යෙදුමෙන් කියවන්න

සුස‍්සූසති සුත‍්තං

6. 2. 4. 4.

6. 2. 4. 4.

[සුස‍්සූසති සුත‍්තං]

[සුස්සූසති සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

34. ඡහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො සුණන‍්තොපි සද‍්ධම‍්මං අභබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං. කතමෙහි ඡහි:

34. මහණෙනි, ධර්‍ම සයෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වෙයි. කවර සයෙකින යත්:

තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ දෙසියමානෙ න සුස‍්සූසති, න සොතං ඔදහති, න අඤ‍්ඤා චිත‍්තං උපට‍්ඨපෙති, අනත්‍ථං ගණ‍්හාති, අත්‍ථං රිඤ‍්චති, අනනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො හොති.

තථාගතයන් විසින් ප්‍රවිදිත වූ ධර්‍මය දෙසනුලබත් මැ නො අසනු කැමැතියේ වෙයි, කන් යොමු නො කෙරෙයි, දැනගැණුමට සිත නො එළවයි, අනර්‍ත්‍ථය ගන්නේ ය, අර්‍ත්‍ථය බැහැර ලන්නේ ය, ශාසනයට අනනුලෝම ක්‍ෂාන්තියෙන් (ධර්‍මචිත්තයෙන්) සමන්‍වාගත වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො සුණන‍්තොපි සද‍්ධම‍්මං අභබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං.

මහණෙනි, මෙ සකරුණෙන් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව නැමැති නියාමයට බස්නට නො නිසි වෙයි.

ඡහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො සුණන‍්තොපි සද‍්ධම‍්මං භබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං. කතමෙහි ඡහි:

මහණෙනි, සකරුණෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ මැ කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව නැමැති නියාමයට බස්නට නිසි වෙයි. කවර සයෙකින යත්:

තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ දෙසියමානෙ සුස‍්සූසති, සොතං ඔදහති, අඤ‍්ඤා චිත‍්තං උපට‍්ඨපෙති, අත්‍ථං ගණ‍්හාති, අනත්‍ථං රිඤ‍්චති, අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො හොති.

තථාගතයන් විසින් ප්‍රවිදිත වූ ධර්‍මවිනය දෙසනු ලබත් මැ අසනු කැමැති වෙයි, ඇසීමට කන් යොමු කෙරෙයි, දැනගැණීමට සිත් එළවයි, අර්‍ත්‍ථය ගන්නේ ය, අනර්‍ත්‍ථය හරණේ ය, ශාසනයට අනුලොම් වූ ක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො සුණන‍්තොපි සද‍්ධම‍්මං භබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තන‍්ති.

මහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත වූයේ සදහම් අසන්නේ මැ කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව නැමැති නියාමයට භව්‍ය වේ ය යි.