දුක්ඛ සුත්තං
6. 2. 3. 1.
6. 2. 3. 1.
[දුක්ඛ සුත්තං]
[දුක්ඛ සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
21. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ දුක්ඛං විහරති සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස්ස භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා. කතමෙහි ඡහි:
21. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ ඉහාත්මයෙහි ම පීඩා සහිත, උපායාස සහිත, පරිදාහ සහිත දුකෙන් වෙසෙයි. කාබුන් මරණින් මතුයෙහි දුගතිය කැමැති විය යුතු. කවර සයෙකින යත්:
කාමවිතක්කෙන, ව්යාපාදවිතක්කෙන, විහිංසාවිතක්කෙන, කාමසඤ්ඤාය, ව්යාපාදසඤ්ඤාය, විහිංසාසඤ්ඤාය.
කාමවිතර්කයෙන, ව්යාපාදවිතර්කයෙන, විහිංසාවිතර්කයෙන, කාමසංඥායෙන, ව්යාපදාසංඥායෙන, විහිංසාසංඥායෙනැ යි.
ඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ දුක්ඛං විහරති සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස්ස භෙදා පරම්මරණා දුග්ගති පාටික්ඛා.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්වාගත මහණ ඉහාත්මයෙහි විඝාත (උපද්‍රව) සහිත, උපායාස (දැඩි ආයාස) සහිත, පරිදාහ (කායික මානසික දැවිලි) සහිත දුඃඛයෙන් වෙසෙයි. කාබුන් මරණින් මත්තෙහි දුර්ගතිය කැමැති විය යුතු.
ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. කායස්ස භෙදා පරම්මරණා සුගති පාටිකඞ්ඛා, කතමෙහි ඡහි:
මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ ඉහාත්මයෙහි ම පීඩා රහිත, උපායාස රහිත, පරිදාහ රහිත සුඛයෙන් වෙසෙයි. කාබුන් මරණින් මත්තෙහි සුගතිය කැමැති විය යුතු. කවර සයෙකින යත්:
නෙක්ඛම්මවිතක්කෙන, අව්යාපාදවිතක්කෙන, අවිහිංසාවිතක්කෙන, නෙක්ඛම්මසඤ්ඤාය, අව්යාපාදසඤ්ඤාය, අවිහිංසාසඤ්ඤාය.
නෛෂ්ක්රම්යවිතර්කයෙන, අව්යාපාදවිතර්කයෙන, අවිහිංසාවිතර්කයෙන, නෛෂ්ක්රම්යසංඥායෙන, අව්යාපාදසංඥායෙන, අවිහිංසාසංඥායෙනැ යි.
ඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. කායස්ස භෙදා පරම්මරණා සුගති පාටිකඞ්ඛාති.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්වාගත මහණ ඉහාත්මයෙහි ම විඝාත රහිත, උපායාස රහිත, පරිදාහ රහිත සුඛයෙන් වාසය කරයි. කාබුන් මරණින් මතුයෙහි සුගතිය කැමැති විය යුතු ය යි.