යෙදුමෙන් කියවන්න

මහන‍්තත‍්ත සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

6. 2. 3. 6.

6. 2. 3. 6.

[මහන‍්තත‍්ත සුත‍්තං]

[මහන්තත්ත සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

26. ඡහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු න චිරස‍්සෙව මහන‍්තත‍්තං වෙපුල‍්ලත‍්තං පාපුණාති ධම‍්මෙසු. කතමෙහි ඡහි:

26. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ නො බෝකලෙකින් ම ධර්‍මයන්හි මහද්භාවයට විපුලභාවයට පැමිණේ. කවර සයෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ආලොකබහුලො ච හොති, යොගබහුලො ච හොති, වෙදබහුලො ච හොති, අසන‍්තුට‍්ඨිබහුලො ච හොති, අනික‍්ඛිත‍්තධුරො ච කුසලෙසු ධම‍්මෙසු, උත‍්තරිඤ‍්ච පතාරෙති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ ඥානාලෝක බහුල කොට ඇතියේ වෙයි, භාවනානුයෝග බහුල කොට ඇතියේ වෙයි, ප්‍රීතිප්‍රාමෝද්‍ය බහුල කොට ඇතියේ වෙයි. කුශලධර්‍මයන්හි අසන්තුෂ්ටි (නො සෑහීම) බහුල කොට ඇතියේ වෙයි, කුශලධර්‍මයන්හි නො බහාතැබූ (අත් නො හළ) වීර්‍ය්‍යය ඇතියේ වෙයි, දැනුදු මතුයෙහිදු වීර්‍ය්‍යය කෙරේ මැ යි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු න චිරස‍්සෙව මහන‍්තත‍්තං වෙපුල‍්ලත‍්තං පාපුණාති ධම‍්මෙසූ’ති.

මහණෙනි, මෙ දහම් සයෙන් සමන්‍වාගත මහණ නො බෝකලෙකින් ම ධර්‍මයන්හි මහත්ත්‍වයට විපුලත්‍වයට පැමිණේ ය යි.

6. 2. 3. 7.

6. 2. 3. 7.

[පඨමනිරය සුත‍්තං]

[පඨම නිරය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

27. ඡහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. කතමෙහි ඡහි:

27. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුවක් යම්සේ නම් එ සෙයින් නිරයෙහි (උපදනේ) වෙයි. කවර සයෙකින යත්:

පාණාතිපාතී හොති, අදින‍්නාදායී හොති, කාමෙසු මිච‍්ඡාචාරී හොති, මුසාවාදී හොති, පාපිච‍්ඡො ච, මිච‍්ඡාදිට‍්ඨී ච.

පණිවා කරණුයේ වෙයි, අයිනාදන් ඇතියේ වෙයි, කාමයෙහි මිසහසර ඇතියේ වෙයි, මුසවා කියන සුලුයේ වෙයි, ලමු ආශා ඇතියේ වෙයි, මිසදිටු ඇතියේ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.

මහණෙනි, මෙ සකරුණෙන් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ නම් එ සෙයින් නිරයෙහි උපදනේ වෙයි.

ඡහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ. කතමෙහි ඡහි:

මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහාතැබූයේ යම්සේ නම් එසෙයින් ස්වර්‍ගයෙහි පිහිටියේ වෙයි. කවර සයෙකින යත්:

පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, අප‍්පිච‍්ඡො ච සම‍්මාදිට‍්ඨි ච.

පණිවායෙන් වැළැකියේ වෙයි, අයිනාදනින් වැළැකියේ වෙයි, කාමයෙහි මිසහසරින් වැළැකියේ වෙයි, මුසවායෙන් වැළැකියේ වෙයි, අල්පෙච්ඡ වෙයි, සම්‍යග්දෘෂ්ටි ඇතියේ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ.

මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ නම් එසෙයින් ස්වර්‍ගයෙහි පිහිටියේ වේ ය යි.

6. 2. 3. 8.

6. 2. 3. 8.

[දුතියනිරය සුත‍්තං]

[දුතිය නිරය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

28. ඡහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. කතමෙහි ඡහි:

28. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබනලද්දේ යම්සේ නම් එසේ නිරයෙහි වෙයි. කවර සයෙකින යත්:

මුසාවාදී හොති, පිසුණවාචො හොති, ඵරුසාවාචො හොති, සම‍්ඵප‍්පලාපී හොති, ලුද‍්ධො ච පගබ‍්භො ච.

මුසවා බණනුයේ වෙයි, පිසුනුබස් ඇතියේ වෙයි, පරොස්බස් ඇතියේ වෙයි, පලප් බණනුයේ වෙයි, ලුබ්ධ (ලෝභී) වෙයි, ප්‍රගල්භ (අවිනීත) ද වේ යි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ’ති.

මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත වූයේ ගෙණෙන ලද්දක් බහාතැබූ සෙයින් නිරයෙහි වේ යයි.

ඡහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ, කතමෙහි ඡහි:

මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ නම්, එසෙයින් ස්වර්‍ගයෙහි පිහිටියේ වෙයි. කවර සයෙකින යත්:

මුසාවාදා පටිවිරතො හොති පිසුණාවාචා පටිවිරතො හොති, ඵරුසාවාචා පටිවිරතො හොති, සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, අලුද‍්ධො ච අප‍්පගබ‍්භො ච.

මුසවායෙන් වැළකියේ වෙයි, පිසුනුබසින් වැළැකියේ වෙයි, පරොස්බසින් වැළැකියේ වෙයි, සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි, අලුබ්ධ වෙයි, ප්‍රගල්භ නො වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ’ති.

මහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුයේ යම්සේ නම් එසෙයින් ස්වර්‍ගයෙහි වේ යයි.

6. 2. 3. 9.

6. 2. 3. 9.

[අග‍්ගධම‍්ම සුත‍්තං]

[අග්ගධම්ම සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

29. ඡහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අභබ‍්බො අග‍්ගං ධම‍්මං අරහත‍්තං සච‍්ඡිකාතුං. කතමෙහි ඡහි:

29. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ අග්‍රධර්‍මය වන අර්‍හත්‍වය පසක් කරන්නට අභව්‍ය වෙයි. කවර සයෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අස‍්සද‍්ධො හොති, අහිරිකො හොති, අනොත‍්තාපී හොති, කුසීතො හොති, දුප‍්පඤ‍්ඤො හොති, කායෙ ච ජීවිතෙ ච සාපෙඛො හොති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැ නැතියේ වෙයි, හිරි නැතියේ වෙයි, ඔතප් නැතියේ වෙයි, කුසීත වෙයි, දුෂ්ප්‍රාඥ (ප්‍රඥා නැතියේ) වෙයි, කයෙහි දු දිවියෙහි දු සාපේක්‍ෂ (ආසා ඇතියේ) වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අභබ‍්බො අග‍්ගං ධම‍්මං අරහත‍්තං සච‍්ඡිකාතුං.

මහණෙනි, මෙ කරුණු සයෙන් යුක්ත මහණ අග්‍රධර්‍ම සඞ්ඛ්‍යාත අර්‍හත්‍වය පසක් කරන්නට අභව්‍ය වෙයි.

ඡහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු භබ‍්බො අග‍්ගං ධම‍්මං අරහත‍්තං සච‍්ඡිකාතුං. කතමෙහි ඡහි:

මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ අග්‍රධර්‍ම සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය සාක්‍ෂාත් කරන්නට භව්‍ය වෙයි. කවර සයෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සද‍්ධො හොති, හිරිමා හොති, ඔත‍්තාපී හොති, ආරද‍්ධවිරියො හොති, පඤ‍්ඤවා හොති, කායෙ ච ජීවිතෙ ච අනපෙඛො හොති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැ ඇතියේ වෙයි, හිරි ඇතියේ වෙයි, ඔතප් ඇතියේ වෙයි, රුකුළු වැර ඇතියේ වෙයි, ප්‍රඥා ඇතියේ වෙයි. කයයෙහිදු දිවියෙහිදු අපේක්‍ෂා නැතියේ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු භබ‍්බො අග‍්ගං ධම‍්මං අරහත‍්තං සච‍්ඡිකාතුන‍්ති.

මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත මහණ අග්‍රධර්‍ම සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය සාක්‍ෂාත් කරන්නට භව්‍ය වේ යයි.