ඉණ සුත‍්තං
6. 1. 5. 3.
6. 1. 5. 3.
[ඉණ සුත‍්තං]
[ඉණ සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
45. (1) දාළිද‍්දියං භික‍්ඛවෙ දුක‍්ඛං ලොකස‍්මිං කාමභොගිනොති?
45. (1) මහණෙනි, ලොව්හි කාමභෝගීහට දිළිඳුබව දුකෙක් දැ?යි.
එවං භන‍්තෙ.
වහන්ස, එසේ ය.
(2) යම‍්පි භික‍්ඛවෙ දළිද‍්දො අස‍්සකො අනාළ‍්හියො ඉණං ආදියති. ඉණාදානම‍්පි භික‍්ඛවෙ දුක‍්ඛං ලොකස‍්මිං කාමභොගිනොති?
(2) මහණෙනි, යම් හෙයෙකින් ස්වාපතෙය රහිත (තමන් අයත් ධනය නැති) අනාඪ්‍ය වූ (පොහොසත් නො වූ) දිළින්දෙක් (දිවි වැටුම් පිණිස) ණය ගන්නේ නම්, මහණෙනි, ලොව්හි ඒ කාමභෝගීහට ණය ගැණුම ද දුකෙක් දැ?යි.
එවං භන‍්තෙ.
වහන්ස එසේ ය.
(3) යම‍්පි භික‍්ඛවෙ දළිද‍්දො අස‍්සකො අනාළ‍්හියො ඉණං ආදියිත්‍වා වඩ‍්ඪිං පටිසුණාති. වඩ‍්ඪිපි භික‍්ඛවෙ දුක‍්ඛා ලොකස‍්මිං සාමභොගිනොති?
(3) මහණෙනි, යම් හෙයෙකින් ස්වධන රහිත අනාඪ්‍ය වූ දිළින්දෙක් ණය ගෙණ වෘද්ධිය (=පොලිය) පිළිණ කෙරේ. මහණෙනි වෘද්ධිය ද ලොව්හි ඒ කාමභෝගීහට දුකෙක් ද?
එවං භන‍්තෙ.
වහන්ස, එසේ ය.
(4) යම‍්පි භික‍්ඛවෙ දළිද‍්දො අස‍්සකො අනාළ‍්හියො වඩ‍්ඪිං පටිසුණිත්‍වා කාලාභතං වඩ‍්ඪිං න දෙති. චොදෙන‍්තිපි නං චොදනාපි භික‍්ඛවෙ දුක‍්ඛා ලොකස‍්මිං කාමභොගිනොති?
(4) මහණෙනි, යම් හෙයෙකින් අස්වක වූ (ධන නැති) අනාඪ්‍ය වූ (බැරි) දිළින්දෙක් වෘද්ධිය පිළිණ කොට නිසි කල්හි අළ (දීමට ප්‍රතිඥාත) වෘද්ධිය නො දේ නම්, ඔහුට චෝදනා ද කෙරෙත්. මහණෙනි, ලොව්හි ඒ කාමභෝගීහට චෝදනාත් දුකෙක් ද?
එවං භන‍්තෙ.
වහන්ස, එසේ ය.
(5) යම‍්පි භික‍්ඛවෙ දළිද‍්දො අස‍්සකො අනාළ‍්හියො චොදියමානො න දෙති. අනුචරන‍්තිපි නං. අනුචරියාපි භික‍්ඛවෙ දුක‍්ඛා ලොකස‍්මිං කාමභොගිනොති?
(5) මහණෙනි, යම් හෙයෙකින් අස්වක අනාඪ්‍ය දිළිඳු තෙමේ චෝදනා කරණු ලබන්නේ නො දෙයි. මහණෙනි, ඔහු (පිරිස් මැද නිගනිමින්) ලුහුබඳනාහ. මහණෙනි, ලොව්හි කාමභෝගීහට ලුහුබැඳුමුත් දුකෙක් ද?
එවං භන‍්තෙ.
වහන්ස, එසේ ය.
(6) යම‍්පි භික‍්ඛවෙ දළිද‍්දො අස‍්සකො අනාළ‍්හියො අනුචරියමානො න දෙති. බන්‍ධන‍්තිපි නං. බන්‍ධනම‍්පි භික‍්ඛවෙ දුක‍්ඛං ලොකස‍්මිං කාමභොගිනොති?
(6) මහණෙනි, යම්හෙයෙකින් අස්වක අනාඪ්‍ය දිළින්දෙක් ලුහුබඳනා ලබනුයේ නො දෙයි. ඔහු සොරගෙයි දු බඳනාහ. මහණෙනි, ලොව්හි කාමභෝගීහට බන්‍ධනයත් දුකෙක් දැ?යි.
එවං භන‍්තෙ.
වහන්ස, එසේ ය.
ඉති ඛො භික‍්ඛවෙ දාළිද‍්දියම‍්පි දුක‍්ඛං ලොකස‍්මිං කාමභොගිනො. ඉණාදානම‍්පි දුක‍්ඛං ලොකස‍්මිං කාමභොගිනො. වඩ‍්ඪීපි දුක‍්ඛා ලොකස‍්මිං කාමභොගිනො, චොදනාපි දුක‍්ඛා ලොකස‍්මිං කාමභොගිනො. අනුචරියාපි දුක‍්ඛා ලොකස‍්මිං කාමභොගිනො. බන්‍ධනම‍්පි දුක‍්ඛං ලොකස‍්මිං කාමභොගිනො.
මහණෙනි, මෙසෙයින් කාමභෝගීහට ලොව්හි දිළිඳුබවත් දුකෙක, ණය ගැණුමත් ලොව්හි කාමභෝගීහට දුකෙක. වෘද්ධියත් ලොව්හි කාමභෝගීහට දුකෙක. චෝදනාත් ලොව්හි කාමභෝගීහට දුකෙක. ලුහුබැඳුමුත් ලොව්හි කාමභෝගීහට දුකෙක, බන්‍ධනයත් ලොව්හි කාමභෝගීහට දුකෙක.
එවමෙව ඛො භික‍්ඛවෙ යස‍්ස කස‍්සචි සද‍්ධා නත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, හිරි නත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, ඔත‍්තප‍්පං නත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, විරියං නත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, පඤ‍්ඤා නත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, අයං වුච‍්චති භික‍්ඛවෙ අරියස‍්ස විනයෙ දළිද‍්දො අස‍්සකො අනාළ‍්හියො. ස ඛො සො භික‍්ඛවෙ දළිද‍්දො අස‍්සකො අනාළ‍්හියො, සද‍්ධාය අසති කුසලෙසු ධම‍්මෙසු, හිරියා අසති කුසලෙසු ධම‍්මෙසු, ඔත‍්තප‍්පෙ අසති කුසලෙසු ධම‍්මෙසු, විරියෙ අසති කුසලෙසු ධම‍්මෙසු, පඤ‍්ඤාය අසති කුසලෙසු ධම‍්මෙසු, කායෙන දුච‍්චරිතං චරති. වාචාය දුච‍්චරිතං චරති. මනසා දුච‍්චරිතං චරති. ඉදමස‍්ස ඉණාදානස‍්මිං වදාමි.
මහණෙනි, එපරිදි ම යම් කිසිවකුහට කුශලධර්‍මයෙහි ශ්‍රද්ධා නැද්ද, කුශලධර්‍මයෙහි හිරි නැද්ද, කුශලධර්‍මයෙහි ඔතප් නැද්ද, කුශලධර්‍මයෙහි වීර්‍ය්‍ය නැද්ද, කුශලධර්‍මයෙහි ප්‍රඥා නැද්ද, මහණෙනි, මෙතෙමේ තමා සතු ගුණ නැතියේ ගුණයෙන් ආඪ්‍ය නො වූයේ දිළිඳු යයි ආර්‍ය්‍ය විනයෙහි කියනු ලැබේ. මහණෙනි, අස්වක වූ අනාඪ්‍ය වූ එ මෙ දිළිඳු තෙම කුශලධර්‍මයෙහි ශ්‍රද්ධා නැති වත් ම කුශලධර්‍මයෙහි හිරි නැතිවත් ම කුශලධර්‍මයෙහි ඔතප් නැති වත් ම කුශලධර්‍මයෙහි වීර්‍ය්‍ය නැති වත් ම, කුශලධර්‍මයෙහි ප්‍රඥා නැති වත් ම, කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. මනසින් දුශ්චරිත කරයි. මෙ ඔහුගේ ණය ගැණුම යයි කියමි.
සො තස‍්ස කායදුච‍්චරිතස‍්ස පටිච‍්ඡාදනහෙතු පාපිකං ඉච‍්ඡං පණිදහති: මා මං ජඤ‍්ඤාති ඉච‍්ඡති, මා මං ජඤ‍්ඤාති සඞ‍්කප‍්පෙති, මා මං ජඤ‍්ඤාති වාචං භාසති, මා මං ජඤ‍්ඤාති කායෙන පරක‍්කමති. සො තස‍්ස වචීදුච‍්චරිතස‍්ස පටිච‍්ඡාදනහෙතු -පෙ- සො තස‍්ස මනොදුච‍්චරිතස‍්ස පටිච‍්ඡාදනහෙතු පාපිකං ඉච‍්ඡං පණිදහති: මා මං ජඤ‍්ඤාති ඉච‍්ඡති, මා මං ජඤ‍්ඤාති සඞ‍්කප‍්පෙති, මා මං ජඤ‍්ඤාති වාචං භාසති. මා මං ජඤ‍්ඤාති කායෙන පරක‍්කමති. ඉදමස‍්ස වඩ‍්ඪියා වදාමි.
හේ ඒ කායදුශ්චරිතයාගේ ප්‍රතිච්ඡාදනහේතුයෙන් ලාමක ඉච්ඡාව පිහිටුවයි. ‘මා නහමක් දනීව’යි කැමති වෙයි. ‘මා නහමක් දනීව’යි සඞ්කල්පනා කෙරෙයි. ‘මා නහමක් දනීව’යි වදන් බෙණෙයි. ‘මා නහමක් දනීව’යි කයින් පැරකුම් කෙරෙයි. හේ ඒ වාග්දුශ්චරිතයාගේ ප්‍රතිච්ඡාදන හේතුයෙන් ... හේ ඒ මනෝදුශ්චරිතයාගේ ප්‍රතිච්ඡාදන හේතුයෙන් ලමු ඉච්ඡා පිහිටුවයි. ‘මා නහමක් දනීව’යි කැමැති වෙයි. ‘මා නහමක් දනීව’යි සඞ්කල්පනා කෙරෙයි. ‘මා නහමක් දනීව’යි වදන් බෙණෙයි. ‘මා නහමක් දනීව’යි කයින් පැරකුම් කෙරෙයි. මේ ඔහුගේ වෘද්ධි යයි. (පොලීපිළිණ යයි) කියමි.
තමෙනං පෙසලා සබ්‍රහ‍්මචාරී එවමාහංසු: “අයඤ‍්ච සො ආයස‍්මා එවංකාරී එවං සමාචාරො”ති. ඉදමස‍්ස චොදනාය වදාමි.
ඔහුට ප්‍රියශීල සබ්‍රම්සරහු මෙසේ කියත්: ‘එ මෙ ආයුෂ්මත් මෙසේ කරණසුලු ය. මෙබඳු සමාචාර ඇතියෙකැ’යි මෙ ඔහුට චෝදනා යයි කියමි.
තමෙනං අරඤ‍්ඤගතං වා රුක‍්ඛමූලගතං වා සුඤ‍්ඤාගාරගතං වා විප‍්පටිසාරසහගතා පාපකා අකුසලවිතක‍්කා සමුදාචරන‍්ති. ඉදමස‍්ස අනුචරියාය වදාමි.
අරණ්‍යගත වේවයි, වෘක්‍ෂමූලගත වේවයි, ශුන්‍යාගාරගත වේවයි, ඔහුට විපිළිසර සහගිය ලමු අකුශල විතර්‍කයෝ පහළ වෙත්. මෙ ඔහුට අනුචරියා යයි (ලුහුබැඳුම්) යයි කියමි.
ස ඛො සො භික‍්ඛවෙ දළිද‍්දො අස‍්සකො අනාළ‍්හියො කායෙන දුච‍්චරිතං චරිත්‍වා වාචාය දුච‍්චරිතං චරිත්‍වා මනසා දුච‍්චරිතං චරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා නිරයබන්‍ධනෙ වා බජ‍්ඣති, තිරච‍්ඡානයොනිබන්‍ධනෙ වා.
මහණෙනි, අස්වක වූ අනාඪ්‍ය වූ එ දිළිඳු තෙමේ කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට මනසින් දුසිරිත්කොට කාබුන් මරණින් මතු නිරෑබැඳුම්හි හෝ බැඳෙයි. තිරිසන්යොන්බැඳුම්හි හෝ බැඳෙයි.
නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි එවංදාරුණං එවං කටුකං එවං අන‍්තරායකරං අනුත‍්තරස‍්ස යොගක‍්ඛෙමස‍්ස අධිගමාය යථයිදං භික‍්ඛවෙ නිරයබන්‍ධනං වා තිරච‍්ඡානයොනිබන්‍ධනං වා’ති.
මහණෙනි, අනුත්තරයෝගක්‍ෂේමාධිගමය සඳහා යම් ම ධර්‍මයෙක් මෙසේ දරුණු වේ නම්, මෙසේ කටුක වේ නම්, මෙසේ අන්තරායකර වේ නම්, මහණෙනි, මෙ නිරෑබැඳුම හෝ මෙ තිරිසන්යොන්බැඳුම හෝ යම් පරිදි වේ නම්, එබඳු අන් එක ද දහමක් මම නුවණැසින් නො දක්මි.
34. දාළිද‍්දියං දුක‍්ඛං ලොකෙ ඉණාදානං ච වුච‍්චති, දළිද‍්දො ඉණමාදාය භුඤ‍්ජමානො විහඤ‍්ඤති.
34. ලොව්හි දිළිඳු බව ද ණය ගැණුම ද දුකැයි කියනු ලැබේ. දිළිඳු වූයේ ණය ගෙණ වළඳ කරණුයේ වැනසේ.
35. තතො අනුචරන‍්තී නං බන්‍ධනම‍්පි නිගච‍්ඡති. එතං හි බන්‍ධනං දුක‍්ඛං කාමලාභාභිජප‍්පිනං.
35. එහෙයින් ඔහු (ගැරහීම් විසින්) ලුහුබඳිත්. (නිරයාදියෙහි) බැඳුමට ද යෙයි. කාමලාභ පතනුවනට තෙල බැඳුම දුක් මැයි.
36. තථෙව අරියවිනයෙ සද‍්ධා යස‍්ස න විජ‍්ජති, අහිරිකො අනොත‍්තප‍්පී පාපකම‍්මාවිනිච‍්ඡයො.
36. එසෙයින් ම ආර්‍ය්‍යවිනයෙහි යමකුට ශ්‍රද්ධා නැද්ද, හිරි නැද්ද, ඔතප් නැද්ද, පව්කම්හි විනිශ්චය නැද්ද,
37. කායදුච‍්චරිතං කත්‍වා වචීදුච‍්චරිතානි ච, මනොදුච‍්චතං කත්‍වා මා මං ජඤ‍්ඤාති ඉච‍්ඡති.
37. හේ කායදුශ්චරිත හා වාග්දුශ්චරිත කොට, මනෝදුශ්චරිත ද කොට ‘මා නහමක් දනීව’යි කැමැති වේ.
38. සො සංසප‍්පති කායෙන වාචාය උදචෙතසා, පාපකම‍්මා පවඩ‍්ඪෙන‍්තො තත්‍ථ තත්‍ථ පුනප‍්පුනං.
38. හෙ ඒ ඒ තැන්හි පුන පුනා පව්කම් වඩනුයේ, කයින් වදනින් වැලිදු සිතින් සැලෙයි.
39. සො පාපකම‍්මො දුම‍්මෙධො ජානං දුක‍්කටමත‍්තනො, දළිද‍්දො ඉණමාදාය භුඤ‍්ජමානො විහඤ‍්ඤති,
39. දුර්මේධ වූ පවුකම් ඇති හේ තමන්ගේ දුෂ්කෘත දන්මින්, දිළිඳු වූයේ ණය ගෙණ වළඳ කෙරෙමින් වැනසෙයි.
40. තතො අනුචරන‍්තී නං සඞ‍්කප‍්පා මානසා දුඛා, ගාමෙ වා යදි වා රඤ‍්ඤෙ යස‍්ස විප‍්පටිසාරජා.
40. එහෙයින් යමකුට විපිළිසරින් හටගත් දුක් වූ මානසිකසඞ්කල්පයෝ වෙත් නම්, ඔහු ගම්හි වේවයි, වැලිත් වල්හි වේවයි ඒ පුඟුල් ලුහුබඳිත්.
41. සො පාපකම‍්මො දුම‍්මෙධො ජානං දුක‍්කටමත‍්තනො, යොනිමඤ‍්ඤතරං ගන‍්ත්‍වා නිරයෙ චාපි බජ‍්ඣති. එතං හි බන්‍ධනං දුක‍්ඛං යම‍්හා ධීරො පමුච‍්චති.
41. පව්කම් ඇති ඒ දුර්මේධ තෙමේ තමන්ගේ දුෂ්කෘත දන්නේ අන්‍යතර තිරිසන් යෝනියකට ගොස් හෝ නිරෑහි හෝ බැඳේ. යම් බන්‍ධනයකින් ධීරතෙමේ මිදේ නම්, තෙල බන්‍ධනය දුක් මැයි.
42. ධම‍්මලද‍්ධෙහි භොගෙහි දදං චිත‍්තං පසාදයං උභයත්‍ථ කටග‍්ගාහො සද‍්ධස‍්ස ඝරමෙසිනො.
42. දැහැමින් ලද භෝගයෙන් සිත්පහදමින් දෙනුයේ වේ ද, එබඳු සැදැහැති ගෘහපතිහුගේ දෙලොව්හි ජයග්‍රහණය වේ.
43. දිට‍්ඨධම‍්මහිතත්‍ථාය සම‍්පරාය සුඛාය ච එවමෙතං ගහට‍්ඨානං චාගො පුඤ‍්ඤං පවඩ‍්ඪති.
43. දිටුදැමියෙහි හිත පිණිස ද පරලොව්හි සුව පිණිස ද මෙලෙසින් ගෘහස්ථයන්ගේ තෙල ත්‍යාග නම් පුණ්‍යය වැඩෙයි.
44. තථෙව අරියවිනයෙ සද‍්ධා යස‍්ස පතිට‍්ඨිතා හිරිමනො ච ඔත‍්තප‍්පී පඤ‍්ඤවා සීලසංවුතො.
44. එසෙයින් ම යමක්හට ආර්‍ය්‍යවිනයෙහි සැදැහැ පිහිටියේ ද, හේ හිරියෙන් යුත් සිත් ඇතියේ, ඔතප් ඇතියේ, පැණවත් වූයේ, ශීලයෙන් සංවෘත වේ ද,
45. එසො ඛො අරියවිනයෙ සුඛංජීවීති වුච‍්චති නිරාමිසං සුඛං ලද‍්ධා උපෙඛං අධිතිට‍්ඨති.
45. තෙල පුඟුල් අරීවිනයෙහි සුවසේ දිවි වටනේ යයි කියනු ලැබේ. නිරාමිස සුඛය (තුන් දැහැන් නිසා උපදනා සුවය) ලැබ (චතුර්‍ත්‍ථධ්‍යාන) උපේක්‍ෂාවත් ලබන්නේ ය.
46. පඤ‍්චනීවරණෙ හිත්‍වා නිච‍්චං ආරද‍්ධවිරියො ඣානානි උපසම‍්පජ‍්ජ එකොදි නිපකො සතො.
46. නිරතුරු ඇරඹූ වැර ඇතියේ පඤ්චනීවරණයන් හැරපියා ධ්‍යාන උපයා ගෙණ එකඟසිත් ඇතියේ නුවණ ඇතියේ ස්මෘතිමත් වෙයි.
47. එවං ඤත්‍වා යථාභූතං සබ‍්බසඤ‍්ඤොජනක‍්ඛයෙ සබ‍්බසො අනුපාදාය සම‍්මාචිත‍්තං විමුච‍්චති.
47. මෙසේ සර්‍වසංයෝජනක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි යථාභූතය දැන සර්‍වප්‍රකාරයෙන් තෘෂ්ණාදි විසින් නො ගැණීමෙන් සම්‍යග් හේතු විසින් මාර්‍ගචිත්තය (කෙලෙසුන්ගෙන්) මිදෙයි.
48. තස‍්ස සම‍්මා විමුත‍්තස‍්ස ඤාණං ච හොති තාදිනො අකුප‍්පා මෙ විමුත‍්තීති භවසඤ‍්ඤොජනක‍්ඛයෙ.
48. මැනැවින් විමුක්ත සිත් ඇති මොනොවට එහි පිහිටි එ රහත්හට ඉදින් “මාගේ මාර්‍ගඵල විමුක්තිය අකෝප්‍යය”යි භවසංයෝජනක්‍ෂයෙහි පස්විකුම්නැණ වේ නම්,
49. එතං ඛො පරමං ඤාණං එතං සුඛමනුත‍්තරං අසොකං විරජං ඛෙමං එතමානණ්‍යමුත‍්තමන‍්ති.
49. තෙල ඥානය ම පරම වෙයි. තෙල සුඛය ම අනුත්තර වෙයි. ශෝක රහිත රාගාදි රජස් රහිත තෙල අර්‍හත්ඵලය උත්තම අනණභාවය (ණය නැති බව) වෙයි.