යෙදුමෙන් කියවන්න

චතුත්‍ථ අභබ‍්බට‍්ඨාන සුත‍්තං

6. 2. 4. 11.

6. 2. 4. 11.

[චතුත්‍ථ අභබ‍්බට‍්ඨාන සුත‍්තං]

[චතුත්‍ථ අභබ්බට්ඨාන සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

41. ඡයිමානි භික‍්ඛවෙ අභබ‍්බට‍්ඨානානි. කතමානි ඡ:

41. මහණෙනි, මෙ අභව්‍යස්ථාන සයෙකි. කවර සයෙක යත්:

අභබ‍්බො දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො සයංකතං සුඛදුක‍්ඛං පච‍්චාගන‍්තුං. අභබ‍්බො දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො පරංකතං සුඛදුක‍්ඛං පච‍්චාගන‍්තුං. අභබ‍්බො දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො සයංකතඤ‍්ච පරංකතඤ‍්ච සුඛදුක‍්ඛං පච‍්චාගන‍්තුං. අභබ‍්බො දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො අසයංකාරං අධිච‍්චසමුප‍්පන‍්නං සුඛදුක‍්ඛං පච‍්චාගන‍්තුං. අභබ‍්බො දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො අපරංකාරං අධිච‍්චසමුප‍්පන‍්නං සුඛදුක‍්ඛං පච‍්චාගන‍්තුං. අභබ‍්බො දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො අසයංකාරඤ‍්ච අපරංකාරඤ‍්ච අධිච‍්චසමුප‍්පන‍්නං සුඛදුක‍්ඛං පච‍්චාගන‍්තුං. තං කිස‍්ස හෙතු:

දෘෂ්ටිසම්පන්න (සෝවන්) පුද්ගල තෙම ස්වයංකෘත (තමා විසින් කරණ ලදැයි ආත්මවාදීන් කියන) සුඛදුඃඛ (නිත්‍ය ශුභ ආත්ම විසින් පිළිගන්නට අභව්‍ය වෙයි). දෘෂ්ටිසම්පන්න පුද්ගල පරකෘත (පරා විසින් කරණ ලදැයි කියන) සුඛදුඃඛ පිළිගන්නට අභව්‍ය වෙයි. දෘෂ්ටිසම්පන්න පුද්ගල ස්වයංකෘත වූත් පරකෘත වූත් සුඛදුඃඛ පිළිගන්නට අභව්‍ය වෙයි. දෘෂ්ටිසම්පන්න පුද්ගල අසයංකාර වූ අධීත්‍යසමුත්පන්න (හේතු රහිතව උපන්) සුඛදුඃඛ පිළිගන්නට අභව්‍ය වෙයි. දෘෂ්ටිසම්පන්න පුද්ගල අපරංකාර වූ අධීත්‍යසමුත්පන්න සුඛදුඃඛ පිළිගන්නට අභව්‍ය වෙයි. දෘෂ්ටිසම්පන්න පුද්ගල අසයංකාර වූ ද අපරංකාර වූ ද අධීත්‍යසමුත්පන්න සුඛදුඃඛ පිළිගන්නට අභව්‍ය වෙයි.

තථා හිස‍්ස භික‍්ඛවෙ දිට‍්ඨිසම‍්පන‍්නස‍්ස පුග‍්ගලස‍්ස හෙතු ච සුදිට‍්ඨො. හෙතුසමුප‍්පන‍්නා ච ධම‍්මා.

එ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් එ දෘෂ්ටිසම්පන්න පුද්ගලයා විසින් හේතුව ද හේතුසමුත්පන්න ධර්‍මයෝ ද මොනොවට දක්නා ලද්දාහු ද, එහෙයිනි.

ඉමානි ඛො භික‍්ඛවෙ ඡ අභබ‍්බට‍්ඨානානීති.

මහණෙනි, මෙ අභව්‍යස්ථාන සය යි.

සීතිවග‍්ගො චතුත්‍ථො.

සීතිවර්‍ගය සතර වැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

සීතිභාවං ආවරණං වොරොපිතා සුසූසති අප‍්පහාය පහීණ‘භබ‍්බො තිඨානා චතුරොපි චාති.

සීතිභාව සූත්‍රය, ආවරණ සූත්‍රය, වෝරෝපිත සූත්‍රය, සුස්සූසති සූත්‍රය, අප්පහාය සූත්‍රය, පහීණ සූත්‍රය, අභබ්බ සූත්‍රය, පඨම, දුතිය, තතිය, චතුත්‍ථ අභබ්බට්ඨාන සූත්‍රයෝ දැයි සූත්‍ර එකොළොසෙකි.