යෙදුමෙන් කියවන්න

5. ආනිසංස වග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

5. ආනිසංස වර්‍ගය

6. 2. 5. 1.

6. 2. 5. 1.

[පාතුභාව සුත‍්තං]

[පාතුභාව සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

42. ඡන‍්නං භික‍්ඛවෙ පාතුභාවො දුල‍්ලභො ලොකස‍්මිං. කතමෙසං ඡන‍්නං:

42. මහණෙනි, සදෙනකුන්ගේ පාළවීම ලොව්හි දුර්‍ලභ වෙයි. කවර සදෙනකුන්ගේ ය යත්:

තථාගතස‍්ස අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පාතුභාවො දුල‍්ලභො ලොකස‍්මිං, තථාගතප‍්පවෙදිතස‍්ස ධම‍්මවිනයස‍්ස දෙසෙතා පුග‍්ගලො දුල‍්ලභො ලොකස‍්මිං, අරියායතනෙ පච‍්චාජාති දුල‍්ලභා ලොකස‍්මිං, ඉන්‍ද්‍රියානං අවෙකල‍්ලතා දුල‍්ලභා ලොකස‍්මිං, අජළතා අනෙලමූගතා දුල‍්ලභා ලොකස‍්මිං, කුසලධම‍්මච‍්ඡන්‍දො දුල‍්ලභො ලොකස‍්මිං.

තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ගේ පහළවීම ලොව්හි දුර්‍ලභ වෙයි, තථාගතප්‍රවිදිත ධර්‍ම විනය දෙසන පුද්ගල ලොව්හි දුර්‍ලභ වෙයි, ආර්‍ය්‍යායතනයෙහි (මධ්‍යමදේශයෙහි) ඉපැත්ම ලොව්හි දුර්‍ලභ වෙයි, ලොව්හි ඉන්‍ද්‍රියයන්ගේ අවිකලභාවය දුර්‍ලභ වෙයි, ලොව්හි අජඩතා හා අනෙලමූගත්‍ව දුර්‍ලභ වෙයි, ලොව්හි කුශලධර්‍මච්ඡන්‍දය දුර්‍ලභ වෙයි.

ඉමෙසං ඛො භික‍්ඛවෙ ඡන‍්නං පාතුභාවො දුල‍්ලභො ලොකස‍්මින‍්ති.

මහණෙනි, මෙ සදෙනාගේ පාළවීම දුර්‍ලභ වෙයි.

6. 2. 5. 2.

6. 2. 5. 2.

[ආනිසංස සුත‍්තං]

[ආනිසංස සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

43. ඡයිමෙ භික‍්ඛවෙ ආනිසංසා සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය. කතමෙ ඡ:

43. මහණෙනි, ස්‍රෝතාපත්තිඵල සාක්‍ෂාත් ක්‍රියායෙහි මෙ අනුසස් සයෙකි. කවර සයෙක යත්:

සද‍්ධම‍්මනියතො හොති, අපරිහානධම‍්මො හොති, පරියන‍්තකතස‍්ස දුක‍්ඛං න හොති, අසාධාරණෙන ඤාණෙන සමන‍්නාගතො හොති, හෙතු චස‍්ස සුදිට‍්ඨො, හෙතුසමුප‍්පන‍්නා ච ධම‍්මා.

ශාසන සද්ධර්‍මයෙහි නියත වෙයි, නො පිරිහෙන සැහැවි ඇතියේ වෙයි, කෙළවර කරණලද කෙලෙස් පිළිබඳ දුක් (නැවත) නො වෙයි, (පුහුදුන් හා) අසාධාරණඥානයෙන් සමන්‍වාගත වෙයි, ඔහු විසින් හේතු ද මොනොවට දක්නාලදුයේ වේ, හේතු සමුත්පන්නධර්‍මයෝ ද මොනොවට දක්නාලදහ.

ඉමෙ ඛො භික‍්ඛවෙ ඡ ආනිසංසා සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියායා’ති.

මහණෙනි, ස්‍රෝතාපත්තිඵල සාක්‍ෂාත් ක්‍රියායෙහි මෙ අනුසස් සය යි.

6. 2. 5. 3.

6. 2. 5. 3.

[අනිච‍්ච සුත‍්තං]

[අනිච්ච සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

44. සො වත භික‍්ඛවෙ භික‍්ඛු කඤ‍්චි සඞ‍්ඛාරං නිච‍්චතො සමනුපස‍්සන‍්තො අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො භවිස‍්සතී’ති නෙතං ඨානං විජ‍්ජති. අනුලොමිකාය ඛන‍්තියා අසමන‍්නාගතො, සම‍්මත‍්තනියාමං ඔක‍්කමිස‍්සතී’ති නෙතං ඨානං විජ‍්ජති. සම‍්මත‍්තනියාමං අනොක‍්කමමානො සොතාපත‍්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත‍්තං වා සච‍්ඡිකරිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

44. මහණෙනි, එ මහණ කිසිදු සංස්කාරයන් නිත්‍යවශයෙන් බලන්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ ය’ යන තෙල කරුණ විද්‍යමාන නො වේ. අනුලෝමික ක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සම්‍යක්ත්‍ව නියාමයට නො බස්නේ සෝවත්පල වේවයි සෙදගැමිපල වේවයි අනගැමිපල වේවයි රහත්පල වේවයි පසක් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.

සො වත භික‍්ඛවෙ භික‍්ඛු සබ‍්බසඞ‍්ඛාරං අනිච‍්චතො සමනුපස‍්සන‍්තො අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො භවිස‍්සතී’ති ඨානමෙතං විජ‍්ජති. අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො සම‍්මත‍්තනියාමං ඔක‍්කමිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති. සම‍්මත‍්තනියාමං ඔක‍්කමමානො සොතාපත‍්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත‍්තං වා සච‍්ඡිකරිස‍්සතීති ඨානමෙතං විජ‍්ජතීති.

මහණෙනි, එ මහණ එකැතින් සර්‍වසංස්කාරයන් අනිත්‍ය විසින් දක්නේ, අනුලෝමික ක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි, අනුලෝමික ක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍ව නියාමයට බස්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝතාපත්තිඵලය හෝ සකදාගාමිඵලය හෝ අනාගාමිඵලය හෝ අර්‍හත්ඵලය හෝ පසක් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ය යි.

6. 2. 5. 4.

6. 2. 5. 4.

[දුක‍්ඛ සුත‍්තං]

[දුක්ඛ සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

45. සො වත භික‍්ඛවෙ භික‍්ඛු කඤ‍්චිසඞ‍්ඛාරං සුඛතො සමනුපස‍්සන‍්තො -පෙ- නෙතං ඨානං විජ‍්ජති.

45. මහණෙනි, ඒ මහණ එකැතින් කිසි සංස්කාරයක් සුබ විසින් දක්නේ … තෙල කරුණ විද්‍යමාන නො වේ.

සො වත භික‍්ඛවෙ භික‍්ඛු සබ‍්බසඞ‍්ඛාරං දුක‍්ඛතො සමනුපස‍්සන‍්තො -පෙ- ඨානමෙතං විජ‍්ජති.

ඒ මහණ එකැතින් සර්‍ව සංස්කාරයන් දුඃඛ විසින් දක්නේ … තෙල කරුණ විද්‍යමාන වේ ය යි.

6. 2. 5. 5.

6. 2. 5. 5.

[අනත‍්ත සුත‍්තං]

[අනත්ත සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

46. සො වත භික‍්ඛවෙ භික‍්ඛු කඤ‍්චිධම‍්මං අත‍්තතො සමනුපස‍්සන‍්තො -පෙ- නෙතං ඨානං විජ‍්ජති.

46. මහණෙනි, ඒ මහණ එකැතින් කිසි ධර්‍මයක් ආත්මවශයෙන් දක්නේ … තෙල කරුණ විද්‍යමාන නො වේ.

සො වත භික‍්ඛවෙ භික‍්ඛු සබ‍්බධම‍්මං අනත‍්තතො සමනුපස‍්සන‍්තො -පෙ- ඨානමෙතං විජ‍්ජති.

ඒ මහණ එකැතින් සර්‍ව ධර්‍මයන් අනාත්ම විසින් දක්නේ … තෙල කරුණ විද්‍යමාන වේ ය යි.

6. 2. 10. 6.

6. 2. 5. 6.

[නිබ‍්බාන සුත‍්තං]

[නිබ්බාන සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

47. සො වත භික‍්ඛවෙ භික‍්ඛු නිබ‍්බානං දුක‍්ඛතො සමනුපස‍්සන‍්තො අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො භවිස‍්සතී’ති නෙතං ඨානං විජ‍්ජති. අනුලොමිකාය ඛන‍්තියා අසමන‍්නාගතො සම‍්මත‍්තනියාමං ඔක‍්කමිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. සම‍්මත‍්තනියාමං අනොක‍්කමමානො සොතාපත‍්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත‍්තං වා සච‍්ඡිකරිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

47. මහණෙනි, එකැතින් ඒ මහණ නිර්‍වාණය දුඃඛ විසින් දක්මින් අනුලොමිකක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. අනුලොමිකක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සම්‍යක්ත්‍වනියාමයට නො බස්මින් සෝතාපත්තිඵලය වේවයි සකදාගාමිඵලය වේවයි අනාගාමි ඵලය වේවයි අර්‍හත්ඵලය වේවයි සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.

සො වත භික‍්ඛවෙ භික‍්ඛු නිබ‍්බානං සුඛතො සමනුපස‍්සන‍්තො අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො භවිස‍්සතී’ති ඨානමෙතං විජ‍්ජති. අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො සම‍්මත‍්තනියාමං ඔක‍්කමිස‍්සතී’ති ඨානමෙතං විජ‍්ජති. සම‍්මත‍්තනියාමං ඔක‍්කමමානො සොතාපත‍්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත‍්තං වා සච‍්ඡිකරිස‍්සතී’ති ඨානමෙතං විජ‍්ජතීති.

මහණෙනි, ඒ මහණ එකැතින් නිර්‍වාණය සුඛ විසින් දක්නේ අනුලොමිකක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. අනුලොමිකක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝතාපත්තිඵලය හෝ සකදාගාමිඵලය හෝ අනාගාමිඵලය හෝ අර්‍හත්ඵලය හෝ සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ය යි.

6. 2. 5. 7.

6. 2. 5. 7.

[අනවත්‍ථිත සුත‍්තං]

[අනවත්‍ථිත සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

48. ඡ භික‍්ඛවෙ ආනිසංසෙ සම‍්පස‍්සමානෙන අලමෙව භික‍්ඛුනා සබ‍්බසඞ‍්ඛාරෙසු අනොධිං කරිත්‍වා අනිච‍්චසඤ‍්ඤං උපට‍්ඨාපෙතුං. කතමෙ ඡ:

48. මහණෙනි, අනුසස් සයක් මොනොවට දක්නා මහණහු විසින් සර්‍වසංස්කාරයන්හි මර්‍ය්‍යාදා (කොටස්) රහිත කොට අනිත්‍යසංඥාව සිත්හි එළවා ගන්නට නිසි වේ මැ යි. කවර සයෙක යත්:

සබ‍්බසඞ‍්ඛාරා ච මෙ අනවට‍්ඨිතතො ඛායිස‍්සන‍්ති, සබ‍්බලොකෙ ච මෙ මනො නාභිරමිස‍්සති, සබ‍්බලොකා ච මෙ මනො වුට‍්ඨහිස‍්සති, නිබ‍්බානපොණං ච මෙ මානසං භවිස‍්සති, සංයොජනා ච මෙ පහාණං ගච‍්ඡන‍්ති, පරමෙන ච සාමඤ‍්ඤෙන සමන‍්නාගතො භවිස‍්සතීති.

හැම සංස්කාරයෝ අනවස්ථිත (ස්ථාන භේද රහිත ව බිඳෙනසුලු) සෙයින් මට වැටහෙත්, (ස්කන්‍ධ සඞ්ඛ්‍යාත) හැම ලොව්හිදු මාගේ සිත නො ඇලෙන්නේ ය, මාගේ සිත සකල ත්‍රෛධාතුක ලෝකයෙන් ද නැඟ සිටුනේ ය, මාගේ චිත්තය නිර්‍වාණයට නැඹුරු වන්නේ ය, මාගේ සංයෝජනයෝ ද ප්‍රහාණයට යන්නාහ, උත්තම ශ්‍රමණභාවයෙන් (ආර්‍ය මාර්‍ගයෙන්) සමන්‍වාගත ද වන්නේ ය.

ඉමෙ ඛො භික‍්ඛවෙ ඡ ආනිසංසෙ සම‍්පස‍්සමානෙන අලමෙව භික‍්ඛුනා සබ‍්බසඞ‍්ඛාරෙසු අනොධිං කරිත්‍වා අනිච‍්චසඤ‍්ඤං උපට‍්ඨාපෙතුන‍්ති.

මහණෙනි, මෙ අනුසස් සය මැනැවින් දක්නා මහණහු විසින් හැම සංස්කාරයන්හි මර්‍ය්‍යාදා රහිත කොට අනිත්‍යසංඥාව එළවන්නට සුදුසු ය යි.

6. 2. 5. 8.

6. 2. 5. 8.

[උක‍්ඛිත‍්තාසික සුත‍්තං]

[උක්ඛිත්තාසික සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

49. ඡ භික‍්ඛවෙ ආනිසංසෙ සම‍්පස‍්සමානෙන අලමෙව භික‍්ඛුනා සබ‍්බසඞ‍්ඛාරෙසු අනොධිං කරිත්‍වා දුක‍්ඛසඤ‍්ඤං උපට‍්ඨාපෙතුං. කතමෙ ඡ:

49. මහණෙනි, අනුසස් සයක් මැනවින් දක්නා මහණහු විසින් සර්‍වසංස්කාරයන්හි මර්‍ය්‍යාදා රහිත කොට දුඃඛසංඥාව එළවන්නට නිසි මැ යි. කවර සයෙක යත්:

සබ‍්බසඞ‍්ඛාරෙසු ච මෙ නිබ‍්බිදසඤ‍්ඤා පච‍්චුපට‍්ඨිතා භවිස‍්සති සෙය්‍යථාපි උක‍්ඛිත‍්තාසිකෙ වධකෙ. සබ‍්බලොකා ච මෙ මනො වුට‍්ඨහිස‍්සති. නිබ‍්බානෙ ච සන‍්තදස‍්සාවී භවිස‍්සාමි. අනුසයා ච මෙ සමුග‍්ඝාතං ගච‍්ඡන‍්ති. කිච‍්චකාරී ච භවිස‍්සාමි. සත්‍ථා ච මෙ පරිචිණ‍්ණො භවිස‍්සති මෙත‍්තාවතායාතී.

ඔසොවාගත් අසිපත් ඇති වධකයා කෙරෙහි මෙන් සර්‍වසංස්කාරයන්හිදු මගේ නිර්වේදසංඥාව එළඹ සිටියේ වෙයි, සකල ත්‍රෛධාතුක ලෝකයෙන් මාගේ සිත ද නැඟ සිටුනේ ය, නිර්‍වාණයෙහි මැ ශාන්තභාවය දක්නෙම් වන්නෙමි, මාගේ අනුශයයෝ ද මුලුසුන් බවට යෙති, සිවුමඟ කරණී කරණ සුලු වන්නෙමි, ශාස්තෘහු ද මා විසින් මෙත්සහගිය පරිචරණයෙන් (වතින්) අරියනලද්දාහු වෙති යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ ඡ ආනිසංසෙ සම‍්පස‍්සමානෙන අලමෙව භික‍්ඛුනා සබ‍්බසඞ‍්ඛාරෙසු අනොධිං කරිත්‍වා දුක‍්ඛසඤ‍්ඤං උපට‍්ඨාපෙතුන‍්ති.

මහණෙනි, මෙ අනුසස් සය දක්නා මහණහු විසින් සර්‍වසංස්කාරයන්හි කොටස් නො බෙදා දුඃඛසංඥාව එළවන්නට වටනේ ය යි.

6. 2. 5. 9.

6. 2. 5. 9.

[අතම‍්මය සුත‍්තං]

[අතම්මය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

50. ඡ භික‍්ඛවෙ ආනිසංසෙ සම‍්පස‍්සමානෙන අලමෙව භික‍්ඛුනා සබ‍්බසඞ‍්ඛාරෙසු අනොධිං කරිත්‍වා අනත‍්තසඤ‍්ඤං උපට‍්ඨාපෙතුං කතමෙ ඡ:

50. මහණෙනි, අනුසස් සයක් දක්නා මහණහු විසින් සර්‍වසංස්කාරයන්හි මර්‍ය්‍යාදා රහිත කොට අනාත්මසංඥාව එළවන්නට වටනේ ය. කවර සයෙකින යත්:

සබ‍්බලොකෙ ච අතම‍්මයො භවිස‍්සාමි. අහඞ‍්කාරා ච මෙ උපරුජ‍්ඣිස‍්සන‍්ති. මමඞ‍්කාරා ච මෙ උපරුජ‍්ඣිස‍්සන‍්ති. අසාධාරණෙන ච ඤාණෙන සමන‍්නාගතො භවිස‍්සාමි. හෙතු ච මෙ සුදිට‍්ඨො භවිස‍්සති, හෙතුසමුප‍්පන‍්නා ච ධම‍්මා.

සව්ලෝහිදු (තණ්හා-දිට්ඨි සඞ්ඛ්‍යාත) තම්මය නැතියෙම් වන්නෙමි. මගේ (මාන සඞ්ඛ්‍යාත) අහඞ්කාරදෘෂ්ටීහු ද උපරෝධයට (ආවරණයට) යන්නාහ. මාගේ මමඞ්කාර සඞ්ඛ්‍යාත තෘෂ්ණාවෝ ද උපරුද්ධ වන්නාහ. අසාධාරණ වූ (පුහුදුන් හා සාධාරණ නො වූ) ඥානයෙනුදු සමන්‍වාගත වන්නෙමි. හේතුව ද මා විසින් මොනොවට දක්නා ලද වෙයි. හේතුයෙන් උපන් ඵලධර්‍මයෝ ද මොනොවට දක්නාලදහු වෙති.

ඉමෙ ඛො භික‍්ඛවෙ ඡ ආනිසංසෙ සම‍්පස‍්සමානෙන අලමෙව භික‍්ඛුනා සබ‍්බසඞ‍්ඛාරෙසු අනොධිං කරිත්‍වා අනත‍්තසඤ‍්ඤං උපට‍්ඨාපෙතුන‍්ති.

මහණෙනි, මෙ අනුසස් සය මැනැවින් දක්නා මහණහු විසින් සර්‍වසංස්කාරයෙහි සීමා නො කොට අනාත්මසංඥාව එළවන්නට නිසි වේ ය යි.

6. 2. 5. 10.

6. 2. 5. 10.

[භව සුත‍්තං]

[භව සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

51. තයො මෙ භික‍්ඛවෙ භවා පහාතබ‍්බා. තීසු සික‍්ඛාසු සික‍්ඛිතබ‍්බං.

51. මහණෙනි, මෙ භවයෝ තිදෙනෙක් ප්‍රහාතව්‍ය වෙත්. ශික්‍ෂාතුණෙක්හි හික්මිය යුතු වෙයි.

කතමෙ තයො භවා පහාතබ‍්බා:

කවර තුන් භවයෝ පැහිය යුතු වෙත් යැ යත්:

කාමභවො, රූපභවො, අරූපභවො, ඉමෙ තයො භවා පහාතබ‍්බා.

කාමභවය, රූපභවය, අරූපභවය යි. මේ තුන් භවයෝ පැහිය යුතු වෙත්.

කතමාසු තීසු සික‍්ඛාසු සික‍්ඛිතබ‍්බං:

කවර ශික්‍ෂාත්‍රයක හික්මිය යුතු ද යත්:

අධිසීලසික‍්ඛාය, අධිචිත‍්තසික‍්ඛාය, අධිපඤ‍්ඤාසික‍්ඛාය, ඉමාසු තීසු සික‍්ඛාසු සික‍්ඛිතබ‍්බං.

අධිශීලශික්‍ෂායෙහි ය, අධිචිත්තශික්‍ෂායෙහි ය, අධිප්‍රඥාශික්‍ෂායෙහි යි. මෙ ශික්‍ෂාත්‍රයහි හික්මිය යුතු යි.

යතො ච ඛො භික‍්ඛවෙ භික‍්ඛුනො ඉමෙ තයො භවා පහීනා හොන‍්ති, ඉමාසු ච තීසු සික‍්ඛාසු සික‍්ඛිතසික‍්ඛො හොති, අයං වුච‍්චති භික‍්ඛවෙ භික‍්ඛු අච‍්ඡෙච‍්ඡි තණ‍්හං, වාවත‍්තයී සංයොජනං, සම‍්මා මානාභිසමයා අන‍්තමකාසි දුක‍්ඛස‍්සාති.

මහණෙනි, යම් කලෙක මහණහුගේ මෙ තුන් භවයෝ ප්‍රහීණ වෙත් නම්, (මහණ) මෙ තුන් ශික්‍ෂායෙහි ශික්‍ෂිතශික්‍ෂ වේ නම්, මහණෙනි, එකල මෙ මහණ තෘෂ්ණා සිඳී ය, සංයෝජන උපුටා හළේ ය, මනාකොට මානප්‍රහාණයෙන් (අර්‍හත්‍වාවබෝධයෙන්) වෘත්තදුඃඛය අන්ත කෙළේ ය යි කියනු ලැබේ.

6. 2. 5. 11.

6. 2. 5. 11.

[තණ‍්හා සුත‍්තං]

[තණ්හා සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

52. තිස‍්සො ඉමා භික‍්ඛවෙ තණ‍්හා පහාතබ‍්බා, තයො ච මානා.

52. මහණෙනි, මෙ තෘෂ්ණාවෝ තිදෙනෙක් ද මානයෝ තිදෙනෙක් ද ප්‍රහාතව්‍ය වෙත්.

කතමා තිස‍්සො තණ‍්හා පහාතබ‍්බා:

කවර තෘෂ්ණාවෝ තිදෙනෙක් ප්‍රහාතව්‍යයෝ වෙති යත්:

කාමතණ‍්හා, භවතණ‍්හා, විභවතණ‍්හා, ඉමා තිස‍්සො තණ‍්හා පහාතබ‍්බා.

කාමතෘෂ්ණා ය, භවතෘෂ්ණා ය, විභවතෘෂ්ණා යි. මෙ තුන්තෘෂ්ණාවෝ පැහිය යුතු වෙත්.

කතමෙ තයො මානා පහාතබ‍්බා:

කවර මානයෝ තිදෙනෙක් ප්‍රහාතව්‍ය වෙති යත්:

මානො, ඔමානො, අතිමානො. ඉමෙ තයො මානා පහාතබ‍්බා.

මාන ය, අවමාන ය, අතිමාන යි. මෙ තුන් මානයෝ ප්‍රහාතව්‍ය වෙත්.

යතො ච ඛො භික‍්ඛවෙ භික‍්ඛුනො ඉමා තිස‍්සො තණ‍්හා පහීනා හොන‍්තී, ඉමෙ ච තයො මානා, අයං වුච‍්චති භික‍්ඛවෙ භික‍්ඛු අච‍්ඡෙච‍්ඡි තණ‍්හං, වාවත‍්තයී සංයොජනං, සම‍්මා මානාභිසමයා අන‍්තමකාසි දුක‍්ඛස‍්සාති.

මහණෙනි, යම් කලෙක භික්‍ෂූහුගේ මෙ තෘෂ්ණාවෝ තුන්දෙන ප්‍රහීණ වෙත් ද, මෙ මානයෝ තුන්දෙන ප්‍රහීණ වෙත් ද, මහණෙනි, එකල මෙ මහණ තෘෂ්ණාව සිඳලී ය, සංයෝජන උපුළේ ය, මනා කොට මානාභිසමයෙන් (අර්‍හත්ත්‍වාවබෝධයෙන්) වෘත්තදුඃඛය කෙළවර කෙළේ ය යි කියනු ලැබේ.

ආනිසංස වග‍්ගො පඤ‍්චමො.

ආනිසංසවර්‍ගය පස්වැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

පාතුභාවො ආනිසංසො අනිච‍්ච දුක‍්ඛ අනත‍්තතො නිබ‍්බානං අනවත්‍ථි උක‍්ඛිත‍්තාසි අතම‍්මයො භවා තණ‍්හායෙකා දසාති. (මඡසං.)

පාතුභාව සූත්‍රය, ආනිසංස සූත්‍රය, අනිච්ච සූත්‍රය, දුක්ඛ සූත්‍රය, අනත්ත සූත්‍රය, නිබ්බාන සූත්‍රය, අනවත්‍ථිත සූත්‍රය, උක්ඛිත්තාසික සූත්‍රය, අතම්මය සූත්‍රය, භව සූත්‍රය, තණ්හා සූත්‍රය දැයි එකොළොසෙකි.

දුතියො පණ‍්ණාසකො සමත‍්තො

දෙවන පණ්ණාසයක නිමි.