යෙදුමෙන් කියවන්න

රත‍්තිදිවස සුත‍්තං

6. 2. 3. 10.

6. 2. 3. 10.

[රත‍්තිදිවස සුත‍්තං]

[රත්තිදිවස සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

30. ඡහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො යා රත‍්ති වා දිවසො වා ආගච‍්ඡති, හානියෙව පාටිකඞ‍්ඛා කුසලෙසු ධම‍්මෙසු නො වුද‍්ධි. කතමෙහි ඡහි:

30. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත භික්‍ෂුහට යම් මැ රාත්‍රියක් වේවයි දවසෙක් වේවයි පැමිණේ නම් කුශලධර්‍මයන්හි හානියක් මැ මුත් වෘද්ධියෙක් කැමැති නො විය යුතු ය. කවර සයෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු මහිච‍්ඡො හොති විඝාතවා අසන‍්තුට‍්ඨො ඉතරීතරචීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙන, අස‍්සද‍්ධො හොති, දුස‍්සීලො හොති, කුසීතො හොති, මුට‍්ඨස‍්සති හොති, දුප‍්පඤ‍්ඤො හොති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ ඉතරෙතර (ලදසේ යම්කිසි) චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයෙන් නො සතුටු වූයේ මහේච්ඡ වූයේ (මහේච්ඡාවෙන් උපන් ලෝභයෙන්) දුඃඛිත වෙයි, ශ්‍රද්ධා නැතියේ වෙයි, දුශ්ශීල වෙයි, කුසීත වෙයි, නට සිහි ඇතියේ වෙයි, දුෂ්ප්‍රාඥ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො යා රත‍්තීවා දිවසො වා ආගච‍්ඡති, හානියෙව පාටිකඞ‍්ඛා, කුසලෙසු ධම‍්මෙසු නො වුද‍්ධි.

මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත මහණහට යම් මැ රාත්‍රියක් වේවයි දවසෙක් වේවයි පැමිණේ නම් කුශලධර්‍මයන්හි හානියෙක් මැ කැමැති විය යුතු යි. වෘද්ධියෙක් නො වේ.

ඡහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො යා රත‍්ති වා දිවසො වා ආගච‍්ඡති, වුද‍්ධියෙව පාටිකඞ‍්ඛා කුසලෙසු ධම‍්මෙසු නො පරිහානි. කතමෙහි ඡහි:

මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණහට යම් මැ රාත්‍රියක් වේවයි දවසෙක් වේවයි පැමිණේ නම් කුශලධර්‍මයන්හි වෘද්ධියක් මැ මුත් හානියෙක් නො කැමැති වියයුතු. කවර සයෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු න මහිච‍්ඡො හොති න විඝාත වා සන‍්තුට‍්ඨො ඉතරීතරචීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙන, සද‍්ධො හොති, සීලවා හොති, ආරද‍්ධවිරියො හොති, සතිමා හොති, පඤ‍්ඤවා හොති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ මහේච්ඡ නො වූයේ ඉතරෙතරචීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයෙන් සන්තුෂ්ට වූයේ දුඃඛිත නො වෙයි, සැදැහැතියේ වෙයි, සිල්වත් වෙයි, රුකුළු වැර ඇතියේ වෙයි, ස්මෘති ඇතියේ වෙයි, ප්‍රඥාවත් වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො යා රත‍්තී වා දිවසො වා ආගච‍්ඡති, වුද‍්ධියෙව පාටිකඞ‍්ඛා කුසලෙසු ධම‍්මෙසු නො පරිහානී’ති.

මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත මහණහට යම් මැ රාත්‍රියක් වේවයි, දවසෙක් වේවයි පැමිණේ නම්, කුශලධර්‍මයන්හි හානියෙක් නො වෙයි, වෘද්ධියෙක් මැ වේ.

අරහත‍්තවග‍්ගො තතියො

අරහත්තවර්‍ගය තෙවැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

දුක‍්ඛං අරහත‍්තං උත‍්තරිඤ‍්ච සුඛං අධිගමෙන ච මහන‍්තත‍්තං ද‍්වයනිරයෙ අග‍්ගධම‍්මඤ‍්ච රත‍්තියො’ති.

දුක්ඛ සූත්‍රය, අරහත්ත සූත්‍රය, උත්තරිමනුස්සධම්ම සූත්‍රය, සුඛසෝමනස්ස සූත්‍රය, අධිගම සූත්‍රය, මහන්තත්ත සූත්‍රය, නිරය සූත්‍ර දෙක ය, අග්ගධම්ම සූත්‍රය, රත්තිදිවස සූත්‍රය දැයි දශයෙකි.