නිදානාදිකථා
නිදානාදිකථා
නිදාන ආදී කථා
සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො, චිත්තං පඤ්ඤඤ්ච භාවයං; ආතාපී නිපකො භික්ඛු, සො ඉමං විජටයෙ ජටන්ති. (සං· නි· 1.23);
‘සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤඤ්ච භාවයං ආතාපී නිපකො භික්ඛු සො ඉමං විජටයෙ ජටං’
සිල්හි පිහිටා සිත - පැනද, වඩන පැනැතියේ තවසර නිපුණ යතිවර - තෙමේ මෙගැට ලිහාලයි.
ඉති හිදං වුත්තං, කස්මා පනෙතං වුත්තං, භගවන්තං කිර සාවත්ථියං විහරන්තං රත්තිභාගෙ අඤ්ඤතරො දෙවපුත්තො උපසඞ්කමිත්වා අත්තනො සංසයසමුග්ඝාටත්ථං –
මෙය මෙසේ කියන ලදුයේමැයි; කවුරුන් විසින් මෙය වදාරන ලදුයේද, යත්, සැවැත් නුවර වැඩ වසන භාග්‍යවතුන් වහන්සේ වෙත රාත්‍රිභාගයෙහි එළඹ එක්තරා දේවපුත්‍රයෙක් තමාගේ සැකයක් දුරු කරගනු පිණිස,
අන්තොජටා බහිජටා, ජටාය ජටිතා පජා; තං තං ගොතම පුච්ඡාමි, කො ඉමං විජටයෙ ජටන්ති. (සං· නි· 1.23) –
‘අන්තො ජටා බහි ජටා ජටාය ජටිතා පජා තං තං ගොතම පුච්ඡාමි කො ඉමං විජටයෙ ජටං’
ඇතුළු ගැට පිට ගැට - ලෝසතැ’ත ගැටෙනි වෙළී අසමි හිමි ගොයුමාණෙනි - කවුරු මෙගැට ලිහාදැ’යි
ඉමං පඤ්හං පුච්ඡි. තස්සායං සඞ්ඛෙපත්ථො – ජටාති තණ්හාය ජාලිනියා එතං අධිවචනං. සා හි රූපාදීසු ආරම්මණෙසු හෙට්ඨුපරියවසෙන පුනප්පුනං උප්පජ්ජනතො සංසිබ්බනට්ඨෙන වෙළුගුම්බාදීනං සාඛාජාලසඞ්ඛාතා ජටා වියාති ජටා, සා පනෙසා සකපරික්ඛාරපරපරික්ඛාරෙසු සකඅත්තභාවපරඅත්තභාවෙසු අජ්ඣත්තිකායතනබාහිරායතනෙසු ච උප්පජ්ජනතො අන්තොජටා බහිජටාති වුච්චති. තාය එවං උප්පජ්ජමානාය ජටාය ජටිතා පජා. යථා නාම වෙළුගුම්බජටාදීහි වෙළුආදයො, එවං තාය තණ්හාජටාය සබ්බාපි අයං සත්තනිකායසඞ්ඛාතා පජා ජටිතා විනද්ධා, සංසිබ්බිතාති අත්ථො. යස්මා ච එවං ජටිතා. තං තං ගොතම පුච්ඡාමීති තස්මා තං පුච්ඡාමි. ගොතමාති භගවන්තං ගොත්තෙන ආලපති. කො ඉමං විජටයෙ ජටන්ති ඉමං එවං තෙධාතුකං ජටෙත්වා ඨිතං ජටං කො විජටෙය්ය, විජටෙතුං කො සමත්ථොති පුච්ඡති.
යන මේ ප්රශ්නය ඇසීය. එහි අරුත් සැකෙවින් මෙසේයි: ජටා යනු, අකුලක් වැනි තෘෂ්ණාව හැඟවීම සඳහා වූ අධිවචනයෙකි; එම තෘෂ්ණාව රූපාදී අරමුණු කෙරෙහි යටිකුරු උඩුකුරු වශයෙන් යළි යළිදු ඉපැදීමේ හේතුවෙන්, එකිනෙක පැටලීමේ අරුතින්, හුණ පඳුරු ආදියෙහි අතුපතර එකිනෙක හෙවී පැටලී සෑදුණු දැලක්, නොහොත් අකුලක් වැනි වූ හෙයින් එනම් වේ. ඒ මේ තෘෂ්ණාව වූ කලී තමන් සතුවූ හා අනුන් සතු වූ පරිභෝග වස්තුන් කෙරෙහිද, තමන්ගේ හා අනුන්ගේ ආත්මභාවයන් කෙරෙහිද, අභ්‍යන්තර හා බාහිර ආයතනයන් කෙරෙහිද, උපදනා හෙයින් ‘අන්තො ජටා බහි ජටා’යි කියනු ලැබේ. මෙසේ උපදනා එවන් ගැටයෙන් ලෝක සත්ත්වයා වෙළී පැටලී ඇත. යම්සේ හුණ ආදිය හුණ අකුලින් වෙළී පැටලී ඇත්ද, එසේම එම තෘෂ්ණා නමැති අකුලින් මේ සියලු සත්ත්වකාය සංඛ්‍යාත ලෝක ප්‍රජාව වෙළී පැටලී ගැටගැසී ඇතැ’යි යන අර්‍ත්‍ථයි. යම්හෙයකින් මෙසේ පැටලී ඇත්ද, තං තං ගොතම පුච්ඡාමි යනු, එහෙයින් ඔබ වහන්සේගෙන් විමසමි, ගොතම යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ නම්ගොත් වශයෙන් ඇමතූ නියායි; සො ඉමං විජටයෙ ජටං යනු, මෙසේ මේ ත්‍රිවිධ ලෝකධාතුව වෙළාගෙන පවත්නා ගැට කවරෙක් ලිහාද, ලිහාලීමට කවරෙක් සමත් වේදැ’යි විචාළ නියායි.
එවං පුට්ඨො පනස්ස සබ්බධම්මෙසු අප්පටිහතඤාණචාරො දෙවදෙවො සක්කානං අතිසක්කො බ්රහ්මානං අතිබ්රහ්මා චතුවෙසාරජ්ජවිසාරදො දසබලධරො අනාවරණඤාණො සමන්තචක්ඛු භගවා තමත්ථං විස්සජ්ජෙන්තො –
මෙසේ විචාරණ ලදසේක්, සියලු ධර්මයන් කෙරෙහි නොපැකිලෙන ඥානචාර ඇති, දේවාතිදේව, බ්‍රහ්මාති බ්‍රහ්ම චතුර්වෛශාරද්යවිශාරද, දශබලධාරී, අනාවරණඥානසම්පන්න, සමන්තචක්ඛු වූ භාග්‍යවතුන් වහන්සේ එම අර්ත්ථය විසඳමින්,
සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො, චිත්තං පඤ්ඤඤ්ච භාවයං; ආතාපී නිපකො භික්ඛු, සො ඉමං විජටයෙ ජටන්ති. –
‘සීලෙ පතිට්ඨාය -පෙ- සො ඉමං විජටයෙ ජටං’
ඉමං ගාථමාහ.
යන මේ ගාථාව වදාළ සේක.
ඉමිස්සා දානි ගාථාය, කථිතාය මහෙසිනා; වණ්ණයන්තො යථාභූතං, අත්ථං සීලාදිභෙදනං.
ඉමිස්සාදානි ගාථාය කථිතාය මහෙසිනා වණ්ණයන්තො යථාභූතං අත්ථං සීලාදිභෙදනං
සුදුල්ලභං ලභිත්වාන, පබ්බජ්ජං ජිනසාසනෙ; සීලාදිසඞ්ගහං ඛෙමං, උජුං මග්ගං විසුද්ධියා.
සුදුල්ලභං ලභිත්වාන පබ්බජ්ජං ජිනසාසනෙ සීලාදිසඞ්ගහං ඛෙමං උජුං මග්ගං විසුද්ධියා
යථාභූතං අජානන්තා, සුද්ධිකාමාපි යෙ ඉධ; විසුද්ධිං නාධිගච්ඡන්ති, වායමන්තාපි යොගිනො.
යථාභූතං අජානන්තා සුද්ධිකාමාපි යෙ ඉධ විසුද්ධිං නාධිගච්ඡන්ති වායමන්තාපි යොගිනො
තෙසං පාමොජ්ජකරණං, සුවිසුද්ධවිනිච්ඡයං; මහාවිහාරවාසීනං, දෙසනානයනිස්සිතං.
තෙසං පාමොජ්ජකරණං සුවිසුද්ධවිනිච්ඡයං මහාවිහාරවාසීනං, දෙසනානය නිස්සිතං
විසුද්ධිමග්ගං භාසිස්සං, තං මෙ සක්කච්ච භාසතො; විසුද්ධිකාමා සබ්බෙපි, නිසාමයථ සාධවොති.
විසුද්ධිමග්ගං භාසිස්සං තං මෙ සක්කච්ච භාසතො විසුද්ධිකාමා සබ්බෙපි නිසාමයථ සාධවො’ති
මහාමුනීන්ද්රයන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ ගාථාවෙහි ශීලාදි විස්තර ඇතුළත් අර්ත්ථය මෙතැන් සිට තත් වූ පරිද්දෙන් වර්ණනා කෙරෙමින්, අතිශය දුර්ලභ වූ බුද්ධශාසනයෙහි පැවිදිබව ලැබපවා ශීලාදී වශයෙන් සංග්‍රහ කරනලද, ක්ෂේම වූ සෘජුවූ විශුද්ධි මාර්ගය,
තත්වූ පරිද්දෙන් නොදත් ඇතැම් යෝගීකෙනෙක් මේ ශාසනයෙහි, පිරිසිදුබව පතමින් වීර්ය වඩන්නාහුද විශුද්ධියට නොපැමිණෙත්,
ඔවුන්හට ප්රමෝදජනකවන ආකාරයට ඉතා පිරිසුදු ලෙස විනිශ්චය කොට, මහාවිහාරවාසීන්ගේ දේශනා ක්‍රමය ඇසුරු කරමින්,
විශුද්ධි මාර්ගය පවසන්නෙමි. මවිසින් එසේ කියනු ලබන විශුද්ධි මාර්ගය, විශුද්ධිකාමී සියලු සජ්ජනයෙනි, මනාකොට ශ්‍රවණය කරවු.
තත්ථ විසුද්ධීති සබ්බමලවිරහිතං අච්චන්තපරිසුද්ධං නිබ්බානං වෙදිතබ්බං. තස්සා විසුද්ධියා මග්ගොති විසුද්ධිමග්ගො. මග්ගොති අධිගමූපායො වුච්චති. තං විසුද්ධිමග්ගං භාසිස්සාමීති අත්ථො.
එහි විසුද්ධි යනු, සියලු කෙලෙස්මල විරහිත වූ, අත්‍යන්තයෙන් පරිශුද්ධ වූ නිර්වාණය’යි දතයුතුය. එවන් විශුද්ධියට මගවූ හෙයින් ‘විසුද්ධිමග්ග’ නමි. මග්ගො යනු, අධිගමයට උපායයයි කියනු ලැබේ. එම විශුද්ධි මාර්ගය කියන්නෙමි’යි යන අර්‍ත්‍ථයි.
සො පනායං විසුද්ධිමග්ගො කත්ථචි විපස්සනාමත්තවසෙනෙව දෙසිතො. යථාහ –
ඒ මේ විශුද්ධි මාර්ගය තෙමේ කිසි තැනෙක්හි විදර්ශනා මාත්‍ර වශයෙන් දේශිතයි. යම්සේ වදාළෝද:
“සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති, යදා පඤ්ඤාය පස්සති; අථ නිබ්බින්දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා”ති. (ධ· ප· 277);
‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති යදා පඤ්ඤාය පස්සති අථ නිබ්බින්දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා’
සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ’යි යම්කලෙක ප්‍රඥාවෙන් දකියිද, එවිට සසරදුක් කෙරෙහි කලකිරෙයි, මෙය විශුද්ධියට මාර්ගයයි.
කත්ථචි ඣානපඤ්ඤාවසෙන. යථාහ –
කිසි තැනෙක්හි ධ්යානප්රඥා වශයෙන් දේශිතයි, යම්සේ වදාළෝද:
“යම්හි ඣානඤ්ච පඤ්ඤා ච, ස වෙ නිබ්බානසන්තිකෙ”ති. (ධ· ප· 372);
‘යම්හි ඣානඤ්ච පඤ්ඤා ච ස වෙ නිබ්බාණසන්තිකෙ’
යම් කෙනෙකු, වෙත ධ්‍යානයද, ප්‍රඥාවද ඇතහොත්, ඔහු නිර්වාණය අසලමය.
කත්ථචි කම්මාදිවසෙන. යථාහ –
කිසි තැනෙක්හි කර්මාදි වශයෙන් දේශිතයි. යම්සේ වදාළෝද:
“කම්මං විජ්ජා ච ධම්මො ච, සීලං ජීවිතමුත්තමං; එතෙන මච්චා සුජ්ඣන්ති, න ගොත්තෙන ධනෙන වා”ති. (ම· නි· 3.387; සං· නි· 1.48);
‘කම්මං විජ්ජා ච ධම්මො ච සීලං ජීවිතමුත්තමං එතෙන මච්චා සුජ්ඣන්ති න ගොත්තෙන ධනෙන වා’
කර්මය, විද්‍යාය, ධර්මය, ශීලය, උතුම් දිවිමඟය යන මෙයින් මනුෂ්‍යයෝ පිරිසුදු වෙති, ගෝත්‍රයෙන් හෝ ධනයෙන් එසේ නොවෙති.
කත්ථචි සීලාදිවසෙන. යථාහ –
කිසිතැනෙක්හි ශීලාදි වශයෙන් දේශිතයි. යම්සේ වදාළෝද:
“සබ්බදා සීලසම්පන්නො, පඤ්ඤවා සුසමාහිතො; ආරද්ධවීරියො පහිතත්තො, ඔඝං තරති දුත්තර”න්ති. (සං· නි· 1.96);
‘සබ්බදා සීලසම්පන්නො පඤ්ඤවා සූසමාහිතො ආරද්ධවීරියො පහිතත්තො ඔඝං තරති දුත්තරං’
සියලු කල්හි ශීලසම්පන්න වේද, ප්‍රඥා ඇත්තේද, සන්සුන් සිත් ඇත්තේද, අරඹන ලද වීර්ය ඇත්තේද, පධන්වීර්ය්ය වඩා ඇත්තේද හෙතෙමේ දුකසේ තරණය කළයුතු හොය තරණය කරයි.
කත්ථචි සතිපට්ඨානාදිවසෙන. යථාහ –
කිසි තැනෙක්හි සතිපට්ඨානාදි වශයෙන් දේශිතයි. යම්සේ වදාළෝද:
“එකායනො අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා…පෙ… නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං චත්තාරො සතිපට්ඨානා”ති (දී· නි· 2.373).
‘එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා-පෙ- නිබ්බාණස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා’
‘මහණෙනි, යම් මේ සතර සතිපට්ඨානයෙක් වේද, එය වූකලී සත්ත්වයාගේ විශුද්ධිය පිණිස-පෙ-නිවන් අවබෝධ කිරීම පිණිස ඇති ඒකායන මාර්ගයයි.’
සම්මප්පධානාදීසුපි එසෙව නයො. ඉමස්මිං පන පඤ්හාබ්යාකරණෙ සීලාදිවසෙන දෙසිතො.
සම්යක්ප්රධානාදී විෂයෙහිද, මේ ක්‍රමයමැයි. මෙම ප්රශ්නය විසඳීමෙහිදී වනාහි ශීලාදී වශයෙන් දේශිතයි.
තත්රායං සඞ්ඛෙපවණ්ණනා – සීලෙ පතිට්ඨායාති සීලෙ ඨත්වා, සීලං පරිපූරයමානොයෙව චෙත්ථ සීලෙ ඨිතොති වුච්චති. තස්මා සීලපරිපූරණෙන සීලෙ පතිට්ඨහිත්වාති අයමෙත්ථ අත්ථො. නරොති සත්තො. සපඤ්ඤොති කම්මජතිහෙතුකපටිසන්ධිපඤ්ඤාය පඤ්ඤවා. චිත්තං පඤ්ඤඤ්ච භාවයන්ති සමාධිඤ්චෙව විපස්සනඤ්ච භාවයමානො, චිත්තසීසෙන හෙත්ථ සමාධි නිද්දිට්ඨො. පඤ්ඤානාමෙන ච විපස්සනාති. ආතාපීති වීරියවා. වීරියඤ්හි කිලෙසානං ආතාපනපරිතාපනට්ඨෙන ආතාපොති වුච්චති. තදස්ස අත්ථීති ආතාපී. නිපකොති නෙපක්කං වුච්චති පඤ්ඤා, තාය සමන්නාගතොති අත්ථො. ඉමිනා පදෙන පාරිහාරිකපඤ්ඤං දස්සෙති. ඉමස්මිඤ්හි පඤ්හාබ්යාකරණෙ තික්ඛත්තුං පඤ්ඤා ආගතා. තත්ථ පඨමා ජාතිපඤ්ඤා, දුතියා විපස්සනාපඤ්ඤා, තතියා සබ්බකිච්චපරිණායිකා පාරිහාරිකපඤ්ඤා. සංසාරෙ භයං ඉක්ඛතීති භික්ඛු. සො ඉමං විජටයෙ ජටන්ති සො ඉමිනා ච සීලෙන ඉමිනා ච චිත්තසීසෙන නිද්දිට්ඨසමාධිනා ඉමාය ච තිවිධාය පඤ්ඤාය ඉමිනා ච ආතාපෙනාති ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු. සෙය්යථාපි නාම පුරිසො පථවියං පතිට්ඨාය සුනිසිතං සත්ථං උක්ඛිපිත්වා මහන්තං වෙළුගුම්බං විජටෙය්ය, එවමෙව සීලපථවියං පතිට්ඨාය සමාධිසිලායං සුනිසිතං විපස්සනාපඤ්ඤාසත්ථං වීරියබලපග්ගහිතෙන පාරිහාරිකපඤ්ඤාහත්ථෙන උක්ඛිපිත්වා සබ්බම්පි තං අත්තනො සන්තානෙ පතිතං තණ්හාජටං විජටෙය්ය සඤ්ඡින්දෙය්ය සම්පදාලෙය්ය. මග්ගක්ඛණෙ පනෙස තං ජටං විජටෙති නාම. ඵලක්ඛණෙ විජටිතජටො සදෙවකස්ස ලොකස්ස අග්ගදක්ඛිණෙය්යො හොති. තෙනාහ භගවා –
එහි අර්ත්ථ වර්ණනය සැකෙවින් මෙසේයි: සීලෙ පතිට්ඨාය යනු, සිල්හි පිහිටා, සිල් මැනවින් පුරන්නේම සිල්හි පිහිටියේයයි කියනු ලැබේ, එහෙයින් සිල් පිරීම් වශයෙන් සිල්හි පිහිටා’යි යනු මෙහි අර්‍ත්‍ථයි. නරො යනු, සත්ත්ව තෙමේයි, සපඤ්ඤො යනු, කර්මය හේතුකොට උපන් ත්‍රිහේතුක ප්රතිසන්ධි ප්‍රඥාවෙන් ප්‍රඥා ඇත්තේයි, චිත්තං පඤ්ඤඤ්ච භාවයං යනු, සමාධි හා විදර්ශනා වඩන්නේයි; මෙහි වනාහි ‘චිත්ත’ යනුවෙන් සමාධියද, ‘පඤ්ඤා’ යනුවෙන් විදර්ශනාවද, දක්වන ලදි. ආතාපි යනු, වීර්ය ඇත්තේයි. වීර්යය වනාහි කෙලෙසුන් තවන දවන අරුතින් ‘ආතාප’ යයි කියනු ලැබේ. එය ඇතැයි යන අරුතින් ‘ආතාපී’ නමි. නිපකො යනු, නිපකභාවය ප්‍රඥායයි කියනු ලැබේ. එම ප්‍රඥාවෙන් සමන්විත වූයේ’යි යන අර්‍ත්‍ථයි. මෙම පදයෙන් වනාහි ව්‍යවහාරික ප්‍රඥාව දක්වයි. මෙම පැන විසඳීමෙහිදී වනාහි ප්‍රඥාව තුන් වරක් එයි, එහි පළමුවැන්න සහජ ප්රඥාවයි. දෙවැන්න විදර්ශනා ප්රඥාවයි. තෙවැන්න සියලු කටයුතු හසුරුවන ව්‍යවහාරික ප්රඥාවයි. සසර බිය දකිති’යි ‘භික්ඛු’ නමි. ‘සො ඉමං විජටයෙ ජටං’ යනු, මෙම ශීලයෙන්ද, ‘චිත්ත’ යන ශීර්ෂයෙන් දක්වන ලද මෙම සමාධියෙන්ද, මෙම ත්‍රිවිධ ප්‍රඥාවෙන්ද, මෙම ආතාපී ගුණයෙන්දැයි යන කරුණු සයකින් සමන්විත භික්ෂු තෙමේයි; යම්සේ වනාහි පුරුෂයෙක් තෙමේ පොළෝ මත සිට ඉතා තියුණු සැතක් ඔසවා මහත්වූ හුණ පඳුරක් සිඳ අවුල්හැර හෙලන්නේද, එසේම ශීලයෙහි පිහිටා සමාධි නමැති හණගලෙහි මුවහත් තබනලද විදර්ශනා ප්‍රඥා නමැති සැත වීර්ය බලයෙන් මෙහෙයවන ලද ව්‍යාවහාරික ප්‍රඥා නමැති අතින් ඔසවා ස්වසන්තානයෙහි පවත්නා තෘෂ්ණා නමැති ඒ අකුල මුළුමනින්ම ලිහාලන්නේයි, සිඳලන්නේයි, මුලුසුන් කරන්නේයි; හේ තෙමේ වනාහි මාර්ගක්ෂණයෙහි ඒ තෘෂ්ණාජටාව ලිහාලන්නේය; ඵලක්ෂණයෙහි ලිහාලූ ජටා ඇත්තේ දෙවියන් සහිත ලෝකයාට අග්රදක්ෂිණාර්හ බවට පත්වන්නේය. එහෙයින් වදාළහ භාග්‍යවතුන් වහන්සේ:-
“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො, චිත්තං පඤ්ඤඤ්ච භාවයං; ආතාපී නිපකො භික්ඛු, සො ඉමං විජටයෙ ජට”න්ති. (සං· නි· 1.23);
‘සීලෙ පතිට්ඨාය නරො -පෙ- විජටයෙ ජටං’
තත්රායං යාය පඤ්ඤාය සපඤ්ඤොති වුත්තො, තත්රාස්ස කරණීයං නත්ථි. පුරිමකම්මානුභාවෙනෙව හිස්ස සා සිද්ධා. ආතාපී නිපකොති එත්ථ වුත්තවීරියවසෙන පන තෙන සාතච්චකාරිනා පඤ්ඤාවසෙන ච සම්පජානකාරිනා හුත්වා සීලෙ පතිට්ඨාය චිත්තපඤ්ඤාවසෙන වුත්තා සමථවිපස්සනා භාවෙතබ්බාති ඉමමත්ර භගවා සීලසමාධිපඤ්ඤාමුඛෙන විසුද්ධිමග්ගං දස්සෙති.
එහි යම් ප්‍රඥාවක් හේතුකොට ගෙන ‘සපඤ්ඤො’යි කියන ලද්දේ ද, එය පිළිබඳව කළයුතු කාර්යයක් නොමැත. පෙර කම්පල අනුහසින්ම එය සිද්ධය; ආතාපී නිපකො යන මෙහි ඉහත විස්තර කරන ලද වීර්ය වශයෙන්ද, සතතයෙන් පුරුදු කළ ප්‍රඥා වශයෙන්ද, සියලු කාර්යයෙහි සම්පජානකාරීව (කරන දෙය ගැන දැනුමෙන් යුතුව කරන) ශීලයෙහි පිහිටා, චිත්ත, පඤ්ඤා වශයෙන් විස්තර කරනලද ශමථ විදර්ශනාවන් වැඩිය යුතුය. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ ශීල, සමාධි, ප්‍රඥා වශයෙන් මෙම විශුද්ධිමාර්ගය දක්වති.
එත්තාවතා හි තිස්සො සික්ඛා, තිවිධකල්යාණං සාසනං, තෙවිජ්ජතාදීනං උපනිස්සයො, අන්තද්වයවජ්ජනමජ්ඣිමපටිපත්තිසෙවනානි, අපායාදිසමතික්කමනුපායො, තීහාකාරෙහි කිලෙසප්පහානං, වීතික්කමාදීනං පටිපක්ඛො, සංකිලෙසත්තයවිසොධනං, සොතාපන්නාදිභාවස්ස ච කාරණං පකාසිතං හොති.
මෙතෙකින් වනාහි ශික්ෂාත්රයද, ත්‍රිවිධ කල්‍යාණ ශාසනයද, ත්රිවිද්යාදිය ඉපැදවීම පිළිබඳ උපනිශ්‍රයද, අන්තද්වයයෙන් තොර මධ්‍යම ප්‍රතිපදා සේවනයද, අපායාදිය ඉක්මවන උපායද, තුන් ආකාරයෙන් කෙලෙසුන් ප්රහාණය කිරීමද, ක්ලේශව්යතික්රමාදීන් පිළිබඳ ප්‍රතිපක්ෂයද, සංක්ලේශත්රය විශෝධනයද, ශ්රෝතාපන්නතාදිය පිළිබඳ හේතුවද, ප්‍රකාශ කරන ලද්දේ වේ.
කථං? එත්ථ හි සීලෙන අධිසීලසික්ඛා පකාසිතා හොති, සමාධිනා අධිචිත්තසික්ඛා, පඤ්ඤාය අධිපඤ්ඤාසික්ඛා.
කෙසේද යත්, මෙහි සීල යනුවෙන් අධිශීල ශික්ෂාවද සමාධි යනුවෙන් අධිචිත්ත ශික්ෂාවද, පඤ්ඤා යනුවෙන් අධිප්‍රඥා ශික්ෂාවද, ප්‍රකාශ කරන ලද්දේ වේ.
සීලෙන ච සාසනස්ස ආදිකල්යාණතා පකාසිතා හොති. “කො චාදි කුසලානං ධම්මානං, සීලඤ්ච සුවිසුද්ධ”න්ති (සං· නි· 5.369) හි වචනතො, “සබ්බපාපස්ස අකරණ”න්ති (දී· නි· 2.90) ආදිවචනතො ච සීලං සාසනස්ස ආදි, තඤ්ච කල්‍යාණං, අවිප්පටිසාරාදිගුණාවහත්තා. සමාධිනා මජ්ඣෙකල්යාණතා පකාසිතා හොති. “කුසලස්ස උපසම්පදා”ති (දී· නි· 2.90) ආදිවචනතො හි සමාධි සාසනස්ස මජ්ඣෙ, සො ච කල්යාණො, ඉද්ධිවිධාදිගුණාවහත්තා. පඤ්ඤාය සාසනස්ස පරියොසානකල්යාණතා පකාසිතා හොති. “සචිත්තපරියොදාපනං, එතං බුද්ධාන සාසන”න්ති (දී· නි· 2.90) හි වචනතො, පඤ්ඤුත්තරතො ච පඤ්ඤා සාසනස්ස පරියොසානං, සා ච කල්‍යාණං, ඉට්ඨානිට්ඨෙසු තාදිභාවාවහනතො.
සීල යනුවෙන් ශාසනයෙහි ආදිකල්යණතාව පවසන ලද්දේ වේ. ‘කුශල ධර්මයන්ගේ ආරම්භය කුමක්ද? ඉ-පිරිසුදු ශීලයයි’ ආදී වචනයෙන් ද, ‘සියලු පව්කම් නොකිරීම’ ආදී වචනයෙන්ද, ශීලය ශාසනයෙහි මුලයයි පැවසේ. එය කල්යාණයෙක්ද වේ. විපිළිසරින් මිදීම ආදී ශුභඵල ගෙනදෙන හෙයිනි; සමාධි යනුවෙන් මධ්යකල්යාණතාව ප්‍රකාශ කරන ලද්දේ වේ. ‘කුසල් වෙත ලඟාවීම’ ආදී වචනයෙන් සමාධිය ශාසනය පිළිබඳ මධ්‍යයයි පැවසේ. එයද කල්යාණයෙකි. සෘද්ධිවිධාදී ගුණයන් ගෙනදෙන හෙයිනි. පඤ්ඤා යනුවෙන් පර්යවසාන කල්යාණතාව ප්‍රකාශ කරන ලද්දේ වේ. ‘තම සිත පිරිසුදු කර ගැනීමය යනු, මේ බුදුවරයන්ගේ ශාසනයයි’ යන වචනයෙන්ද, ප්‍රඥාව උසස්තම වන හෙයින්ද, එම ප්‍රඥාව ශාසනය පිළිබඳ පර්යවසානයයි. එයද කල්යාණයෙකි. ඉෂ්ටානිෂ්ට (කැමති නොකැමති) විෂයයන් පිළිබද යථාස්වභාවය එලවන හෙයිනි.
“සෙලො යථා එකඝනො, වාතෙන න සමීරති; එවං නින්දාපසංසාසු, න සමිඤ්ජන්ති පණ්ඩිතා”ති. (ධ· ප· 81); –
‘සෙලො යථා එකඝනො වාතෙන න සමීරති එවං නින්දාපසංසාසු න සමිඤ්ජන්ති පණ්ඩිතා’
යම්සේ තනි ගන ගල් කුළක් සුළඟින් නොසෙලවේද, එසේම පණ්ඩිතයෝ තුමූ නින්දා ප්‍රශංසා දෙක්හි නොසැසලෙතියි
හි වුත්තං.
කියනලදි.
තථා සීලෙන තෙවිජ්ජතාය උපනිස්සයො පකාසිතො හොති. සීලසම්පත්තිඤ්හි නිස්සාය තිස්සො විජ්ජා පාපුණාති, න තතො පරං. සමාධිනා ඡළභිඤ්ඤතාය උපනිස්සයො පකාසිතො හොති. සමාධිසම්පදඤ්හි නිස්සාය ඡ අභිඤ්ඤා පාපුණාති, න තතො පරං. පඤ්ඤාය පටිසම්භිදාපභෙදස්ස උපනිස්සයො පකාසිතො හොති. පඤ්ඤාසම්පත්තිඤ්හි නිස්සාය චතස්සො පටිසම්භිදා පාපුණාති, න අඤ්ඤෙන කාරණෙන.
එසේම සීල යනුවෙන් ත්රිවිද්යාභාවය පිළිබඳ උපනිශ්‍රය පවසන ලද්දේ වේ. ශීල සම්පත්තිය හේතුකොට ත්රිවිද්යාවනට පැමිණේ. එයින් ඔබ්බට නොයෙයි. සමාධි යනුවෙන් ෂඩභිඥාලාභය පිළිබඳ උපනිශ්‍රය පවසන ලද්දේ වේ. සමාධි සම්පත්තිය හේතුකොට ෂඩභිඥාවනට පැමිණේ. එයින් ඔබ්බට නොයෙයි. පඤ්ඤා යනුවෙන් පටිසම්භිදා ප්රභේදයන් පිළිබඳ උපනිශ්‍රය පවසන ලද්දේ වේ. ප්‍රඥාසම්පත්තිය හේතුකොටගෙනම සිවුපිළිසිඹියාවනට පැමිණේ. අන්හෙයකින් නොවේ.
සීලෙන ච කාමසුඛල්ලිකානුයොගසඞ්ඛාතස්ස අන්තස්ස වජ්ජනං පකාසිතං හොති, සමාධිනා අත්තකිලමථානුයොගසඞ්ඛාතස්ස. පඤ්ඤාය මජ්ඣිමාය පටිපත්තියා සෙවනං පකාසිතං හොති.
තවද සීල යනුවෙන් කාමසුඛල්ලිකානුයෝග සංඛ්‍යාත (කාම සුවය සෙවීම) අන්තයද, සමාධි යනුවෙන් අත්තකිලමථානුයෝග සංඛ්‍යාත අන්තයද දුරු කිරීම පවසන ලද්දේ වේ. පඤ්ඤා යනුවෙන් මධ්‍යම ප්‍රතිපදා සේවනය පවසන ලද්දේ වේ.
තථා සීලෙන අපායසමතික්කමනුපායො පකාසිතො හොති, සමාධිනා කාමධාතුසමතික්කමනුපායො, පඤ්ඤාය සබ්බභවසමතික්කමනුපායො.
එසේම සීල යනුවෙන් අපායසමතික්රම උපායද, සමාධි යනුවෙන් කාමධාතුසමතික්රම උපායද, පඤ්ඤා යනුවෙන් සකලභවසමතික්රම උපායද පවසන ලද්දේ වේ.
සීලෙන ච තදඞ්ගප්පහානවසෙන කිලෙසප්පහානං පකාසිතං හොති, සමාධිනා වික්ඛම්භනප්පහානවසෙන, පඤ්ඤාය සමුච්ඡෙදප්පහානවසෙන.
තවද ශීලයෙන් තදංගප්රහාණ වශයෙන්ද, සමාධියෙන් විෂ්කම්භන ප්‍රහාණ වශයෙන්ද, ප්‍රඥාවෙන් සමුච්ඡේද ප්‍රහාණ වශයෙන්ද, කෙලෙසුන් ප්‍රහීණ කිරීම පවසන ලද්දේ වේ;
තථා සීලෙන කිලෙසානං වීතික්කමපටිපක්ඛො පකාසිතො හොති, සමාධිනා පරියුට්ඨානපටිපක්ඛො, පඤ්ඤාය අනුසයපටිපක්ඛො.
තවද, ශීලයෙන් කෙලෙසුන්ගේ පැළඹීම පිළිබඳ ප්‍රතිපක්ෂයද, සමාධියෙන් (මැඩලනලද කෙලෙසුන්) යලි නැගිටීම පිළිබඳ ප්‍රතිපක්ෂයද, ප්‍රඥාවෙන් අනුශය පිළිබඳ ප්‍රතිපක්ෂයද, පවසන ලද්දේ වේ.
සීලෙන ච දුච්චරිතසංකිලෙසවිසොධනං පකාසිතං හොති, සමාධිනා තණ්හාසංකිලෙසවිසොධනං, පඤ්ඤාය දිට්ඨිසංකිලෙසවිසොධනං.
තවද, ශීලයෙන් දුශ්චරිත සංක්ලේශ විශෝධනයද, සමාධියෙන් තෘෂ්ණා සංක්ලේශ විශෝධනයද, ප්‍රඥාවෙන් දෘෂ්ටි සංක්ලේශ විශෝධනයද, පවසන ලද්දේ වේ.
තථා සීලෙන සොතාපන්නසකදාගාමිභාවස්ස කාරණං පකාසිතං හොති, සමාධිනා අනාගාමිභාවස්ස, පඤ්ඤාය අරහත්තස්ස. සොතාපන්නො හි “සීලෙසු පරිපූරකාරී”ති (අ· නි· 3.87) වුත්තො, තථා සකදාගාමී. අනාගාමී පන “සමාධිස්මිං පරිපූරකාරී”ති (අ· නි· 3.87). අරහා පන “පඤ්ඤාය පරිපූරකාරී”ති (අ· නි· 3.87).
තවද ශීලයෙන් ශ්‍රෝතාපන්න සකෘදාගාමී භාවයන්ගේද, සමාධියෙන් අනාගාමී භාවයෙහිද, ප්‍රඥාවෙන් අර්හත් භාවයෙහිද හේතු පවසන ලද්දේ වේ. ශ්‍රෝතාපන්න වූයේ වනාහි ශීලපරිපුරණය කරන්නේයයි කියනලදි. සකෘදාගාමී වූයේද එසේය, අනාගාමීවූයේ සමාධි පරිපූරණය කරන්නේයයිද, අර්හත්වූයේ වනාහි ප්‍රඥා පරිපූරණය කරන්නේයයිද කියනලදි.
එවං එත්තාවතා තිස්සො සික්ඛා, තිවිධකල්යාණං සාසනං, තෙවිජ්ජතාදීනං උපනිස්සයො, අන්තද්වයවජ්ජනමජ්ඣිමපටිපත්තිසෙවනානි, අපායාදිසමතික්කමනුපායො, තීහාකාරෙහි කිලෙසප්පහානං, වීතික්කමාදීනං පටිපක්ඛො, සංකිලෙසත්තයවිසොධනං, සොතාපන්නාදිභාවස්ස ච කාරණන්ති ඉමෙ නව, අඤ්ඤෙ ච එවරූපා ගුණත්තිකා පකාසිතා හොන්තීති.
මෙසේ මෙතෙකින් ශික්ෂාත්රයයද, ත්‍රිවිධ කල්‍යාණ ශාසනයද, ත්රෛවිද්යාතාදිය පිළිබඳ උපනිශ්‍රයද, අන්තද්වයවර්ජනය හා මධ්‍යමප්‍රතිපදා සේවනයද, අපායාදීන් පිළිබඳ සමතික්‍රම උපායයන්ද, කෙලෙසුන් ප්‍රහීණ කිරීම පිළිබඳ තුන් ආකාරයද, ව්යතික්රමාදීන්ගේ ප්‍රතිපක්ෂයද, සංක්ලේශත්රය විශෝධනයද, ශ්රෝතාපන්නාදි භාවයන් පිළිබඳ හේතුන්දැයි යන මේ නව ආකාරයද, සෙසු මෙවන් ගුණත්රිකයෝද ප්‍රකාශ කරන ලද්දාහු වෙති.
නිදානාදී කථා සමාප්තයි.