යෙදුමෙන් කියවන්න

ඛෙම සුත‍්තං

6. 1. 5. 7.

6. 1. 5. 7.

[ඛෙම සුත‍්තං]

[ඛේම සූත්‍රය]

49. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථ පිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා ච ඛෙමො ආයස‍්මා ච සුමනො සාවත්‍ථියං විහරන‍්ති අන්‍ධවනස‍්මිං. අථ ඛො ආයස‍්මා ච ඛෙමො ආයස‍්මා ච සුමනො යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ඛෙමො භගවන‍්තං එතදවොච:

49. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි ආයුෂ්මත් ඛේම තෙරණුවෝ ද ආයුෂ්මත් සුමන තෙරණුවෝ ද සැවැත් නුවර අන්‍ධවනයෙහි වසන්නාහ. එකල්හි ආයුෂ්මත් ඛේම තෙරණුවෝ ද ආයුෂ්මත් සුමන තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ඛේම තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:

යො සො භන‍්තෙ භික‍්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසඤ‍්ඤොජනො සම‍්මදඤ‍්ඤාවිමුත‍්තො, තස‍්ස න එවං හොති “අත්‍ථි මෙ සෙය්‍යොති වා අත්‍ථි මෙ සදිසොති වා අත්‍ථි මෙ හීනොති වා”ති.

වහන්ස, අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව වූ, වැසැ නිම වූ බඹසර ඇති, සිවුමඟින් කළ කිස ඇති, බහාතැබූ ත්‍රිවිධ භාර ඇති, පත් රහත් ඵල ඇති, පරික්‍ෂීණ භවසංයෝජන ඇති, සම්‍යග් හේතුයෙන් දැන අර්‍හත්ඵල විමුක්තියෙහි මිදුනු, යම් එ මහණෙක් වේ නම්, ඔහට “මට ශ්‍රෙෂ්ඨයෙක් ඇතැ”යි හෝ ‘මට සදෘශයෙක් ඇතැ’යි හෝ ‘මට හීනයෙක් ඇතැ’යි හෝ මෙබඳු (මාන) යෙක් නො වෙයි.

ඉදමවොචායස‍්මා ඛෙමො සමනුඤ‍්ඤො සත්‍ථා අහොසි. අථ ඛො ආයස‍්මා ඛෙමො සමනුඤ‍්ඤො මෙ සත්‍ථාති උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

ආයුෂ්මත් ඛේම තෙරණුවෝ මෙය කීහ. ශාස්තෲන් වහන්සේ අනුදත්හ. ඉක්බිති ආයුෂ්මත් ඛේම තෙරණුවෝ ශාස්තෲන් මා වදන් අනුදත්හ’යි හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට නික්ම ගියහ.

අථ ඛො ආයස‍්මා සුමනො අචිරපක‍්කන‍්තෙ ආයස‍්මන‍්තෙ ඛෙමෙ භගවන‍්තං එතදවොච:

ඉක්බිති ආයුෂ්මත් ඛේම තෙරුන් නික්මගිය නොබෝ කල් වත් ම ආයුෂ්මත් සුමන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:

“යො සො භන‍්තෙ භික‍්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසඤ‍්ඤොජනො සම‍්මදඤ‍්ඤා විමුත‍්තො, තස‍්ස න එවං හොති. ‘නත්‍ථි මෙ සෙය්‍යොති වා, නත්‍ථි මෙ සදිසොති වා, නත්‍ථි මෙ හීනොති වා”ති.

“වහන්ස, අර්‍හත් ක්‍ෂීණාස්‍රව වූ වැස නිමකළ බඹසර ඇති, කළ සිවුමග කරණී ඇති, බහාතැබූ ත්‍රිවිධභාර ඇති, පිළිවෙළින් පත් රහත්බව ඇති, පරීක්‍ෂීණභවසංයෝජන ඇති, මොනවට දැන විමුක්ත වූ යම් ඒ මහණෙක් වේ නම්, ‘මට ශ්‍රෙෂ්ඨයෙක් නැතැ’යි හෝ ‘මට සාදෘශයෙක් නැතැ’යි හෝ ‘මට හීනයෙක් නැතැ’යි හෝ යන මෙබඳු මානයෙක් ඔහට නැතැ”යි.

ඉදමවොචායස‍්මා සුමනො සමනුඤ‍්ඤො සත්‍ථා අහොසි. අථ ඛො ආයස‍්මා සුමනො සමනුඤ‍්ඤො මෙ සත්‍ථාති උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

ආයුෂ්මත් සුමන තෙරණුවෝ මෙය සැළකළහ. ශාස්තෲන් වහන්සේ අනුදත්හ. ඉක්බිති ආයුෂ්මත් සුමන තෙරණුවෝ ‘මා වදන් ශාස්තෲහු අනුදත්හ’යි හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට නික්ම ගියහ.

අථ ඛො භගවා අචිරපක‍්කන‍්තෙ ආයස‍්මන‍්තෙ ච ඛෙමෙ ආයස‍්මන‍්තෙ ච සුමනෙ භික‍්ඛූ ආමන‍්තෙසි: එවං ඛො භික‍්ඛවෙ කුලපුත‍්තා අඤ‍්ඤං ව්‍යාකරොන‍්ති, අත්‍ථො ච වුත‍්තො, අත‍්තා ච අනුපනීතො. අථ ච පන ඉධෙකච‍්චෙ මොඝපුරිසා හසමානකා මඤ‍්ඤෙ අඤ‍්ඤං ව්‍යාකරොන‍්ති. තෙ පච‍්ඡා විඝාතං ආපජ‍්ජන‍්තීති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඛේම තෙරුන් ද ආයුෂ්මත් සුමන තෙරුන් ද නික්මගිය නොබෝ කල් ඇතිවත් ම, භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මෙසෙයින් ම කුලපුත්‍රයෝ අර්‍හත්‍වය පාළ කෙරෙති. අර්‍ත්‍ථය ද කියන ලද. තෙමේ ද අනුපනීත වෙයි. වැලිත් මෙ සස්නෙහි ඇතැම් තුච්ඡපුරුෂයෝ සිනාසෙන්නවුන් සෙයින් අර්‍හත්ත්‍වය පාළ කෙරෙත්. උහු පසු දුකට පත් වන්නාහ යි.

49. න උස‍්සෙසු න ඔමෙසු සමත‍්තෙ නොපනීයරෙ ඛීණා සඤ‍්ජාති වුසිතං බ්‍රහ‍්මචරියං චරන‍්ති සඤ‍්ඤොජනවිප‍්පමුත‍්තාති.

49. ශ්‍රේෂ්ඨ පුද්ගලයන් කෙරෙහි දු හීන පුද්ගලයන් කෙරෙහි දු සම පුද්ගලයන් කෙරෙහි දු මානයෙන් නො එළඹෙත්. ජාතිය ක්‍ෂීණ ය. මඟබඹසර වැස නිමවනලද. ඒ රහත්හු සංයෝජනයන්ගෙන් විමුක්ත ව හැසිරෙත්.