යෙදුමෙන් කියවන්න

දුතියසන්‍දිට‍්ඨික සුත‍්තං

6. 1. 5. 6.

6. 1. 5. 6.

[දුතියසන්‍දිට‍්ඨික සුත‍්තං]

[දුතියසන්‍දිට්ඨික සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

48. අථ ඛො අඤ‍්ඤතරො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච:

48. එකල්හි අන්‍යතර බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකෙළේ:

‘සන්‍දිට‍්ඨිකො ධම‍්මො සන්‍දිට‍්ඨිකො ධම‍්මො’ති භො ගොතම වුච‍්චති. කිත‍්තාවතා නු ඛො භො ගොතම සන්‍දිට‍්ඨිකො ධම‍්මො හොති, අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහීති?

‘භවත් ගෞතමයන් වහන්ස, ‘ධර්‍මය සන්‍දිට්ඨික ය, ධර්‍මය සන්‍දිට්ඨික ය’යි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කවර කරුණෙකින් ධර්‍මය සාන්දෘෂ්ටික හා අකාලික හා ඒහිපස්සික හා ඕපනයික හා විඥයන් විසින් ප්‍රත්‍යාත්මයෙහි ලා දතයුතුත් වේ දැ?’යි.

තෙන හි බ්‍රාහ‍්මණ තඤ‍්ඤෙවෙත්‍ථ පටිපුච‍්ඡිස‍්සාමි. යථා තෙ ඛමෙය්‍ය තථා නං ව්‍යාකරොසි. තං කිං මඤ‍්ඤසි බ්‍රාහ‍්මණ, සන‍්තං වා අජ‍්ඣත‍්තං රාගං ‘අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං රාගොති’ පජානාසි, අසන‍්තං වා අජ‍්ඣත‍්තං රාගං ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං රාගොති’ පජානාසීති.

බ්‍රාහ්මණය, එකරුණෙන් ම මෙහි ලා තා මැ පුළුවුස්නෙමි. තට යම් පරිදි රුස්නේ නම් එ පරිදි පාළ කරව’යි. බ්‍රාහ්මණය, එ කිමැ’යි හඟිහි ද? අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ රාගය “මාගේ අධ්‍යාත්මයෙහි රාගය ඇතැ”යි දන්හි ද? අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ රාගය “මාගේ අධ්‍යාත්මයෙහි රාගය නැතැ”යි දන්නෙහි දැ?යි.

එවං භො.

භවත්නි, එසේ ය.

යං ඛො ත්‍වං බ්‍රාහ‍්මණ සන‍්තං වා අජ‍්ඣත‍්තං රාගං ‘අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං රාගොති’ පජානාසි, අසන‍්තං වා අජ‍්ඣත‍්තං රාගං ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං රාගොති’ පජානාසි.

බ්‍රාහ්මණය, යම් හෙයෙකින් තෝ අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ රාගය “මාගේ අධ්‍යාත්මයෙහි රාගය ඇතැ”යි දන්හි නම්, අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ රාගය ‘මාගේ අධ්‍යාත්මයෙහි රාගය නැතැ’යි දන්හි නම්,

එවං පි ඛො බ්‍රාහ‍්මණ සන්‍දිට‍්ඨිකො ධම‍්මො හොති -පෙ-

බ්‍රාහ්මණය, මෙසෙයින් ධර්‍මය සන්‍දිට්ඨික වෙයි ...

තං කිං මඤ‍්ඤසි බ්‍රාහ‍්මණ සන‍්තං වා අජ‍්ඣත‍්තං දොසං -පෙ- සන‍්තං වා අජ‍්ඣත‍්තං මොහං -පෙ- සන‍්තං වා අජ‍්ඣත‍්තං කායසන්‍දොසං -පෙ- සන‍්තං වා අජ‍්ඣත‍්තං වචීසන්‍දොසං -පෙ- සන‍්තං වා අජ‍්ඣත‍්තං මනොසන්‍දොසං ‘අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං මනොසන්‍දොසොති’ පජානාසි, අසන‍්තං වා අජ‍්ඣත‍්තං මනොසන්‍දොසං ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං මනොසන්‍දොසොති’ පජානාසීති.

බ්‍රාහ්මණය, එ කිමැයි හඟිහි ද? අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ද්වේෂය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ මෝහය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ කායසන්‍දෝසය (කායද්වාරය කිලිටි වන කරුණ) ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ වචීසන්‍දොසය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ මනෝසන්‍දෝසය ‘මාගේ අධ්‍යාත්මයෙහි මනෝසන්‍දෝසය ඇතැ’යි දන්හි ද? අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ මනෝසන්‍දෝසය ‘මාගේ අධ්‍යාත්මයෙහි මනෝසන්‍දෝසය නැතැ’යි දන්හි දැ?යි.

එවං භො.

භවත්නි, එසේ ය.

යං ඛො ත්‍වං බ්‍රාහ‍්මණ සන‍්තං වා අජ‍්ඣත‍්තං මනොසංදොසං ‘අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං මනොසන්‍දොසොති’ පජානාසි, අසන‍්තං වා අජ‍්ඣත‍්තං මනොසන්‍දොසං ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං මනොසන්‍දොසොති’ පජානාසි.

බ්‍රාහ්මණය, යම් හෙයෙකින් තෝ අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ (-පෙ-) මනෝසන්‍දෝසය ‘මාගේ අධ්‍යාත්මයෙහි මනෝසන්‍දෝසය ඇතැ’යි දන්හි නම්, අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ මනෝසන්‍දෝසය ‘මාගේ අධ්‍යාත්මයෙහි මනෝසන්‍දෝසය නැතැ’යි දන්හි නම්,

එවං ඛො බ්‍රාහ‍්මණ සන්‍දිට‍්ඨිකො ධම‍්මො හොති අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහීති.

බ්‍රාහ්මණය, මෙලෙසින් ධර්‍මය සන්‍දිට්ඨික හා අකාලික හා ඒහිපස්සික හා ඕපනයික හා විඥයන් විසින් ප්‍රත්‍යාත්මයෙහි ලා දතයුතු වේ ය යි.

අභික‍්කන‍්තං භො ගොතම, අභික‍්කන‍්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති

භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් කොට දිවිහිමියෙන් සරණගිය උපාසකයකු කොට ධරණ සේක්ව යි.