මොග්ගල්ලාන සුත්තං
6. 1. 4. 4.
6. 1. 4. 4.
[මොග්ගල්ලාන සුත්තං]
[මොග්ගල්ලාන සූත්‍රය]
34. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: කතමෙසානං දෙවානං එවං ඤාණං හොති “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති.
34. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එකල්හි ඒකාකී වූ පිළිසලනෙහි යෙදුනු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ගේ සිත්හි මෙබඳු පරිවිතර්කයෙක් පාළවිය: “කවර නම් දෙවිකෙනකුන්ට අපායට නොහෙන සැහැවි ඇති, නිවණට නියත වූ, සත්‍යාවබෝධය පරායණ කොටැති, සෝවන් පුඟුලමෝ වම්හ”යි යන මෙබඳු ඥානයෙක් වේ දැයි”යි.
තෙන ඛො පන සමයෙන තිස්සො නාම භික්ඛු අධුනා කාලකතො අඤ්ඤතරං බ්රහ්මලොකං උපපන්නො හොති. තත්රපි නං එවං ජානන්ති: “තිස්සො බ්රහ්මා මහිද්ධිකො මහානුභාවො”ති.
එ සමයෙහි කලුරිය කළ තිස්ස නම් මහණ අන්‍යතර බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේ වෙයි. එහිදු “තිස්ස බ්‍රහ්ම මහ ඉදුහ ඇත්තේය, මහ අනුභාව ඇත්තේය”යි වෙසෙසින් ඔහු හඳුනත්.
අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එව මෙව ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසි. අද්දසා ඛො තිස්සො බ්රහ්මා ආයස්මන්තං මහාමොග්ගල්ලානං දූරතොව ආගච්ඡන්තං දිස්වාන ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච:
ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගුකරන්නේ හෝ දික්කළ අතක් හකුළන්නේ හෝ යම් සේ නම්, එ පරිද්දෙන් ම ජේතවනයෙහි අතුරුදන්වූවාහු එ බඹලොව්හි පාළ වූහ. තිස්ස බ්‍රහ්මයා වඩනා ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් දුරින් ම දුටුයේ ම ය. දැක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්හට තෙල කීය:
“එහි ඛො මාරිස මොග්ගල්ලාන, සාගතං මාරිස මොග්ගල්ලාන, චිරස්සං ඛො මාරිස මොග්ගල්ලාන, ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීද මාරිස, මොග්ගල්ලාන, ඉදමාසනං පඤ්ඤත්තන්ති.” නිසීදි ඛො ආයස්මා මහා මොග්ගල්ලානො පඤ්ඤත්තෙ ආසනෙ.
“නිදුක, මුගලනෙනි, මොබැ එව, නිදුක, මුගලන, ස්වාගතයැ, නිදුක මෞද්ගල්‍යානයෙනි, මෙහි ඊම සඳහා බොහෝ කලෙකින් මෙ පර්‍ය්‍යාය (වාරය) කෙළේ ය. නිදුක මුගලන, මෙ අස්න පණවන ලද. හිඳිනු මැනැවැ”යී. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ පැන් වූ අස්නෙහි හිඳගත්හ.
තිස්සොපි ඛො බ්රහ්මා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තිස්සං බ්රහ්මානං ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච:
තිස්සබ්‍රහ්ම ද ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස්හි හුන් තිස්සබ්රහ්මහට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තෙල කීහ:
“කතමෙසානං ඛො තිස්ස, දෙවානං එවං ඤාණං හොති: සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා?”ති.
තිස්සයෙනි, “අපායට නො හෙන සැහැවි ඇති, නිවණට නියත වූ සත්‍යාවබෝධය පරායණ කොට ඇති, සෝවන් පුඟුලමෝ වම්හ” යන මෙ අයුරින් කවර නම් දෙවිකෙනකුන්ට ඥානයෙක් වේ දැ?”යි.
චාතුම්මහාරාජිකානං ඛො මාරිස මොග්ගල්ලාන, දෙවානං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණාති.”
නිදුක, මුගලනෙනි, “(අපි) අපායට නොහෙන සැහැවි ඇති, නිවණට නියතවූ, සම්බෝධි පරායණ කොට ඇත, සෝවන් පුඟුලමෝ වම්හ” යන මෙබඳු ඥානයෙක් සිවුමහරජය වැසි දෙවියනට වන්නේ යි.
සබ්බෙසඤ්ඤෙව නු ඛො තිස්ස චාතුම්මහාරාජිකානං දෙවානං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා?”ති.
තිස්සයෙනි, “අපි අවිනිපාත ධර්ම වූ, නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානය සිවුමහ රජය වැසි හැම දෙවියනට වේ දැ?”යි.
න ඛො මාරිස මොග්ගල්ලාන, සබ්බෙසං චාතුම්මහාරාජිකානං දෙවානං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාත ධම්මා නියතා සම්බොධිපරායණා”ති. යෙ ඛො තෙ මාරිස මොග්ගල්ලාන, චාතුම්මහාරාජිකා දෙවා බුද්ධෙ අවෙච්චප්පසාදෙන අසමන්නාගතා ධම්මෙ අවෙච්චප්පසාදෙන අසමන්නාගතා සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන අසමන්නාගතා අරියකන්තෙහි සීලෙහි අසමන්නාගතා, න තෙසං දෙවානං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති. යෙ ව ඛො තෙ මාරිස මොග්ගල්ලාන, චාතුම්මහාරාජිකා දෙවා බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා අරියකන්තෙහි සීලෙහි සමන්නාගතා, තෙසං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති.
නිදුක, මෞද්ගල්‍යායනයෙනි, “අපි අවිනිපාත වූ, නියත වූ සම්බෝධි පරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙ ඥානය හැම චාතුර්මහාරාජික දෙවියනට නොවන්නේ ය. මෞද්ගල්‍යායනයෙනි, යම් ඒ චාතුම්මහාරාජික දෙවිකෙනෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් (අධිගත සෝවන්පල පැහැදීමෙන්) සමන්වාගත නොවෙත් නම්, ධර්මයෙහි අචල ප්‍රසාදයෙන් සමන්වාගත නොවෙත් නම්, සඟුරුවන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්වාගත නො වෙත් නම්, ආර්‍ය්‍යකාන්ත (මාර්ගඵල) ශීලයෙන් සමන්වාගත නොවෙත් නම්, එ දෙවියනට “අපි අවිනිපාත ධර්ම වූ නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානය නොවන්නේ ය. නිදුක, මෞද්ගල්‍යායනයෙනි, යම් එ චාතුම්මහාරාජික දෙවිකෙනෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්වාගත වෙත් නම්, ධර්මයෙහි අචල ප්‍රසාදයෙන් සමන්වාගත වෙත් නම්, සඞ්ඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්වාගත වෙත් නම්, ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්වාගත වෙත් නම්, ඔවුනට “අපි අවිනිපාත වූ නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්න යම්හ” යන මෙබඳු ඥානය වන්නේ ය.
චාතුම්මහාරාජිකානඤ්ඤෙව නු ඛො තිස්ස, දෙවානං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති උදාහු තාවතිංසානම්පි දෙවානං -පෙ- යාමානම්පි දෙවානං -පෙ- තුසිතානම්පි දෙවානං -පෙ- නිම්මාණරතීනම්පි දෙවානං -පෙ- පරනිම්මිතවසවත්තිනම්පි දෙවානං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා?”ති.[-පෙ-]
තිස්සයෙනි, “අපි අවිනිපාත වූ නියත වූ සම්බෝධි පරායණ වූ සෝතාපන්නයම්හ”යන මෙබඳු ඥානය චාතුම්මහාරාජික දෙවියන්ට ම වේ ද? නොහොත් තාවතිංස දෙවියනට ද … යාම දෙවියනට ද … තුසිත දෙවියනට ද … නිම්මාණරතී දෙවියනට ද … පරනිම්මිත වසවත්තී දෙවියනට ද … “අවිනිපාතධම්ම වූ නියත වූ සම්බෝධි පරායණ වූ, ස්‍රෝතාපන්නයම්හ”යි මෙබඳු ඥානය වේ ද? (...)
පරනිම්මිතවසවත්තිනම්පි ඛො මාරිස, දෙවානං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති.
නිදුක, මුගලනයෙනි, පරනිම්මිත වසවත්තී දෙවියනට ම “අපි අවිනිපාත ධර්ම වූ නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානය වන්නේ ය.
සබ්බෙසඤ්ඤෙව නු ඛො තිස්ස, පරනිම්මිතවසවත්තීනං දෙවානං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා?”ති.
තිස්සයෙනි, හැම පරනිම්මිත වශවර්ත්ති දෙවියන්ට ම “අපි අවිනිපාත ධර්ම වූ නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානය වේ දැ?යි.
න ඛො මාරිස, මොග්ගල්ලාන, සබ්බෙසඤ්ඤෙව පරනිම්මිතවසවත්තීනං දෙවානං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති. යෙ ඛො තෙ මාරිස, මොග්ගල්ලාන, පරනිම්මිතවසවත්තී දෙවා බුද්ධෙ අවෙච්චප්පසාදෙන අසමන්නාගතා ධම්මෙ අවෙච්චප්පසාදෙන අසමන්නාගතා සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන අසමන්නාගතා අරියකන්තෙහි සීලෙහි අසමන්නාගතා, න තෙසං දෙවානං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති. යෙ ච ඛො තෙ මාරිස මොග්ගල්ලාන, පරනිම්මිතවසවත්ති දෙවා බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා අරියකන්තෙහි සීලෙහි සමන්නාගතා, තෙසං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති.
නිදුක, මෞද්ගල්‍යානයෙනි, හැම පරනිම්මිත වසවත්තී දෙවියනට ම “අපි අවිනිපාත ධර්ම වූ නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානය නො වෙයි. නිදුක, මුගලනයෙනි, යම් පරනිම්මිත වශවර්‍තති දෙවිකෙනෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්වාගත නොවෙත් නම්, ධර්මයෙහි අචල ප්‍රසාදයෙන් සමන්වාගත නො වෙත් නම්, සඞ්ඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්වාගත නො වෙත් නම්, ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්වාගත නො වෙත් නම්, එ දෙවියනට “අපි අවිනිපාත ධර්ම වූ නියත වූ සම්බෝධි පරායණවූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානයෙක් නො වේ. නිදුක, මුගලනෙනි, යම් (පරානිම්මිත වශවර්ති) දෙවිකෙනෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්වාගත වෙත් නම්, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්වාගත වෙත් නම්, සඞ්ඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්වාගත වෙත් නම්, ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්වාගත වෙත් නම්, ඔවුනට “අපි අවිනිපාත ධර්ම වූ නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානය වන්නේ ය යි.
අථ ඛො ආයස්මා මහා මොග්ගල්ලානො තිස්සස්ස බ්රහ්මුනො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව බ්රහ්මලොකෙ අන්තරහිතො ජෙතවනෙ පාතුරහොසීති.
ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ තිස්ස බ්‍රහ්මයාගේ භාෂිතය සතුටින් පිළිගෙණ අනුමෝදනා කොට බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දික්කරණුයේ හෝ දික්කළ අතක් හකුළනුයේ යම් සේ වේ නම්, එසෙයින් ම බ්‍රහ්මලෝකයෙහි අතුරුදන්ව ජේතවනයෙහි පහළ වූහ.