යෙදුමෙන් කියවන්න

වොරොපිත සුත‍්තං

6. 2. 4. 3.

6. 2. 4. 3.

[වොරොපිත සුත‍්තං]

[වෝරෝපිත සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

33. ඡහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො සුණන‍්තොපි සද‍්ධම‍්මං අභබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං. කතමෙහි ඡහි:

33. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත වූයේ සදහම් අසන්නේ නමුදු කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වෙයි. කවර සයෙකින යත්:

මාතා ජීවිතා වොරොපිතා හොති, පිතා ජීවිතා වොරොපිතො හොති අරහං ජීවිතා වොරොපිතො හොති, තථාගතස‍්ස දුට‍්ඨෙන චිත‍්තෙන ලොහිතං උප‍්පාදිතං හොති, සඞ‍්ඝො භින‍්නො හොති, දුප‍්පඤ‍්ඤො හොති ජළො එලමූගො.

මව දිවියෙන් ගැළවූයේ වෙයි, පියා දිවියෙන් ගැළවූයේ වෙයි, රහතුන් දිවියෙන් ගැළවූයේ වෙයි, දුෂ්ටචිත්තයෙන් තථාගතයන්ගේ ශරීරයෙහි ලෙහෙ උපදවනලද වෙයි, සඟහු බිඳුවනලද වෙත්, ජඩ වූයේ කෙලතොලු වූයේ දුෂ්ප්‍රාඥ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො සුණන‍්තොපි සද‍්ධම‍්මං අභබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං.

මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත වූයේ සදහම් අසනුයේ ද කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට නො නිසියේ වේ.

ඡහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො සුණන‍්තොපි සද‍්ධම‍්මං භබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං. කතමෙහි ඡහි:

මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසනුයේ මැ කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය වෙයි. කවර සයෙකින යත්:

න මාතා ජීවිතා වොරොපිතා හොති, න පිතා ජීවිතා වොරොපිතො හොති න අරහං ජීවිතා වොරොපිතො හොති, න තථාගතස‍්ස දුට‍්ඨෙන චිත‍්තෙන ලොහිතං උප‍්පාදිතං හොති, න සඞ‍්ඝො භින‍්නො හොති, පඤ‍්ඤවා හොති අජළො අනෙළමූගො.

මව දිවියෙන් නො ගැළවූයේ වෙයි, පියා දිවියෙන් නො ගැළවූයේ වෙයි, රහතුන් දිවියෙන් නො ගැළවූයේ වෙයි, දුෂ්ටචිත්තයෙන් තථාගතයන්ගේ ලෝහිත නො උපදවනලද වෙයි, සඟහු නො බිඳුවනලද වෙති, ජඩ නො වූයේ කෙලතොලු නො වූයේ ප්‍රඥාවත් වේ.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො සුණන‍්තොපි සද‍්ධම‍්මං භබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තන‍්ති.

මහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත වූයේ සදහම් අසන්නේ මැ කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍වය සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය වේ ය යි.