යෙදුමෙන් කියවන්න

හිමවන‍්ත සුත‍්තං

6. 1. 3. 4.

6. 1. 3. 4.

[හිමවන‍්ත සුත‍්තං]

[හිමවන්ත සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

24. ඡහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු හිමවන‍්තං පබ‍්බතරාජං පදාලෙය්‍ය, කො පන වාදො ඡවාය අවිජ‍්ජාය.

24. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ හිමවත් පර්‍වතරාජයා බිඳලන්නේය. ලාමක අවිද්‍යා පිළිබඳ කවර කථායෙක.

කතමෙහි ඡහි.

කවර සයෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සමාධිස‍්ස සමාපත‍්තිකුසලො හොති. සමාධිස‍්ස ඨිතිකුසලො හොති. සමාධිස‍්ස වුට‍්ඨානකුසලො හොති. සමාධිස‍්ස කල‍්ලතාකුසලො හොති. සමාධිස‍්ස ගොචරකුසලො හොති. සමාධිස‍්ස අභිනීහාරකුසලො හොති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ සමාධියට සමවැදුම්හි කුශල වෙයි. සමාධි ස්ථිතියෙහි කුශල වෙයි. සමාධියෙන් නැගී සිටුමෙහි කුශල වෙයි. සමාධි කල්‍යතායෙහි (සමාධිසිත පැහැදවීමෙහි) කුශල වෙයි. සමාධිගෝචරයෙහි (කුශල අරමුණෙහි) කුශල වෙයි. සමාධි අභිනීහාරයෙහි (මතු මතු සමවත් සමවැදුම පිණිස ප්‍රථමධ්‍යානාදි සමවත් එළවීමෙහි) කුශල වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ ඡහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු හිමවන‍්තං පබ‍්බතරාජං පදාලෙය්‍ය. කො පන වාදො ඡවාය අවිජ‍්ජායාති.

මහණෙනි, මෙ ස කරුණින් සමන්‍වාගත මහණ හිමවත් පර්‍වතරාජයා (වුව) බිඳලන්නේ ය. ලාමක අවිද්‍යාව පිළිබඳ කවර කථා ය යි.