මච‍්ඡරියසංයොජන සුත‍්තං
7. 1. 1. 10.
7. 1. 1. 10.
[මච‍්ඡරියසංයොජන සුත‍්තං]
[මච්ඡරියසංයෝජන සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
10. සත‍්තිමානි භික‍්ඛවෙ, සඤ‍්ඤොජනානි: කතමානි සත‍්ත:
10. මහණෙනි, මෙ සංයෝජන සතෙකි. කවර සතෙක යත්:
අනුනයසඤ‍්ඤොජනං, පටිඝසඤ‍්ඤොජනං, දිට‍්ඨිසඤ‍්ඤොජනං, විචිකිච‍්ඡාසඤ‍්ඤොජනං, මානසඤ‍්ඤොජනං, ඉස‍්සාසඤ‍්ඤොජනං, මච‍්ඡරියසඤ‍්ඤොජනං
අනුනයසංයෝජන ය, පටිඝසංයෝජන ය, දිට්ඨිසංයොජන ය, විචිකිච්ඡාසංයෝජන ය, මානසංයෝජන ය, ඉස්සාසංයොජන ය, මච්ඡරියසංයෝජන යි.
ඉමානි ඛො භික‍්ඛවෙ, සත‍්ත සඤ‍්ඤොජනානීති.
මහණෙනි, මෙ සත් සංයෝජන යි.
ධනවග‍්ගො පඨමො.
ධන වර්‍ගය පළමු වැනි යි.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
ද‍්වෙපියානි බලංධනං, සඞ‍්ඛිත‍්තංචෙව විත්‍ථතං උග‍්ගංසඤ‍්ඤොජනංචෙව පහානං මච‍්ඡරියෙනචා’ති.
පිය සූත්‍ර දෙක ය, බල සූත්‍ර දෙක ය, සඞ්ඛිත්තධන සූත්‍රය, විත්‍ථතධන සූත්‍රය, උග්ග සූත්‍ර ය, සඤ්ඤෝජන සූත්‍ර ය, සඤ්ඤොජනප්පහාණ සූත්‍ර ය, මච්ඡරියසඤ්ඤෝජන සූත්‍ර ය දැයි දසයෙකි.