5. ආනිසංස වග්ගො අට්ඨකථා
5. ආනිසංස වර්ගය
1-2. පාතුභාව සුත්තාදිවණ්ණනා
1-2. පාතුභාව ආදි සූත්‍ර වර්ණනා
දසමස්ස පඨමෙ අරියායතනෙති මජ්ඣිමදෙසෙ. ඉන්ද්රියානන්ති මනච්ඡට්ඨානං. දුතියෙ සද්ධම්මනියතොති සාසනසද්ධම්මෙ නියතො. අසාධාරණෙනාති පුථුජ්ජනෙහි අසාධාරණෙන.
දසවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි අරියායතනෙ යනු මධ්‍යම දේශයෙහිය, ඉන්ද්රියානං යනු මනස සවැනිකොට ඇති තැනයි, දෙවැන්නෙහි සද්ධම්මනියතො යනු ශාසන සද්ධර්මයෙහි සහතික වූයේයි, අසාධාරණෙන යනු පෘථග්ජනයන්ගෙන් අසාධාරණ වූ දෙයිනි.
7. අනවත්ථිත සුත්තවණ්ණනා
7. අනවත්ථිත සූත්‍ර වර්ණනාව
සත්තමෙ අනොධිං කරිත්වාති “එත්තකාව සඞ්ඛාරා අනිච්චා, න ඉතො පරෙ”ති එවං සීමං මරියාදං අකත්වා. අනවත්ථිතාති අවත්ථිතාය රහිතා, භිජ්ජමානාව හුත්වා උපට්ඨහිස්සන්තීති අත්ථො. සබ්බලොකෙති සකලෙ තෙධාතුකෙ. සාමඤ්ඤෙනාති සමණභාවෙන, අරියමග්ගෙනාති අත්ථො.
සත්වැන්නෙහි අනොධිං කරිත්වා යනු සංස්කාරයෝ මෙපමණක්ම අනිත්‍යය මෙයින් මත්තෙහි නොවේයයි මෙසේ සීමාවක් පිරිසිඳීමක් නොකොටයි, අනවට්ඨිතතො යනු ස්ථානරහිතවූවෝ, බිඳෙනු ලබන්නෝම වී නැඟී සිටින්නාහුයි අරුත්ය, සබ්බලොකෙ යනු සියලු ත්‍රෛධාතුක ලෝකයෙහියි, සාමඤ්ඤෙන යන ශ්රමණභාවයෙනි, ආර්යමාර්ගයෙනැයි අරුත්ය.
8. උක්ඛිත්තාසික සුත්තවණ්ණනා
8. උක්ඛිත්තාසික සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ මෙත්තාවතායාති මෙත්තායුත්තාය පාරිචරියාය. සත්ත හි සෙඛා තථාගතං මෙත්තාවතාය පරිචරන්ති, ඛීණාසවො පරිචිණ්ණසත්ථුකො.
අටවැන්නෙහි මෙත්තාවතාය යනු මෛත්‍රියෙන් යුක්ත වූ සේවාවෙනි, ශෛක්ෂයෝ සත්දෙනා තථාගතයන් වහන්සේට මෛත්‍රී සහගත සේවාව කරති. ක්ෂීණාශ්රවයා සේවා කරනලද ශාස්තෲන් වහන්සේ ඇත්තෙකි.
9. අතම්මය සුත්තවණ්ණනා
9. අතම්මය සූත්‍ර වර්ණනාව
නවමෙ අතම්මයොති තම්මයා වුච්චන්ති තණ්හාදිට්ඨියො, තාහි රහිතො. අහංකාරාති අහංකාරදිට්ඨි. මමංකාරාති මමංකාරතණ්හා. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
නවවැන්නෙහි අතම්මයො යනු තෘෂ්ණා දෘෂ්ටීහු තන්මයායි කියනු ලැබෙති. ඒ තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් වියුක්ත වූයේයි, අහිංකාරා යනු “මම” යන දෘෂ්ටියයි. මමිංකාරා යන මගේයි ගැනීමයි, තෘෂ්ණාවයි සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
ආනිසංසවග්ගො දසමො.
දසවැනි ආනිසංස වර්ගයයි
දුතියපණ්ණාසකං නිට්ඨිතං.