යෙදුමෙන් කියවන්න

සීලප‍්පභෙදකථා

සීලප‍්පභෙදකථා

සීලප්පභෙදකථා

ඉදානි යං වුත‍්තං කතිවිධං චෙතං සීලන‍්ති, තත්‍රිදං විස‍්සජ‍්ජනං. සබ‍්බමෙව තාව ඉදං සීලං අත‍්තනො සීලනලක‍්ඛණෙන එකවිධං.

ඉක්බිති, මේ ශීලය කී ආකාරවේදැයි යමක් කියන ලද්දේ ද, එහි විසඳුම මෙසේය: පළමුකොට මේ සියලු ආකාර ඇති ශීලය තෙමේ එකලස් කිරීමේ ලක්‍ෂණයෙන් එක්ම ආකාර වේ.

චාරිත‍්තවාරිත‍්තවසෙන දුවිධං. තථා ආභිසමාචාරිකආදිබ්‍රහ‍්මචරියකවසෙන, විරතිඅවිරතිවසෙන, නිස‍්සිතානිස‍්සිතවසෙන, කාලපරියන‍්තආපාණකොටිකවසෙන, සපරියන‍්තාපරියන‍්තවසෙන, ලොකියලොකුත‍්තරවසෙන ච.

චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් දෙඅකාර වේ. එසේම ආභිසමාචාරික, ආදිබ්‍රහ්මචරියක වශයෙන්ද, විරති, අවිරති වශයෙන්ද, නිස්සිත අනිස්සිත වශයෙන්ද, කාලපරියන්ත, ආපාණකෝටික වශයෙන්ද, සපරියන්ත, අපරියන්ත වශයෙන්ද, ලෞකික ලෝකෝත්තර වශයෙන්ද (එකක් පාසා) දෙආකාර වේ.

තිවිධං හීනමජ‍්ඣිමපණීතවසෙන. තථා අත‍්තාධිපතෙය්‍යලොකාධිපතෙය්‍යධම‍්මාධිපතෙය්‍යවසෙන, පරාමට‍්ඨාපරාමට‍්ඨපටිප‍්පස‍්සද‍්ධිවසෙන, විසුද‍්ධාවිසුද‍්ධවෙමතිකවසෙන, සෙක‍්ඛාසෙක‍්ඛනෙවසෙක‍්ඛනාසෙක‍්ඛවසෙන ච.

හීන, මධ්‍යම, ප්‍රණීත වශයෙන් තුන් ආකාර වේ. එසේම අත්තාධිපතෙය්‍ය, ලෝකාධිපතෙය්‍ය, ධම්මාධිපතෙය්‍ය වශයෙන්ද, පරාමට්ඨ, අපරාමට්ඨ, පටිපස්සද්ධි වශයෙන්ද, විසුද්ධ, අවිසුද්ධ, වේමතික වශයෙන්ද, සේඛ, අසේඛ, නෙවසේඛාසේඛ වශයෙන්ද, තුන්ආකාර වේ.

චතුබ‍්බිධං හානභාගියඨිතිභාගියවිසෙසභාගියනිබ‍්බෙධභාගියවසෙන. තථා භික‍්ඛුභික‍්ඛුනීඅනුපසම‍්පන‍්නගහට‍්ඨසීලවසෙන, පකතිආචාරධම‍්මතාපුබ‍්බහෙතුකසීලවසෙන, පාතිමොක‍්ඛසංවරඉන්‍ද්‍රියසංවරආජීවපාරිසුද‍්ධිපච‍්චයසන‍්නිස‍්සිතසීලවසෙන ච.

හානභාගීය, ඨිතිභාගීය, විසෙසභාගීය, නිබ්බේධභාගීය වශයෙන් සිව්ආකාර වේ. එසේම භික්ඛු, භික්ඛුණී, අනුපසම්පන්න, ගහට්ඨ වශයෙන්ද, පකති, ආචාර, ධම්මතා, පුබ්බහේතුක වශයෙන්ද, පටිමොක්ඛසංවර ඉන්‍ද්‍රියසංවර, ආජීවපාරිසුද්ධි, පච්චයසන්නිස්සික වශයෙන්ද, සිවු ආකාර වේ.

පඤ‍්චවිධං පරියන‍්තපාරිසුද‍්ධිසීලාදිවසෙන. වුත‍්තම‍්පි චෙතං පටිසම‍්භිදායං “පඤ‍්ච සීලානි – පරියන‍්තපාරිසුද‍්ධිසීලං, අපරියන‍්තපාරිසුද‍්ධිසීලං, පරිපුණ‍්ණපාරිසුද‍්ධිසීලං, අපරාමට‍්ඨපාරිසුද‍්ධිසීලං, පටිප‍්පස‍්සද‍්ධිපාරිසුද‍්ධිසීල”න‍්ති (පටි· ම· 1.37). තථා පහානවෙරමණීචෙතනාසංවරාවීතික‍්කමවසෙන.

පරියන්ත පාරිසුද්ධි සීල ආදි වශයෙන් පස් ආකාර වේ. කියන ලද මැයි පටිසම්භිදාවෙහි: ‘පරියන්ත පාරිසුද්ධි සීලය, අපරියන්ත පාරිශුද්ධි ශීලය පරිපුණ්ණ පාරිසුද්ධි සීලය, අපරාමට්ඨ පාරිසුද්ධි සීලය, පටිප්පස්සද්ධි පාරිසුද්ධසීලයයි ශීලය පස්ආකාර වේ. එසේම පහාණ, වේරමණි චේතනා, සංවර, අවීතික්කම වශයෙන්ද පස්ආකාර වේ.

තත්‍ථ එකවිධකොට‍්ඨාසෙ අත්‍ථො වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. දුවිධකොට‍්ඨාසෙ යං භගවතා “ඉදං කත‍්තබ‍්බ”න‍්ති පඤ‍්ඤත‍්තසික‍්ඛාපදපූරණං, තං චාරිත‍්තං. යං “ඉදං න කත‍්තබ‍්බ”න‍්ති පටික‍්ඛිත‍්තස‍්ස අකරණං, තං වාරිත‍්තං. තත්‍රායං වචනත්‍ථො. චරන‍්ති තස‍්මිං සීලෙසු පරිපූරකාරිතාය පවත‍්තන‍්තීති චාරිත‍්තං. වාරිතං තායන‍්ති රක‍්ඛන‍්ති තෙනාති වාරිත‍්තං. තත්‍ථ සද‍්ධාවීරියසාධනං චාරිත‍්තං, සද‍්ධාසාධනං වාරිත‍්තං. එවං චාරිත‍්තවාරිත‍්තවසෙන දුවිධං.

එහි එක්වැදෑරුම් කොටසෙහි අර්ත්‍ථය යට කී පරිදිම දතයුතුය. දෙවැදෑරුම් කොටසෙහි: භාග්‍යවතුන් වහන්සේ විසින් මේ මේ දෑ කළ යුතුය’යි පනවනලද සිකපද පිරීම චාරිත්‍රයි; ‘මේ මේ දෑ නොකළ යුතුය’යි පිළිකෙව් කරන ලද්දක් නොකිරීම වාරිත්‍රයි. එහි වචනාර්ත්‍ථය මෙසේයි: ඒ ශීලයෙහි හැසිරෙති’යි, එය පුරන්නකු වශයෙන් පවති’යි චාරිත්‍ර නමි. වලක්වනලද දෙයින් වැලකෙති’යි, එයින් රැකෙති’යි වාරිත්‍ර නමි. එහි චාරිත්‍රය ශ්‍රද්ධා, වීර්ය යන දෙකින් සිද්ධ වේ, වාරිත්‍රය ශ්‍රද්ධා සති යන දෙකින් සිද්ධ වේ. මෙසේ චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් දෙආකාර වේ.

දුතියදුකෙ අභිසමාචාරොති උත‍්තමසමාචාරො. අභිසමාචාරො එව ආභිසමාචාරිකං. අභිසමාචාරං වා ආරබ‍්භ පඤ‍්ඤත‍්තං ආභිසමාචාරිකං, ආජීවට‍්ඨමකතො අවසෙසසීලස‍්සෙතං අධිවචනං. මග‍්ගබ්‍රහ‍්මචරියස‍්ස ආදිභාවභූතන‍්ති ආදිබ්‍රහ‍්මචරියකං, ආජීවට‍්ඨමකසීලස‍්සෙතං අධිවචනං. තඤ‍්හි මග‍්ගස‍්ස ආදිභාවභූතං, පුබ‍්බභාගෙයෙව පරිසොධෙතබ‍්බතො. තෙනාහ – “පුබ‍්බෙව ඛො පනස‍්ස කායකම‍්මං වචීකම‍්මං ආජීවො සුපරිසුද‍්ධො හොතී”ති (ම· නි· 3.431). යානි වා සික‍්ඛාපදානි ඛුද‍්දානුඛුද‍්දකානීති වුත‍්තානි, ඉදං ආභිසමාචාරිකසීලං. සෙසං ආදිබ්‍රහ‍්මචරියකං. උභතොවිභඞ‍්ගපරියාපන‍්නං වා ආදිබ්‍රහ‍්මචරියකං. ඛන්‍ධකවත‍්තපරියාපන‍්නං ආභිසමාචාරිකං. තස‍්ස සම‍්පත‍්තියා ආදිබ්‍රහ‍්මචරියකං සම‍්පජ‍්ජති. තෙනෙවාහ – “සො වත, භික‍්ඛවෙ, භික‍්ඛු ආභිසමාචාරිකං ධම‍්මං අපරිපූරෙත්‍වා ආදිබ්‍රහ‍්මචරියකං ධම‍්මං පරිපූරෙස‍්සතීති නෙතං ඨානං විජ‍්ජතී”ති (අ· නි· 5.21). එවං ආභිසමාචාරිකආදිබ්‍රහ‍්මචරියකවසෙන දුවිධං.

දෙවන ද්විකයෙහි, අභිසමාචාර නම් උතුම් සමාචාරයයි, අභිසමාචාරයම (තදර්ත්‍ථ වශයෙන්) ආභිසමාචාරික නම් වේ. අභිසමාචාරය උදෙසා පනවන ලදහ’යි හෝ ආභිසමාචාරික නම් වේ. ආජීවට්ඨමක ශීලය හැර සෙසු ශීලයනට මේ අධිවචනයි. මාර්ගබ්‍රහ්මචර්යාවට මුල් වූහ’යි ආදිබ්‍රහ්මචර්යක නමි. මෙය ආජීවට්ඨමක ශීලයට අධිවචනයි. එය වනාහි ආරම්භයෙහිදීම පිරිසුදු කළයුතු හෙයින් (විශුද්ධි) මාර්ගයට මුල් වූයේය. එහෙයින් කීහ: ඔහුගේ වනාහි කායකර්ම, වාක්කර්ම, ආජීව යන මේවා මුලදීම සුපිරිසුදු වූයේ වේ. නොහොත් යම් ශික්‍ෂාපදයක් ඛුද්දානුඛුද්දකයයි කියන ලද නම් මෙය ආභිසමාචාරික ශීලයයි. සෙසු ශික්‍ෂාපද ආදිබ්‍රහ්මචර්යක ශීලයයි. නැතහොත්, උභතොවිභඞ්ගයට අන්තර්ගත වූයේ ආදිබ්‍රහ්මචර්යකයි, ඛන්‍ධකවත්හි අන්තර්ගතවූයේ ආභිසමාචාරිකයි. එම ආභිසමාචාරිකය සමෘද්ධවීමෙන් ආදිබ්‍රහ්මචර්යකය සමෘද්ධ වේ. එහෙයින්ම කීහ: මහණෙනි, ඒ භික්‍ෂුතෙමේ වනාහි ආභිසමාචාරික ධර්මය පරිපූරණය නොකොට ආදිබ්‍රහ්මචර්යක ධර්මය පරිපූරණය කරන්නේය යනු කිසිවිටෙකත් සිදුනොවේ. මෙසේ ආභිසමාචාරික ආදිබ්‍රහ්මචර්යක වශයෙන් දෙආකාර වේ.

තතියදුකෙ පාණාතිපාතාදීහි වෙරමණිමත‍්තං විරතිසීලං. සෙසං චෙතනාදි අවිරතිසීලන‍්ති එවං විරතිඅවිරතිවසෙන දුවිධං.

තෙවන ද්විකයෙහි හුදෙක් ප්‍රාණඝාතාදියෙන් වැලකීමම විරති ශීලයයි; සෙසු චේතනාදිය අවිරති ශීලයයි. මෙසේ විරති, අවිරති වශයෙන් දෙආකාර වේ.

චතුත්‍ථදුකෙ නිස‍්සයොති ද‍්වෙ නිස‍්සයා තණ‍්හානිස‍්සයො ච දිට‍්ඨිනිස‍්සයො ච. තත්‍ථ යං “ඉමිනාහං සීලෙන දෙවො වා භවිස‍්සාමි දෙවඤ‍්ඤතරො වා”ති (දී· නි· 3.320; ම· නි· 1.186; අ· නි· 5.206; 7.50) එවං භවසම‍්පත‍්තිං ආකඞ‍්ඛමානෙන පවත‍්තිතං, ඉදං තණ‍්හානිස‍්සිතං. යං “සීලෙන සුද‍්ධී”ති එවං සුද‍්ධිදිට‍්ඨියා පවත‍්තිතං, ඉදං දිට‍්ඨිනිස‍්සිතං. යං පන ලොකුත‍්තරං ලොකියඤ‍්ච තස‍්සෙව සම‍්භාරභූතං, ඉදං අනිස‍්සිතන‍්ති එවං නිස‍්සිතානිස‍්සිතවසෙන දුවිධං.

සිවුවන ද්විකයෙහි: නිස්සය යනු තණ්හානිස්සය, දිට්ඨිනිස්සයයි දෙකෙකි. එහි යම් ශීලයක්, ‘මම් මේ ශීලය හේතුකොටගෙන දෙවියෙක් හෝ වන්නෙමි, නැතහොත් දෙවියන් හා සමාන අන් කෙනෙක් හෝ වන්නෙමි’යි මෙසේ භව සම්පත් අපේක්‍ෂා කරමින් පවත්වන ලද්දේ නම් මේ තණ්හානිස්සිතයි. ශීලය හේතුකොටගෙන ශුද්ධිය වන්නේයයි මෙසේ ශුද්ධිදෘෂ්ටියෙන් යම් ශීලයක් පවත්වන ලද්දේ නම් මේ දිට්ඨිනිස්සිතයි. යම් ලෝකෝත්තර ශීලයක් වේනම් එයද, එම ලෝකෝත්තර ශීලය කරා මෙහෙයවන යම් ලෞකික ශීලයක් වේනම් එයද අනිස්සිතයි. මෙසේ නිස්සිත, අනිස්සිත වශයෙන් දෙආකාර වේ.

පඤ‍්චමදුකෙ කාලපරිච‍්ඡෙදං කත්‍වා සමාදින‍්නං සීලං කාලපරියන‍්තං. යාවජීවං සමාදියිත්‍වා තථෙව පවත‍්තිතං ආපාණකොටිකන‍්ති එවං කාලපරියන‍්තආපාණකොටිකවසෙන දුවිධං.

පස්වන ද්විකයෙහි කාල සීමාවක් කොට සමාදන් වූ ශීලය කාලපර්යන්තයි. දිවිහිමිකොට සමාදන්ව එසේම පවත්වනලද ශීලය ආපාණකෝටිකයි. මෙසේ කාලපරියන්ත ආපාණකෝටික වශයෙන් දෙආකාර වේ.

ඡට‍්ඨදුකෙ ලාභයසඤාතිඅඞ‍්ගජීවිතවසෙන දිට‍්ඨපරියන‍්තං සපරියන‍්තං නාම. විපරීතං අපරියන‍්තං. වුත‍්තම‍්පි චෙතං පටිසම‍්භිදායං “කතමං තං සීලං සපරියන‍්තං? අත්‍ථි සීලං ලාභපරියන‍්තං, අත්‍ථි සීලං යසපරියන‍්තං, අත්‍ථි සීලං ඤාතිපරියන‍්තං, අත්‍ථි සීලං අඞ‍්ගපරියන‍්තං, අත්‍ථි සීලං ජීවිතපරියන‍්තං. කතමං තං සීලං ලාභපරියන‍්තං? ඉධෙකච‍්චො ලාභහෙතු ලාභපච‍්චයා ලාභකාරණා යථාසමාදින‍්නං සික‍්ඛාපදං වීතික‍්කමති, ඉදං තං සීලං ලාභපරියන‍්ත”න‍්ති (පටි· ම· 1.38). එතෙනෙව උපායෙන ඉතරානිපි විත්‍ථාරෙතබ‍්බානි. අපරියන‍්තවිස‍්සජ‍්ජනෙපි වුත‍්තං “කතමං තං සීලං න ලාභපරියන‍්තං? ඉධෙකච‍්චො ලාභහෙතු ලාභපච‍්චයා ලාභකාරණා යථාසමාදින‍්නං සික‍්ඛාපදං වීතික‍්කමාය චිත‍්තම‍්පි න උප‍්පාදෙති, කිං සො වීතික‍්කමිස‍්සති, ඉදං තං සීලං න ලාභපරියන‍්ත”න‍්ති (පටි· ම· 1.38). එතෙනෙවුපායෙන ඉතරානිපි විත්‍ථාරෙතබ‍්බානි. එවං සපරියන‍්තාපරියන‍්තවසෙන දුවිධං.

සවන ද්විකයෙහි: ලාභ, යසස්, ඤාති, අංග, ජීවිත ආදී වශයෙන් දක්නාලද සීමා ඇති ශීලය සපරියන්ත නමි. එබඳු සීමා නැති ශීලය අපරියන්ත නමි. කියනලදමැයි පටිසම්භිදායෙහි: ‘සපරියන්ත ශීලය නම් කිමෙක්ද? ලාභය සීමාකොටගත් ශීලයක් ඇත, යසස සීමා කොටගත් ශීලයක් ඇත. ඥාතීන් සීමාකොටගත් ශීලයක් ඇත, ශරීරාවයව සීමාකොටගත් ශීලයක් ඇත, ජීවිතය සීමා කොටගත් ශීලයක් ඇත. ලාභය සීමාකොටගත් ශීලය කිමෙක්ද? මේ ශාසනයෙහි කිසිවෙක් ලාභය හේතුකොට ලාභය නිමිති කොට, ලාභය පිණිස යම්සේ සමාදන් වූ ශික්‍ෂාපදය ඉක්මවත් නම් එම ශීලය ලාභ පර්යන්ත වේ’ මේ ක්‍රමයෙන්ම සෙසු කරුණුද විස්තර කළ යුතුය. අපරියන්ත ශීලය විසදීමේදීද කියනලදමැයි: ‘ලාභ පර්යන්ත නොවන ශීලය කිමෙක්ද? මේ ශාසනයෙහි කිසිවෙක් ලාභය හේතුකොට, ලාභය නිමිතිකොට, ලාභය පිණිස තමන් සමාදන් වූ ශික්‍ෂාපදය කඩ කිරීමට සිතිවිලිමාත්‍රයක් හෝ නොඋපදවත් නම්, ඔහු කිමෙකැයි එය කඩ කෙරෙත් ද? මෙවන් ඒ ශීලය ලාභපරියන්ත නොවේ’ මෙම ක්‍රමයෙන් සෙස්සද විස්තර කළ යුතුය. මෙසේ පරියන්ත, අපරියන්ත වශයෙන් දෙආකාර වේ.

සත‍්තමදුකෙ සබ‍්බම‍්පි සාසවං සීලං ලොකියං. අනාසවං ලොකුත‍්තරං. තත්‍ථ ලොකියං භවවිසෙසාවහං හොති භවනිස‍්සරණස‍්ස ච සම‍්භාරො. යථාහ – “විනයො සංවරත්‍ථාය, සංවරො අවිප‍්පටිසාරත්‍ථාය, අවිප‍්පටිසාරො පාමොජ‍්ජත්‍ථාය, පාමොජ‍්ජං පීතත්‍ථාය, පීති පස‍්සද‍්ධත්‍ථාය, පස‍්සද‍්ධි සුඛත්‍ථාය, සුඛං සමාධත්‍ථාය, සමාධි යථාභූතඤාණදස‍්සනත්‍ථාය, යථාභූතඤාණදස‍්සනං නිබ‍්බිදත්‍ථාය, නිබ‍්බිදා විරාගත්‍ථාය, විරාගො විමුත‍්තත්‍ථාය, විමුත‍්ති විමුත‍්තිඤාණදස‍්සනත්‍ථාය, විමුත‍්තිඤාණදස‍්සනං අනුපාදාපරිනිබ‍්බානත්‍ථාය, එතදත්‍ථා කථා, එතදත්‍ථා මන‍්තනා, එතදත්‍ථා උපනිසා, එතදත්‍ථං සොතාවධානං, යදිදං අනුපාදාචිත‍්තස‍්ස විමොක‍්ඛො”ති (පරි· 366). ලොකුත‍්තරං භවනිස‍්සරණාවහං හොති පච‍්චවෙක‍්ඛණඤාණස‍්ස ච භූමීති එවං ලොකියලොකුත‍්තරවසෙන දුවිධං.

සත්වන ද්විකයෙහි: ආශ්‍රවයන්ගෙන් නොමුත් සියලු ආකාර ඇති ශීලය ලෞකික වේ. ආශ්‍රව රහිත ශීලය ලෝකෝත්තර වේ. එහි ලෞකික ශීලය විශේෂ භව සම්පත් ගෙන දෙන්නේ වේ. එය භවය කෙළවර කරනු පිණිස මෙහෙයවන රුකුලක්ද වේ. යම්සේ කියන ලද්දේ ද: විනය සංවරය සඳහාය, සංවරය අවිපිළිසර සඳහාය, අවිපිළිසර ප්‍රමොදය සඳහාය, ප්‍රමාදය ප්‍රීතිය සඳහාය, ප්‍රීතිය පස්සද්ධිය සඳහාය, පස්සද්ධිය සුවය සඳහාය, සුවය සමාධිය සඳහාය, සමාධිය තත්‍වාවබොධය සඳහාය, තත්‍වාවබොධය (සසර) කලකිරීම සඳහාය, කලකිරීම විරාගය සඳහාය, විරාගය විමුක්තිය සඳහාය, විමුක්තිය විමුක්තිඥානදර්ශනය සඳහාය, විමුක්තිඥානදර්ශනය උපාදාන රහිත පරිනිර්වාණය සඳහාය, යම් මේ උපාදාන රහිත චිත්තවිමෝක්‍ෂයක් වේනම්, කථාවෙහි ඵලය එයයි, මන්ත්‍රණයෙහි ඵලය එයයි, ළඟ හිඳ සාකච්ඡා කිරීමෙහි (උපනිසා) ඵලය එයයි. ඇහුම්කන්දීමෙහි ඵලය එයයි.’ ලෝකෝත්තර ශීලය භවයෙන් මිදීම සිද්ධ කරන්නේ වේ, එය ප්‍රත්‍යවෙක්‍ෂණ ඥානයට ආධාරකයක්ද වේ. මෙසේ ලෞකික-ලෝකෝත්තර වශයෙන් දෙආකාර වේ.

තිකෙසු පඨමත‍්තිකෙ හීනෙන ඡන්‍දෙන චිත‍්තෙන වීරියෙන වීමංසාය වා පවත‍්තිතං හීනං. මජ‍්ඣිමෙහි ඡන්‍දාදීහි පවත‍්තිතං මජ‍්ඣිමං. පණීතෙහි පණීතං. යසකාමතාය වා සමාදින‍්නං හීනං. පුඤ‍්ඤඵලකාමතාය මජ‍්ඣිමං. කත‍්තබ‍්බමෙවිදන‍්ති අරියභාවං නිස‍්සාය සමාදින‍්නං පණීතං. “අහමස‍්මි සීලසම‍්පන‍්නො, ඉමෙ පනඤ‍්ඤෙ භික‍්ඛූ දුස‍්සීලා පාපධම‍්මා”ති එවං අත‍්තුක‍්කංසනපරවම‍්භනාදීහි උපක‍්කිලිට‍්ඨං වා හීනං. අනුපක‍්කිලිට‍්ඨං ලොකියං සීලං මජ‍්ඣිමං. ලොකුත‍්තරං පණීතං. තණ‍්හාවසෙන වා භවභොගත්‍ථාය පවත‍්තිතං හීනං. අත‍්තනො විමොක‍්ඛත්‍ථාය පවත‍්තිතං මජ‍්ඣිමං. සබ‍්බසත‍්තානං විමොක‍්ඛත්‍ථාය පවත‍්තිතං පාරමිතාසීලං පණීතන‍්ති එවං හීනමජ‍්ඣිමපණීතවසෙන තිවිධං.

ත්‍රිකයන් අතුරෙන්, පළමුවන ත්‍රිකයෙහි: හීනවූ ඡන්‍දයෙන්, සිතින්, වීර්යයෙන් හෝ විමසීමෙන් පවත්වන ලද ශීලය හීන නමි, මධ්‍යම වූ ඡන්‍දාදියෙන් පවත්වනලද ශීලය මධ්‍යම නමි. ප්‍රණීතවූ ඡන්‍දාදියෙන් පවත්වන ලද ශීලය ප්‍රණීත නමි. නොහොත් යසස් කාමයෙන් සමාදන් වූ ශීලය හීන නමි, පින්පල කැමැතිව සමාදන් වූ ශීලය මධ්‍යම නමි, ආර්යභාවය පිණිස මෙය කළයුතුයයි සලකා සමාදන්වූ ශීලය ප්‍රණීත නමි. නොහොත්, මම ශීල සම්පන්න වෙමි, මේ අන් භික්‍ෂූහු පාපස්වභාව ඇති දුශ්ශීලයෝ ය’යි මෙසේ අත්තුක්කංසන (තමා උසස් කොට සැලකීම) පරවම්භන (අනුන් හෙලා දැකීම) ආදියෙන් කිලිටිවූ ශීලය හීන නමි, මෙසේ නොකිලිටිවූ ලෞකික ශීලය මධ්‍යම නමි, ලෝකෝත්තර ශීලය ප්‍රණීත නමි. නොහොත්, තෘෂ්ණා වශයෙන් භවභෝග පිණිස පවත්වනලද ශීලය හීන නමි, ස්වකීය විමෝක්‍ෂය පිණිස පවත්වනලද ශීලය මධ්‍යම නමි. සියලු සත්‍වයන්ගේ විමෝක්‍ෂය පිණිස පවත්වනලද ශීලය ප්‍රණීත නමි. මෙසේ හීන, මධ්‍යම, ප්‍රණීත වශයෙන් තුන් ආකාර වේ.

දුතියත‍්තිකෙ අත‍්තනො අනනුරූපං පජහිතුකාමෙන අත‍්තගරුනා අත‍්තනිගාරවෙන පවත‍්තිතං අත‍්තාධිපතෙය්‍යං. ලොකාපවාදං පරිහරිතුකාමෙන ලොකගරුනා ලොකෙ ගාරවෙන පවත‍්තිතං ලොකාධිපතෙය්‍යං. ධම‍්මමහත‍්තං පූජෙතුකාමෙන ධම‍්මගරුනා ධම‍්මගාරවෙන පවත‍්තිතං ධම‍්මාධිපතෙය්‍යන‍්ති එවං අත‍්තාධිපතෙය්‍යාදිවසෙන තිවිධං.

දෙවන ත්‍රිකයෙහි: තමාට නොසුදුසු දෙය අත්හරිනු රිසියෙන් ආත්මගෞරවය හේතුකොට, තමා කෙරෙහි ගෞරවයෙන් පවත්වන ලද ශීලය අත්තාධිපතෙය්‍ය නම් වේ. ලෝකාපවාදය වලකනු පිණිස ලෝකගෞරවයෙන් පවත්වන ලද ශීලය ලෝකාධිපතෙය්‍ය නම්වේ. ධර්ම මහත්‍වය පුදනු රිසියෙන් ධර්මගෞරවය හේතුකොට ධර්මය කෙරෙහි ගෞරවයෙන් පවත්වන ලද ශීලය ධම්මාධිපතෙය්‍ය නම් වේ. මෙසේ අත්තාධිපතෙය්‍ය ආදි වශයෙන් තුන් ආකාර වේ.

තතියත‍්තිකෙ යං දුකෙසු නිස‍්සිතන‍්ති වුත‍්තං, තං තණ‍්හාදිට‍්ඨීහි පරාමට‍්ඨත‍්තා පරාමට‍්ඨං. පුථුජ‍්ජනකල්‍යාණකස‍්ස මග‍්ගසම‍්භාරභූතං සෙක‍්ඛානඤ‍්ච මග‍්ගසම‍්පයුත‍්තං අපරාමට‍්ඨං. සෙක‍්ඛාසෙක‍්ඛානං ඵලසම‍්පයුත‍්තං පටිප‍්පස‍්සද‍්ධන‍්ති එවං පරාමට‍්ඨාදිවසෙන තිවිධං.

තෙවන ත්‍රිකයෙහි: යම් ශීලයක් (යට) ද්විකයන්හි නිස්සිතයයි දක්වන ලද්දේ ද, එය තෘෂ්ණාදෘෂ්ටීන්ගෙන් පරාමර්ශ වූ හෙයින් පරාමට්ඨ නම් වේ. කල්‍යාණ ගුණයෙන් හෙබි පෘථග්ජනයන් ආර්යමාර්ගය කරා මෙහෙයවන, ශෛක්‍ෂයන්ගේ මාර්ගය හා සමග යෙදෙන ශීලය අපරාමට්ඨ නම් වේ. ශෛක්‍ෂ්‍ය අශෛක්‍ෂ්‍ය යන දෙපක්‍ෂයෙහිම ඵලය හා සමග යෙදෙන ශීලය පටිපස්සද්ධ නම් වේ. මෙසේ පරාමට්ඨ ආදී වශයෙන් තුන් ආකාර වේ.

චතුත්‍ථත‍්තිකෙ යං ආපත‍්තිං අනාපජ‍්ජන‍්තෙන පූරිතං, ආපජ‍්ජිත්‍වා වා පුන කතපටිකම‍්මං, තං විසුද‍්ධං. ආපත‍්තිං ආපන‍්නස‍්ස අකතපටිකම‍්මං අවිසුද‍්ධං. වත්‍ථුම‍්හි වා ආපත‍්තියා වා අජ‍්ඣාචාරෙ වා වෙමතිකස‍්ස සීලං වෙමතිකසීලං නාම. තත්‍ථ යොගිනා අවිසුද‍්ධසීලං විසොධෙතබ‍්බං, වෙමතිකෙ වත්‍ථුජ‍්ඣාචාරං අකත්‍වා විමති පටිවිනෙතබ‍්බා “ඉච‍්චස‍්ස ඵාසු භවිස‍්සතී”ති එවං විසුද‍්ධාදිවසෙන තිවිධං.

සිවුවන ත්‍රිකයෙහි: යම් ශීලයක් ඇවැත්වලට නොපැමිණ පුරන ලද්දේ ද, පැමිණ හෝ පිළියම් කරන ලද්දේ ද, එය විශුද්ධ නම් වේ, ඇවැත්වලට පැමිණ පිළියම් නොකරනලද ශීලය අවිශුද්ධ නම්වේ, ඇවැතට හේතුවූ කරුණ පිළිබඳව හෝ, ඇවැත පිළිබඳව හෝ, ශික්‍ෂාපදය ඉක්මවීම පිළිබඳව හෝ විමති ඇත්තහුගේ ශීලය වෙමතික නම්වේ. මෙහිලා යෝගාවචරයා විසින් අවිශුද්ධ වූ ශීලය පිරිසුදු කරගතයුතුය. වෙමතිකයෙහිලා, විමති සහිත කරුණ ඉක්මයනු නොදී විමතිය දුරු කොටගතයුතුය. මෙයින් ඔහුට පහසුවක්ම වන්නේය. මෙසේ විශුද්ධාදී වශයෙන් තුන් ආකාර වේ.

පඤ‍්චමත‍්තිකෙ චතූහි අරියමග‍්ගෙහි තීහි ච සාමඤ‍්ඤඵලෙහි සම‍්පයුත‍්තං සීලං සෙක‍්ඛං. අරහත‍්තඵලසම‍්පයුත‍්තං අසෙක‍්ඛං. සෙසං නෙවසෙක‍්ඛනාසෙක‍්ඛන‍්ති එවං සෙක‍්ඛාදිවසෙන තිවිධං.

පස්වන ත්‍රිකයෙහි: ආර්යමාර්ග සතරින්ද, සාමඤ්ඤඵල තුනින්ද යුක්ත වූ ශීලය සෙඛ නම් වේ, අර්හත් ඵලයෙන් යුක්ත වූයේ අසෙඛ නම් වේ, සෙසු ශීලය සෙඛ හෝ අසෙඛ නොවන ශීලය වේ. මෙසේ සෙඛාදී වශයෙන් තුන්ආකාර වේ.

පටිසම‍්භිදායං පන යස‍්මා ලොකෙ තෙසං තෙසං සත‍්තානං පකතිපි සීලන‍්ති වුච‍්චති, යං සන්‍ධාය “අයං සුඛසීලො, අයං දුක‍්ඛසීලො, අයං කලහසීලො, අයං මණ‍්ඩනසීලො”ති භණන‍්ති, තස‍්මා තෙන පරියායෙන “තීණි සීලානි, කුසලසීලං අකුසලසීලං අබ්‍යාකතසීලන‍්ති (පටි· ම· 1.39). එවං කුසලාදිවසෙනපි තිවිධන‍්ති වුත‍්තං. තත්‍ථ අකුසලං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතස‍්ස සීලස‍්ස ලක‍්ඛණාදීසු එකෙනපි න සමෙතීති ඉධ න උපනීතං, තස‍්මා වුත‍්තනයෙනෙවස‍්ස තිවිධතා වෙදිතබ‍්බා.

පටිසම්භිදායෙහි වනාහි යම්හෙයකින් ලෝකයෙහි ඒ ඒ සත්‍වයන්ගේ ස්වභාවයද ශීලයයි. කියනු ලබන හෙයින්, යම් ස්වභාවයක් හේතුකොට මේ තෙමේ සුඛශීලයෙකි, මේ තෙමේ දුඃඛශීලයෙකි, මේ තෙමේ කලහ ශීලයෙකි, මේ තෙමේ මණ්ඩන ශීලයෙකි’යි බෙණෙන හෙයින්, එම අර්ත්‍ථයෙන්, ‘කුශල ශීලය, අකුශල ශීලය, අව්‍යාකෘත ශීලයයි තුනෙකි’. මෙසේ කුශලාදී වශයෙන් තුන් ආකාරවේයයි කියනලදි. එහි අකුශල ශීලය මෙම අර්ත්‍ථයෙහි අභිප්‍රේතවූ ශීලයෙහි ලක්‍ෂණයන් අතර ඇති කිසිවක් හා සමග නොගැලපෙති’යි හඟිමින් මෙහි ගෙනහැර නොදක්වන ලදි. එහෙයින් කියනලද නයින්ම මෙහි තුන්ආකාරබව දතයුතුය.

චතුක‍්කෙසු පඨමචතුක‍්කෙ –

චතුෂ්කයන් අතුරෙන් ප්‍රථම චතුෂ්කයෙහි:

යොධ සෙවති දුස‍්සීලෙ, සීලවන‍්තෙ න සෙවති; වත්‍ථුවීතික‍්කමෙ දොසං, න පස‍්සති අවිද‍්දසු.

යො’ධ සෙවති දුස්සීලෙ සීලවන්තෙ න සෙවති, වත්‍ථුවීතික්කමෙ දොසං න පස්සති අවිද්දසු

මිච‍්ඡාසඞ‍්කප‍්පබහුලො , ඉන්‍ද්‍රියානි න රක‍්ඛති; එවරූපස‍්ස වෙ සීලං, ජායතෙ හානභාගියං.

මිච්ඡාසඞ්කප්පබහුලො ඉන්‍ද්‍රියානි න රක්‍ඛති, එවරූපස්ස වෙ සීලං ජායතෙ හානභාගියං

යො පනත‍්තමනො හොති, සීලසම‍්පත‍්තියා ඉධ; කම‍්මට‍්ඨානානුයොගම‍්හි, න උප‍්පාදෙති මානසං.

යො පන’ත්තමනො හොති සීලසම්පත්තියා ඉධ, කම්මට්ඨානානුයොගම්හි න උප්පාදෙති මානසං

තුට‍්ඨස‍්ස සීලමත‍්තෙන, අඝටන‍්තස‍්ස උත‍්තරි; තස‍්ස තං ඨිතිභාගියං, සීලං භවති භික‍්ඛුනො.

තුට්ඨස්ස සීලමත්තෙන අඝටන්තස්ස උත්තරිං, තස්ස තං ඨිතිභාගීයං සීලං භවති භික්‍ඛුනො

සම‍්පන‍්නසීලො ඝටති, සමාධත්‍ථාය යො පන; විසෙසභාගියං සීලං, හොති එතස‍්ස භික‍්ඛුනො.

සම්පන්නසීලො ඝටති සමාධත්‍ථාය යො පන, විසෙසභාගියං සීලං හොති එතස්ස භික්‍ඛුනො

අතුට‍්ඨො සීලමත‍්තෙන, නිබ‍්බිදං යොනුයුඤ‍්ජති; හොති නිබ‍්බෙධභාගියං, සීලමෙතස‍්ස භික‍්ඛුනොති.

අතුට්ඨො සීලමත්තෙන නිබ්බිදං යො’නුයුඤ්ජති, හොති තිබ්බෙධභාගීයං සීලමෙතස්ස භික්‍ඛුනො ති.

මේ ශාසනයෙහි යමෙක් දුසිලුන් සේවනය කෙරේද, සිල්වතුන් සේවනය නොකෙරේද, අඥාන වූ හේ තෙමේ (ශික්‍ෂාපද) වස්තුන් ඉක්මවීමෙහි දොස් නොදකී.

මිථ්‍යා සංකල්පනා බහුලකොට ඇති, ඉන්‍ද්‍රියයන් නොරකින මෙවැන්නහුගේ ශීලය ඒකාන්තයෙන් හානභාගීය වේ.

මේ ශාසනයෙහි යමෙක් වනාහි තමාගේ ශීලසම්පත්තියෙන් තෘප්තියට පත්ව කර්මස්ථානානුයෝගයෙහි සිත් නො උපදවාද,

ශීලමාත්‍රයෙන් තෘප්තව උතුරුමිනිස්දම්, උදෙසා වීර්ය නොකරන එවන් භික්‍ෂූහුගේ ඒ ශීලය ඨිතිභාගීය වේ.

ශීලසම්පන්න වූ යමෙක් වනාහි සමාධිය පිණිස වීර්ය කෙරේද, මෙවන් භික්‍ෂූහුගේ ශීලය විසෙසභාගීය වේ.

ශීලමාත්‍රයෙන් අතෘප්ත වූ යමෙක් තෙමේ විරාගය වෙත සිත යොදවාද මෙවන් භික්‍ෂූහුගේ ශීලය නිබ්බෙධභාගීය වේ.

එවං හානභාගියාදිවසෙන චතුබ‍්බිධං.

මෙසේ හානභාගීය ආදී වශයෙන් සිවුආකාර වේ.

දුතියචතුක‍්කෙ භික‍්ඛූ ආරබ‍්භ පඤ‍්ඤත‍්තසික‍්ඛාපදානි, යානි ච නෙසං භික‍්ඛුනීනං පඤ‍්ඤත‍්තිතො රක‍්ඛිතබ‍්බානි, ඉදං භික‍්ඛුසීලං. භික‍්ඛුනියො ආරබ‍්භ පඤ‍්ඤත‍්තසික‍්ඛාපදානි, යානි ච තාසං භික‍්ඛූනං පඤ‍්ඤත‍්තිතො රක‍්ඛිතබ‍්බානි, ඉදං භික‍්ඛුනිසීලං. සාමණෙරසාමණෙරීනං දසසීලානි අනුපසම‍්පන‍්නසීලං. උපාසකඋපාසිකානං නිච‍්චසීලවසෙන පඤ‍්චසික‍්ඛාපදානි, සති වා උස‍්සාහෙ දස, උපොසථඞ‍්ගවසෙන අට‍්ඨාති ඉදං ගහට‍්ඨසීලන‍්ති එවං භික‍්ඛුසීලාදිවසෙන චතුබ‍්බිධං.

දෙවන චතුෂ්කයෙහි: භික්‍ෂූන් අරබයා පනවනලද, භික්‍ෂූණීන් උදෙසා පනවන ලද ශික්‍ෂාපදයන් කෙරෙන් විශේෂකොට ඔවුන් (භික්‍ෂූන්) විසින්ම රැකියයුතු ශික්‍ෂාපද, භික්‍ෂු ශීලයයි, භික්‍ෂූණීන් අරබයා පනවනලද, භික්‍ෂූන් උදෙසා පනවනලද ශික්‍ෂාපදයන් කෙරෙන් විශේෂකොට ඔවුන් (භික්‍ෂූණීන්) විසින්ම රැකියයුතු ශික්‍ෂාපද, භික්‍ෂුණී ශීලයයි. සාමණෙර සාමණෙරීන් විසින් රැකියයුතු, දශශීලය අනුපසම්පන්නශීලයයි. උවසු උවැසියන් විසින් නිරන්තරයෙන් රැකියයුතු සිකපද පසද, උත්සාහ ඇතොත් රැකියහැකි සිකපද දසයද, උපොසථාංග වශයෙන් රැකියහැකි සිකපද අටද යන මේ ගෘහස්ත ශීලයයි, මෙසේ භික්‍ඛුසීලාදි වශයෙන් සිවුආකාර වේ.

තතියචතුක‍්කෙ උත‍්තරකුරුකානං මනුස‍්සානං අවීතික‍්කමො පකතිසීලං. කුලදෙසපාසණ‍්ඩානං අත‍්තනො අත‍්තනො මරියාදාචාරිත‍්තං ආචාරසීලං. “ධම‍්මතා එසා, ආනන්‍ද, යදා බොධිසත‍්තො මාතුකුච‍්ඡිං ඔක‍්කන‍්තො හොති න බොධිසත‍්තමාතු පුරිසෙසු මානසං උප‍්පජ‍්ජි කාමගුණූපසංහිත”න‍්ති එවං වුත‍්තං බොධිසත‍්තමාතුසීලං ධම‍්මතාසීලං. මහාකස‍්සපාදීනං පන සුද‍්ධසත‍්තානං, බොධිසත‍්තස‍්ස ච තාසු තාසු ජාතීසු සීලං පුබ‍්බහෙතුකසීලන‍්ති එවං පකතිසීලාදිවසෙන චතුබ‍්බිධං.

තුන්වන චතුෂ්කයෙහි: උතුරුකුරු දිවයින් වැසි මනුෂ්‍යයන් විසින් ස්වභාව වශයෙන්ම රැකෙන ශීලය ප්‍රකෘතිශීලයයි, ඒ ඒ කුල පරම්පරාවන්, ඒ ඒ දේශයන්, ඒ ඒ ලබ්ධිකයන් විසින් තමතමනට ආවේණික සීමාවනට අනුව පවත්වාගෙන ආ චාරිත්‍ර විධි ආචාරශීලයයි, ‘ආනන්‍දය, බොධිසත්‍ව කෙනකු මව් කුස පිළිසිඳගත් තැන් පටන් එම බෝධිසත්‍ව මාතාවට පුරුෂයන් කෙරෙහි කාමගුණයෙන් යුතු සිතක් පහළ නොවීම ධර්මතාවෙකි’ යනුවෙන් කියනලද බෝධිසත්‍ව මාතාවගේ ශීලය ධර්මතා ශීලයයි, මහාකාශ්‍යපාදී ශුද්ධසත්‍වයනටද, බෝධිසත්‍වයනටද, ඒ ඒ ජාතියෙහි සහජයෙන් පිහිටන ශීලය පූර්වහේතුක ශීලයයි, මෙසේ ප්‍රකෘතිශීලාදී වශයෙන් සිවුආකාර වේ.

චතුත්‍ථචතුක‍්කෙ යං භගවතා “ඉධ භික‍්ඛු පාතිමොක‍්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම‍්පන‍්නො අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසූ”ති (විභ· 508; දී· නි· 1.193) වං වුත‍්තං සීලං, ඉදං පාතිමොක‍්ඛසංවරසීලං නාම. යං පන “සො චක‍්ඛුනා රූපං දිස‍්වා න නිමිත‍්තග‍්ගාහී හොති නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී, යත්‍වාධිකරණමෙනං චක‍්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය පටිපජ‍්ජති, රක‍්ඛති චක‍්ඛුන්‍ද්‍රියං, චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජති. සොතෙන සද‍්දං සුත්‍වා…පෙ… ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා…පෙ… ජිව‍්හාය රසං සායිත්‍වා…පෙ… කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා…පෙ… මනසා ධම‍්මං විඤ‍්ඤාය න නිමිත‍්තග‍්ගාහී…පෙ… මනින්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජතී”ති (ම· නි· 1.22, 411; දී· නි· 1.213; අ· නි· 4.198) වුත‍්තං, ඉදං ඉන්‍ද්‍රියසංවරසීලං. යා පන ආජීවහෙතුපඤ‍්ඤත‍්තානං ඡන‍්නං සික‍්ඛාපදානං වීතික‍්කමස‍්ස, “කුහනා ලපනා නෙමිත‍්තිකතා නිප‍්පෙසිකතා ලාභෙන ලාභං නිජිගීසනතා”ති එවමාදීනඤ‍්ච පාපධම‍්මානං වසෙන පවත‍්තා මිච‍්ඡාජීවා විරති, ඉදං ආජීවපාරිසුද‍්ධිසීලං. “පටිසඞ‍්ඛා යොනිසො චීවරං පටිසෙවති, යාවදෙව සීතස‍්ස පටිඝාතායා”ති (ම· නි· 1.23; අ· නි· 6.58) ආදිනා නයෙන වුත‍්තො පටිසඞ‍්ඛානපරිසුද‍්ධො චතුපච‍්චයපරිභොගො පච‍්චයසන‍්නිස‍්සිතසීලං නාම.

සිවුවන චතුෂ්කයෙහි: මේ ශාසනයෙහි භික්‍ෂුතෙමේ ප්‍රාතිමොක්‍ෂ සංවරශීලයෙන් සංවෘත වූයේ, ආචාරගොචර සම්පන්නවූයේ ස්වල්පමාත්‍ර වූද වරදෙහි බිය දක්නාසුලු වූයේ ශික්‍ෂාපදයන් සමාදන්ව හික්මෙමින් වාසය කරයි’ යනුවෙන් මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් වදාරන ලද්දේ ද, මෙම ශීලය ප්‍රාතිමොක්‍ෂ සංවරශීලයයි, ‘ඒ භික්‍ෂු තෙමේ ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් ග්‍රහණය නොකරයි, විසිතුරු ලකුණු වශයෙන් ග්‍රහණය නොකරයි. යම් ග්‍රහණයක් හේතුකොටගෙන අසංවෘත වූ චක්‍ෂුරින්‍ද්‍රිය ඇතිව වාසය කරන්නහු කරා අභිද්‍යා දෞර්මනස්‍ය ආදී පවිටු අකුශල ධර්මයෝ ගලා එත්ද, එයින් වැලකීම පිණිස පිළිපදියි, චක්‍ෂුරින්‍ද්‍රිය රැකගනියි, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කණින් ශබ්දයක් අසා, -පෙ- නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට දිවෙන් රසයක් විඳ, -පෙ- කයින් පහසක් විඳ, -පෙ- මනසින් ඥෙය්‍ය ධර්මයක් දැන, නිමිති වශයෙන් ග්‍රහණය නොකරයි විසිතුරු ලකුණු වශයෙන් ග්‍රහණය නොකරයි -පෙ- මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ’ යනුවෙන් යමක් වදාරන ලද්දේ ද, මෙය ඉන්‍ද්‍රියසංවරශීලයයි. ජීවිකාව පිළිබඳව පනවන ලද ශික්‍ෂාපද සය ඉක්මවීම් වශයෙන්ද, ලාභ හේතුවෙන් වංචනික ක්‍රියාවල යෙදීම, චාටුබස් බිණීම, ඉඟියෙන් පැවසීම, අනුන් ගුණ මැකීම, පැහැරගනු රිසිවීම යන මේ පාප ස්වභාවයන්ගේ වශයෙන්ද, පවත්වනු ලබන මිථ්‍යාජීවයෙන් වැලකිම ආජීව පාරිශුද්ධි ශීලයයි, ‘නුවණින් මෙනෙහි කොට සිවුරු පරිභොග කරයි, හුදෙක් ශීතය වැලකීම පිණිස’ ආදී වශයෙන් කියනලද ප්‍රත්‍යවේක්‍ෂාවෙන් පිරිසිදුව සිවුපසය පරිභොග කිරීම ප්‍රත්‍යයසන්නිශ්‍රිත ශීලයයි.