අරහත්ත සුත්තං
6. 2. 3. 2.
6. 2. 3. 2.
[අරහත්ත සුත්තං]
[අරහත්ත සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
22. ඡ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො අරහත්තං සච්ඡිකාතුං කතමෙ ඡ:
22. මහණෙනි, කරුණු සයක් නො පහා අර්හත්වය සාක්ෂාත් කරන්නට අභව්‍ය වෙයි. කවර සයක යත්:
මානං, ඔමානං, අතිමානං, අධිමානං, ථම්භං, අතිනිපාතං.
මාන ය (ජාති ආදීන් හඟින මානය), ඔමාන ය (මම හීනවෙමි යි යන මානය), අතිමාන ය (ඉතා උසස් මානය), අධිමානය (අනධිගතය අධිගතය යන මානය), ථම්භ (ක්‍රෝධ මාන දෙකින් තදබව) ය, අතිනිපාත ය (හීනයාටත් හීනවෙමි යන මාන) යි.
ඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ අප්පහාය අභබ්බො අරහත්තං සච්ඡිකාතුං.
මහණෙනි, මෙ කරුණු සය නො පහා අර්හත්වය සාක්ෂාත් කරන්නට නො නිසි වේ.
ඡ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො අරහත්තං සච්ඡිකාතුං, කතමෙ ඡ.
මහණෙනි, ධර්ම සයක් ප්‍රහීණ කොට අර්හත්වය සාක්ෂාත් කරන්නට භව්‍ය වෙයි. කවර සයෙක යත්:
මානං, ඔමානං, අතිමානං, අධිමානං, ථම්භං, අතිනිපාතං.
මාන ය, ඔමාන ය, අතිමාන ය, අධිමාන ය, ථම්භ ය, අතිනිපාත ය යි.
ඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ පහාය භබ්බො අරහත්තං සච්ඡිකාතුන්ති.
මහණෙනි, මෙ ධර්ම සය ප්‍රහීණ කොට අර්හත්වය සාක්ෂාත් කරන්නට භව්‍ය වෙයි.
6. 2. 3. 3.
6. 2. 3. 3.
[උත්තරිමනුස්සධම්ම සුත්තං]
[උත්තරිමනුස්සධම්ම සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
23. ඡ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො උත්තරිමනුස්සධම්මා. අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකාතුං. කතමෙ ඡ:
23. මහණෙනි, ධර්ම සයක් ප්‍රහීණ නො කොට මනුෂ්යධර්මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාවය ගෙණදීමට සමත් ඥානදර්ශන විශේෂය පසක් කරන්නට අභව්‍ය වෙයි. කවර සයක යත්:
මුට්ඨසච්චං, අසම්පජඤ්ඤං, ඉන්ද්රියෙසු අගුත්තද්වාරතං, භොජනෙ අමත්තඤ්ඤූතං, කුහනං, ලපනං.
මුළාසිහි ඇති බව ය, විමසුම් නුවණ නැති බව ය, ඉඳුරන්හි නො පියූ දොර ඇති බව ය, බොජුන්හි පමණ නො දන්නා බව ය, කොහොන් වත් ය, (සිවුපස සඳහා අනුන් උස් හෝ පාත් හෝ කොට කරණ කථා නමැති) ලපනා යි.
ඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ අප්පහාය අභබ්බො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකාතුං.
missing trans
ඡ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණාදස්සනවිසෙසං සච්ඡිකාතුං. කතමෙ ඡ:
මහණෙනි, ධර්ම සයක් ප්‍රහීණ කොට උත්තරිමනුෂ්යධර්මයෙන් ආර්ය්යභාවකරණයට සමත් ඥානදර්ශනවිශේෂය පසක් කරන්නට භව්‍ය වෙයි. කවර සයෙක යත්:
මුට්ඨසච්චං, අසම්පජඤ්ඤං, ඉන්ද්රියෙසු අගුත්තද්වාරතං, භොජනෙ අමත්තඤ්ඤුතං, කුහනං, ලපනං.
මුළාසිහි ඇති බව ය විමසුම් නුවණ නැති බව ය ඉඳුරන්හි පියූ දොර ඇති බව ය භෝජනයෙහි පමණ නොදන්න බව ය කුහනා ය ලපනා යි.
ඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ පහාය භබ්බො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකාතුන්ති.
මහණෙනි, මෙ දහම් සය පහා මිනිස්දමින් මතුයෙහි ආර්ය්යභාවකරණයට සමත් ඥානදර්ශන විශේෂය පසක් කිරීමට භව්‍ය වේ ය යි.
6. 2. 3. 4.
6. 2. 3. 4.
[සුඛසොමනස්ස සුත්තං]
[සුඛසෝමනස්ස සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
24 ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ සුඛසොමනස්සබහුලො විහරති, යොනි චස්ස ආරද්ධා හොති ආසවානං ඛයාය. කතමෙහි ඡහි:
24. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ දිටුදැමියෙහි ම සුවසොම්නස් බහුල කොට ඇති ව වෙසෙයි. ඔහු විසින් ආස්‍රවයන්ගේ ක්ෂය සඳහා කාරණය ද (පරිපූර්ණ කොට) අරඹන ලද වේ ය යි. කවර සයෙකින යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු ධම්මාරාමො හොති, භාවනාරාමො හොති, පහානාරාමො හොති, පවිවෙකාරාමො හොති, අව්යාපජ්ඣාරාමො හොති, නිප්පපඤ්චාරාමො හොති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ධර්මාරාම (ධර්මයෙහි ඇලුනේ) වෙයි. භාවනාරාම (භාවනායෙහි ඇලුනේ) වෙයි. ප්‍රහාණාරාම (කෙලෙස් පහකිරී මෙහි ඇලුනේ) වෙයි. ප්රවිවේකාරාම (කායචිත්තඋපධි විවේකයෙහි ඇලුනේ) වෙයි. අව්යාපද්යාරාම වෙයි. නිෂ්ප්රපඤ්චාරාම (නිවනෙහි ඇලුනේ) වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මො සුඛසොමනස්සබහුලො විහරති, යොනි චස්ස ආරද්ධා හොති ආසවානං ඛයායා’ති.
මහණෙනි, මෙ දම් සයෙන් යුත් මහණ දිටුදැමියෙහි ම සුව සොම්නස් බිහිලි කොට වෙසෙයි. ආස්රවක්ෂය පිණිස කාරණය ද (පරිපූර්ණ කොට) අරඹන ලද වේ ය යි.