සීලසරූපාදිකථා
සීලසරූපාදිකථා
සීලසරූපාදිකථා
එවං අනෙකගුණසඞ්ගාහකෙන සීලසමාධිපඤ්ඤාමුඛෙන දෙසිතොපි පනෙස විසුද්ධිමග්ගො අතිසඞ්ඛෙපදෙසිතොයෙව හොති. තස්මා නාලං සබ්බෙසං උපකාරායාති විත්ථාරමස්ස දස්සෙතුං සීලං තාව ආරබ්භ ඉදං පඤ්හාකම්මං හොති.
මෙසේ නොයෙක් ගුණ සංග්‍රහ කෙරෙමින් ශීල සමාධි ප්‍රඥා වශයෙන් පවසන ලදුයේ නමුදු මේ විශුද්ධිමාර්ගය ඉතා සැකෙවින් දේශනා කරන ලද්දේම වේ. එහෙයින් මෙය සියල්ලනටම උපකාර පිණිස නොසෑහෙතැ’යි හඟිමින් විස්තරකොට දක්වනු පිණිස, පළමුකොට ශීලය අරබයා මේ ප්‍රශ්න කිරීම වේ.
කිං සීලං, කෙනට්ඨෙන සීලං, කානස්ස ලක්ඛණරසපච්චුපට්ඨානපදට්ඨානානි, කිමානිසංසං සීලං, කතිවිධං චෙතං සීලං, කො චස්ස සංකිලෙසො, කිං වොදානන්ති.
ශීලය නම් කිමෙක්ද? කවර අරුතෙකින් ශීල නම් වේද? එහි ලක්ෂණ, රස (හෙවත් කෘත්‍ය), පච්චුපට්ඨාන (එළඹීම), පදට්ඨාන (ආසන්න කාරණය) යන මොහු කවරහුද? ශීලය කවර අනුසස් ඇත්තේද? මෙම ශීලය කෙතෙක් ආකාර ඇත්තේද? එහි මලිනවීම කවරේද? පිරිසුදුවීම කවරේද? එහි විසඳුම මෙසේයි:
තත්රිදං විස්සජ්ජනං. කිං සීලන්ති පාණාතිපාතාදීහි වා විරමන්තස්ස වත්තපටිපත්තිං වා පූරෙන්තස්ස චෙතනාදයො ධම්මා. වුත්තඤ්හෙතං පටිසම්භිදායං “කිං සීලන්ති චෙතනා සීලං, චෙතසිකං සීලං, සංවරො සීලං, අවීතික්කමො සීල”න්ති (පටි· ම· 1.39). තත්ථ චෙතනා සීලං නාම පාණාතිපාතාදීහි වා විරමන්තස්ස වත්තපටිපත්තිං වා පූරෙන්තස්ස චෙතනා. චෙතසිකං සීලං නාම පාණාතිපාතාදීහි විරමන්තස්ස විරති. අපිච චෙතනා සීලං නාම පාණාතිපාතාදීනි පජහන්තස්ස සත්ත කම්මපථචෙතනා. චෙතසිකං සීලං නාම “අභිජ්ඣං පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරතී”ති (දී· නි· 1.217) ආදිනා නයෙන වුත්තා අනභිජ්ඣාබ්යාපාදසම්මාදිට්ඨිධම්මා. සංවරො සීලන්ති එත්ථ පඤ්චවිධෙන සංවරො වෙදිතබ්බො පාතිමොක්ඛසංවරො, සතිසංවරො, ඤාණසංවරො, ඛන්තිසංවරො, වීරියසංවරොති. තත්ථ ඉමිනා පාතිමොක්ඛසංවරෙන උපෙතො හොති සමුපෙතොති (විභ· 511) අයං පාතිමොක්ඛසංවරො. රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජතීති (දී· නි· 1.213) අයං සතිසංවරො.
ශීල යනු කිමෙක්ද යත්, ප්‍රාණඝාතාදියෙන් වැලකෙන්නහුගේ හෝ වේවා, වත්පිළිවෙත් පුරන්නහුගේ හෝ වේවා, චේතනාදී ස්වභාවය ශීල නමි. කියනලදමැයි පටිසම්භිදාවෙහි: ‘ශීලය නම් කිම? චේතනාව ශීලයයි, චෛතසිකය ශීලයයි, සංවරය ශීලයයි, අව්‍යතික්‍රමය (කඩ නොකිරීම) ශීලයයි.’ එහි චේතනා ශීලය නම්: ප්‍රාණඝාතාදියෙන් වලකින්නහුගේ හෝ වත්පිළිවෙත් පුරන්නහුගේ හෝ චේතනාවයි. චෛතසික ශීලය නම්: ප්රාණාඝාතාදියෙන් වලකින්නහුගේ විරතියයි, යළිදු, චේතනාශීලය නම්: ප්රාණාඝාතාදිය හැරපියන්නහුගේ සප්ත (කුශල) කර්මපථ චේතනායි, චෛතසික ශීලය නම්, ‘අභිද්‍යාව හැරපියා අභිද්යාවෙන් මිදුණු සිතින් යුක්තව වාසය කරයි’ ආදි නයින් කියන ලද අනභිද්‍යා, අව්‍යාපාද සම්‍යග්දෘෂ්ටි ධර්මයයි. සංවර ශීලය නම්: මෙහි පස් ආකාරයෙකින් වන සංවරය දතයුතුය: ප්රාතිමෝක්ෂ සංවරය, සති සංවරය, ඥාන සංවරය, ඛන්ති සංවරය, විරිය සංවරය යන මොහුය. එහි, ‘මේ ප්රාතිමෝක්ෂ සංවරයෙන් උපේත වූයේ, සමුපේත වුයේ’යි යන ආදිය ප්රාතිමෝක්ෂ සංවරයයි. ‘චක්‍ෂුරින්‍ද්‍රිය රකියි, චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි’ යන මේ සතිසංවරයයි.
යානි සොතානි ලොකස්මිං, (අජිතාති භගවා;) සති තෙසං නිවාරණං; සොතානං සංවරං බ්රූමි, පඤ්ඤායෙතෙ පිධිය්‍යරෙති. (සු· නි· 1041);
‘යානි සොතානි ලොකස්මිං (අජිතාති භගවා) සති තෙසං නිවාරණං සොතානං සංවරං බ්රෑමි පඤ්ඤායතෙ පිථියරෙ’ති
‘ලොව යම්තාක් ශ්‍රෝතස්හු (ප්‍රවාහයෝ) වෙත් නම්,’ (‘අජිත’ යයි භාග්‍යවතුන් වහන්සේ කීහ.) ‘සිහිය එම ශ්රෝතසුන්ගේ වැලැක්වීමයි, ශ්රෝතස්හුගේ සංවරයයි කියමි, ප්‍රඥාවෙන් මේ ශ්‍රෝතස්හු වැසීයෙති.’
අයං ඤාණසංවරො. පච්චයපටිසෙවනම්පි එත්ථෙව සමොධානං ගච්ඡති. යො පනායං ඛමො හොති සීතස්ස උණ්හස්සාතිආදිනා (ම· නි· 1.24; අ· නි· 6.58) නයෙන ආගතො, අයං ඛන්තිසංවරො නාම. යො චායං උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙතීතිආදිනා (ම· නි· 1.26; අ· නි· 6.58) නයෙන ආගතො, අයං වීරියසංවරො නාම. ආජීවපාරිසුද්ධිපි එත්ථෙව සමොධානං ගච්ඡති. ඉති අයං පඤ්චවිධොපි සංවරො, යා ච පාපභීරුකානං කුලපුත්තානං සම්පත්තවත්ථුතො විරති, සබ්බම්පෙතං සංවරසීලන්ති වෙදිතබ්බං. අවීතික්කමො සීලන්ති සමාදින්නසීලස්ස කායිකවාචසිකො අනතික්කමො. ඉදං තාව කිං සීලන්ති පඤ්හස්ස විස්සජ්ජනං.
මේ ඥානසංවරයයි. ප්‍රත්‍යය පරිභෝගයද මෙහිම එක්ව සම්බන්ධ වේ. යම් මේ සංවරයක් ශීතය හා උෂ්ණය ඉවසන්නේ වේද’ ආදි නයින් දක්වන ලද්දේ ද, මෙය ඛන්තිසංවර නමි. යම් මේ සංවරයක් ‘උපන් කාමවිතර්කයන් හෝ නො ඉවසාද’ යන ආදි නයින් දක්වන ලද්දේ ද මෙය විරියසංවර නමි. ආජීව පාරිසුද්ධියද මෙහිම එක්ව සම්බන්ධ වේ. මෙසේ පස්වැදෑරුම් සංවරයද, පවට බිය ඇති කුලපුත්‍රයන්ගේ අවස්ථානුරූප වැලැක්මක් වේනම් එයද, යන මේ සියල්ලම සංවරශීලයයි දතයුතුය. අව්‍යතික්‍රම ශීලය යනු සමාදන්වූ ශීලය කායික වශයෙන් හෝ වාචසික වශයෙන් කඩ නොකිරීමයි. මේ වනාහි ශීලය නම් කිමෙක්දැයි යන ප්‍රශ්නයට විසඳුමයි.
අවසෙසෙසු කෙනට්ඨෙන සීලන්ති සීලනට්ඨෙන සීලං. කිමිදං සීලනං නාම. සමාධානං වා, කායකම්මාදීනං සුසීල්යවසෙන අවිප්පකිණ්ණතාති අත්ථො. උපධාරණං වා, කුසලානං ධම්මානං පතිට්ඨානවසෙන ආධාරභාවොති අත්ථො. එතදෙව හෙත්ථ අත්ථද්වයං සද්දලක්ඛණවිදූ අනුජානන්ති. අඤ්ඤෙ පන සිරට්ඨො සීලත්ථො, සීතලට්ඨො සීලත්ථොති එවමාදිනාපි නයෙනෙත්ථ අත්ථං වණ්ණයන්ති.
සෙසු ප්රශ්නයන් අතර, කවර අරුතෙකින් ශීල නම් වේද යත්: ශීලන (එකලස්වීම) යන අර්ත්ථයෙන් ශීල නම් වේ. මෙම ශීලනය නම් කිමෙක්ද? කායකර්මාදියෙහි එකලස් බවයි. සුශීලතා වශයෙන් නොවිසුරුණු බවයි යන අර්‍ත්‍ථයි, නොහොත් කුශල ධර්මයන්ගේ පැළඹීමට ප්‍රතිෂ්ඨා වශයෙන් ආධාරවන බවයි. මෙහිලා මෙම දෙඅරුත ශබ්ද ශාස්ත්‍රඥයෝ අනුදනිති. අන් කෙනෙක් වනාහි ‘සිරස’ යන අරුතද ‘ශීතල’ යන අරුතද යන මේ ආදි නයින්ද මෙහි අරුත් විවරණය කෙරෙති.
ඉදානි කානස්ස ලක්ඛණරසපච්චුපට්ඨානපදට්ඨානානීති එත්ථ –
අනතුරුව මෙහි ලක්ඛණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨානයෝ කවරහුද යන මෙහි,
සීලනං ලක්ඛණං තස්ස, භින්නස්සාපි අනෙකධා; සනිදස්සනත්තං රූපස්ස, යථා භින්නස්සනෙකධා.
සීලනං ලක්ඛණ තස්ස භින්නස්සාපි අනෙකධා සනිදස්සනත්තං රූපස්ස යථා භින්නස්ස’ නෙකධා
නොයෙක් ආකාරයෙන් බෙදී ගියාවූ රූපයෙහි දැකිය හැකි බව පොදු ලක්ෂණය වන්නාසේ (චේතනාදි වශයෙන්) නොයෙක් ආකාරයෙන් බෙදීගියේ නමුදු එම ශීලයෙහි ලක්ෂණය එකලස්බවයි.
යථා හි නීලපීතාදිභෙදෙන අනෙකධා භින්නස්සාපි රූපායතනස්ස සනිදස්සනත්තං ලක්ඛණං, නීලාදිභෙදෙන භින්නස්සාපි සනිදස්සන භාවානතික්කමනතො. තථා සීලස්ස චෙතනාදිභෙදෙන අනෙකධා භින්නස්සාපි යදෙතං කායකම්මාදීනං සමාධානවසෙන කුසලානඤ්ච ධම්මානං පතිට්ඨානවසෙන වුත්තං සීලනං, තදෙව ලක්ඛණං, චෙතනාදිභෙදෙන භින්නස්සාපි සමාධානපතිට්ඨානභාවානතික්කමනතො. එවං ලක්ඛණස්ස පනස්ස –
යම්සේ වනාහි නීලපීතාදි වශයෙන්, නන් ලෙසින් බෙදී ඇතත් දැකියහැකි බව රූපායතනයෙහි ලක්ෂණය වේද, නීලාදී භේදයෙන් බෙදී ගියද දැකිය හැකි බව නොඉක්මවන හෙයිනි. එසේම චේතනාදී භේදයෙන් නන් ලෙසින් බෙදී ඇති ශීලයද කායකර්මාදීන්ගේ එකලස් බවින්ද කුශලධර්මයනට ප්‍රතිෂ්ඨාවන හෙයින්ද, යම් මේ ශීලනයක් කියන ලද්දේ ද, එයම එහි ලක්ෂණය වේ. චේතනාදී භේදයෙන් බෙදී සිටියද එකලස්වීමේ හා ප්රතිෂ්ඨාවීමේ ස්වභාවය නොඉක්මවන හෙයිනි. මෙබඳු ලක්ෂණ ඇති ශීලයෙහි වනාහි,
දුස්සීල්යවිද්ධංසනතා , අනවජ්ජගුණො තථා; කිච්චසම්පත්තිඅත්ථෙන, රසො නාම පවුච්චති.
දුස්සීල්‍ය විද්ධංසනතා අනවජ්ජගුණො තථා කිච්චසම්පත්ති අත්ථෙන රසො නාම පවුච්චති
දුසිල් නැති කරනබවද, එසේම නිරවද්‍ය ගුණයද යන දෙක (පිළිවෙළින්) කෘත්‍යය, සම්පත්තිය යන දෙඅරුතින් (ශීලය පිළිබඳ) රසයයි කියනු ලැබේ.
තස්මා ඉදං සීලං නාම කිච්චට්ඨෙන රසෙන දුස්සීල්යවිද්ධංසනරසං, සම්පත්තිඅත්ථෙන රසෙන අනවජ්ජරසන්ති වෙදිතබ්බං. ලක්ඛණාදීසු හි කිච්චමෙව සම්පත්ති වා රසොති වුච්චති.
එහෙයින් මෙම ශීලය වනාහි කෘත්‍යය යන අරුත් ඇති රසය අනුව දුසිල් වැනසීම රසකොට ඇත්තේය; සම්පත්තිය යන අරුත් ඇති රසය අනුව නිවරද බව රසකොට ඇත්තේයයි දතයුතුයි. මෙහි ලක්ෂණාදියෙහි වනාහි කෘත්‍යයම නැතහොත්, සම්පත රස වෙතැයි කියනු ලැබේ.
සොචෙය්‍යපච්චුපට්ඨානං, තයිදං තස්ස විඤ්ඤුහි; ඔත්තප්පඤ්ච හිරී චෙව, පදට්ඨානන්ති වණ්ණිතං.
සොචෙය්ය පච්චුපට්ඨානං තයිදං තස්ස විඤ්ඤූහි ඔත්තප්පඤ්ච හිරිඤ්චෙව පදට්ඨානන්ති වණ්ණිතං
නොකිලිටිබව එහි පච්චුපට්ඨානය හෙවත් නිතර එළඹසිටින ගුණයයිද, හිරිඔතප් යන දෙක පදට්ඨානය හෙවත් පදනමයයිද නුවණැත්තන් වර්ණනා කොටඇත.
තයිදං සීලං කායසොචෙය්යං වචීසොචෙය්යං මනොසොචෙය්යන්ති (අ· නි· 3.121) එවං වුත්තසොචෙය්යපච්චුපට්ඨානං, සොචෙය්යභාවෙන පච්චුපට්ඨාති ගහණභාවං ගච්ඡති. හිරොත්තප්පඤ්ච පනස්ස විඤ්ඤූහි පදට්ඨානන්ති වණ්ණිතං, ආසන්නකාරණන්ති අත්ථො. හිරොත්තප්පෙ හි සති සීලං උප්පජ්ජති චෙව තිට්ඨති ච. අසති නෙව උප්පජ්ජති, න තිට්ඨතීති. එවං සීලස්ස ලක්ඛණරසපච්චුපට්ඨානපදට්ඨානානි වෙදිතබ්බානි.
එම ශීලය වෙත නිරන්තරයෙන් එළඹ සිටිනුයේ ‘කායික (අකුසල් වලින්) නොකිලිටිබවය. වාචසික (අකුසල්වලින්) නොකිලිටිබවය. මානසික (අකුසල්වලින්) නොකිලිටිබවය’යි මෙසේ කියනලද නොකිලිටිබව නිරන්තරයෙන් එය හා සමග එළඹ සිටිති’යි ගැවසෙති’යි යන අර්‍ත්‍ථයි. හිරිඔතප් දෙක එම ශීලයට පදනමයයිද දනුමැතියන් විසින් වර්ණනාකොට ඇත, ආසන්න කාරණයයි යන අර්‍ත්‍ථයි. හිරිඔතප් ඇති කල්හි සිල් උපදිතැයිද, පවතිතැයිද, එය නැති කල්හි නොඋපදිතැයිද, නොපවතිතැයිද, යනු අර්‍ත්‍ථයි. මේ ආකාරයෙන් ශීලය පිළිබඳ ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨානයන් දතයුතුය.