යෙදුමෙන් කියවන්න

සඤ‍්ඤොජනප‍්පහාන සුත‍්තං

7. 1. 1. 9.

7. 1. 1. 9.

[සඤ‍්ඤොජනප‍්පහාන සුත‍්තං]

[සඤ්ඤෝජනප්පහාන සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

9. සත‍්තන‍්නං භික‍්ඛවෙ, සඤ‍්ඤොජනානං පහානාය සමුච‍්ඡෙදාය බ්‍රහ‍්මචරියං වුස‍්සති. කතමෙසං සත‍්තන‍්නං:

9. මහණෙනි, සංයෝජන සතක්හුගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බඹසර වසනු ලැබේ. කවර සතක්හුගේ ය යත්:

අනුනයසඤ‍්ඤොජනස‍්ස පහානාය සමුච‍්ඡෙදාය බ්‍රහ‍්මචරියං වුස‍්සති. පටිඝසඤ‍්ඤොජනස‍්ස -පෙ- දිට‍්ඨිසඤ‍්ඤොජනස‍්ස -පෙ- විචිකිච‍්ඡාසඤ‍්ඤොජනස‍්ස -පෙ- මානසඤ‍්ඤොජනස‍්ස -පෙ- භවරාගසඤ‍්ඤොජනස‍්ස -පෙ- අවිජ‍්ජාසඤ‍්ඤොජනස‍්ස පහානාය සමුච‍්ඡෙදාය බ්‍රහ‍්මචරියං වුස‍්සති.

අනුනය සංයෝජනයාගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බඹසර වසනු ලැබේ. ප්‍රතිඝසංයෝජනයාගේ ප්‍රහාණය සඳහා ... දෘෂ්ටිසංයෝජනයාගේ ... විචිකිච්ඡාසංයෝජනයාගේ … මානසංයෝජනයාගේ … භවරාගසංයෝජනයාගේ ... අවිද්‍යාසංයෝජනයාගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බ්‍රම්සර වැසේ.

ඉමෙසං ඛො භික‍්ඛවෙ, සත‍්තන‍්නං සඤ‍්ඤොජනානං පහානාය සමුච‍්ඡෙදාය බ්‍රහ‍්මචරියං වුස‍්සති.

මහණෙනි, මෙ සංයෝජන සත ප්‍රහාණය කරණු සඳහා සමුච්ඡේදය සඳහා බ්‍රහ්මචර්‍ය්‍යය වසනු ලැබේ.

යතො ච ඛො භික‍්ඛවෙ භික‍්ඛුනො අනුනය සඤ‍්ඤොජනං පහීනං හොති උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවකතං ආයතිං අනුප‍්පාදධම‍්මං -පෙ- පටිඝසඤ‍්ඤොජනං -පෙ- දිට‍්ඨිසඤ‍්ඤොජනං -පෙ- චිකිච‍්ඡාසඤ‍්ඤොජනං -පෙ- මානසඤ‍්ඤොජනං -පෙ- භවරාගසඤ‍්ඤොජනං -පෙ- අවිජ‍්ජාසඤ‍්ඤොජනං පහීනං හොති උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවකතං ආයතිං අනුප‍්පාදධම‍්මං, අයං වුච‍්චති භික‍්ඛවෙ, භික‍්ඛු අච‍්ඡෙච‍්ඡි තණ‍්හං, වාවත‍්තයි සඤ‍්ඤොජනං, සම‍්මා මානාභි සමයා අන‍්තමකාසි දුක‍්ඛස‍්සාති.

මහණෙනි, යම්හෙයකින් භික්‍ෂුහුගේ අනුනය සංයෝජනය ප්‍රහීණ වේ ද, උසුන්මුල් ඇතියේ වේ ද, තාලාවස්තුකෘත ද, අන්‍වභාවකෘත ද, මත්තෙහි නූපදනා සැහැවි ඇතියේ ද ... ප්‍රතිඝසංයෝජනය ... දෘෂ්ටිසංයෝජනය ... විචිකිත්සාසංයෝජනය ... මානසංයෝජනය ... භවරාගසංයෝජනය ... අවිද්‍යාසංයෝජන ය ප්‍රහීණ ද උසුන්මුල් ඇතියේ ද, තාලාවස්තුකෘත ද, අන්‍වභාවකෘත ද, මත්තෙහි නූපදනා සැහැවි ඇතියේ ද, මහණෙනි, එහෙයින් මේ මහණ තෘෂ්ණාව සිඳලී යයි ද, සංයෝජන පෙරළාලී යයි ද, මොනොවට මානප්‍රහාණයෙන් සසරදුක් අවසන් කෙළේ ය යි ද කියනු ලැබේ.