සඞ්ගණිකාරාම සුත‍්තං
6. 2. 2. 4.
6. 2. 2. 4.
[සඞ‍්ගණිකාරාම සුත‍්තං]
[සඞ්ගණිකාරාම සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
14. සො වත භික‍්ඛවෙ භික‍්ඛු සඞ‍්ගණිකාරාමො සඞ‍්ගණිකාරතො සඞ‍්ගණිකාරාමතං අනුයුත‍්තො, ගණාරාමො ගණරතො ගණාරාමතං අනුයුත‍්තො එකො පවිවෙකෙ අභිරමිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. එකො පවිවෙකෙ අනභිරමන‍්තො චිත‍්තස‍්ස නිමිත‍්තං ගණහිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. චිත‍්තස‍්ස නිමිත‍්තං අගණ‍්හන‍්තො සම‍්මාදිට‍්ඨිං පරිපූරෙස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. සම‍්මාදිට‍්ඨිං අපරිපූරෙත්‍වා සම‍්මාසමාධිං පරිපූරෙස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. සම‍්මාසමාධිං අපරිපූරෙත්‍වා සඤ‍්ඤොජනානි පජහිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. සඤ‍්ඤොජනානි අප‍්පහාය නිබ‍්බානං සච‍්ඡිකරිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.
14. මහණෙනි, ගණසඞ්ගණිකායේහි ඇලුම් ඇති, ගණසඞ්ගණිකායේහි (ඔවුනොවුන් හා සසඟ ව විසීමෙහි) නියැලි, ගණසඞ්ගණිකාරාමතායෙහි අනුයුක්ත වූ, ගෙණෙහි ඇලෙන සුලු ගෙණෙහි රැඳුනු ගණාරාමතායෙහි නියුක්ත, එ බඳු මහණ ඒකාකී වූයේ ප්‍රවිවේකයෙහි සිත් අලවා වෙසේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. එකලා වූයේ ප්‍රවිවේකයෙහි අභිරමණය නො කරණුයේ (සමාධිවිපස්සනා) චිත්තයාගේ නිමිත්ත ගන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. චිත්තයාගේ නිමිත්ත නො ගන්නේ සම්‍යග්දෘෂ්ටිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සම්‍යග් දෘෂ්ටිය නො පුරා සම්‍යක් (මාර්‍ග) සමාධිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සම්‍යක්සමාධිය නො පුරා සංයෝජනයන් දුරු කරන්නේ යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සංයෝජනයන් නො පහා නිර්‍වාණය සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
සො වත භික‍්ඛවෙ භික‍්ඛු න සඞ‍්ගණිකාරාමො න සඞ‍්ගණිකාරතො න සඞ‍්ගණිකාරාමතං අනුයුත‍්තො, න ගණාරාමො න ගණරතො න ගණාරාමතං අනුයුත‍්තො, එකො පවිවෙකෙ අහිරමිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති. එකො පවිවෙකෙ අභිරමන‍්තො චිත‍්තස‍්ස නිමිත‍්තං ගණ‍්හිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති. චිත‍්තස‍්ස නිමිත‍්තං ගණ‍්හන‍්තො සම‍්මාදිට‍්ඨිං පරිපූරෙස‍්සතීති ඨානමෙතං විජ‍්ජති. සම‍්මාදිට‍්ඨිං පරිපූරෙත්‍වා සම‍්මාසමාධිං පරිපූරෙස‍්සතීති ඨානමෙතං විජ‍්ජති. සම‍්මාසමාධිං පරිපූරෙත්‍වා සඤ‍්ඤොජනානි පජහිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති. සඤ‍්ඤොජනානි පහාය නිබ‍්බානං සච‍්ඡිකරිස‍්සතීති ඨානමෙතං විජ‍්ජතී’ති.
මහණෙනි, ගණසඞ්ගණිකාරාම නො වූ ගණසඞ්ගණිකායේහි නො ඇලුනු සඞ්ගණිකාරාමතායෙහි අනුයුක්ත නො වූ, ගෙණෙහි ඇලුම් නැති ගෙණෙහි නො නියැලි ගණාරාමතායෙහි අනුයුක්ත නො වූ, එබඳු මහණ ඒකාන්තයෙන් එකලා වූයේ ප්‍රවිවේකයෙහි අභිරමණය කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. එකලා වූයේ ප්‍රවිවේකයෙහි අභිරමණය කරණුයේ සමාධිවිපස්සනාචිත්තයාගේ නිමිත්ත ගන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. චිත්තයාගේ නිමිත්ත ගන්නේ සම්‍යග්දෘෂ්ටිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සම්‍යග්දෘෂ්ටිය පුරා සම්‍යක් සමාධිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සම්‍යක්සමාධිය පුරා සංයෝජනයන් දුරුකරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සංයෝජනයන් පහා නිර්‍වාණය සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ය යි.