අප්පහාය සුත්තං
6. 2. 4. 5.
6. 2. 4. 5.
[අප්පහාය සුත්තං]
[අප්පහාය සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
35. ඡ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො දිට්ඨිසම්පදං සච්ඡිකාතුං. කතමෙ ඡ:
35. මහණෙනි, කරුණු සයක් නො දුරලා, දෘෂ්ටිසම්පත් (සෝවන්මග) පසක් කරන්නට නො නිසි වෙයි. කවර සයෙක යත්:
සක්කාය දිට්ඨිං, විචිකිච්ඡං, සීලබ්බතපරාමාසං, අපායගමනීයං රාගං, අපායගමනීයං දොසං, අපායගමනීයං මොහං.
සක්කායදිට්ඨි ය, විචිකිච්ඡා ය, සීලබ්බත පරාමාස ය, අපායගමනීය රාග ය, අපායගමනීය දෝස ය, අපායගමනීය මෝහ යි.
ඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ අප්පහාය අභබ්බො දිට්ඨිසම්පදං සච්ඡිකාතුං.
මහණෙනි, මෙ කරුණු සය නො දුරලා දෘෂ්ටිසම්පත් සාක්ෂාත් කරන්නට නො නිසි වෙයි.
ඡ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො දිට්ඨිසම්පදං සච්ඡිකාතුං. කතමෙ ඡ:
මහණෙනි, ධර්ම සයක් දුරු කොට දිට්ඨිසම්පදා පසක් කරන්නට නිසි වෙයි. කවර සයෙක යත්:
සක්කායදිට්ඨිං, විචිකිච්ඡං, සීලබ්බතපරාමාසං, අපායගාමනියං රාගං, අපායගමනීයං දොසං, අපායගමනීයං මොහං.
සක්කායදිට්ඨි ය, විචිකිච්ඡා ය, සීලබ්බතපරාමාස ය, අපායගමනීය රාග ය, අපායගමනීය දෝස ය, අපායගමනීය මෝහ ය යි.
ඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ පහාය භබ්බො දිට්ඨිසම්පදං සච්ඡිකාතුන්ති.
මහණෙනි, මෙ කරුණු සය දුරු කොට දෘෂ්ටිසම්පත් සාක්ෂාත් කරන්නට නිසි වේ ය යි.
6. 2. 4. 6.
6. 2. 4. 6.
[පහීණ සුත්තං]
[පහීණ සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
36. ඡයිමෙ භික්ඛවෙ ධම්මා දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස පහීණා කතමෙ ඡ:
36. මහණෙනි, දිට්ඨිසම්පන්න (සෝවන්) පුද්ගලයාගේ මෙ දහම් සය ප්‍රහීණ ය. කවර සයෙක යත්:
සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාසො, අපායගමනීයො රාගො, අපායගමනීයො දොසො, අපායගමනීයො මොහො.
සක්කායදිට්ඨි ය, විචිකිච්ඡා ය, සීලබ්බතපරාමාස ය, අපායගමනීය රාග ය, අපායගමනීය දෝස ය, අපායගමනීය මෝහ යි.
ඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මා දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස පහීණාති.
මහණෙනි, මෙ දහම් සය දිට්ඨිසම්පන්න පුඟුල්හට ප්‍රහීණ යි.
6. 2. 4. 7.
6. 2. 4. 7.
[අභබ්බ සුත්තං]
[අභබ්බ සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
37. ඡ භික්ඛවෙ ධම්මෙ අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො උප්පාදෙතුං. කතමෙ ඡ:
37. මහණෙනි, දිටුසපන් පුඟුල් (සෝවන් පුද්ගල) කරුණු සයක් උපදවන්නට අභව්‍ය වෙයි. කවර සයෙක යත්:
සක්කායදිට්ඨිං, විචිකිච්ඡං, සීලබ්බතපරාමාසං, අපායගමනීයං රාගං, අපායගමනීයං දොසං, අපායගමනීයං මොහං.
සක්කාය දිට්ඨි ය, විචිකිච්ඡා ය, සීලබ්බතපරාමාස ය, අපායගමනීය රාග ය, අපායගමනීය දෝස ය, අපායගමනීය මෝහ ය යි.
ඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො උප්පාදෙතුන්ති.
මහණෙනි, දිටුසපන් පුඟුල් මෙ කරුණු සය උපදවන්නට නො පොහොසත් වේ ය යි.
6. 2. 4. 8.
6. 2. 4. 8.
[අභබ්බට්ඨාන සුත්තං]
[අභබ්බට්ඨාන සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
38. ඡයිමානි භික්ඛවෙ අභබ්බට්ඨානානි, කතමානි ඡ:
38. මහණෙනි, මෙ අභව්‍යස්ථාන සයෙකි. කවර සයෙක යත්:
අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො සත්ථරි අගාරවො විහරිතුං අප්පතිස්සො, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො ධම්මෙ අගාරවො විහරිතුං අප්පතිස්සො, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො සඞ්ඝෙ අගාරවො විහරිතුං අප්පතිස්සො, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො සික්ඛාය අගාරවො විහරිතුං අප්පතිස්සො, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො අනාගමනීයං වත්ථුං පච්චාගන්තුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො අට්ඨමං භවං නිබ්බත්තෙතුං.
දෘෂ්ටිසම්පන්න පුද්ගල ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල ධර්මය කෙරෙහි අගෞරව ඇති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල සඟුන් කෙරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල ශික්ෂායෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල අනාගමනීය (පඤ්චවේර-ද්වාසට්ඨිදිට්ඨි යන) කරුණට ප්‍රත්‍යාගමන (ආපසු පැමිණීම) කරන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල (කාමාවචර භූමියෙහි) අෂ්ටම භවයක් උපදවන්නට නො නිසි වෙයි.
ඉමානි ඛො භික්ඛවෙ ඡ අභබ්බට්ඨානානීති.
මහණෙනි, මේ අභව්‍යස්ථාන සය යි.
6. 2. 4. 9.
6. 2. 4. 9.
[දුතිය අභබ්බට්ඨාන සුත්තං]
[දුතිය අභබ්බට්ඨාන සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
39. ඡයිමානි භික්ඛවෙ අභබ්බට්ඨානානි. කතමානි ඡ:
39. මහණෙනි, මෙ අභව්‍යස්ථාන සයෙකි. කවර සයෙක යත්:
අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගන්තුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං සුඛතො උපගන්තුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි ධම්මං අත්තතො උපගන්තුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො ආනන්තරියකම්මං කාතුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො කොතූහලමඞ්ගලෙන සුද්ධිං පච්චාගන්තුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො ඉතො බහිද්ධා දක්ඛිණෙය්යං ගවෙසිතුං.
දෘෂ්ටිසම්පන්න පුද්ගල කිසි සංස්කාරයක් නිත්‍ය විසින් පිළිගන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල කිසි සංස්කාරයක් ශුභ විසින් පිළිගන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල කිසි ධර්මයක් ආත්ම විසින් ගන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල ආනන්තර්ය්යකර්ම කරන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටි සම්පන්න පුද්ගල (දිට්ඨ සුත මුත සඞ්ඛ්‍යාත) කොතුහලමඞ්ගලයෙන් ශුද්ධිය කරා හැරීමට (පිරිසුදුබව පිළිගැණීමට) අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල මෙ සස්නෙන් බැහැර දක්ෂිණාර්හයකු සොයන්නට අභව්‍ය වෙයි.
ඉමානි ඛො භික්ඛවෙ ඡ අභබ්බට්ඨානානීති.
මහණෙනි, මෙ අභව්‍යස්ථාන සය යි.
6. 2. 4. 10.
6. 2. 4. 10.
[තතිය අභබ්බට්ඨාන සුත්තං]
[තතිය අභබ්බට්ඨාන සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
40. ඡයිමානි භික්ඛවෙ අභබ්බට්ඨානානි. කතමානි ඡ:
40. මහණෙනි, මෙ අභව්‍යස්ථාන සයෙකි. කවර සයෙක යත්:
අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො මාතරං ජීවිතා වොරොපෙතුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො පිතරං ජීවිතා වොරොපෙතුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො අරහන්තං ජීවිතා වොරොපෙතුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො තථාගතස්ස දුට්ඨෙන චිත්තෙන ලොහිතං උප්පාදෙතුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො සඞ්ඝං භින්දිතුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො අඤ්ඤං සත්ථාරං උද්දිසිතුං.
දෘෂ්ටිසම්පන්න පුද්ගල මව දිවියෙන් ගළවන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල පියා දිවියෙන් ගළවන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල රහතුන් දිවියෙන් ගළවන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල දුෂ්ටචිත්තයෙන් තථාගතයන්ගේ ශරීරයෙන් ලෙහෙ උපදවන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල සඞ්ඝයා බිඳුවන්නට අභව්‍ය වෙයි.
ඉමානි ඛො භික්ඛවෙ ඡ අභබ්බට්ඨානානීති.
මහණෙනි, මෙ අභව්‍යස්ථාන සය යි.