අධිගම සුත්තං
6. 2. 3. 5.
6. 2. 3. 5.
[අධිගම සුත්තං]
[අධිගම සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
25. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිකත්තුං. කතමෙහි ඡහි:
25. මහණෙනි, කරුණු සයෙකින් යුත් මහණ නො ලද අධිකුශල ධර්මය ලබන්නට හෝ ලද කුශලධර්මය වඩන්නට හෝ අභව්‍ය වෙයි. කවර සයෙකින යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු න ආයකුසලො හොති, න අපායකුසලො හොති, න උපායකුසලො හොති, අනධිගතානං කුසලානං ධම්මානං අධිගමාය න ඡන්දං ජනෙති, අධිගතෙ කුසලෙ ධම්මෙ න සාරක්ඛති, සාතච්චකිරියාය න සම්පාදෙති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ආගමන (අයෙහි) කුශල නො වෙයි. අපගමන (වැයෙහි) කුශල නො වෙයි. උපායකුශල නො වෙයි. නො ලත් කුසල්දහමුන්ගේ අධිගමය (ලැබීම) පිණිස කත්තුකාමතාකුසලච්ඡන්දය නො උපදවයි. අධිගත කුශල ධර්මයන් නො රක්නේ වෙයි. සාතත්ය (නිරන්තර) ක්‍රියායෙන් කුසල් දහම් නො සපයන්නේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං අධිගතං වා කුසලං ධම්මං ඵාතිකත්තුං.
මහණෙනි, මෙ ධර්ම සයෙන් සමන්වාගත මහණ නො ලත් කුශලධර්මය ලබන්නට හෝ ලද කුශලධර්මය වඩන්නට හෝ අභව්‍ය වෙයි.
ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිකත්තුං. කතමෙහි ඡහි:
මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ නො ලද කුශලධර්මය ලබන්නට හෝ ලද කුශලධර්මය වඩන්නට හෝ භව්‍ය වෙයි. කවර සයෙකින යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු ආයකුසලො ච හොති, අපායකුසලො ච හොති, උපායකුසලො ච හොති, අනධිගතානං කුසලානං ධම්මානං අධිගමාය ඡන්දං ජනෙති, අධිගතෙ කුසලෙ ධම්මෙ සාරක්ඛති, සාතච්චකිරියාය සම්පාදෙති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ආයකුශල ද වෙයි, අපායකුශල ද වෙයි, උපායකුශල ද වෙයි, අනධිගත කුශලධර්‍මයන්ගේ අධිගමය සඳහා ඡන්දය උපදවයි, අධිගත කුශල ධර්මයන් රක්නේ වෙයි, සතතක්රියායෙන් සපයන්නේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිකත්තුන්ති.
මහණෙනි, මෙ ධර්ම සයෙන් සමන්වාගත මහණ නො ලත් කුසල්දහම් ලබන්නට ද ලත් කුසල්දහම් වඩන්නට ද භව්‍ය වන්නේ ය යි.