වග‍්ගාතිරෙක සුත‍්තානි අට‍්ඨකථා
වග‍්ගාතිරෙක සුත‍්තානි
වර්ගාතිරෙක සූත්‍ර
භත‍්තුද‍්දෙසකාදීනං විනිච‍්ඡයකථා සමන‍්තපාසාදිකාය විනයට‍්ඨකථායං (චූළව· අට‍්ඨ· 325) වුත‍්තනයෙන වෙදිතබ‍්බාති. සම‍්මතො න පෙසෙතබ‍්බොති පකතියා සම‍්මතො “ගච‍්ඡ භත‍්තානි උද‍්දිසාහී”ති න පෙසෙතබ‍්බො.
භත්තුද්දෙසකාදීන්ගේ විනිශ්චය කථාව සමන්තපාසාදිකා විනයට්ඨකථාවෙහි කියනලද ක්‍රමයෙන්ම දතයුතුය. සම්මතො න පෙසෙතබ්බො යනු ප්‍රකෘතියෙන් සම්මත වූයේ යව, බත් උදෙසවයි නොයැවිය යුතුය,
සාටියග‍්ගාහාපකොති වස‍්සිකසාටිකාය ගාහාපකො. පත‍්තග‍්ගාහාපකොති “යො ච තස්සා භික්ඛුපරිසාය පත්තපරියන්තො, සො තස්ස භික්ඛුනො පදාතබ‍්බො”ති එත්‍ථ වුත‍්තපත‍්තග‍්ගාහාපකො.
සාටියගාහාපකො යනු වැසිසළුව ගන්වන්නායි, පත්තගාහාපකො යනු “යො ච තස්සා භික්ඛුපරිසාය පත්තපරියන්තො සො තස්ස භික්ඛුනො පදාතබ්බො”යි මෙහි කියන ලද පාත්‍රය ගන්වන්නායි,
ආජීවකොති නග‍්ගපරිබ‍්බාජකො. නිගණ‍්ඨොති පුරිමභාගප‍්පටිච‍්ඡන‍්නො. මුණ‍්ඩසාවකොති නිගණ‍්ඨසාවකො. ජටිලකොති තාපසො. පරිබ‍්බාජකොති ඡන‍්නපරිබ‍්බාජකො. මාගණ‍්ඩිකාදයොපි තිත්‍ථියා එව. එතෙසං පන සීලෙසු පරිපූරකාරිතාය අභාවෙන සුක‍්කපක‍්ඛො න ගහිතො. සෙසමෙත්‍ථ උත‍්තානමෙවාති.
ආජීවකො යනු නග්න පිරිවැජියායි, නිගණ්ඨො යනු මුල් කොටස වසන ලද්දේයි, බුඩ්ඪසාවකො යනු නිගණ්ඨ ශ්‍රාවකයායි, ජටිලකො යනු තවුසායි, පරිබ්බාජකො යනු වැසුණු පිරිවැජියායි, මාගන්දිකා යනාදීහු ද තීර්ථකයෝමයි, මොවුන්ගේ ශීලයන් සම්පුර්‍ණ කිරීමේ අභාවයෙන් යහපත් අංශය නොගන්නා ලදි. සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
මනොරථපූරණියා අඞ‍්ගුත‍්තරනිකාය-අට‍්ඨකථාය පඤ‍්චකනිපාතස‍්ස සංවණ‍්ණනා නිට‍්ඨිතා.
මනොරථපූරණී නම්වූ අංගුත්තරනිකායට්ඨ කථාවෙහි පඤ්චක නිපාත වර්‍ණනාව නිමියේයි.