මහාචුන්‍ද සුත‍්තං
6. 1. 5. 4.
6. 1. 5. 4.
[මහාචුන්‍ද සුත‍්තං]
[මහාචුන්‍ද සූත්‍රය]
46. එවං මෙ සුතං එකං සමයං ආයස‍්මා මහාචුන්‍දො චෙතීසු විහරති සහජාතියං. තත්‍ර ඛො ආයස‍්මා මහාචුන්‍දො භික‍්ඛූ ආමන‍්තෙසි: ‘ආවුසො භික‍්ඛවො’ති “ආවුසො”ති ඛො තෙ භික‍්ඛු ආයස‍්මතො මහාචුන්‍දස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා මහාචුන්‍දො එතදවොච:
46. මා විසින් මෙසේ අසන ලද. එක් සමයෙක්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ චේතිරට සහජාති නම් නියම්ගම්හි වෙසෙත්. එකල්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි එ භික්‍ෂුහු ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවන්හට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ තෙල දෙසූහ:
(1) ඉධාවුසො ධම‍්මයොගා භික‍්ඛූ ඣායීභික‍්ඛූ අපසාදෙන‍්ති: ඉමෙ පන “ඣායිනොම‍්හා ඣායිනොම‍්භා’ති ඣායන‍්ති, පජ‍්ඣායන‍්ති, කිං හිමෙ ඣායන‍්ති, කින‍්තිමෙ ඣායන‍්ති, කථං හිමෙ ඣායන‍්තී”ති. තත්‍ථ ධම‍්මයොගා ච භික‍්ඛූ නප‍්පසීදන‍්ති, ඣායී ච භික‍්ඛූ නප‍්පසීදන‍්ති, න ච බහුජනහිතාය පටිපන‍්නා හොන‍්ති බහුජනසුඛාය බහුනො ජනස‍්ස අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.
(1) ඇවැත්නි, මෙ සස්නෙහි ධර්‍මකථික භික්‍ෂුහු භාවනානුයෝගී භික්‍ෂූන් ඝටා බෙණෙත්. “මොහු ‘(අපි) දැහැන් වඩන්නමෝ’යි දැහැන් වඩන්නමෝ’යි සිතත්. ප්‍රකර්‍ෂයෙන් සිතත්. මොහු කුමක් නම් ධ්‍යාන කෙරෙත් ද, මොහු කුමක් පිණිස නම් ධ්‍යාන කෙරෙත් ද, මොහු කිනම් කරුණෙකින් ධ්‍යාන කෙරෙත් දැ”යි. එකරුණෙහි ලා ධර්‍මකථික භික්‍ෂුහු ද නො පහදනාහ. ධ්‍යාන කරන භික්‍ෂූහු ද නො පහදනාහ. ඔහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස දෙව් මිනිස්නට සුව පිණිස නො පිළිපන්හු ද වෙත්.
(2) ඉධ පනාවුසො ඣායී භික‍්ඛූ ධම‍්මයොගෙ භික‍්ඛු අපසාදෙන‍්ති: ඉමෙ පන “ධම‍්මයොගම‍්හා ධම‍්මයොගම‍්හා”ති උද‍්ධතා උන‍්නලා චපලා මුඛරා විකිණ‍්ණවාචා මුට‍්ඨස‍්සතී අසම‍්පජානා අසමාහිතා විබ‍්භන‍්තචිත‍්තා පාකතින්‍ද්‍රියා. කිං හිමෙ ධම‍්මයොගා, කින‍්තිමෙ ධම‍්මෙයොගා, කථං හිමෙ ධම‍්මයොගාති? තත්‍ථ ඣායී ච භික‍්ඛූ නප‍්පසීදන‍්ති, ධම‍්මයොගා ච භික‍්ඛූ නප‍්පසීදන‍්ති, න ච බහුජනහිතාය පටිපන‍්නා හොන‍්ති බහුජනසුඛාය, බහුනො ජනස‍්ස අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.
(2) “ඇවැත්නි, මෙ සස්නෙහි දැහැන් වඩන මහණහු ධර්‍මකථිකභික්‍ෂූන් අපසාදනය කෙරෙති: මොහු වනාහි ‘අපි ධර්‍මයෝගියමෝ වම්හයි, අපි ධර්‍මයෝගියමෝ වම්හ’යි, උඬගු වූවාහු උද්ගත මානනළ ඇත්තාහු චපල වූවාහු දොඩමලු වූවාහු විසිරුණු තෙපුල් ඇතියාහු නට සිහි ඇතියාහු මනා නුවණ නැතියාහු එකඟ සිත් නැතියාහු බමණ සිත් ඇතියාහු පියවි (නො දැමුනු) ඉඳුරන් ඇතියාහු වෙති. මොහු කුමන ධර්‍මයෝගයක් ඇත්තාහු ද, මොහු කුමක් පිණිස ධර්‍මයෝග ඇත්තාහු ද, මොහු කිනම් කරුණෙකින් ධර්‍මයෝග ඇත්තාහු දැ”යි. එ කරුණෙහි ලා ධ්‍යාන කරණසුලු භික්‍ෂූහු ද නො පහදිති. ධර්‍මයෝග භික්‍ෂූහු ද නො පහදිත්. බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට හිත පිණිස සුව පිණිස නො පිළිපන්හු ද වෙත්.
(3) ඉධ පනාවුසො ධම‍්මයොගා භික‍්ඛූ ධම‍්මයොගානංයෙව භික‍්ඛූනං වණ‍්ණං භාසන‍්ති, නො ඣායීනං භික‍්ඛූනං වණ‍්ණං භාසන‍්ති. තත්‍ථ ධම‍්මයොගා ච භික‍්ඛූ නප‍්පසීදන‍්ති, ඣායී ච භික‍්ඛූ නප‍්පසීදන‍්ති, න ච බහුජනහිතාය පටිපන‍්නා හොන‍්ති බහුජනසුඛාය, බහුනො ජනස‍්ස අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.
(3) ඇවැත්නි, මෙ සස්නෙහි ධර්‍මයෝග භික්‍ෂුහු ධර්‍මයෝග භික්‍ෂූන්ගේ ම ගුණ කියති. ධ්‍යායී භික්‍ෂූන්ගේ ගුණ නො කියත්. එකරුණෙහි ලා ධර්‍මයෝග භික්‍ෂුහු ද නො පහදිති, ධ්‍යායීභික්‍ෂුහු ද නො පහදිත්. බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට හිත පිණිස සුව පිණිස නො පිළිපන්හු වෙත්.
(4) ඉධ පනාවුසො ඣායී භික‍්ඛූ ඣායීනං යෙව භික‍්ඛූනං වණ‍්ණං භාසන‍්ති නො ධම‍්මයොගානං භික‍්ඛූනං වණ‍්ණං භාසන‍්ති. තත්‍ථ ඣායී ච භික‍්ඛූ නප‍්පසීදන‍්ති, ධම‍්මයොගා ච භික‍්ඛූ නප‍්පසීදන‍්ති, න ච බහුජනහිතාය පටිපටිපන‍්නා හොන‍්ති බහුජනසුඛාය, බහුනො ජනස‍්ස අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.
(4) ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ධ්‍යායී භික්‍ෂූන්ගේ ම ගුණ කියති. ධර්‍මයෝග භික්‍ෂුන්ගේ ගුණ නො කියත්. එකරුණෙහි ලා ධ්‍යායී භික්‍ෂුහු ද නො පහදිති. ධර්‍මයෝග භික්‍ෂුහු ද නො පහදිත්. බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට හිතසුව පිණිස නො පිළිපන්හු ද වෙත්.
(5) තස‍්මාතිහාවුසො එවං සික‍්ඛිතබ‍්බං: ධම‍්මයොගා සමානා ඣායීනං භික‍්ඛූනං වණ‍්ණං භාසිස‍්සාමාති. එවං හි වො ආවුසො සික‍්ඛිතබ‍්බං. තං කිස‍්ස හෙතු. අච‍්ඡරියා හෙතෙ ආවුසො පුග‍්ගලා දුල‍්ලභා ලොකස‍්මිං, යෙ අමතං ධාතුං කායෙන ඵුසිත්‍වා විහරන‍්ති.
(5) ඇවැත්නි, එහෙයින් මෙ කරුණෙහි ලා මෙසේ හික්මියයුතු: ධර්‍මයෝග වූ ම අපි ධ්‍යායී භික්‍ෂූන්ගේ ගුණ වනන්නම්හ’යි. ඇවැත්නි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි. ඒ කවරහෙයින් යත්: ඇවැත්නි, යම් කෙනෙක් අමෘත නිර්‍වාණධාතුව නාමකයින් පැහැසැ වෙසෙත් නම්, එ පුද්ගලයෝ දුලබ වෙත් මැ යි.
(6) තස‍්මාතිහාවුසො එවං සික‍්ඛිතබ‍්බං: ඣායී සමානා ධම‍්මයොගානං භික‍්ඛූනං වණ‍්ණං භාසිස‍්සාමාති. එවං හි වො ආවුසො සික‍්ඛිතබ‍්බං. තං කිස‍්ස හෙතු: අච‍්ඡරියා හෙතෙ ආවුසො පුග‍්ගලා දුල‍්ලභා ලොකස‍්මිං, යෙ ගම‍්භීරං අත්‍ථපදං පඤ‍්ඤාය අතිවිජ‍්ඣ පස‍්සන‍්තීති.
(6) ඇවැත්නි, එහෙයින් ම මෙ කරුණෙහි ලා මෙසේ හික්මිය යුතු යි. ‘ධ්‍යායී වූ ම අපි ධර්‍මයෝග භික්‍ෂූන්ගේ ගුණ කියම්හ’යි. ඇවැත්නි, තොප විසින් මෙසේ ම හික්මියයුතු. එ කවර හෙයින යත්: ඇවැත්නි, ලොව්හි යම් කෙනෙක් ගැඹුරු ස්කන්‍ධධාතු ආදි අර්‍ත්‍ථපද විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥායෙන් විනිවිද දක්නාහු නම් එ පුද්ගලයෝ දුර්‍ලභ වෙත් මැ යි.