යෙදුමෙන් කියවන්න

මිගසාලාසුත‍්තං

6. 1. 5. 2.

6. 1. 5. 2.

[මිගසාලාසුත‍්තං]

[මිගසාලා සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

44. අථ ඛො ආයස‍්මා ආනන්‍දො පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන මිගසාලාය උපාසිකාය නිවෙසනං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. අථ ඛො මිගසාලා උපාසිකා යෙනායස‍්මා ආනන්‍දො, තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නා ඛො මිගසාලා උපාසිකා ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච:

44. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙණ මිගසාලා උපාසිකාවගේ නිවස කරා එළැඹියහ. එළැඹ පැනවූ අස්නෙහි හුන්හ. ඉක්බිති මිගසාලා උපාසිකා ආනන්‍ද තෙරුන් කරා එළැඹියා ය. එළැඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සකසා වැඳ එකත්පසෙක හුනු. එකත්පසෙක හුන් මිගසාලා උපාසිකා ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්හට තෙල කරුණ සැළකළා:

කථං කථං නාමායං භන‍්තෙ ආනන්‍ද, භගවතා ධම‍්මො දෙසිතො අඤ‍්ඤෙය්‍යො, යත්‍ර හි නාම බ්‍රහ‍්මචාරී ච අබ්‍රහ‍්මචාරී ච උභො සමසමගතිකා භවිස‍්සන‍්ති අභිසම‍්පරායං?

වහන්ස ආනන්‍දයෙනි, යම් ධර්‍මයෙක්හි බ්‍රහ්මචාරී හා අබ්‍රහ්මචාරී හා දෙදෙන පරිලොව්හි සමභාවයෙන් සමගති ඇති වූහු නම්, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද මේ ධර්‍මය කෙසේ නම් (කවර නම් කරුණෙකින් අප විසින්) දතයුතු වේ ද?

පිතා මෙ භන‍්තෙ පුරාණො බ්‍රහ‍්මචාරී අහොසි ආරාචාරී විරතො මෙථුනා ගාමධම‍්මා. සො කාලකතො. භගවතා ව්‍යාකතො. “සකදාගාමී සත‍්තො තුසිතං කායං උපපන‍්නොති.” පෙත‍්තෙය්‍යොපි මෙ භන‍්තෙ ඉසිදත‍්තො අබ්‍රහ‍්මචාරී අහොසි සදාරසන‍්තුට‍්ඨො. සොපි කාලකතො. භගවතා ව්‍යාකතො: “සකදාගාමි සත‍්තො තුසිතං කායං උපපන‍්නො”ති.

වහන්ස, මපියානෝ පුරාණයෝ ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වැළකියාහු වෙන් වූවාහු බ්‍රහ්මචාරී වූහු. “උහු සකෘදාගාමි සත්ත්‍ව වූහු ය, කලුරිය කළාහු තුසිතදේවකායට එළැඹියාහු”යි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘතය. වහන්ස, මාගේ ඍෂිදත්ත නමැති පිතෘව්‍යයෙක් (=සුලුපියෙක්) ද ස්වදාරයන් හා සතුටු වූයේ බ්‍රහ්මචාරී නො වී ය. හෙ ද සකෘදාගාමී සත්ත්‍ව වූයේ කලුරිය කළේ තුසිතකායට එළැඹියැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘත ය. (ප්‍රකාශිතය.)

කථං කථං නාමායං භන‍්තෙ ආනන්‍ද, භගවතා ධම‍්මො දෙසිතො අඤ‍්ඤෙය්‍යො, යත්‍ර හි නාම බ්‍රහ‍්මචාරී ච අබ්‍රහ‍්මචාරී ච උභො සමසමගතිකා භවිස‍්සන‍්ති අභිසම‍්පරායන‍්ති?

වහන්ස, ආනන්‍දයෙනි, යම් ධර්‍මයෙක්හි බ්‍රහ්මචාරී හා අබ්‍රහ්මචාරී හා දෙදෙන පරලොව්හි සම සම ගති ඇතිවූහු යන භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද මෙ ධර්‍මය කිසෙයින් දතයුත්තේ දැ’?යි.

එවං ඛො පනෙතං භගිනි භගවතා ව්‍යාකතන‍්ති.

බුහුනනියනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසෙයින් ම තෙල ව්‍යාකෘත ය.

අථ ඛො ආයස‍්මා ආනන්‍දො මිගසාලාය උපාසිකාය නිවෙසනෙ පිණ‍්ඩපාතං ගහෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි. අථ ඛො ආයස‍්මා ආනන්‍දො පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච:

ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මිගසාලා උවැසියගේ නිවෙස්නෙහි පිණ්ඩපාතය ගෙණ හුනස්නෙන් නැඟී වැඩියහ. එකල ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පසුබත්හි පිඬුවායෙන් වැළකියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:

ඉධාහං භන‍්තෙ පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන මිගසාලාය උපාසිකාය නිවෙසනං, තෙනුපසඞ‍්කමිං. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදිං. අථ ඛො භන‍්තෙ මිගසාලා උපාසිකා යෙනාහං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා මං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නා ඛො භන‍්තෙ මිගසාලා උපාසිකා මං එතදවොච:

වහන්ස, මම පෙරවරුයෙහි හැඳපෙරව පාසිවුරු ගෙණ මෙ සැවැත්හි මිගසාලා උවැසියගේ නිවෙස්නට එළඹියෙමි. එළඹ පැන වූ අස්නෙහි හුන්මි. වහන්ස, ඉක්බිති මිගසාලා උපාසිකා මා කරා එළඹියා. එළඹ මා වැඳ එකත්පසෙක හුනු. එකත්පසෙක හිඳ මිගසාලා උවැසි මට තෙල පැවැසූ:

කථං කථං නාමාය භන‍්තෙ ආනන්‍ද, භගවතා ධම‍්මො දෙසිතො අඤ‍්ඤෙය්‍යො, යත්‍ර හි නාම බ්‍රහ‍්මචාරී ච අබ්‍රහ‍්මචාරී ච උභො සමසමගතිකා භවිස‍්සන‍්ති අභිසම‍්පරායං. පිතා මෙ භන‍්තෙ පුරාණො බ්‍රහ‍්මචාරී අහොසි ආරාචාරී විරතො මෙථුනා ගාමධම‍්මා. සො කාලකතො. භගවතා ව්‍යාකතො: සකදාගාමී සත‍්තො තුසිතං කායං උපපන‍්නොති. පෙත‍්තෙය්‍යොපි මෙ භන‍්තෙ ඉසිදත‍්තො අබ්‍රහ‍්මචාරී අහොසි සදාරසන‍්තුට‍්ඨො. සොපි කාලකතො. භගවතා ව්‍යාකතො: සකදාගාමී සත‍්තො තුසිතං කායං උපපන‍්නොති. කථං කථං නාමායං භන‍්තෙ ආනන්‍ද භගවතා ධම‍්මො දෙසිතො අඤ‍්ඤෙය්‍යො, යත්‍ර හි නාම බ්‍රහ‍්මචාරීච අබ්‍රහ‍්මචාරී ච උභො සමසමගතිකා භවිස‍්සන‍්ති අභිසම‍්පරායන‍්ති?

වහන්ස, ආනන්‍දයෙනි, යම් ධර්‍මයෙක්හි බ්‍රහ්මචාරී හා අබ්‍රහ්මචාරී හා දෙදෙන පරලොව්හි සම සම ගති ඇත්තාහු වූහු යන භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද මෙ දහම් කිසෙයින් කිසෙයින් දතයුතු ද? වහන්ස, මපියානෝ පුරාණයෝ ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වැළැකියාහු දුරු වූවාහු බ්‍රහ්මචාරී වූහ. “සකෘදාගාමි පුද්ගල වූ උහු කාලක්‍රියා කළාහු තුසිතදේවකායට එළඹියහ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘත ය. වහන්ස, මාගේ පිතෘව්‍යයෙක් (සුළුපියෙක්) වූ ඉසිදත්ත අබ්‍රහ්මචාරී වූයේ ස්වදාරයන් හා සන්තුෂ්ට වී ය. “හේ ද සකෘදාගාමී පුද්ගල වූයේ කලුරිය කළේ තුසිතකායට එළඹියැ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘත ය. වහන්ස, යම් ධර්‍මයෙක්හි බ්‍රහ්මචාරී හා අබ්‍රහ්මචාරී හා දෙදෙන පරලොව්හි සම සම ගති ඇති වූහු යන භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද මෙ ධර්‍මය කිසෙයින් කිසෙයින් දතයුතු දැ?’යි.

එවං වුත‍්තෙ අහං භන‍්තෙ මිගසාලං උපාසිකං එතදවොචං: එවං ඛො පනෙතං භගිනි භගවතා බ්‍යාකතන‍්ති.

වහන්ස, මෙසේ කී කල්හි මම මිගසාලා උවැසියට තෙල කීමි: “බුහුනනියනි, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල මෙසෙයින් ම ව්‍යාකෘත ය”යි.

කා චානන්‍ද මිගසාලා උපාසිකා බාලා අබ්‍යත‍්තා අම‍්බකා අම‍්බකපඤ‍්ඤා? කෙ ච පුරිසපුග‍්ගලපරොපරියඤාණෙ?

ආනන්‍දයෙනි, මාගම් වූ මාගම්නුවණින් සමන්‍වාගත වූ බාල වූ මිගසාලා උවැසි කවර? පුරුෂපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරතාඥානයෙහි නො පැකිළ පවත්නා නුවණ ඇති තථාගතයෝ කවරහ?

ඡයිමෙ ආනන්‍ද පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං කතමෙ ඡ?

ආනන්‍දයෙනි, මෙ පුඟුලෝ සදෙනෙක් ලොව විද්‍යමානයහ. කවර සදෙනෙක යත්:

ඉධානන්‍ද එකච‍්චො පුග‍්ගලො සොරතො හොති සුඛසංවාසො. අභිනන්‍දන‍්ති සබ්‍රහ‍්මචාරී එකත‍්තවාසෙන. තස‍්ස සවණෙනපි අකතං හොති, බාහුසච‍්චෙනපි අකතං හොති, දිට‍්ඨියාපි අප‍්පටිවිද‍්ධං හොති, සාමයිකම‍්පි විමුත‍්තිං න ලභති. සො කායස‍්ස භෙදා පරං මරණා හානාය පරෙති නො විසෙසාය, හානගාමීයෙව හොති නො විසෙසගාමී. (1)

ආනන්‍දයෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් සුඛසංවාස ඇතියේ මැනැවින් සුරත වෙයි. සබ්‍රම්සරහු (උහු හා) ඒකතෝවාසයෙන් තුස්නාහ. උහු විසින් කණින් ඇසියයුතු දැය ද නො අසනලද වෙයි. (වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) බහුශ්‍රැතභාවයෙන් කළමනා දැය ද නො කරනලද වෙයි. සම්‍යක්දෘෂ්ටියෙන් පිළිවිදිය මනා දැය ද නො පිළිවිදිනාලද වෙයි. සාමයිකවිමුක්තිය (කලින් කල ධර්‍මශ්‍රවණය නිසා ලබන ප්‍රීති ප්‍රාමෝද්‍යය) ද නො ලබන්නේ වෙයි. හේ කාබුන් මරණින් මතු පරිහානියට ම යෙයි. විශේෂයට නො යෙයි. හානගාමියෙක් ම වෙයි. විශේෂගාමියෙක් නො වෙයි. (1)

ඉධානන්‍ද එකච‍්චො පුග‍්ගලො සොරතො හොති සුඛසංවාසො. අභිනන්‍දන‍්ති සබ්‍රහ‍්මචාරී එකත‍්තවාසෙන. තස‍්ස සවණෙනපි කතං හොති. බාහුසච‍්චෙනපි කතං හොති. දිට‍්ඨියාපි සුප‍්පටිවිද‍්ධං. හොති. සාමයිකම‍්පි විමුත‍්තිං ලභති. සො කායස‍්ස භෙදා පරං මරණා විසෙසාය පරෙති නො හානාය. විසෙසගාමීයෙව හොති නො හානගාමී. (2)

ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් සුඛසංවාස ඇතියේ සොරත වෙයි. සබ්‍රම්සරහු ඒකතෝවාසයෙන් ඔහු හා තුස්නාහ. උහු විසින් කණිනුදු අසා කළමනා කරන ලද වෙයි, වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත බහුශ්‍රැතභාවයෙනුදු කළමනා කරන ලද වෙයි, නුවණිනුදු පිළිවිදිය යුතු දෑ මොනොවට පිළිවිදිනා ලද වෙයි, සාමයිකවිමුක්තිය ද ලබන්නේ ය. හේ කාබුන් මරණින් මතු විශේෂයට යෙයි. පරිහානියට නො යෙයි. විශේෂගාමියෙක් ම වෙයි, හානගාමියෙක් නො වෙයි. (2)

තත්‍රානන්‍ද පමාණකා පමිණන‍්ති: ඉමස‍්සපි තෙව ධම‍්මා, අපරස‍්සපි තෙව ධම‍්මා. කස‍්මා තෙසං එකො හීනො, එකො පණීතොති. තං හි තෙසං ආනන්‍ද හොති දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය.

ආනන්‍දයෙනි, එ කරුණෙහි ලා (පුද්ගලයන් කෙරෙහි) ප්‍රමාණග්‍රාහකයෝ පමණ කෙරෙත්: “මොහුගේ ද එ ම දහම්හු වෙති. අනෙකාගේ ද එ ම දහම්හු වෙති. කවර හෙයින් උන් අතුරෙහි එකෙක් (ගුණයෙන්) හීන වේ ද, එකෙක් ප්‍රණීත වේ දැ”යි. ආනන්‍දයෙනි, ඔවුන්ගේ ඒ ප්‍රමාණකරණය දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි.

තත්‍රානන්‍ද ය‍්වායං පුග‍්ගලො සොරතො. හොති සුඛසංවාසො. අභිනන්‍දන‍්ති සබ්‍රහ‍්මචාරී එකත‍්තවාසෙන. තස‍්ස සවණෙනපි කතං හොති. බාහුසච‍්චෙනපි කතං හොති. දිට‍්ඨියාපි සුප‍්පටිවිද‍්ධං හොති. සාමයිකම‍්පි විමුත‍්තිං ලභති. අයම‍්පි ආනන්‍ද පුග‍්ගලො අමුනා පුරිමෙන පුග‍්ගලෙන අභික‍්කන‍්තතරො ච පණීතතරො ච. තං කිස‍්ස හෙතු? ඉමං හානන්‍ද පුග‍්ගලං ධම‍්මසොතො නිබ‍්බහති. තදන‍්තරං කො ජානෙය්‍ය අඤ‍්ඤත්‍ර තථාගතෙන?

ආනන්‍දයෙනි, ඒ පුඟුලන් අතුරෙහි යම් මෙ පුද්ගලයෙක් සුඛසංවාස ඇතියේ සුරත වේ ද, සබ්‍රම්සරහු ඒකතෝවාසයෙන් තුස්නාහු ද, ඔහු විසින් කණිනුදු කළමනා කරන ලද වෙයි. වීර්‍ය්‍යයෙනුදු කළමනා කරන ලද වෙයි. දෘෂ්ටියෙනුදු මොනොවට පිළිවිදිනා ලද වෙයි. සාමයිකවිමුක්තිය ද ලබන්නේ ය. ආනන්‍දයෙනි, මෙ පුඟුල් ද තෙල පළමු පුඟුල්හුගෙන් සුන්‍දරතරත් වෙයි. ප්‍රණීතතරත් වෙයි. ඒ කවරහෙයින යත්: ආනන්‍දයෙනි, (විදර්‍ශනාඥාන සඞ්ඛ්‍යාත) ධර්‍මස්‍රෝතස මෙ පුඟුල් ආර්‍ය්‍යභූමියට පමුණුවයි. තථාගතයන් මුත් අන් කවරෙක් එ අන්තරය (කරුණ) දන්නේ ද?

තස‍්මාතිහ ආනන්‍ද මා පුග‍්ගලෙසු පමාණකා අහුවත්‍ථ. මා පුග‍්ගලෙසු පමාණං ගණ‍්හිත්‍ථ. ඛඤ‍්ඤති හානන්‍ද පුග‍්ගලෙසු පමාණං ගණ‍්හන‍්තො.

ආනන්‍දයෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා පුඟුලන් කෙරෙහි නහමක් ප්‍රාමාණික වවු. පුඟුලන් අතුරෙහි නහමක් ප්‍රමාණ ගණුව. ආනන්‍දයෙනි, පුඟුලන් අතුරෙහි පමණ ගණුයේ ගුණ විසින් සෑරේ මැ යි.

අහං වා ආනන්‍ද පුග‍්ගලෙසු පමාණං ගණ‍්හෙය්‍යං යො වා පනස‍්ස මාදිසො.

ආනන්‍දයෙනි, මම් ම හෝ අවශ්‍යයෙන් පුඟුලන් අතුරෙහි පමණ ගන්නෙම්. මා බඳු යමෙක් (බුදුවරයෙක්) හෝ වේ නම්, හේ හෝ පමණ ගන්නේ ය.

ඉධ පනානන්‍ද එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස කොධමානො අධිගතො හොති සමයෙන සමයඤ‍්චස‍්ස ලොභධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. තස‍්ස සවණෙනපි අකතං හොති. බාහුසච‍්චෙනපි අකතං හොති. දිට‍්ඨියාපි අප‍්පටිවිද‍්ධං හොති. සාමයිකම‍්පි විමුත‍්තිං න ලභති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා හානාය පරෙති, නො විසෙසාය, හානගාමීයෙව හොති, නො විසෙසගාමී. (3)

ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයකු විසින් ක්‍රෝධය හා මානය අධිගත (පැමිණෙන ලද) වෙයි. කලින් කල ඔහට ලෝභධර්‍මයෝ උපදනාහ. ඔහු විසින් කණිනුදු කළමනා නො කරන ලද වෙයි. වැරයෙනුදු කළමනා නො කරන ලද වෙයි. දෘෂ්ටියෙනුදු නො පිළිවිදිනා ලද වෙයි. සාමයික විමුක්තිය ද නො ලබන්නේ ය. හේ කාබුන් මරණින් මතු පිරිහීමට යෙයි, විශේෂයට නො යෙයි. හානගාමී ම වෙයි. විශේෂගාමී නො වෙයි. (3)

ඉධ පනානන්‍ද එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස කොධමානො අධිගතො හොති. සමයෙන සමයඤ‍්චස‍්ස ලොභධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. තස‍්ස සවණෙනපි කතං හොති -පෙ- නො හානගාමී. (4)

ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලකු විසින් ක්‍රෝධය හා මානය අධිගත වෙයි. කලින් කල ඔහට ලෝභධර්‍මයෝ උපදනාහ. ඔහු විසින් කණිනුදු කළමනා කරන ලද වෙයි ... හානගාමී නො වේ. (4)

තත්‍රානන්‍ද පමාණකා පමිණන‍්ති -පෙ- යො වා පනස‍්ස මාදිසො.

ආනන්‍දයෙනි, එහි ලා ප්‍රාමාණිකයෝ පමණ කෙරෙත් ... යමෙක් මා බඳු වේ නම් හේ හෝ පමණ ගන්නේ ය.

ඉධ පනානන්‍ද එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස කොධමානො අධිගතො හොති. සමයෙන සමයඤ‍්චස‍්ස වචීසංසාරා උප‍්පජ‍්ජන‍්ති. තස‍්ස සවණෙනපි අකතං හොති. බාහුසච‍්චෙනපි අකතං හොති. දිට‍්ඨියාපි අප‍්පටිවිද‍්ධං හොති. සාමයිකම‍්පි විමුත‍්තිං න ලභති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා හානාය පරෙති නො විසෙසාය, හානගාමීයෙව හොති නො විසෙසගාමී. (5)

ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලකු විසින් ක්‍රෝධමානය අධිගත වෙයි. කලින් කල ඔහට වචීසංසාරයෝ (අල්ලාපසල්ලාප වචන) උපදනාහ. ඔහු විසින් කණිනුදු කළමනා නො කරන ලද වෙයි. වැරයෙනුදු කළමනා නො කරන ලද වෙයි. නුවණිනුදු නො පිළිවිදිනා ලද වෙයි. සාමයික විමුක්තිය ද නො ලබන්නේ ය. හේ කාබුන් මරණින් මතු පරිහානියට යෙයි. විශේෂයට නො යෙයි. හානගාමී ම වෙයි, විශේෂගාමී නො වෙයි. (5)

ඉධ පනානන්‍ද එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස කොධමානො අධිගතො හොති. සමයෙන සමයඤ‍්චස‍්ස වචීසංසාරා උප‍්පජ‍්ජන‍්ති. තස‍්ස සවණෙනපි කතං හොති බාහුසච‍්චෙනපි කතං හොති. දිට‍්ඨියාපි පටිවිද‍්ධං හොති. සාමයිකම‍්පි විමුත‍්තිං ලභති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා විසෙසාය පරෙති නො හානාය. විසෙසගාමීයෙව හොති, නො හානගාමී. (6)

ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයකු විසින් ක්‍රෝධමානය අධිගත වෙයි. ඔහට කලින් කල වචීසංසාරයෝ උපදිත්. ඔහු විසින් ශ්‍රවණයෙනුදු කරන ලද වෙයි. බහුශ්‍රැතභාවයෙනුදු කරන ලද වෙයි. දෘෂ්ටියෙනුදු පිළිවිදිනා ලද වෙයි. සාමයික විමුක්තිය ද ලබයි. හෙ කාබුන් මරණින් මතු විශේෂයට යෙයි. පරිහානියට නො යෙයි. විශේෂගාමී ම වෙයි, හානගාමී නො වෙයි. (6)

තත්‍රානන්‍ද පමාණකා පමිණනන‍්ති: ඉමස‍්සපි තෙව ධම‍්මා, අපරස‍්සපි තෙව ධම‍්මා. කස‍්මා තෙසං එකො හීනො, එකො පණීතොති? තං හි තෙසං ආනන්‍ද හොති දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය.

ආනන්‍දයෙනි, එහි ලා ප්‍රාමාණිකයෝ ප්‍රමාණ කරත්: මොහුගේ ද එ ම ධර්‍මයෝ ම වෙති, අනෙකාගේ ද එ ම ධර්‍මයෝ වෙති. කවර හෙයින් ඔවුනතුරෙන් එකෙක් හීන වේ ද, එකෙක් ප්‍රණීත වේ දැ?යි. ආනන්‍දයෙනි, ඔවුන්ගේ එ ප්‍රමාණ කරණය දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි.

තත්‍රානන්‍ද යස‍්ස පුග‍්ගලස‍්ස කොධමානො අධිගතො හොති. සමයෙන සමයඤ‍්චස‍්ස වචීසංසාරා උප‍්පජ‍්ජන‍්තී. තස‍්ස සවණෙනපි කතං හොති බාහුසච‍්චෙනපි කතං හොති. දිට‍්ඨියාපි සුප‍්පටිවිද‍්ධං හොති. සාමයිකම‍්පි විමුත‍්තිං ලභති. අයං ආනන්‍ද පුග‍්ගලො අමුනා පුරිමෙන පුග‍්ගලෙන අභික‍්කන‍්තතරො ච පණීතතරො ච. තං කිස‍්ස හෙතු: ඉමං හානන්‍ද පුග‍්ගලං ධම‍්මසොතො නිබ‍්බහති. තදන‍්තරං කො ජානෙය්‍ය අඤ‍්ඤත්‍ර තථාගතෙන?

ආනන්‍දයෙනි, එහි ලා යම් පුඟුලකු විසින් ක්‍රෝධමානය අධිගත වේ නම්, කලින් කල ද ඔහට වචීසංසාරයෝ උපදනාහු නම්, ශ්‍රවණයෙනුදු කරන ලද වේ නම්, බහුශ්‍රුත භාවයෙනුද කරන ලද වේ නම්, දෘෂ්ටියෙනුදු පිළිවිදිනාලද වේ නම්, සාමයික විමුක්තිය ද ලබා නම්, ආනන්‍දයෙනි, මෙ පුඟුල් අසු පළමු පුඟුලාගෙන් විශිෂ්ටතර ද ප්‍රණීතතර ද වෙයි. ඒ කවර හෙයින යත්: ආනන්‍දයෙනි, (තියුණු විදර්‍ශනාඥාන සඞ්ඛ්‍යාත) ධර්‍මස්‍රෝතස මෙ පුඟුල් ආර්‍ය්‍යභූමියට පමුණුවයි. තථාගතයන් මුත් කවරෙක් ඒ කරුණ දන්නේ ද?

තස‍්මාතිහ ආනන්‍ද මා පුග‍්ගලෙසු පමාණකා අහුවත්‍ථ, මා පුග‍්ගලෙසු පමාණං ගණ‍්හිත්‍ථ. ඛඤ‍්ඤති හානන්‍ද පුග‍්ගලෙසු පමාණං ගණ‍්හන‍්තො.

ආනන්‍දයෙනි, එහෙයින් ම මෙ කරුණෙහි ලා පුඟුලන් කෙරෙහි ප්‍රාමාණක නො වව. පුඟුලන් කෙරෙහි ප්‍රමාණය නහමක් ගණුව. ආනන්‍දයෙනි, පුඟුලන් කෙරෙහි පමණ ගන්නේ (උන්) ගුණ සාරාලයි.

අහං වා ආනන්‍ද පුග‍්ගලෙසු පමාණං ගණ‍්හෙය්‍යං, යො වා පනස‍්ස මාදිසො.

ආනන්‍දයෙනි, මම හෝ අවශ්‍යයෙන් පුඟුලන් කෙරෙහි පමණ ගන්නෙමි. යමෙක් මා සේ බුදු වේ නම්, හේ හෝ පුඟුලන් කෙරෙහි පමණ ගන්නේ ය.

කා චානන්‍ද මිගසාලා උපාසිකා බාලා අව්‍යත‍්තා අම‍්බකා අම‍්බකපඤ‍්ඤා? කෙ ච පුරිසපුග‍්ගලපරොපරියඤාණෙ?

ආනන්‍දයෙනි, බාල වූ අව්‍යක්ත මාගම් වූ මාගම්නුවණ ඇති මිගසාලා උවැසි කවර? පුරුෂපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරතාඥානයෙහි තථාගතවරයෝ කවරහ?

ඉමෙ ඛො ආනන්‍ද ඡ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානො ලොකස‍්මිං.

ආනන්‍දයෙනි, මෙ (සොරතයෝ දෙදෙන ය, අධිගත කෝධ මාන ලෝභ ඇති දෙදෙන ය, අධිගත කෝධමාන වචීසංසාර ඇති දෙදෙන ය යන) පුද්ගලයෝ සදෙන ලොව්හි විද්‍යමානයහ.

යථාරූපෙන ආනන්‍ද සීලෙන පුරාණො සමන‍්නාගතො අහොසි, තථාරූපෙන සීලෙන ඉසිදත‍්තො සමන‍්නාගතො අභවිස‍්ස, නයිධ පුරාණො ඉසිදත‍්තස‍්ස ගතිම‍්පි අඤ‍්ඤස‍්ස. යථාරූපාය ච ආනන්‍ද පඤ‍්ඤාය ඉසිදත‍්තො සමන‍්නාගතො අහොසි. තථාරූපාය පඤ‍්ඤාය පුරාණො සමන‍්නාගතො අභවිස‍්ස, නයිධ ඉසිදත‍්තො පුරාණස‍්ස ගතිම‍්පි අඤ‍්ඤස‍්ස. ඉති ඛො ආනන්‍ද ඉමෙ පුග‍්ගලා උභො එකඞ‍්ගහීනාති.

ආනන්‍දයෙනි, පුරාණ යම්බඳු ශීලයෙකින් සමන්‍වාගත වී ද, ඉසිදත්ත එබඳු ශීලයෙන් සමන්‍වාගත වී නම්, මෙ කරුණෙහි ලා පුරාණ තෙමේ ඉසිදත්තයන්ගේ ඥානගතිය ද නො ම දන්නේ ය. ආනන්‍දයෙනි, ඉසිදත්ත යම්බඳු ප්‍රඥායෙකින් සමන්‍වාගත වී ද, එබඳු වූ ප්‍රඥායෙන් පුරාණ සමන්‍වාගත වී නම්, මෙ කරුණෙහි ලා ඉසිදත්ත තෙමේ පුරාණයන්ගේ ඥානගතිය ද නො ම දන්නේ වෙයි. ආනන්‍දයෙනි, මෙසේ මෙ පුඟුලෝ දෙදෙන එක් එක් අඞ්ගයෙකින් (ගුණයෙකින්) හීනයහ යි.

(පුරාණ, ශීලයෙන් ද, ඉසිදත්ත ප්‍රඥායෙන් ද විශේෂී විය. පුරාණයන්ගේ ශීලය ඉසිදත්තයන්ගේ ප්‍රඥාස්ථානයෙහි ද, ඉසිදත්තයන්ගේ, ප්‍රඥාව පුරාණයන්ගේ ශීලස්ථානයෙහි ද විය. පුරාණ ශීලයෙන් ද ඉසිදත්ත ප්‍රඥායෙන් ද විශේෂවීය - යනු භාවයි.)