යෙදුමෙන් කියවන්න

සීතිභාව සුත‍්තං

6. 2. 4. 1.

6. 2. 4. 1.

[සීතිභාව සුත‍්තං]

[සීතිභාව සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

31. ඡහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අභබ‍්බො අනුත‍්තරං සීතිභාවං සච‍්ඡිකාතුං. කතමෙ ඡහි:

31. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ අනුත්තර ශීතලභාවය (නිවණ හෝ ක්ලේශජාතව්‍යුපශමය) ප්‍රත්‍යක්‍ෂ කරන්නට නො පොහොසත් වෙයි. කවර සයෙකින් යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු යස‍්මිං සමයෙ චිත‍්තං නිග‍්ගහෙතබ‍්බං, තස‍්මිං සමයෙ චිත‍්තං න නිග‍්ගණ‍්හාති. යස‍්මිං සමයෙ චිත‍්තං පග‍්ගහෙතබ‍්බං, තස‍්මිං සමයෙ චිත‍්තං න පග‍්ගණ‍්හාති. යස‍්මිං සමයෙ චිත‍්තං සම‍්පහංසිතබ‍්බං, තස‍්මිං සමයෙ චිත‍්තං න සම‍්පහංසති. යස‍්මිං සමයෙ චිත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිතබ‍්බං, තස‍්මිං සමයෙ චිත‍්තං න අජ‍්ඣුපෙක‍්ඛති. හීනාධිමුත‍්තිකො ච හොති සක‍්කායාධිරතො ච.

මහණෙනි, මෙ සස්නෙහි මහණ, යම් කලෙක්හි සිත නිග්‍රහ කළ (සමාධියෙන් දැමිය) යුතු වේ නම් ඒකාලයෙහි සිත නො නිගන්නේ ය. යම් කලෙක්හි සිත ප්‍රග්‍රහ (වීර්‍ය්‍යයෙන් උත්සාහවත්) කටයුතු වේ නම්, එ සමයෙහි සිත නංවා නො ගන්නේ ය. යම් සමයෙක්හි සිත මොනොවට (සමාධියෙන්) පහන් කටයුතු වේ නම් එ සමයෙහි සිත සම්ප්‍රහර්‍ෂණ නො කරන්නේ ය. යම් සමයෙක්හි සිත අධ්‍යුපේක්‍ෂණ (උපේක්‍ෂාවෙන් මධ්‍යස්ථ) කටයුතු වේ නම් එ සමයෙහි සිත අධ්‍යුපේක්‍ෂණ නො කරන්නේ ය. හීනාධිමුක්ති (ලමු අදහස්) ඇතියේ ද වෙයි. සත්කායදෘෂ්ටියෙහි අභිරත වූයේ ද වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අභබ‍්බො අනුත‍්තරං සීතිභාවං සච‍්ඡිකාතුං.

මහණෙනි, මෙ සකරුණෙන් සමන්‍වාගත මහණ අනුත්තර සීතිභාවය සාක්‍ෂාත් කරන්නට අභව්‍ය වෙයි.

ඡහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු භබ‍්බො අනුත‍්තරං සීතිභාවං සච‍්ඡිකාතුං. කතමෙහි ඡහි:

මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ අනුත්තර සීතිභාවය සාක්‍ෂාත් කරන්නට නිසි වෙයි. කවර සයෙකින් යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු යස‍්මිං සමයෙ චිත‍්තං නිග‍්ගහෙතබ‍්බං, තස‍්මිං සමයෙ චිත‍්තං නිග‍්ගණ‍්හාති. යස‍්මිං සමයෙ චිත‍්තං පග‍්ගහෙතබ‍්බං, තස‍්මිං සමයෙ චිත‍්තං පග‍්ගණ‍්හාති. යස‍්මිං සමයෙ චිත‍්තං සම‍්පහංසිතබ‍්බං, තස‍්මිං සමයෙ චිත‍්තං සම‍්පහංසති. යස‍්මිං සමයෙ චිත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිතබ‍්බං, තස‍්මිං සමයෙ චිත‍්තං අජ‍්ඣුපෙක‍්ඛති. පණීතාධිමුත‍්තිකො ච හොති නිබ‍්බානාධිරතො ච.

මහණෙනි මෙ සස්නෙහි මහණ යම් කලෙක්හි චිත්තය නිග්‍රහ කටයුතු වේ නම්, එසමයෙහි චිත්තය නිග්‍රහ කෙරෙයි. යම් කලෙක්හි චිත්තය ප්‍රගෘහීතව්‍ය වේ නම්, එසමයෙහි චිත්තය ප්‍රග්‍රහ කෙරෙයි. යම් කලෙක්හි චිත්තය සම්ප්‍රහර්‍ෂයට නිසි වේ නම්, එ සමයෙහි චිත්තය සම්ප්‍රහර්‍ෂ කෙරෙයි. යම් කලෙක්හි චිත්තය අධ්‍යුපේක්‍ෂණීය වේ නම් එ සමයෙහි චිත්තය අධ්‍යුපේක්‍ෂා කෙරෙයි, ප්‍රණීතාධිමුක්ති (උතුම් අදහස්) ඇතියේ ද වෙයි. නිර්‍වාණයෙහි අභිරත ද වේ.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු භබ‍්බො අනුත‍්තරං සීතිභාවං සච‍්ඡිකාතුන‍්ති.

මහණෙනි, මෙ සකරුණෙන් සමන්‍වාගත මහණ අනුත්තර සීතිභාවය සාක්‍ෂාත් කරන්නට භව්‍ය වෙයි.