3. අරහත්ත වග්ගො අට්ඨකථා
3. අරහත්ත වර්ගය
1. දුක්ඛ සුත්තවණ්ණනා
1. දුක්ඛ සූත්‍ර වර්ණනාව
අට්ඨමස්ස පඨමෙ සවිඝාතන්ති සඋපඝාතං සොපද්දවං. සපරිළාහන්ති කායිකචෙතසිකෙන පරිළාහෙන සපරිළාහං. පාටිකඞ්ඛාති ඉච්ඡිතබ්බා අවස්සංභාවිනී.
අටවැනි වර්ගයෙහි පළමු සුත්‍රයෙහි සවිඝාතං යනු පෙළීම් සහිතවූයි, උවදුරු සහිතවූයි, සපරිළාහං යනු කායික චෛතසික දැවිල්ලෙන් දැවිලි සහිතවූයි, පාටිකඞ්කා යනු කැමති විය යුතු, අවශ්‍යයෙන් සිදුවන්නාවූයි.
2. අරහත්ත සුත්තවණ්ණනා
2. අරහත්ත සූත්‍ර වර්ණනාව
දුතියෙ මානන්ති ජාතිආදීහි මඤ්ඤනං. ඔමානන්ති හීනොහමස්මීති මානං. අතිමානන්ති අතික්කමිත්වා පවත්තං අච්චුණ්ණතිමානං. අධිමානන්ති අධිගතමානං. ථම්භන්ති කොධමානෙහි ථද්ධභාවං. අතිනිපාතන්ති හීනස්ස හීනොහමස්මීති මානං.
දෙවැන්නෙහි මානං යනු ජාති ආදීන්ගෙන් සිතීමයි. ඔමානං යනු මම පහත් වෙමියි මානයයි, අතිමානං යනු ඉක්මවා පැවති ඉතා උසස් යැයි සිතන අතිමානයයි, අධිමානං යනු ලබාගත් මානයයි, ථම්භං යනු කොධමානයන්ගෙන් දැඩිබවයි, අතිනිපාතං යනු පහත් වූවහුගේ මම පහත් වෙමැයි යන මානයයි.
3. උත්තරීමනුස්සධම්ම සුත්තවණ්ණනා
3. උත්තරිමනුස්සධම්ම සූත්‍ර වර්ණනාව
තතියෙ උත්තරිමනුස්සධම්මාති මනුස්සධම්මතො උත්තරි. අලමරියඤාණදස්සනවිසෙසන්ති අරියභාවං කාතුං සමත්ථං ඤාණදස්සනවිසෙසං, චත්තාරො මග්ගෙ චත්තාරි ච ඵලානීති අත්ථො. කුහනන්ති තිවිධං කුහනවත්ථුං. ලපනන්ති ලාභත්ථිකතාය උක්ඛිපිත්වා අවක්ඛිපිත්වා වා ලපනං.
තෙවැන්නෙහි උත්තරිමනුස්සධම්මො යනු මනුෂ්‍ය ධර්මයන්ගෙන් මත්තෙහි වූයි, අලමරියඤාණදස්සනං යනු ආර්‍ය්‍යභාවය කිරීමට සමත් ඥානදර්ශන විශේෂයයි. සතර මඟ හා සතර පල යන අරුත්ය, කුහනං යනු තෙවැදෑරුම් වඤ්චනික වස්තුවයි, ලපනං යනු ලාභලබනු කැමැත්තෙන් උස්කොට හෝ පහත්කොට හෝ කීමයි.
4. සුඛසොමනස්ස සුත්තවණ්ණනා
4. සුඛසොමනස්ස සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ යොනි චස්ස ආරද්ධා හොතීති කාරණඤ්චස්ස පරිපුණ්ණං පග්ගහිතං හොති. ධම්මාරාමොති ධම්මෙ රතිං වින්දති. භාවනාය රමති, භාවෙන්තො වා රමතීති භාවනාරාමො. පහානෙ රමති, පජහන්තො වා රමතීති පහානාරාමො. තිවිධෙ පවිවෙකෙ රමතීති පවිවෙකාරාමො. අබ්යාපජ්ඣෙ නිද්දුක්ඛභාවෙ රමතීති අබ්යාපජ්ඣාරාමො. නිප්පපඤ්චසඞ්ඛාතෙ නිබ්බානෙ රමතීති නිප්පපඤ්චාරාමො.
සිවුවැන්නෙහි යොනි වස්ස ආරද්ධා හොති යනු ඔහුගේ හේතුව ද පිරිපුන් වූයේ දැඩිව ගන්නා ලද්දේ වෙයි, ධම්මාරාමො යනු ධර්මයෙහි ඇල්ම විඳියි, භාවනාවෙහි සිත අලවයි හෝ භාවනාව වඩන්නේ ඇලෙයි යන්නෙන් භාවනාරාමො නමි, දුරුකිරීමෙහි ඇලෙයි හෝ දුරුකරමින් සතුටුවේනුයි පහානාරාමො නමි, ත්‍රිවිධ වූ ප්රවීවේකයෙහි ඇලේනුයි පච්චෙකාරාමො නමි. අව්යපද්යයෙහි - නිදුක් බවෙහි ඇලේනුයි අව්යාපජ්ඣාරාමො නමි, නිෂ්ප්‍රපංච සංඛ්‍යාත වූ නිවනෙහි ඇලේනුයි නිප්පපඤ්චාරාමො නමි.
5. අධිගම සුත්තවණ්ණනා
5. අධිගම සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ න ආයකුසලොති න ආගමනකුසලො. න අපායකුසලොති න අපගමනකුසලො. ඡන්දන්ති කත්තුකම්යතාඡන්දං. න ආරක්ඛතීති න රක්ඛති.
පස්වැන්නෙහි න ආයුකුසලො යනු ඒමෙහි (දියුණුවෙහි) අදක්ෂවූයේයි, න අපගමනකුසලො යනු ඉවත්වීමෙහි අදක්ෂ වූයේයි, ඡන්දං යනු කරනු කැමති ඡන්දයයි, න සාරක්ඛති යනු නොරකියි.
6. මහන්තත්ත සුත්තවණ්ණනා
6. මහන්තත්ත සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ ආලොකබහුලොති ඤාණාලොකබහුලො. යොගබහුලොති යොගෙ බහුලං කරොති. වෙදබහුලොති පීතිපාමොජ්ජබහුලො. අසන්තුට්ඨිබහුලොති කුසලධම්මෙසු අසන්තුට්ඨො. අනික්ඛිත්තධුරොති අට්ඨපිතධුරො පග්ගහිතවීරියො. උත්තරි ච පතාරෙතීති සම්පති ච උත්තරිඤ්ච වීරියං කරොතෙව. සත්තමං උත්තානමෙව.
සවැන්නෙහි ආලොකබහුලො යනු ඥානය නමැති ආලෝකය බොහෝවූයි, යොගබහුලො යනු යෝගයෙහි (භාවනාවෙහි) බහුලව කටයුතු කරයි, වෙදබහුලො යනු ප්‍රීති ප්‍රමෝද්‍යයෙන් බහුල වූයේයි, අසන්තුට්ඨිබහුලො යනු කුශලධර්මයන්හි සතු වු නොවූයෙයි, අනික්ඛිත්තධුරො යනු නොතැබූ (අත්නොහළ) වගකීම් ඇත්තේ, දැඩිවගත් වීර්යය ඇත්තේයි, උත්තරිඤ්ච පතාරෙති යනු දැන් ද මත්තෙහි ද වීර්යය කරයිමය. සත්වැන්න පැහැදිලිමය.
8-10. දුතියනිරය සුත්තාදිවණ්ණනා
8-10. දුතිය නිරය ආදි සූත්‍ර වර්ණනා
අට්ඨමෙ පගබ්භොති කායපාගබ්භියාදීහි සමන්නාගතො. නවමං උත්තානත්ථමෙව. දසමෙ විඝාතවාති මහිච්ඡතං නිස්සාය උප්පන්නෙන ලොභදුක්ඛෙන දුක්ඛිතො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
අටවැන්නෙහි පගබ්භො යනු කායප්රගල්භාදියෙන් යුක්තවූයේයි, නවවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය, දසවැන්නෙහි විඝාතවා යනු දැඩි ලෝභය නිසා උපන් ලොභ දුකෙන් දුකට පත් වූයේයි, සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
අරහත්තවග්ගො අට්ඨමො.
අටවැනි වර්ගයයි