ආවරණ සුත්තං
6. 2. 4. 2.
6. 2. 4. 2.
[ආවරණ සුත්තං]
[ආවරණ සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
32 ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. කතමෙහි ඡහි
32. මහණෙනි, සකරුණෙකින් සමන්වාගත වූයේ සද්ධර්මය අසනුයේ නමුදු කුශලධර්මයන්හි සම්යක්ත්ව සඞ්ඛ්‍යාත නියාමයට (මාර්ගයට) බස්නට අභව්‍ය වෙයි. කවර සකරුණෙන යත්:
කම්මාවරණතාය සමන්නාගතා හොති, කිලෙසාවරණතාය සමන්නාගතො හොති, විපාකාවරණතාය සමන්නාගතො හොති, අස්සද්ධො ච හොති අච්ඡන්දිකො ච දුප්පඤ්ඤො ච.
(පඤ්චානන්තර්ය්යකර්ම සඞ්ඛ්‍යාත) කර්මාවරණතායෙන් සමන්වාගත වෙයි, (නියතමිථ්යාදෘෂ්ටි සඞ්ඛ්‍යාත) ක්ලේශාවරණයෙන් සමන්වාගත වෙයි, (අකුසලවිපාකපටිසන්ධි හෝ කුසලවිපාකහේතුක ප්රතිසන්ධි සඞ්ඛ්‍යාත) විපාකාවරණයෙන් සමන්වාගත වෙයි, ශ්‍රද්ධා නැතියේත් වෙයි, කත්තුකාමතාකුසලච්ඡන්ද නැතියේ ද වෙයි, දුෂ්ප්‍රාඥ ද වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං.
මහණෙනි, මේ සකරුණෙන් සමන්වාගත වූයේ සදහම් අසන්නේ නමුදු කුශලධර්මයන්හි සම්යක්ත්ව සඞ්ඛ්‍යාත මාර්ග නියාමයට බස්නට අභව්‍ය වෙයි.
ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං භබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. කතමෙහි ඡහි:
මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත වූයේ සද්ධර්මය අසන්නේ මැ කුශලධර්මයන්හි සම්යක්ත්ව සඞ්ඛ්‍යාත මාර්ගනියාමයට බස්නට භව්‍ය වෙයි. කවර සයෙකින යත්:
න කම්මාවරණතාය සමන්නාගතො හොති, න කිලෙසාවරණතාය සමන්නාගතො හොති, න විපාකාවරණතාය සමන්නාගතො හොති, සද්ධො ච හොති, ඡන්දිකො ච පඤ්ඤවා ච.
කර්මාවරණතායෙන් සමන්වාගත නො වෙයි, ක්ලේශාවරණතායෙන් සමන්වාගත නො වෙයි, විපාකාවරණතායෙන් සමන්වාගත නො වෙයි, ශ්‍රද්ධා ඇතියේ වෙයි, කත්තුකාමතාකුසලච්ඡන්දයෙන් සමන්වාගත වෙයි, ප්‍රඥා ඇතියේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං භබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං.
මහණෙනි, මෙ සකරුණින් සමන්වාගත වූයේ සද්ධර්මය අසන්නේ මැ කුශලධර්මයන්හි සම්යක්ත්ව සඞ්ඛ්‍යාත මාර්ග නියාමයට බස්නට භව්‍ය වෙයි.