යෙදුමෙන් කියවන්න

4. සීති වග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

4. සීති වර්ගය

1. සීතිභාව සුත‍්තවණ‍්ණනා

1. සීතිභාව සූත්‍ර වර්ණනාව

නවමස‍්ස පඨමෙ සීතිභාවන‍්ති සීතලභාවං. යස‍්මිං සමයෙ චිත‍්තං නිග‍්ගණ‍්හිතබ‍්බන‍්තිආදීසු උද‍්ධච‍්චසමයෙ චිත‍්තං සමාධිනා නිග‍්ගහෙතබ‍්බං නාම, කොසජ‍්ජානුපතිතකාලෙ වීරියෙන පග‍්ගහෙතබ‍්බං නාම, නිරස‍්සාදගතකාලෙ සමාධිනා සම‍්පහංසිතබ‍්බං නාම, සමප‍්පවත‍්තකාලෙ බොජ‍්ඣඞ‍්ගුපෙක‍්ඛාය අජ‍්ඣුපෙක‍්ඛිතබ‍්බං නාම.

නවවැන්නෙහි පළමු සූත්‍රයෙහි සීතිභාවං යනු සිසිලසයි, යස්මිං සමයෙ චිත්තං නිග්ගණහිතබ්බං යනාදියෙහි සිත නොසන්සුන් කාලයෙහි සිත සමාධියෙන් අවමන් කළයුත්තේ නමි, කුෂීතකම ඇති වූ විට වීර්යයෙන් දැඩිකොට ගතයුත්තේ නමි, ආස්වාදරහිත කාලයෙහි සමාධියෙන් සතුටුකළයුත්තේ නමි, සමව පවත්නා කල බොධ්‍යංග උපේක්ෂාවෙන් මැදහත්විය යුත්තේ නමි.

2. ආවරණ සුත‍්තවණ‍්ණනා

2. ආවරණ සූත්‍ර වර්ණනාව

දුතියෙ කම‍්මාවරණතායාති පඤ‍්චානන‍්තරියකම‍්මෙහි. කිලෙසාවරණතායාති නියතමිච‍්ඡාදිට‍්ඨියා. විපාකාවරණතායාති අකුසලවිපාකපටිසන්‍ධියා වා කුසලවිපාකෙහි අහෙතුකපටිසන්‍ධියා වාති.

දෙවැන්නෙහි කම්මාවරණතාය යන ආනන්තර්‍ය්‍ය කර්‍ම පසෙනි, කිලෙසාවරණතාය යනු නියත මිසදිටුවෙනි, විපාකාවරණතාය යනු අකුශල ප්‍රතිසන්ධියෙන් හෝ කුශල විපාකයන්ගෙන් අහේතුක ප්‍රතිසන්ධියෙන් හෝයි,

4-5. සුස‍්සූසති සුත‍්තාදිවණ‍්ණනා

4-5. සුස්සූසති ආදි සූත්‍ර වර්ණනා

චතුත්‍ථෙ අනත්‍ථන‍්ති අවඩ‍්ඪිං. අත්‍ථං රිඤ‍්චතීති වඩ‍්ඪිඅත්‍ථං ඡඩ‍්ඩෙති. අනනුලොමිකායාති සාසනස‍්ස අනනුලොමිකාය. පඤ‍්චමෙ දිට‍්ඨිසම‍්පදන‍්ති සොතාපත‍්තිමග‍්ගං.

සිවුවැන්නෙහි අනත්‍ථං යනු අවැඩයි, අත්‍ථං රිඤ්චති යනු වැඩීම් අර්‍ත්‍ථය ඉවත්කරයි, අනනුලොමිකාය යනු සසුනට අනුලොම් නොවන දෙයිනි, පස්වැන්නෙහි දිට්ඨිසම්පදං යනු සෝවාන් මගයි,

8-10. අභබ‍්බට‍්ඨාන සුත‍්තාදිවණ‍්ණනා

8-10. අභබ්බට්ඨාන ආදි සූත්‍ර වර්ණනා

අට‍්ඨමෙ අනාගමනීයං වත්‍ථුන‍්ති අනුපගන‍්තබ‍්බං කාරණං, පඤ‍්චන‍්නං වෙරානං ද‍්වාසට‍්ඨියා ච දිට‍්ඨිගතානමෙතං අධිවචනං. අට‍්ඨමං භවන‍්ති කාමාවචරෙ අට‍්ඨමං පටිසන්‍ධිං. නවමෙ කොතූහලමඞ‍්ගලෙනාති දිට‍්ඨසුතමුතමඞ‍්ගලෙන. දසමෙ සයංකතන‍්තිආදීනි අත‍්තදිට‍්ඨිවසෙන වුත‍්තානි. අධිච‍්චසමුප‍්පන‍්නන‍්ති අහෙතුනිබ‍්බත‍්තං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

අටවැන්නෙහි අනාගමනියං වත්‍ථුං යනු අනුගමනය නොකළ යුතු කරුණයි, පස්වැදෑරුම් වෛරයන්ට ද දෙසැටක් දෘෂ්ටිගතයන්ට ද මේ නමෙකි, අට්ඨමං භවන්ති යනු කාමාවචරයෙහි අටවැනි ප්‍රතිසන්ධියයි, නවවැන්නෙහි කොතුහලමඞ්ගලෙන යනු දුටු ඇසු විඳි මඟුල්වලිනි, දසවැන්නෙහි ‘සයං කතං’ යනාදි ආත්මදෘෂ්ටි වශයෙන් කියන ලදි, අධිච්චසමුප්පන්නං යනු අහේතුකව උපන්යනුයි. සෙස්ස සියලු තැන්හි පැහැදිලිමය.

සීතිවග‍්ගො නවමො.

නවවැනි වර්‍ගයයි