යෙදුමෙන් කියවන්න

පඨමසන්‍දිට‍්ඨික සුත‍්තං

6. 1. 5. 5.

6. 1. 5. 5.

[පඨමසන්‍දිට‍්ඨික සුත‍්තං]

[පඨමසන්‍දිට්ඨික සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

47. අථ ඛො මොලියසීවකො පරිබ‍්බාජකො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං විතීසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො මොලියසීවකො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච:

47. එකල්හි මොලියසීවක පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් මොලියසීවක පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකෙළේ ය:

‘සන්‍දිට‍්ඨිකො ධම‍්මො, සන්‍දිට‍්ඨිකො ධම‍්මො’ති භන‍්තෙ වුච‍්චති. කිත‍්තාවතා නු ඛො භන‍්තෙ සන්‍දිට‍්ඨිකො ධම‍්මො හොති, අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤුහිතී?

“වහන්ස, ධර්‍මය සාන්දෘෂ්ටික ය, ධර්‍මය සාන්දෘෂ්ටික ය”යි කියනු ලැබේ. වහන්ස, කවර කරුණෙකින් ධර්‍මය සාන්දෘෂ්ටිකත් අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් විඥයන් විසින් තමන් කෙරෙහි ලා දතයුතුත් වේ දැ?යි.

තෙන හි සීවක තඤ‍්ඤෙවෙත්‍ථ පටිපුච‍්ඡිස‍්සාමි. යථා තෙ ඛමෙය්‍ය තථා නං ව්‍යාකරෙය්‍යාසි. තං කිං මඤ‍්ඤසි සීවක සන‍්තං වා අජ‍්ඣත‍්තං ලොභං “අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං ලොභොති” පජානාසි, අසන‍්තං වා අජ‍්ඣත‍්තං ලොභං “නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං ලොභොති” පජානාසීති.

සීවකය, මෙ කරුණෙන්ම මෙහි ලා තා මැ පුළුවුස්නෙමි. යම් පරිදි තට රුස්නේ නම්, එපරිදි එය ප්‍රකාශ කරව’යි. සීවකය, එ කිමැයි හඟිහි? අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ ම ලෝභය “මාගේ අධ්‍යාත්මයෙහි ලෝභය ඇතැ”යි දන්හි ද? අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ ම ලෝභය “මාගේ අධ්‍යාත්මයෙහි ලෝභය නැතැ”යි දන්හි දැ’?යි.

එවං භන‍්තෙ.

වහන්ස, එසේ ය.

යං ඛො ත්‍වං සීවක සන‍්තං වා අජ‍්ඣත‍්තං ලොභං “අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං ලොභොති” පජානාසි. අසන‍්තං වා අජ‍්ඣත‍්තං ලොභං “නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං ලොභොති”පජානාසි.

සීවකය, යම් හෙයෙකින් තෝ අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ලෝභය “මාගේ අධ්‍යාත්මයෙහි ලෝභය ඇතැ”යි දන්හි නම්, අවිද්‍යමාන වූ ම ලෝභය මාගේ අධ්‍යාත්මයෙහි ලෝභය නැතැයි දන්හි නම්,

එවං ඛො සීවක සන්‍දිට‍්ඨිකො ධම‍්මො හොති -පෙ-

සීවකය, මෙසේ ධර්‍මය සාන්දෘෂ්ටික (තමන් විසින් දතයුතු) වේ ...

තං කිං මඤ‍්ඤසි සීවක සන‍්තං වා අජ‍්ඣත‍්තං දොසං -පෙ- සන‍්තං වා අජ‍්ඣත‍්තං මොහං -පෙ- සන‍්තං වා අජ‍්ඣත‍්තං ලොභධම‍්මං -පෙ- සන‍්තං වා අජ‍්ඣත‍්තං දොසධම‍්මං -පෙ- සන‍්තං වා අජ‍්ඣත‍්තං මොහධම‍්මං, “අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං මොහධම‍්මොති” පජානාසි, අසන‍්තං වා අජ‍්ඣත‍්තං මොහධම‍්මං, “නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං මොහ ධම‍්මොති” පජානාසීති.

සීවකය, එ කිමැයි හඟිහි ද? අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ද්වේෂය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ මෝහය ..... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ලෝභධර්‍මය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ ම ද්වේෂධර්‍මය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ ම මෝහධර්‍මය “මාගේ අධ්‍යාත්මයෙහි මෝහධර්‍මය ඇතැ”යි දන්හි ද, අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ මෝහධර්‍මය මාගේ අධ්‍යාත්මයෙහි මෝහධර්‍මය නැතැ”යි දන්හි දැ’යි.

එවං භන‍්තෙ.

වහන්ස, එසේ ය.

යං ඛො ත්‍වං සීවක සන‍්තං වා අජ‍්ඣත‍්තං මොහධම‍්මං “අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං මොහධම‍්මොති පජානාසි, අසන‍්තං වා අජ‍්ඣත‍්තං මොහධම‍්මං “නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං මොහධම‍්මොති” පජානාසි.

සීවකය, යම් හෙයෙකින්, අධ්‍යාත්මයෙහි විද්‍යාමාන වූ හෝ මෝහධර්‍මය මාගේ අධ්‍යාත්මයෙහි මෝහධර්‍මය ඇතැයි දන්හි නම්, අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ මෝහධර්‍මය මාගේ අධ්‍යාත්මයෙහි මෝහධර්‍මය නැතැ”යි දන්හි නම්,

එවං ඛො සීවක සන්‍දිට‍්ඨිකො ධම‍්මො හොති අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහීති.

සීවකය, මෙසේ ම ධර්‍මය සන්‍දිට්ඨික හා අකාලික හා ඒහිපස්සික හා ඕපනයික හා විඥයන් විසින් තමන් කෙරෙහි ලා දතයුතුද වන්නේ ය යි.

අභික‍්කන‍්තං -පෙ- උපාසකං මං භන‍්තෙ භගවා ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

ඉතා මැනැවැ ... භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් කොට දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරණසේක්වා යි.