දුවෙති.
අනාගාමිඵල සූත්‍රය, අරහත්තඵල සූත්‍රය, මිත්ත සූත්‍රය, සංගණිකාරාම සූත්‍රය, දේවතා සූත්‍රය, සමාධි සූත්‍රය, සක්ඛිභබ්බ සූත්‍රය, බල සූත්‍රය, පඨමජ්ඣාන සූත්‍රය, දුතිය පඨමජ්ඣාන සූත්‍රය යි, සූත්‍ර දශයෙකි.