යෙදුමෙන් කියවන්න

සීලානිසංසකථා

සීලානිසංසකථා

සීලානිසංසකථා

කිමානිසංසං සීලන‍්ති අවිප‍්පටිසාරාදිඅනෙකගුණපටිලාභානිසංසං. වුත‍්තඤ‍්හෙතං – “අවිප‍්පටිසාරත්‍ථානි ඛො, ආනන්‍ද, කුසලානි සීලානි අවිප‍්පටිසාරානිසංසානී”ති (අ· නි· 11.1).

ශීලයෙහි අනුසස් කවරේද යත්: විපිළිසර (පසුතැවිලි) නොවීම ආදී නොයෙක් ගුණයන්ගේ ප්‍රතිලාභය එහි ආනිසංස වේ. කියන ලදමැයි: ‘ආනන්‍ද, කුශලයෝ වනාහි අවිපිළිසර ප්‍රයෝජනකොට ඇත්තාහුය, ශීලයෝ අවිපිළිසර අනුසස්කොට ඇත්තාහුයි.’

අපරම‍්පි වුත‍්තං “පඤ‍්චිමෙ ගහපතයො ආනිසංසා සීලවතො සීලසම‍්පදාය. කතමෙ පඤ‍්ච? ඉධ ගහපතයො සීලවා සීලසම‍්පන‍්නො අප‍්පමාදාධිකරණං මහන‍්තං භොගක‍්ඛන්‍ධං අධිගච‍්ඡති, අයං පඨමො ආනිසංසො සීලවතො සීලසම‍්පදාය. පුන චපරං ගහපතයො සීලවතො සීලසම‍්පන‍්නස‍්ස කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡති, අයං දුතියො ආනිසංසො සීලවතො සීලසම‍්පදාය. පුන චපරං ගහපතයො සීලවා සීලසම‍්පන‍්නො යඤ‍්ඤදෙව පරිසං උපසඞ‍්කමති යදි ඛත‍්තියපරිසං යදි බ්‍රාහ‍්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං, විසාරදො උපසඞ‍්කමති අමඞ‍්කුභූතො, අයං තතියො ආනිසංසො සීලවතො සීලසම‍්පදාය. පුන චපරං ගහපතයො සීලවා සීලසම‍්පන‍්නො අසම‍්මූළ‍්හො කාලං කරොති, අයං චතුත්‍ථො ආනිසංසො සීලවතො සීලසම‍්පදාය. පුන චපරං ගහපතයො සීලවා සීලසම‍්පන‍්නො කායස‍්ස භෙදා පරං මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති, අයං පඤ‍්චමො ආනිසංසො සීලවතො සීලසම‍්පදායා”ති (දී· නි· 2.150; අ· නි· 5.213; මහාව· 285).

අනෙකක්ද කියනලදි: ‘ගෘහපතියනි, සිල්වතකුගේ සිල්සම්පතෙහි අනුසස් පසෙකි, ඒ කවරේද? ගෘහපතියනි, මේ ලෝකයෙහි ශීලසම්පන්න වූ සිල්වත් පුද්ගලයා තමාගේ අප්‍රමාදබව හේතුකොට මහත් භෝගසම්භාරයක් ලබයිද, මෙය සිල්වත්හුගේ ශීලසම්පත්තියෙහි පළමුවන අනුසසයි. තවද ගෘහපතියනි, ශීලසම්පන්න වූ සිල්වත්හුගේ කල්‍යාණ වූ කීර්තිරාවයෙක් පැනනඟියි. මේ සිල්වත්හුගේ ශීලසම්පත්තියෙහි දෙවන අනුසසයි. තවද ගෘහපතියනි, ශීලසම්පන්න වූ සිල්වත් තෙමේ යම් යම් පිරිසක් වෙත එළඹේද, ක්‍ෂත්‍රිය පිරිසක් වේවයි, බ්‍රාහ්මණ පිරිසක් වේවයි, ගෘහපති පිරිසක් වේවයි, ශ්‍රමණ පිරිසක් වේවයි, නොපැකිල විශාරද ලීලාවෙන් එළඹෙයි. මේ සිල්වත්හුගේ ශීලසම්පත්තියෙහි තෙවන අනුසසයි. තවද ගෘහපතියෙනි, ශීලසම්පන්න වූ සිල්වත් තෙමේ නුමුළාව කලුරිය කරයි, මේ සිල්වත්හුගේ ශීලසම්පත්තියෙහි සිවුවන අනුසසයි. තවද ගෘහපතියෙනි, ශීලසම්පන්න වූ සිල්වත්තෙමේ දිවි තොරවීමෙන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි. මේ සිල්වත්හුගේ ශීලසම්පත්තියෙහි පස්වන අනුසසයි.’

අපරෙපි “ආකඞ‍්ඛෙය්‍ය චෙ, භික‍්ඛවෙ, භික‍්ඛු සබ්‍රහ‍්මචාරීනං පියො ච අස‍්සං මනාපො ච ගරු ච භාවනීයො චාති, සීලෙස‍්වෙවස‍්ස පරිපූරකාරී”තිආදිනා (ම· නි· 1.65) නයෙන පියමනාපතාදයො ආසවක‍්ඛයපරියොසානා අනෙකා සීලානිසංසා වුත‍්තා. එවං අවිප‍්පටිසාරාදිඅනෙකගුණානිසංසං සීලං. අපිච –

තවද, ‘මහණෙනි, ඉදින් භික්‍ෂු තෙමේ සබ්‍රම්සරුන් අතර ප්‍රියවන්නෙමි, මනාප වන්නෙමි, ගරු සම්මානයට සුදුස්සෙක් වන්නෙමි’යි අපේක්‍ෂා කරන්නේ නම්, ශීලය පරිපූරණය කරන්නෙක්ම වන්නේය.’ යන මේ ආදි නයින් ප්‍රිය මනාපතාදී වූ නිර්වාණය කෙළවරකොට ඇති නොයෙක් ශීලානිශංසයෝ කියනලද්දාහුය. මෙසේ ශීලය අවිපිළිසර ආදී නොයෙක් ගුණයන් ආනිසංසකොට ඇත්තේය. යළිදු:

සාසනෙ කුලපුත‍්තානං, පතිට‍්ඨා නත්‍ථි යං විනා; ආනිසංසපරිච‍්ඡෙදං, තස‍්ස සීලස‍්ස කො වදෙ.

සාසනෙ කුලපුත්තානං පතිට්ඨා නත්‍ථි යං විනා ආනිසංසපරිච්ඡෙදං තස්ස සීලස්ස කො වදෙ

න ගඞ‍්ගා යමුනා චාපි, සරභූ වා සරස‍්වතී; නින‍්නගා වාචිරවතී, මහී වාපි මහානදී.

න ගඞ්ගා යමුනා චාපි සරභූ වා සරස්සතී, නින්නගා වා’චි රවතී මහී චාපි මහා නදී

සක‍්කුණන‍්ති විසොධෙතුං, තං මලං ඉධ පාණිනං; විසොධයති සත‍්තානං, යං වෙ සීලජලං මලං.

සක්කුණන්ති විසොධෙතුං තං මලං ඉධ පාණිනං විසොධයති සත්තානං යං වෙ සීලජලං මලං

න තං සජලදා වාතා, න චාපි හරිචන්‍දනං; නෙව හාරා න මණයො, න චන්‍දකිරණඞ‍්කුරා.

න තං සජලදා වාතා න චාපි හරිචන්‍දනං නෙව හාරා න මණයො න චන්‍දකිරණඞ්කුරා

සමයන‍්තීධ සත‍්තානං, පරිළාහං සුරක‍්ඛිතං; යං සමෙති ඉදං අරියං, සීලං අච‍්චන‍්තසීතලං.

සමයන්තීධ සත්තානං පරිළාහං සුරක්‍ඛිතං යං සමෙති ඉදමරියං සීලං අච්චන්තසීතලං

සීලගන්‍ධසමො ගන්‍ධො, කුතො නාම භවිස‍්සති; යො සමං අනුවාතෙ ච, පටිවාතෙ ච වායති.

සීලගන්‍ධසමො ගන්‍ධො කුතො නාම භවිස්සති සො සමං අනුවාතෙ ච පටිවාතෙ ච වායති

සග‍්ගාරොහණසොපානං , අඤ‍්ඤං සීලසමං කුතො; ද‍්වාරං වා පන නිබ‍්බාන, නගරස‍්ස පවෙසනෙ.

සග්ගාරොහණසොපානං අඤ්ඤං සීලසමං කුතො, ද්වාරං වා පන නිබ්බාණනගරස්ස පවෙසනෙ

සොභන‍්තෙවං න රාජානො, මුත‍්තාමණිවිභූසිතා; යථා සොභන‍්ති යතිනො, සීලභූසනභූසිතා.

සොභන්තෙවං න රාජානො මුත්තාමණි විභූසිතා යථා සොභන්ති යතිනො සීලභූසනභූසිතා,

අත‍්තානුවාදාදිභයං, විද‍්ධංසයති සබ‍්බසො; ජනෙති කිත‍්තිහාසඤ‍්ච, සීලං සීලවතං සදා.

අත්තානුවාදාදිභයං විද්ධංසයති සබ්බසො, ජනෙති කිත්තිං හාසඤ්ච සීලං සීලවතං සදා

ගුණානං මූලභූතස‍්ස, දොසානං බලඝාතිනො; ඉති සීලස‍්ස විඤ‍්ඤෙය්‍යං, ආනිසංසකථාමුඛන‍්ති.

ගුණානං මූලභූතස්ස දෙසානං බලඝාතිනො ඉති සීලස්ස විඤ්ඤෙය්‍යං ආනිසංසකථාමුඛං.’

ශාසනයෙහි කුලපුත්‍රයන්හට යම් ශීලයක් හැර අන් පිහිටෙක් නැද්ද එම ශීලයෙහි ආනිසංසයන් පිරිසිඳ පැවසීමට කවරෙක් සමත්වේද?

ගංගා, යමුනා, සරභූ, සරස්වතී, අචිරවතී, මහී යන ගලායන මහාගංගාවෝ

මෙලොව සත්ත්‍වයන් අපිරිසුදු කරන කෙලෙස්මල සෝදා හැරීමට නොසමත් වෙති. එහෙත් ශීල නමැති ජලය ඒකාන්තයෙන් සත්ත්‍වයන්ගේ කෙලෙස්මල සෝදා පිරිසුදු කරයි.

සීකර සහිත සුලඟය, රන්වන් සඳුන්ය, මුතුහරය, මැණික් වෙසෙස්ය, සඳකිරණය යන මෙතෙක් දෑ අතුරෙන් කිසිවක්,

ලෝකසත්‍වයාගේ ක්ලෙශපරිදාහය ශමනය කරනු නොසමත් වේ, එහෙත් මනාව රක්නාලද අත්‍යන්තශීතල වූ මේ උතුම් වූ ශීලය එම පරිදාහය ශමනය කරයි,

සිල්සුවඳ හා සමාන සුවඳෙක් කොතැනින් හෝ වන්නේද? එම සිල්සුවඳ යටිසුළඟට මෙන්ම උඩුසුළඟටද, එකසේ හමයි.

දෙව්ලොවට නැඟීමට ශීලය හා සම කළ හැකි අන් හිණෙක් කොයින්ද? මොක්පුරට පිවිසීමට එම ශීලය හා සම කළ හැකි අන් දොරෙක් කොයින්ද?

සිල් නමැති අබරණින් සැදුණ යතිවරයෝ යම්සේ හොබිත්ද, මුතුමිණියෙන් සැරසුණ රජදරුවෝද, එසේ නොහොබිත්.

අත්තානුවාද, (තමා තුළින්ම එන අපවාද) ආදී භය සර්වප්‍රකාරයෙන් නැති කරයි, සිල්වතුන්හට එම ශීලය සැම කල්හිම කීර්තියද සන්තුෂ්ටියද දනවයි.

ගුණයනට මුල්වන, දෝෂයන්ගේ බලය නසාලන, ශීලයෙහි අනුසස් පිළිබඳ විස්තරය මෙසේ දතයුතුය.