යෙදුමෙන් කියවන්න

1. සොණ සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. සොණ සුත‍්තවණ‍්ණනා

1. සොණ සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨස‍්ස පඨමෙ සොණොති සුඛුමාලසොණත්‍ථෙරො. සීතවනෙති එවංනාමකෙ සුසානෙ. තස‍්මිං කිර පටිපාටියා පඤ‍්ච චඞ‍්කමනපණ‍්ණසාලාසතානි මාපිතානි, තෙසු ථෙරො අත‍්තනො සප‍්පායචඞ‍්කමනං ගහෙත්‍වා සමණධම‍්මං කරොති. තස‍්ස ආරද‍්ධවීරියස‍්ස හුත්‍වා චඞ‍්කමතො පාදතලානි භිජ‍්ජිංසු, ජාණූහි චඞ‍්කමතො ජාණුකානිපි හත්‍ථතලානිපි භිජ‍්ජිංසු, ඡිද‍්දානි අහෙසුං. එවං ආරද‍්ධවීරියො විහරන‍්තො ඔභාසනිමිත‍්තමත‍්තකම‍්පි දස‍්සෙතුං නාසක‍්ඛි. තස‍්ස වීරියෙන කිලමිතකායස‍්ස කොටියං පාසාණඵලකෙ නිසින‍්නස‍්ස යො විතක‍්කො උදපාදි, තං දස‍්සෙතුං අථ ඛො ආයස‍්මතොතිආදි වුත‍්තං. තත්‍ථ ආරද‍්ධවීරියාති පරිපුණ‍්ණපග‍්ගහිතවීරියා. න අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චතීති සචෙ හි අහං උග‍්ඝටිතඤ‍්ඤූ වා අස‍්සං විපඤ‍්චිතඤ‍්ඤූ වා නෙය්‍යො වා, නූන මෙ චිත‍්තං විමුච‍්චෙය්‍ය. අද‍්ධා පනස‍්මි පදපරමො, යෙන මෙ චිත‍්තං න විමුච‍්චතීති සන‍්නිට‍්ඨානං කත්‍වා සංවිජ‍්ජන‍්ති ඛො පනාතිආදීනි චින‍්තෙසි. තත්‍ථ භොගාති උපයොගත්‍ථෙ පච‍්චත‍්තං.

සවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි සොණො යනු සියුමැලි සොණ තෙරණුවෝයි, සීතවනෙ යනු එසේ නම් ඇති සොහොනෙහියි, එහි පිළිවෙලින් සක්මන් පන්සියයක් මවන ලදි, ඒවා අතුරෙන් තෙරණුවෝ තමන්ට යොග්‍ය සෙනසුනක් ගෙන මහණදම් කරති, අරඹන ලද වීර්ය ඇතිව සක්මන් කරන උන්වහන්සේගේ පාදතල පැළීගියේය, දනවලින් සක්මන් කරන උන්වහන්සේගේ දන ද අත්තල ද පැළිණි, සිදුරුවිණි, මෙසේ අරඹන ලද වීර්ය ඇති උන්වහන්සේ අවභාස නිමිති මාත්‍රයකුදු දැකීමට නොහැකි වූහ. වීර්යයෙන් ක්ලාන්ත වූ ශරීරය ඇතිව සක්මන් කෙළවර හුන්නාවූ උන්වහන්සේට ඒ විතර්‍කය උපන්නේය, එය දැක්වීමට “අථ ඛො ආයස්මතො” යනාදිය කියන ලදි. එහි ආරද්ධවිරියා යනු පිරිපුන් දැඩිව ගන්නාලද වීර්යයයි, න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති යනු ඉදින් මම උග්ඝටිතඤ්ඤූ හෝ වෙම් ද විපචිතඤුඤූ හෝ වෙම් ද නෙය්‍ය හෝ වෙම් ද ඒකාන්තයෙන්ම මගේ සිත මිදෙන්නේය, යම් හෙයකින් මගේ සිත නොමිදෙන්නේද නිසැකයෙන්ම මම පදපරමයෙක් වෙමියි සනිටුහන් කොට “සංවිජ්ජන්තෙ ඛොපනෙ” යනාදිය සිතුවේය. එහි භොගා යනු උපයොගාර්ථයෙහි ස්වකර්‍මකාරක වචනයි,

පාතුරහොසීති ථෙරස‍්ස චිත‍්තාචාරං ඤත්‍වා “අයං සොණො අජ‍්ජ සීතවනෙ පධානභූමියං නිසින‍්නො ඉමං විතක‍්කං විතක‍්කෙති, ගන‍්ත්‍වාස‍්ස විතක‍්කං සහොත්‍ථං ගණ‍්හිත්‍වා වීණොපමං කම‍්මට‍්ඨානං කථෙස‍්සාමී”ති පමුඛෙ පාකටො අහොසි. පඤ‍්ඤත‍්තෙ ආසනෙති පධානිකභික‍්ඛූ අත‍්තනො වසනට‍්ඨානෙ ඔවදිතුං ආගතස‍්ස බුද‍්ධස‍්ස භගවතො නිසීදනත්‍ථං යථාලාභෙන ආසනං පඤ‍්ඤාපෙත්‍වාව පධානං කරොන‍්ති, අඤ‍්ඤං අලභමානා පුරාණපණ‍්ණානිපි සන්‍ථරිත්‍වා උපරි සඞ‍්ඝාටිං පඤ‍්ඤපෙන‍්ති. ථෙරොපි ආසනං පඤ‍්ඤාපෙත්‍වා පධානං අකාසි. තං සන්‍ධාය වුත‍්තං – “පඤ‍්ඤත‍්තෙ ආසනෙ”ති.

පාතුරහොසි යනු තෙරුන්ගේ සිත්හසර දැන මේ සොණ තෙමේ අද සීතවනයෙහි භාවනා භූමියෙහි හුන්නේ මේ විතර්‍කය කළේය, ගොස් ඔහුගේ විර්‍තකය දුරු කොට වීණාව උපමා කොට ඇති කර්‍මස්ථානයක් කියන්නෙමැයි ඉදිරියෙහි පහළවූහ, පඤ්ඤත්තෙ ආසනෙ යනු භාවනාවෙහි යෙදෙන භික්ෂුහු තමන් වසන තැන්හි අවවාද දීමට වැඩියා වූ බුදුරජාණන් වහන්සේට වැඩහිඳීම සඳහා ලැබෙන අයුරින් අසුනක් පනවාම භාවනාව කරති, වෙනෙකක් නොලබන්නාහු පරණ කොළ අතුරා මත්තෙහි සඟළ සිවුර පනවති, තෙරණුවෝ ද අසුනක් පනවාම භාවනා කළහ. ඒ සඳහා “පඤ්ඤත්තෙ ආසනෙ”යි කියන ලදි.

තං කිං මඤ‍්ඤසීති සත්‍ථා “ඉමස‍්ස භික‍්ඛුනො අවසෙසකම‍්මට‍්ඨානෙහි අත්‍ථො නත්‍ථි, අයං ගන්‍ධබ‍්බසිප‍්පෙ ඡෙකො චිණ‍්ණවසී, අත‍්තනො විසයෙ කථියමානං ඛිප‍්පමෙව සල‍්ලක‍්ඛෙස‍්සතී”ති වීණොපමං කථෙතුං “තං කිං මඤ‍්ඤසී”තිආදිමාහ. වීණාය තන‍්තිස‍්සරෙ කුසලතා නාම වීණාය වාදනකුසලතා, සො ච තත්‍ථ කුසලො. මාතාපිතරො හිස‍්ස “අම‍්හාකං පුත‍්තො අඤ‍්ඤං සිප‍්පං සික‍්ඛන‍්තො කායෙන කිලමිස‍්සති, ඉදං පන සයනෙ නිසින‍්නෙනෙව සක‍්කා උග‍්ගණ‍්හිතු”න‍්ති ගන්‍ධබ‍්බසිප‍්පමෙව උග‍්ගණ‍්හාපෙසුං. තස‍්ස –

තං කිං මඤ්ඤසි යනු ශාස්තෲන් වහන්සේ මේ භික්ෂුවට අවශේෂ කර්‍මස්ථානයන්ගෙන් වැඩක් නැත. මෙතෙම ගාන්ධර්‍ව (වාදන) ශිල්පයෙහි දක්‍ෂයෙකි. එය බොහෝකල් තම වසඟයෙහි තැබුවෙකි, තමන්ගේ විෂයෙහි කියනු ලබන දෙය ඉක්මණින්ම සලකාගත්තේ යයි වීණොපමාව කීමට “තං කිං මඤ්ඤසි” යනාදිය කීහ. වීණාවේ තත්ස්වරයෙහි දක්ෂතාව නම් වීණාව වයන දක්ෂතාවයි, හෙතෙමේත් එහි දක්‍ෂයෙකි, ඔහුගේ මාපියෝ අපගේ පුතා වෙනත් ශිල්පයක් උගන්නේ වෙහෙසෙන්නේය මෙය යහනෙහි සුන් කල්හිම උගෙනීමට හැකියයි ගාන්ධර්‍ව ශිල්පයම උගැන්වූවාහුය. ඔහුට :-

“සත‍්ත සරා තයො ගාමා, මුච‍්ඡනා එකවීසති; ඨානා එකූනපඤ‍්ඤාස, ඉච‍්චෙතෙ සරමණ‍්ඩලා”ති. –

“ස්වර සතෙකි, ග්‍රාමතුනෙකි, මුච්ඡනා විසි එකෙකි, ස්ථාන සතළිස් නවයෙකි. මෙසේ මේ ස්වරමණ්ඩලයයි”

ආදිකං ගන්‍ධබ‍්බසිප‍්පං සබ‍්බමෙව පගුණං අහොසි. අච‍්චායතාති අතිආයතා ඛරමුච‍්ඡනා. සරවතීති සරසම‍්පන‍්නා. කම‍්මඤ‍්ඤාති කම‍්මක‍්ඛමා කම‍්මයොග‍්ගා. අතිසිථිලාති මන්‍දමුච‍්ඡනා. සමෙ ගුණෙ පතිට‍්ඨිතාති මජ‍්ඣිමෙ සරෙ ඨපෙත්‍වා මුච‍්ඡිතා.

ආදී වූ ගාන්ධර්‍ව ශිල්පය සියල්ලම ප්‍රගුණ වූයේය. අච්චායතා යනු ඉතා දික් වූ ඛරමුච්ඡනාවයි, සරවතී යනු ස්වරයෙන් යුක්තවූයි, කම්මඤ්ඤා යනු කර්‍මක්ෂම වූ කර්‍මයට යොග්‍යවූයි, අතිසිථිලා යනු මන්දමුච්ඡනාවයි, සමෙ ගුණෙ පතිට්ඨිතා යනු මධ්‍යම ස්වරයෙහි සිට හඬ නඟන ලද්දේයි,

අච‍්චාරද‍්ධන‍්ති අතිගාළ‍්හං. උද‍්ධච‍්චාය සංවත‍්තතීති උද‍්ධතභාවාය සංවත‍්තති. අතිලීනන‍්ති අතිසිථිලං. කොසජ‍්ජායාති කුසීතභාවත්‍ථාය. වීරියසමථං අධිට‍්ඨහාති වීරියසම‍්පයුත‍්තං සමථං අධිට‍්ඨහ, වීරියං සමථෙන යොජෙහීති අත්‍ථො. ඉන්‍ද්‍රියානඤ‍්ච සමතං පටිවිජ‍්ඣාති සද‍්ධාදීනං ඉන්‍ද්‍රියානං සමතං සමභාවං අධිට‍්ඨාහි. තත්‍ථ සද‍්ධං පඤ‍්ඤාය, පඤ‍්ඤඤ‍්ච සද‍්ධාය, වීරියං සමාධිනා, සමාධිඤ‍්ච වීරියෙන යොජයතා ඉන්‍ද්‍රියානං සමතා අධිට‍්ඨිතා නාම හොති. සති පන සබ‍්බත්‍ථිකා, සා සදා බලවතීයෙව වට‍්ටති. තඤ‍්ච පන තෙසං යොජනාවිධානං විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.60-62) පකාසිතමෙව. තත්‍ථ ච නිමිත‍්තං ගණ‍්හාහීති තස‍්මිඤ‍්ච සමභාවෙ සති යෙන ආදාසෙ මුඛබිම‍්බෙනෙව නිමිත‍්තෙන උප‍්පජ‍්ජිතබ‍්බං, තං සමථනිමිත‍්තං විපස‍්සනානිමිත‍්තං මග‍්ගනිමිත‍්තං ඵලනිමිත‍්තඤ‍්ච ගණ‍්හාහි නිබ‍්බත‍්තෙහීති එවමස‍්ස සත්‍ථා අරහත‍්තෙ පක‍්ඛිපිත්‍වා කම‍්මට‍්ඨානං කථෙසි.

අච්චාරද්ධං යනු ඉතා දැඩිවූයි, උද්ධච්චාය සංවත්තති යනු ඇවිස්සුණු බව සඳහා පවතියි, අතිලීනං යනු ඉතා ලිහිල්ය, කොසජ්ජාය යනු කුසීතබව සඳහායි, විරියසමථං අධිට්ඨහ යන වීර්යයෙන් යුක්ත වූ සමථ භාවනාව අධිෂ්ඨාන කරව, වීර්යය සමථය සමග යොදව යන අර්‍ත්‍ථයයි, ඉන්ද්‍රියානඤ්ච සමතං පටිවිජ්ඣ යනු ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන්ගේ සමබව අධිෂ්ඨාන කරව, එහි ශ්‍රද්ධාව ප්‍රඥාව සමග ද ප්‍රඥාව ශ්‍රද්ධාව සමග ද වීර්යය සමාධිය සමග ද සමාධිය වීර්යය සමග ද යොදන ලද්දේ ඉන්ද්‍රියයන්ගේ සමතාව ඉටන ලද්දේ නම් වෙයි, සිහිය වනාහි සියලු අර්‍ත්‍ථ සදන්නේය, ඒ සිහිය හැමකල්හිම බලවත්වම වටියි, එය ද ඒවා යොදන ආකාරය ද විසුද්ධිමග්ගයෙහි ප්‍රකාශ කරන ලද්දේමය, තත්‍ථ ච නිමිත්තං ගණ්හාති යනු එය සමබවෙහි ඇති විට කැඩපතෙහි මුවබිඹුවෙන් මෙන් යම් නිමිත්තකින් උපදවියයුත්තක් වේද ඒ සමථ නිමිත්ත, විදර්‍ශනා නිමිත්ත, මාර්‍ග නිමිත්ත, හා ඵල නිමිත්ත ද ගණුව උපදවව යනුයි, මෙසේ ඔහුට භාග්‍යවතුන් වහන්සේ අරහත්වයෙහි බහා කමටහන වදාළ සේක.

තත්‍ථ ච නිමිත‍්තං අග‍්ගහෙසීති සමථනිමිත‍්තඤ‍්ච විපස‍්සනානිමිත‍්තඤ‍්ච අග‍්ගහෙසි. ඡ ඨානානීති ඡ කාරණානි. අධිමුත‍්තො හොතීති පටිවිජ‍්ඣිත්‍වා පච‍්චක‍්ඛං කත්‍වා ඨිතො හොති. නෙක‍්ඛම‍්මාධිමුත‍්තොතිආදි සබ‍්බං අරහත‍්තවසෙනෙව වුත‍්තං. අරහත‍්තඤ‍්හි සබ‍්බකිලෙසෙහි නික‍්ඛන‍්තත‍්තා නෙක‍්ඛම‍්මං, තෙහෙව පවිවිත‍්තත‍්තා පවිවෙකො, බ්‍යාපජ‍්ඣාභාවතො අබ්‍යාපජ‍්ඣං, තණ‍්හාක‍්ඛයන‍්තෙ උප‍්පන‍්නත‍්තා තණ‍්හාක‍්ඛයො, උපාදානක‍්ඛයන‍්තෙ උප‍්පන‍්නත‍්තා උපාදානක‍්ඛයො, සම‍්මොහාභාවතො අසම‍්මොහොති වුච‍්චති.

තත්‍ථ ච නිමිත්තං අග්ගහෙසි යනු සමථ නිමිත්ත ද විදර්‍ශනා නිමිත්ත ද ගත්තේය, ඡට්ඨානානි යනු කරුණු සයකි, අධිමුත්තො හොති යනු විනිවිද දැන ප්‍රත්‍යක්‍ෂ කොට සිටියේ වෙයි, නෙක්ඛම්මාධිමුත්තො යනාදී සියල්ල අරහත්වය වශයෙන් කියන ලද, රහත්බව වනාහි සියලු කෙලෙසුන්ගෙන් නික්මුණු බැවින් නෙක්ඛම්මං නමි, ඒ කෙලෙසුන්ගෙන්ම වෙන්වූ බැවින් පචිවෙකො නමි, ව්‍යාපාදය නොමැති බැවින් අව්‍යාපජ්ඣං නමි, තෘෂ්ණාක්ෂය කෙළවර උපන් බැවින් තණ්හාක්ඛයො නමි, උපාදානක්ෂය කෙළවර උපන් බැවින් උපාදානක්ඛයො නමි, මුළාවීම් නොමැති බැවින් අසම්මොහො යි කියනු ලැබේ,

කෙවලං සද‍්ධාමත‍්තකන‍්ති පටිවෙධරහිතං කෙවලං පටිවෙධපඤ‍්ඤාය අසම‍්මිස‍්සකං සද‍්ධාමත‍්තකං. පටිචයන‍්ති පුනප‍්පුනං කරණෙන වඩ‍්ඪිං. වීතරාගත‍්තාති මග‍්ගපටිවෙධෙන රාගස‍්ස විගතත‍්තායෙව නෙක‍්ඛම‍්මසඞ‍්ඛාතං අරහත‍්තං පටිවිජ‍්ඣිත්‍වා සච‍්ඡිකත්‍වා ඨිතො හොති, ඵලසමාපත‍්තිවිහාරෙන විහරති, තන‍්නින‍්නමානසොයෙව ච හොතීති අත්‍ථො. සෙසපදෙසුපි එසෙව නයො.

කෙවලං සද්ධාමත්තකං යනු ප්‍රතිවෙධ (වැටහීම්) රහිතවූයි, හුදෙක් ප්‍රතිවෙධ ප්‍රඥාවෙන් සම්මිශ්‍රණය නොවූ ශ්‍රද්ධා මාත්‍රයයි. පතිවයං යනු නැවත නැවත කිරීමෙන් වැඩීමයි, වීතරාගත්තා යනු මාර්‍ග ප්‍රතිවෙධයෙන් රාගය ඉවත්වූ බැවින් නෛෂ්ක්‍රම්‍ය සංඛ්‍යාත අරහත්වය අවබෝධ කොට ප්‍රත්‍යක්‍ෂ කොට සිටියේ වෙයි, ඵලසමවත් වාසයෙන් වෙසෙයි, ඊට යොමුවූ මනස ඇත්තේම වේ යයි අරුත්ය, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි,

ලාභසක‍්කාරසිලොකන‍්ති චතුපච‍්චයලාභඤ‍්ච තෙසඤ‍්ඤෙව සුකතභාවඤ‍්ච වණ‍්ණභණනඤ‍්ච. නිකාමයමානොති ඉච‍්ඡමානො පත්‍ථයමානො. පවිවෙකාධිමුත‍්තොති පවිවෙකෙ අධිමුත‍්තො අරහන‍්ති එවං අරහත‍්තං බ්‍යාකරොතීති අත්‍ථො.

ලාභසක්කාර සිලොකං යනු සිවුපසය ලැබීම ද ඒවා මනාව කරනලද බව ද ගුණ වැනීම ද වේ, නිකාමයමානො යනු කැමති වන්නේ පතන්නේයි, පචිවෙකාධිමුත්තො යනු කෙලෙස් රහිත විවේකයෙන් මම මිදුනෙමැයි මෙසේ රහත් බව ප්‍රකාශ කෙරේයයි අරුත්ය,

සීලබ‍්බතපරාමාසන‍්ති සීලඤ‍්ච වතඤ‍්ච පරාමසිත්‍වා ගහිතං ගහණමත‍්තං. සාරතො පච‍්චාගච‍්ඡන‍්තොති සාරභාවෙන ජානන‍්තො. අබ්‍යාපජ‍්ඣාධිමුත‍්තොති අබ්‍යාපජ‍්ඣං අරහත‍්තං බ්‍යාකරොති. ඉමිනාව නයෙන සබ‍්බට‍්ඨානෙසු අත්‍ථො දට‍්ඨබ‍්බො. අපිචෙත්‍ථ “නෙක‍්ඛම‍්මාධිමුත‍්තොති ඉමස‍්මිංයෙව අරහත‍්තං කථිතං, සෙසෙසු පඤ‍්චසු නිබ‍්බාන”න‍්ති එකෙ වදන‍්ති. අපරෙ “අසම‍්මොහාධිමුත‍්තොති එත්‍ථෙව නිබ‍්බානං කථිතං, සෙසෙසු අරහත‍්ත”න‍්ති වදන‍්ති. අයං පනෙත්‍ථ සාරො – සබ‍්බෙස‍්වෙව තෙසු අරහත‍්තම‍්පි නිබ‍්බානම‍්පි කථිතමෙවාති.

සීලබ්බතපරාමාසං යනු ශීලය ද ව්‍රතය ද පරාමර්‍ශනය කොට ගනු ලැබූ ගැනීමයි, සාරතො පච්චාගච්ඡන්තො යනු හරවත් බවින් දන්නේයි, අව්‍යාපජ්ඣාධිමුත්තො යනු ව්‍යාපාද රහිතබව රහත්බව ප්‍රකාශ කෙරෙයි, මේ ක්‍රමයෙන්ම සියලු වාරයන්හි අර්‍ත්‍ථය දතයුතුය, තවද මෙහි නෙක්ඛම්මාධිමුත්තො යන මෙහිදී ද රහත්බව කියනලදි, ඉතිරි පසෙහි නිවනයැයි ඇතැම්හු කියති, අන්‍යයෝ, අසම්මොහාධිමුත්තො යන මෙහිම නිවන කියන ලදි, සෙස්සෙහි රහත්බවයයි කියත්, මේ වනාහි හරයයි, මේ සියල්ලෙහිම රහත්බවද නිවන ද කියන ලදි.

භුසාති බලවන‍්තො දිබ‍්බරූපසදිසා. නෙවස‍්ස චිත‍්තං පරියාදියන‍්තීති එතස‍්ස ඛීණාසවස‍්ස චිත‍්තං ගහෙත්‍වා ඨාතුං න සක‍්කොන‍්ති. කිලෙසා හි උප‍්පජ‍්ජමානා චිත‍්තං ගණ‍්හන‍්ති නාම. අමිස‍්සීකතන‍්ති කිලෙසා හි ආරම‍්මණෙන සද‍්ධිං චිත‍්තං මිස‍්සං කරොන‍්ති, තෙසං අභාවා අමිස‍්සීකතං. ඨිතන‍්ති පතිට‍්ඨිතං. ආනෙඤ‍්ජප‍්පත‍්තන‍්ති අචලප‍්පත‍්තං. වයඤ‍්චස‍්සානුපස‍්සතීති තස‍්ස චෙස චිත‍්තස‍්ස උප‍්පාදම‍්පි වයම‍්පි පස‍්සති. භුසා වාතවුට‍්ඨීති බලවා වාතක‍්ඛන්‍ධො. නෙව සම‍්පකම‍්පෙය්‍යාති එකභාගෙන චාලෙතුං න සක‍්කුණෙය්‍ය. න සම‍්පකම‍්පෙය්‍යාති ථූණං විය සබ‍්බභාගතො කම‍්පෙතුං න සක‍්කුණෙය්‍ය. න සම‍්පවෙධෙය්‍යාති වෙධෙත්‍වා පවෙධෙත්‍වා පාතෙතුං න සක‍්කුණෙය්‍ය.

භූසා යනු බලවත්වූ දිව්‍යරූප සමානයෝයි, නෙවස්ස චිත්තං පරියාදියන්ති යනු මේ ක්ෂීණාශ්‍රවයාගේ සිත ගෙන සිටීමට නොහැකි වෙත්, උපදිනු ලබන කෙලෙස් සිත ගනියි නමි, අමිස්සිකතං යනු කෙලෙස් අරමුණ සමග සිත මුසු කරයි. ඔවුන්ගේ නොමැතිවීම “අමිස්සීකතං” නමි, ඨිතං යනු පිහිටියේයි, ආනෙජ්ජප්පත්තං යනු නොසැලීමට පත්වූයි, වයඤ්චස්සානුපස්සති යනු මෙතෙම ඒ සිතේ උපත ද වැයවීම ද දකියි, භූසා වාතවුට්ඨි යනු බලවත් වායුසමූහයයි. නෙව සංකම්පෙය්‍ය යනු එක් කොටසකින් සෙලවීමට නොහැකි වන්නේය, න සම්පකම්පෙය්‍ය යනු ගුණය මෙන් සියලු අංශයන්ගෙන් සෙලවීමට නොහැකි වන්නේය, න සම්පවෙධෙය්‍ය යනු විද විද හෙලීමට නොහැකි වන්නේය.

නෙක‍්ඛම‍්මං අධිමුත‍්තස‍්සාති අරහත‍්තං පටිවිජ‍්ඣිත්‍වා ඨිතස‍්ස ඛීණාසවස‍්ස. සෙසපදෙසුපි අරහත‍්තමෙව කථිතං. උපාදානක‍්ඛයස‍්ස චාති උපයොගත්‍ථෙ සාමිවචනං. අසම‍්මොහඤ‍්ච චෙතසොති චිත‍්තස‍්ස ච අසම‍්මොහං අධිමුත‍්තස‍්ස. දිස‍්වා ආයතනුප‍්පාදන‍්ති ආයතනානං උප‍්පාදඤ‍්ච වයඤ‍්ච දිස‍්වා. සම‍්මා චිත‍්තං විමුච‍්චතීති සම‍්මා හෙතුනා නයෙන ඉමාය විපස‍්සනාපටිපත‍්තියා ඵලසමාපත‍්තිවසෙන චිත‍්තං විමුච‍්චති, නිබ‍්බානාරම‍්මණෙ අධිමුච‍්චති. අථ වා ඉමිනා ඛීණාසවස‍්ස පටිපදා කථිතා. තස‍්ස හි ආයතනුප‍්පාදං දිස‍්වා ඉමාය විපස‍්සනාය අධිගතස‍්ස අරියමග‍්ගස‍්සානුභාවෙන සබ‍්බකිලෙසෙහි සම‍්මා චිත‍්තං විමුච‍්චති. එවං තස‍්ස සම‍්මා විමුත‍්තස‍්ස…පෙ… න විජ‍්ජති. තත්‍ථ සන‍්තචිත‍්තස‍්සාති නිබ‍්බුතචිත‍්තස‍්ස. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

නෙක්ඛම්මං අධිමුත්තස්ස යනු රහත්බව මනාව අවබෝධ කොට සිටියහුගේයි. සෙසු පදයන්හි ද රහත්බවම කියන ලදි, උපාදානක්ඛයස්ස ච යනු උපයොගාර්ථයෙහි සම්බන්ධ විභක්ති වචනයි, අසම්මොහඤ්ච චෙතසො යනු සිත නොමුළාව මිදුනහුගේයි, දිස්වා ආයතනුප්පාදං යනු ආයතනයන්ගේ උපත ද විනාශය ද දැකයි, සම්මා චිත්තං විමුච්චති යනු මනාව හේතුවෙන් නයෙන් මේ විදර්‍ශනා ප්‍රතිපත්තියෙන් පල සමවත් වශයෙන් සිත මිදෙයි, නිවන් අරමුණෙහි මනාව මිදෙයි, නැතහොත් මෙයින් ක්ෂීණාශ්‍රවයාගේ ප්‍රතිපදාව කියන ලදි, ඔහුගේ වනාහි ආයතනයන්ගේ උපත හා විනාශය දැක මේ විදර්‍ශනාවෙන් අවබෝධ කළ ආර්‍යමාර්‍ගයේ බලයෙන් සියලු කෙලෙසුන්ගෙන් සිත මනාව මිදෙයි, මෙසේ ඒ මනාව සිත මිදුනහුගේ - පෙ- විද්‍යමාන නොවෙයි. එහි සන්තචිත්තස්ස යනු නිවුනු සිත ඇත්තාගේයි, සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය.

2. ඵග‍්ගුණසුත‍්තවණ‍්ණනා

2. ඵග්ගුණ සූත්‍ර වර්ණනාව

දුතියෙ සමධොසීති උට‍්ඨානාකාරං දස‍්සෙසි. පටික‍්කමන‍්තීති පරිහායන‍්ති. නො අභික‍්කමන‍්තීති න වඩ‍්ඪන‍්ති. සීසවෙඨනං දදෙය්‍යාති සීසං වෙඨෙත්‍වා දණ‍්ඩකෙන සම‍්පරිවත‍්තකං බන්‍ධෙය්‍ය. ඉන්‍ද්‍රියානි විප‍්පසීදිංසූති තස‍්මිං මරණසමයෙ ඡ ඉන්‍ද්‍රියානි විප‍්පසන‍්නානි අහෙසුං. අත්‍ථුපපරික‍්ඛායාති අත්‍ථානත්‍ථං කාරණාකාරණං උපපරික‍්ඛනෙ. අනුත‍්තරෙ උපධිසඞ‍්ඛයෙති නිබ‍්බානෙ. අවිමුත‍්තං හොතීති අරහත‍්තඵලෙන අධිමුත‍්තං හොති.

දෙවැන්නෙහි සම්ඤ්වොපි යනු නැඟී සිටින අයුරු දැක්විය, පටික්කමන්ති යනු පිරිහෙත්, නො අභික්කමන්ති යනු නොවැඩෙත්, දදෙය්‍ය යනු හිස වෙළා ගැටයකින් වටකොට බඳින්නේය, ඉන්ද්‍රියානි විප්පසීදිංසු යනු ඒ මියෙන විට ඉන්ද්‍රිය සය නොපැහැපත් විය. අත්‍ථුප්පරික්ඛාය යනු වැඩ ඇවැඩ කරුණු නොකරුණු විමසීමෙහියි, අනුත්තරෙ උපධිසංඛයෙ යනු නිවනෙහියි, අධිමුත්තං හොති යනු රහත් ඵලයෙන් මිදුනේ වෙයි.

3. ඡළාභිජාති සුත‍්තවණ‍්ණනා

3. ඡළාභිජාති සූත්‍ර වර්ණනාව

තතියෙ ඡළභිජාතියොති ඡ ජාතියො. තත්‍රිදන‍්ති තත්‍රායං. ලුද‍්දාති දාරුණා. භික‍්ඛූ කණ‍්ටකවුත‍්තිකාති සමණා නාමෙතෙ. එකසාටකාති එකෙනෙව පිලොතිකඛණ‍්ඩෙන පුරතො පටිච‍්ඡාදනකා. අකාමකස‍්ස බිලං ඔලග‍්ගෙය්‍යුන‍්ති සත්‍ථෙ ගච‍්ඡමානෙ ගොණම‍්හි මතෙ ගොමංසමූලං උප‍්පාදනත්‍ථාය විභජිත්‍වා ඛාදමානා එකස‍්ස ගොමංසං අනිච‍්ඡන‍්තස‍්සෙව කොට‍්ඨාසං කත්‍වා “අයඤ‍්ච තෙ ඛාදිතබ‍්බො, මූලඤ‍්ච දාතබ‍්බ”න‍්ති තං කොට‍්ඨාසසඞ‍්ඛාතං බිලං ඔලග‍්ගෙය්‍යුං, බලක‍්කාරෙන හත්‍ථෙ ඨපෙය්‍යුන‍්ති අත්‍ථො. අඛෙත‍්තඤ‍්ඤුනාති අභිජාතිපඤ‍්ඤත‍්තියා ඛෙත‍්තං අජානන‍්තෙන. තං සුණාහීති තං මම පඤ‍්ඤත‍්තිං සුණාහි. කණ‍්හාභිජාතිකොති කාළකජාතිකො. කණ‍්හං ධම‍්මං අභිජායතීති කණ‍්හසභාවො හුත්‍වා ජායති නිබ‍්බත‍්තති, කණ‍්හාභිජාතියං වා ජායති. නිබ‍්බානං අභිජායතීති නිබ‍්බානං පාපුණාති, අරියභූමිසඞ‍්ඛාතාය වා නිබ‍්බානජාතියා ජායති.

තෙවැන්නෙහි ජළාභිජාතියො යනු ජාති සයයි, තත්‍රිදං යනු එහි මේයි, ලුද්දා යනු දරුණුවූවෝයි, භික්ඛුකණ්ටකවුතිත්කා යනු මොවුහු ශ්‍රමණයෝ නමි, එකසාටකා යනු එකම රෙදිකඩකින් ඉදිරිපස වසන්නාවූයි, අකාමකස්ස බිලං ඔලග්ගෙය්‍යුං යනු ගැල් සාත්තුව යන විට ගෝනකු මළ කල්හි ගවමස් මිළ ලබා ගැනීම සඳහා කොටස් කොට කන්නාහු එකෙකු ගවමස නොකැමතිව සිටියදීම කොටසක් කොට ඔබ විසින් මෙය ද කෑ යුතුය, මිළ ද දියයුතුයයි ඒ කොටස නම්වූ පංගුව එල්වන්නාහුය, බලහත්කාරයෙන් අතෙහි තබන්නාහුයයි අරුත්ය. අඛෙත්තඤ්ඤුනා යනු අභිජාති පැනවීමෙන් ක්‍ෂෙත්‍රය නොදන්නාහු විසිනි, තං සුණාභි යනු ඒ මගේ පැනවීම අසව යනුයි, කණ්හාභිජාතිකො යනු කළු ස්වභාවය ඇත්තෙකි, කණ්හං ධම්මං අභිජායති යනු කළු ස්වභාවය ඇතිව උපදියි, කළු ජාතියෙහි හෝ උපදියි, නිබ්බානං අභිජායති යනු නිවනට පමුණුවයි, ආර්‍ය්‍යභූමි සංඛ්‍යාත වූ නිවන් ජාතියෙහි උපදියි.