යෙදුමෙන් කියවන්න

දුතිය අපරිහාන සුත‍්තං

6. 1. 4. 3.

6. 1. 4. 3.

[දුතිය අපරිහාන සුත‍්තං]

[දුතිය අපරිහාන සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

33. ඉමං භික‍්ඛවෙ රත‍්තිං අඤ‍්ඤතරා දෙවතා අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා යෙනාහං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා මං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතා ඛො භික‍්ඛවෙ සා දෙවතා මං එතදවොච:

33. මහණෙනි, මෙ රෑහි අන්‍යතර දේව පුත්‍රයෙක් රෑ පෙරයම් ඉක්මයත් ම මුළු දෙව්රම බබුළුවා මා වෙත එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස්හි සිටි ඒ දෙවි මට තෙල කරුණ සැළ කෙළේය:

“ඡයිමෙ භන‍්තෙ ධම‍්මා භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්ති.

“වහන්ස, මෙ ධර්‍මයෝ සදෙනෙක් භික්‍ෂුහුගේ නො පිරිහීමට වැටෙත්.

කතමෙ ඡ: සත්‍ථුගාරවතා, ධම‍්මගාරවතා, සඞ‍්ඝගාරවතා, සික‍්ඛාගාරවතා, හිරිගාරවතා, ඔත‍්තප‍්පගාරවතා. ඉමෙ ඛො භන‍්තෙ ඡ ධම‍්මා භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්තීති.”

කවර සයෙක යත්: සත්‍ථුගාරවතා හා ධම්මගාරවතා හා සඞ්ඝගාරවතා හා සික්ඛාගාරවතා හා හිරිගාරවතා හා ඔත්තප්පගාරවතා හා යි. වහන්ස, මෙ ධර්‍මයෝ සදෙන භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙති.”

ඉදමවොච භික‍්ඛවෙ සා දෙවතා ඉදං වත්‍වා මං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා තත්‍වෙවන‍්තරධායීති.

මහණෙනි, එ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එතන්හි ම අතුරුදන් වී ය යි.

13. සත්‍ථුගරු ධම‍්මගරු සඞ‍්ඝෙ ච තිබ‍්බගාරවො හිරිඔත‍්තප‍්පසම‍්පන‍්නො සප‍්පතිස‍්සො සගාරවො අභබ‍්බො පරිහානාය නිබ‍්බානස‍්සෙව සන‍්තිකෙති.

13. ශාස්තෘන් කෙරෙහි ගෞරව ඇති, ධර්‍මය කෙරෙහි ගෞරව ඇති, සඟුන් කෙරෙහිදු තීව්‍රගෞරව ඇති, හිරිඔතප් සපන්, ප්‍රතිශය (මහල්ලන් කෙරෙහි යටත් පැවැතුම්) ඇති, ගෞරවසහිත මහණ පිරිහීමට අභව්‍ය වෙයි. නිවන් වෙතැ ම වූයේ ය.