පාතිමොක්ඛසංවරසීලං
පාතිමොක්ඛසංවරසීලං
ප්රාතිමෝක්ෂා සංවරශීලය
තත්රායං ආදිතො පට්ඨාය අනුපුබ්බපදවණ්ණනාය සද්ධිං විනිච්ඡයකථා. ඉධාති ඉමස්මිං සාසනෙ. භික්ඛූති සංසාරෙ භයං ඉක්ඛණතාය වා භින්නපටධරාදිතාය වා එවං ලද්ධවොහාරො සද්ධාපබ්බජිතො කුලපුත්තො. පාතිමොක්ඛසංවරසංවුතොති එත්ථ පාතිමොක්ඛන්ති සික්ඛාපදසීලං. තඤ්හි යො නං පාති රක්ඛති, තං මොක්ඛෙති මොචයති ආපායිකාදීහි දුක්ඛෙහි, තස්මා පාතිමොක්ඛන්ති වුච්චති. සංවරණං සංවරො, කායිකවාචසිකස්ස අවීතික්කමස්සෙතං නාමං. පාතිමොක්ඛමෙව සංවරො පාතිමොක්ඛසංවරො. තෙන පාතිමොක්ඛසංවරෙන සංවුතො පාතිමොක්ඛසංවරසංවුතො, උපගතො සමන්නාගතොති අත්ථො. විහරතීති ඉරියති. ආචාරගොචරසම්පන්නොතිආදීනමත්ථො පාළියං ආගතනයෙනෙව වෙදිතබ්බො. වුත්තඤ්හෙතං –
එම සිවුවන චතුෂ්කයෙහි මුල පටන් අනු පිළිවෙළින් පදවර්ණනාව හා සමග විනිශ්වය විභාගය මෙසේයි: ඉධ යනු, මේ ශාසනයෙහි, භික්ඛු යනු, සසර බිය දක්නා හෙයින්, නොහොත්, කැබැලිකළ වස්ත්‍රාදිය දරන බැවින්, එනමින් ව්‍යවහාරයට පත් වූ ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘත වූ, ශ්‍රද්ධාවෙන් පැවිදි බවට පත් කුලපුත් තෙමේ, පාතිමොක්ඛසංවර සංවුතො යන මෙහි පාතිමොක්ඛ යනු, ශික්ෂාපද ශීලයයි, එය වනාහි යමෙක් එය රක්නේද, ආරක්ෂා කරනුයේද, ඔහු අපාය ආදී දුකින් ගලවයි, මුදවයි, එහෙයින් ‘පාතිමොක්ඛ’ යයි කියනු ලැබේ. මනාකොට ඇවිරීම සංවරයයි, මෙය කායිකවූද, වාචසිකවූද සීමා නොඉක්මවීම හඟවන නමෙකි, පාතිමොක්ඛයම සංවර වෙති’යි පාතිමොක්ඛසංවර නමි, එම පාතිමොක්ඛ සංවරයෙන් සංවෘතවූයේ ‘පාතිමොක්ඛසංවුත’ නමි, එයින් යුක්ත වූයේ, සමන්විත වූයේයි යන අර්‍ත්‍ථයි. විහරති යනු, ඉරියව්වල යෙදෙයි. ආචාරගොචරසම්පන්නො යන ආදියෙහි අර්ත්ථය පෙළෙහි ආ නයින්ම දත යුතුය, කියනලදමැයි:
“ආචාරගොචරසම්පන්නො”ති අත්ථි ආචාරො, අත්ථි අනාචාරො;
‘ආචාරගොචර සම්පන්නො’ යනු, ආචාරයෙක් ඇත, අනාචාරයෙක්ද ඇත,
තත්ථ කතමො අනාචාරො? කායිකො වීතික්කමො වාචසිකො වීතික්කමො කායිකවාචසිකො වීතික්කමො, අයං වුච්චති අනාචාරො. සබ්බම්පි දුස්සීල්යං අනාචාරො. ඉධෙකච්චො වෙළුදානෙන වා පත්තදානෙන වා පුප්ඵඵලසිනානදන්තකට්ඨදානෙන වා චාටුකම්යතාය වා මුග්ගසූප්යතාය වා පාරිභට්යතාය වා ජඞ්ඝපෙසනිකෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වා බුද්ධපටිකුට්ඨෙන මිච්ඡාආජීවෙන ජීවිකං කප්පෙති, අයං වුච්චති අනාචාරො.
එහි අනාචාර යනු කිමෙක්ද? කායික ව්‍යතික්‍රමණය, වාචසික ව්‍යතික්‍රමණය, කායික, වාචසික ව්‍යතික්‍රමණය යන මේ අනාචාරයයි කියනු ලැබේ. සියලු ආකාර දුසිල්බව අනාචාරයයි. මේ සස්නෙහි යම් කිසිවෙක් හුණ දීමෙන් හෝ පලාකොළ දීමෙන් හෝ, මල් දීමෙන් හෝ ගෙඩි දීමෙන් හෝ, නහනසුණු දීමෙන් හෝ, දහැටිදඬු දීමෙන් හෝ රැවටිලි බස් තෙපලීමෙන් හෝ, සැබෑ නොසැබෑ මුසු බස් වැහැරීමෙන් හෝ දරුවන් නැළවීමෙන් හෝ, පණිවුඩ පනත් ගෙනයාමෙන් හෝ බුදුන් විසින් පිළිකෙව් කරනලද අන් කිසි සදොස් ක්රියාවෙකින් හෝ ජීවිකාව කෙරෙත්ද, මේ අනාචාරයයි කියනු ලැබේ.
තත්ථ කතමො ආචාරො? කායිකො අවීතික්කමො වාචසිකො අවීතික්කමො කායිකවාචසිකො අවීතික්කමො, අයං වුච්චති ආචාරො. සබ්බොපි සීලසංවරො ආචාරො. ඉධෙකච්චො න වෙළුදානෙන වා න පත්තන පුප්ඵන ඵලන සිනානන දන්තකට්ඨදානෙන වා න චාටුකම්යතාය වා න මුග්ගසූප්යතාය වා න පාරිභට්යතාය වා න ජඞ්ඝපෙසනිකෙන වා න අඤ්ඤතරඤ්ඤතරෙන වා බුද්ධපටිකුට්ඨෙන මිච්ඡාආජීවෙන ජීවිකං කප්පෙති, අයං වුච්චති ආචාරො.
එහි ආචාර යනු කිමෙක්ද? කායික අව්යතික්රමණය, වාචසික අව්යතික්රමණය, කායික, වාචසික අව්යතික්රමණය, යන මේ ආචාරයයි කියනු ලැබේ. සියලු ආකාර ශීලසංවරය ආචාරයයි. මේ සස්නෙහි යම් කිසිවෙක් හුණ දීමෙන් හෝ, පලාකොළ දීමෙන් හෝ, මල් දීමෙන් හෝ, ගෙඩි දීමෙන් හෝ, නහනසුණු දීමෙන් හෝ, දැහැටිදඬු දීමෙන් හෝ, රැවටිලිබස් දෙඩීමෙන් හෝ, සැබෑ නොසැබෑ මුසු බස් වැහැරීමෙන් හෝ, දරුවන් නැළවීමෙන් හෝ, පණිවුඩපනත් ගෙනයාමෙන් හෝ, බුදුන් විසින් පිළිකෙව් කරනලද අන් කිසි සදොස් ක්රියාවෙකින් හෝ ජීවිකාව නොකෙරෙත්ද, මේ ආචාරයයි කියනු ලැබේ.
ගොචරොති අත්ථි ගොචරො අත්ථි අගොචරො.
ගොචරො යනු: ගෝචරයෙක් ඇත, අගෝචරයෙක්ද ඇත.
තත්ථ කතමො අගොචරො? ඉධෙකච්චො වෙසියාගොචරො වා හොති විධවා, ථුල්ලකුමාරිකා, පණ්ඩක, භික්ඛුනී, පානාගාරගොචරො වා හොති, සංසට්ඨො විහරති රාජූහි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි අනනුලොමිකෙන සංසග්ගෙන, යානි වා පන තානි කුලානි අස්සද්ධානි අප්පසන්නානි අනොපානභූතානි අක්කොසකපරිභාසකානි අනත්ථකාමානි අහිතකාමානි අඵාසුකකාමානි අයොගක්ඛෙමකාමානි භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං, තථාරූපානි කුලානි සෙවති භජති පයිරුපාසති, අයං වුච්චති අගොචරො.
එහි අගෝචර යනු කිමෙක්ද? මේ සස්නෙහි යම් කිසිවෙක් ගණිකාවන්ගේ හෝ, සැමියන් මළ කතුන්ගේ හෝ, අවිවාහක වියපත් කතුන්ගේ හෝ, නපුංසකයන්ගේ හෝ මෙහෙණින්ගේ හෝ, මත්පැන්හල්වල හෝ ඇසුරට පත්වේද, රජුන් සමඟ හෝ රජමහඇමතියන් සමග හෝ තීර්ත්ථකයන් සමඟ හෝ, තීර්ත්ථක ශ්‍රාවකයන් සමඟ හෝ නොසුදුසු ඇසුරට පත්ව හැසිරෙත්ද, සැදැහැ නැති, නොපහන්, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදීන්හට දියපොදක් නොදෙන, ආක්රෝශපරිභව බෙණෙන, අවැඩ කැමති, අහිත කැමති, අපහසු කැමැති, අවිමුක්ති කැමති කුලයන් සේවනය කෙරෙත්ද, ඇසුරු කෙරෙත්ද, නිරතුරු එලඹ සිටීම කෙරෙත්ද, මේ අගෝචරයයි කියනු ලැබේ.
තත්ථ කතමො ගොචරො? ඉධෙකච්චො න වෙසියාගොචරො වා හොති…පෙ… න පානාගාරගොචරො වා හොති, අසංසට්ඨො විහරති රාජූහි…පෙ… තිත්ථියසාවකෙහි අනනුලොමිකෙන සංසග්ගෙන, යානි වා පන තානි කුලානි සද්ධානි පසන්නානි ඔපානභූතානි කාසාවපජ්ජොතානි ඉසිවාතපටිවාතානි අත්‍ථකාමානි…පෙ… යොගක්ඛෙමකාමානි භික්ඛූනං…පෙ… උපාසිකානං, තථාරූපානි කුලානි සෙවති භජති පයිරුපාසති, අයං වුච්චති ගොචරො. ඉති ඉමිනා ච ආචාරෙන ඉමිනා ච ගොචරෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උපපන්නො සම්පන්නො සමන්නාගතො, තෙන වුච්චති “ආචාරගොචරසම්පන්නො”ති (විභ· 511).
එහි ගෝචර යනු කිමෙක්ද? මේ සස්නෙහි යම් කිසිවෙක් ගණිකාවන්ගේ හෝ සැමියන් මළ කතුන්ගේ හෝ, අවිවාහකව වියපත් කතුන්ගේ හෝ නපුංසකයන්ගේ හෝ, මෙහෙණින්ගේ හෝ, මත්පැන්හල්වල හෝ ඇසුරට පත් නොවෙත්ද, රජුන් සමග හෝ -පෙ-තීර්ත්ථක ශ්‍රාවකයන් සමග හෝ නොසුදුසු ඇසුරෙන් ඉවත්ව හැසිරෙත්ද, සැදැහැති පහන්සිත් ඇති උතුරායන ලිඳක් මෙන් සනහන, කසාවතින් බැබලෙන, භික්ෂූන් යන එන ගමනින් සැලෙන පවන් ඇති, භික්ෂු, භික්ෂුණී උපාසක උපාසිකාවන්හට වැඩ කැමති, -පෙ- විමුක්ති කැමති කුලයන් සේවනය කෙරෙත්ද, ඇසුරු කෙරෙත්ද, නිරතුරු එළඹ සිටීම කෙරෙත්ද මේ ගෝචරයයි කියනු ලැබේ. මෙසේ මෙවන් ආචාරයෙන්, මෙවන් ගෝචරයෙන් උපේතවූයේ, සමුපේතවූයේ, උපගතවූයේ, සමුපගතවූයේ, යුක්තවූයේ සංයුක්තවූයේ සමන්විතවූයේද, එහෙයින් ආචාරගෝචරසම්පන්නයයි කියනු ලැබේ.’
අපි චෙත්ථ ඉමිනාපි නයෙන ආචාරගොචරා වෙදිතබ්බා. දුවිධො හි අනාචාරො කායිකො වාචසිකො ච. තත්ථ කතමො කායිකො අනාචාරො? ඉධෙකච්චො සඞ්ඝගතොපි අචිත්තීකාරකතො ථෙරෙ භික්ඛූ ඝට්ටයන්තොපි තිට්ඨති, ඝට්ටයන්තොපි නිසීදති, පුරතොපි තිට්ඨති, පුරතොපි නිසීදති, උච්චෙපි ආසනෙ නිසීදති, සසීසම්පි පාරුපිත්වා නිසීදති, ඨිතකොපි භණති, බාහාවික්ඛෙපකොපි භණති, ථෙරානං භික්ඛූනං අනුපාහනානං චඞ්කමන්තානං සඋපාහනො චඞ්කමති, නීචෙ චඞ්කමෙ චඞ්කමන්තානං උච්චෙ චඞ්කමෙ චඞ්කමති, ඡමාය චඞ්කමන්තානං චඞ්කමෙ චඞ්කමති, ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජාපි තිට්ඨති, අනුපඛජ්ජාපි නිසීදති, නවෙපි භික්ඛූ ආසනෙන පටිබාහති, ජන්තාඝරෙපි ථෙරෙ භික්ඛූ අනාපුච්ඡා කට්ඨං පක්ඛිපති, ද්වාරං පිදහති, උදකතිත්ථෙපි ථෙරෙ භික්ඛූ ඝට්ටයන්තොපි ඔතරති, පුරතොපි ඔතරති, ඝට්ටයන්තොපි න්හායති, පුරතොපි න්හායති, ඝට්ටයන්තොපි උත්තරති, පුරතොපි උත්තරති, අන්තරඝරං පවිසන්තොපි ථෙරෙ භික්ඛූ ඝට්ටයන්තොපි ගච්ඡති, පුරතොපි ගච්ඡති, වොක්කම්ම ච ථෙරානං භික්ඛූනං පුරතො පුරතො ගච්ඡති, යානිපි තානි හොන්ති කුලානං ඔවරකානි ගූළ්හානි ච පටිච්ඡන්නානි ච යත්ථ කුලිත්ථියො කුලකුමාරියො නිසීදන්ති, තත්ථපි සහසා පවිසති, කුමාරකස්සපි සීසං පරාමසති, අයං වුච්චති කායිකො අනාචාරො.
තවද, මෙහි ආචාරගෝචරයන් මෙම නයින්ද දතයුතුය: අනාචාරය කායික වාචසික වශයෙන් දෙආකාර වේ. එහි කායික අනාචාරය නම් කිමෙක්ද? මේ සස්නෙහි යම්කිසිවෙක් සංඝයා මැඳට ගිය කල්හිද, බුහුමන් නැතිව වැඩිමහලු භික්ෂූන් හා ගැටෙමින් සිටිත් නම්, හිඳිත් නම්, ඉදිරියෙන්ද සිටිත් නම් හිඳිත් නම්, උසසුන්වල හිදිත්නම්, හිස පටන් පොරවාගෙන හිඳිත් නම්, සිටුවාගෙන බෙණෙත් නම්, අත් දිගු කරමින් බෙණෙත් නම්, වැඩිමහලු භික්ෂූන් පාවහන් නැතිව සක්මන් කරද්දී පාවහන් සහිතව සක්මන් කරත් නම්, පහළ මලුවෙක්හි සක්මන් කරද්දී ඉහළ මලුවෙක්හි සක්මන් කරත්නම්, බිම සක්මන් කරද්දී මලුවෙහි සක්මන් කරත්නම්, වැඩිමහලු භික්ෂූන් ළඟ වැද සිටිත් නම් හිඳිත් නම්, නවක භික්ෂූන් අසුන්වලින් වලක්වත් නම්, ගිනිහල්ගෙහිද වැඩිමහලු භික්ෂූන් නොවිමසා දර බහාලත් නම්, දොර වසත් නම්, පැන් තොටෙහිද වැඩිමහලු භික්ෂූන් හා ගැටෙමින් බසිත් නම්, පෙරටුව බසිත් නම්, ගැටෙමින් නහත් නම්, පෙරටුව නහත් නම්, ගැටෙමින් ගොඩ නගිත් නම්, පෙරටුව ගොඩ නගිත් නම්, ගමට පිවිසෙමින්ද, වැඩිමහලු භික්ෂූන් හා ගැටෙමින් යෙත් නම්, පෙරටුව යෙත් නම්, මහලු භික්ෂූන් පසුකොට පෙරටුපෙරටුව යෙත් නම්, ගෙවල කුල ස්ත්‍රීන් කුල කුමරියන් හිදින මුවහවුණු ඇසුරුණු යහන් ගබඩාවලට සන් නොකොට පිවිසෙත් නම්, ළදරුවන් හිස පිරිමදිත් නම්, මේ කායික අනාචාරයයි කියනු ලැබේ.
තත්ථ කතමො වාචසිකො අනාචාරො? ඉධෙකච්චො සඞ්ඝගතොපි අචිත්තීකාරකතො ථෙරෙ භික්ඛූ අනාපුච්ඡා ධම්මං භණති. පඤ්හං විස්සජ්ජෙති, පාතිමොක්ඛං උද්දිසති, ඨිතකොපි භණති, බාහාවික්ඛෙපකොපි භණති, අන්තරඝරං පවිට්ඨොපි ඉත්ථිං වා කුමාරිං වා එවමාහ – “ඉත්ථන්නාමෙ ඉත්ථංගොත්තෙ කිං අත්ථි, යාගු අත්ථි, භත්තං අත්ථි, ඛාදනීයං අත්ථි, කිං පිවිස්සාම, කිං ඛාදිස්සාම, කිං භුඤ්ජිස්සාම. කිං වා මෙ දස්සථා”ති විප්පලපති, අයං වුච්චති වාචසිකො අනාචාරො (මහානි· 87). පටිපක්ඛවසෙන පනස්ස ආචාරො වෙදිතබ්බො.
එහි වාචසික අනාචාරය නම් කිමෙක්ද? මේ සස්නෙහි යම් කිසිවෙක් සඟ මැදට ගියවිටද, බුහුමන් රහිතව වැඩිමහලු භික්ෂූන් නොවිමසා දහම් දෙසත්නම්, පැන විසඳත් නම්, ප්රාතිමෝක්ෂය උදෙසත් නම්, සිටුවා ගෙන බෙණෙත් නම්, අත් දිගු කෙරෙමින් බෙණෙත් නම්, ගමට පිවිසි කල්හිද, ස්ත්‍රියක හෝ කුමරියක අමතා, මෙනම් ඇත්තිය, මෙගොත් ඇත්තිය, කුමක් තිබේද? කැඳ තිබේද? බත් තිබේද? කෑයුතු කිසිවක් ඇත්ද? කුමක් කන්නමෝ ද? කුමක් බොන්නමෝද? කුමක් බුදින්නමෝද? කුමක් දෙන්නහුද? යනුවෙන් දොඩවත් නම් මේ වාචසික අනාචාරයයි කියනු ලැබේ. මෙයට ප්රතිපක්ෂ වශයෙන් ආචාරය දතයුතුය.
අපිච භික්ඛු සගාරවො සප්පතිස්සො හිරොත්තප්පසම්පන්නො සුනිවත්ථො සුපාරුතො පාසාදිකෙන අභික්කන්තෙන පටික්කන්තෙන ආලොකිතෙන විලොකිතෙන සමිඤ්ජිතෙන පසාරිතෙන ඔක්ඛිත්තචක්ඛූ ඉරියාපථසම්පන්නො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො භොජනෙ මත්තඤ්ඤූ ජාගරියමනුයුත්තො සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො අප්පිච්ඡො සන්තුට්ඨො ආරද්ධවීරියො ආභිසමාචාරිකෙසු සක්කච්චකාරී ගරුචිත්තීකාරබහුලො විහරති, අයං වුච්චති ආචාරො. එවං තාව ආචාරො වෙදිතබ්බො.
තවද ගරුසරු සහිත, හරසර සහිත, හිරිඔතප් ඇති, මනාකොට හැඳගත්, මනාකොට පොරවාගත් භික්ෂුතෙමේ ප්‍රසාද දනවන යාමෙන් ඊමෙන්, ඉදිරිපස දෙපස බැලීමෙන්, අඟපසඟ හැකිලීමෙන් දිගහැරීමෙන් යුතුව, පහතට නැඹුරු ඇස් ඇතිව යහපත් ඉරියව්වෙන් යුතුව, සුරැකි ඉඳුරන් ඇතිව බොජුනෙහි පමණ දැන, ජාගරීයානුයෝගීව, සිහි බුද්ධියෙන් යුතුව, අපිස්සතොස් ගුණයෙන් යුතුව, ඇරඹි වීර්යය ඇතිව, ආභිසමාචාරික ශීලය මනාව පිළිපදිමින්, ගුරුන් කෙරෙහි බුහුමන් ඇතිව, හැසිරේද,’ මේ ආචාරයයි කියනු ලැබේ. මෙසේ පළමුකොට ආචාරය දතයුතුය.
ගොචරො පන තිවිධො උපනිස්සයගොචරො ආරක්ඛගොචරො උපනිබන්ධගොචරොති. තත්ථ කතමො උපනිස්සයගොචරො? දසකථාවත්ථුගුණසමන්නාගතො කල්යාණමිත්තො, යං නිස්සාය අස්සුතං සුණාති, සුතං පරියොදපෙති, කඞ්ඛං විතරති, දිට්ඨිං උජුං කරොති, චිත්තං පසාදෙති. යස්ස වා පන අනුසික්ඛමානො සද්ධාය වඩ්ඪති, සීලෙන, සුතෙන, චාගෙන, පඤ්ඤාය වඩ්ඪති, අයං වුච්චති උපනිස්සයගොචරො.
ගෝචරය වනාහි තුන්ආකාර වේ: උපනිස්සයගෝචරය, ආරක්ඛගොචරය, උපනිබන්ධගොචරය යනුවෙනි. එහි උපනිස්සයගෝචරය යනු කිමෙක්ද? (අල්පේච්ඡකථාදීවූ) දශකථාවස්තු ගුණයෙන් සමන්විත වූ කල්යාණමිත්රයාය, යමකු ඇසුරු කරමින් පෙර නොඇසූවිරූ දහම් අසාද, ඇසූවිරූ දහම් පැහැදිලි කරගනීද, සැක දුරු කරගනීද, දෘෂ්ටිය සෘජු කරගනීද, සිත පහදවාගනීද, යමකු අනුව හික්මෙමින් ශ්‍රද්ධාවෙන් වැඩේද, ශීලයෙන් වැඩේද, ඇසූපිරූබවින් වැඩේද, ත්යාගගුණයෙන්, ප්‍රඥාවෙන් වැඩේද මේ උපනිස්සය ගොචරයයි.
කතමො ආරක්ඛගොචරො? ඉධ භික්ඛු අන්තරඝරං පවිට්ඨො වීථිං පටිපන්නො ඔක්ඛිත්තචක්ඛූ යුගමත්තදස්සාවී සුසංවුතො ගච්ඡති, න හත්ථිං ඔලොකෙන්තො, න අස්සං, න රථං, න පත්තිං, න ඉත්ථිං, න පුරිසං ඔලොකෙන්තො, න උද්ධං උල්ලොකෙන්තො, න අධො ඔලොකෙන්තො, න දිසාවිදිසං පෙක්ඛමානො ගච්ඡති, අයං වුච්චති ආරක්ඛගොචරො.
ආරක්ඛගොචර යනු කිමෙක්ද? මේ සස්නෙහි භික්ෂු තෙමේ ගමට පිවිසියේ වීදියට පිළිපන්නේ පහතට නැඹුරු ඇස් ඇතිව, යුගදඬු පමණ බලමින් සංවර ඇතිව යෙයිද, ඇතුන් නොබලමින්, අසුන්, රිය පාබල සෙන් නොබලමින් ස්ත්‍රීන් නොබලමින්, උඩ නොබලමින් යට නොබලමින් දිසා අනුදිසා නොබලමින් යෙයිද, මේ ආරක්ඛගොචරයයි.
කතමො උපනිබන්ධගොචරො? චත්තාරො සතිපට්ඨානා යත්ථ චිත්තං උපනිබන්ධති. වුත්තඤ්හෙතං භගවතා – “කො ච, භික්ඛවෙ, භික්ඛුනො ගොචරො සකො පෙත්තිකො විසයො? යදිදං චත්තාරො සතිපට්ඨානා”ති (සං· නි· 5.372), අයං වුච්චති උපනිබන්ධගොචරො. ඉති ඉමිනා ච ආචාරෙන ඉමිනා ච ගොචරෙන උපෙතො…පෙ… සමන්නාගතො. තෙනපි වුච්චති ආචාරගොචරසම්පන්නොති.
උපනිබන්ධගොචරය යනු කිමෙක්ද? සිත පිහිටුවා තැබිය යුතු සතර සතිපට්ඨානයයි. වදාරන ලදමැයි භාග්‍යවතුන් වහන්සේ විසින්: ‘මහණෙනි, භික්ෂුව සතු ගෝචරය, ස්වකීය පිය උරුමය වූ විෂය කිමෙක්ද? යම් මේ සතර සතිපට්ඨානයක් වේද, එය මැයි’ මෙය උපනිබන්ධ ගොචරයයි කියනු ලැබේ. මෙසේ මෙම ආචාරයෙන්ද මෙම ගෝචරයෙන්ද උපේතවූයේද -පෙ-සමන්විතවූයේද එහෙයින් ආචාර ගෝචර සම්පන්නයයි කියනු ලැබේ.
අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවීති අණුප්පමාණෙසු අසඤ්චිච්ච ආපන්නසෙඛියඅකුසලචිත්තුප්පාදාදිභෙදෙසු වජ්ජෙසු භයදස්සනසීලො. සමාදාය සික්ඛති සික්ඛාපදෙසූති යංකිඤ්චි සික්ඛාපදෙසු සික්ඛිතබ්බං, තං සබ්බං සම්මා ආදාය සික්ඛති. එත්ථ ච “පාතිමොක්ඛසංවරසංවුතො”ති එත්තාවතා ච පුග්ගලාධිට්ඨානාය දෙසනාය පාතිමොක්ඛසංවරසීලං දස්සිතං. “ආචාරගොචරසම්පන්නො”තිආදි පන සබ්බං යථාපටිපන්නස්ස තං සීලං සම්පජ්ජති, තං පටිපත්තිං දස්සෙතුං වුත්තන්ති වෙදිතබ්බං.
‘අනුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී’ (ස්වල්පමාත්‍ර වූද වරදෙහි බිය දක්නේ) යනු, නොදැනුවත්ව සිදුවූ සේඛිය ශික්ෂාපදයක් කඩවීම, කිසියම් අකුසල් සිතක් පහළවීම වැනි සුලු වරදෙහි පවා බිය දක්නාසුලු වූයේ’යි. ‘සමාදාය සික්ඛති සික්ඛාපදෙසු’ (ශික්ෂාපද සමාදන්ව ඒ අනුව හික්මේ) යනු, ශික්ෂාපද අතුරෙන් යම් කිසිවක් පිළිපැදිය යුතු වේනම්, ඒ සියල්ල සමාදන්ව ඒ අනුව හික්මෙයි. මෙහිද ‘පාතිමොක්ඛ සංවරසංවුතො’ (ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘතවූයේ) යන මෙයින්ද පුද්ගලාරෝපණයෙන් කළ දේශනයෙන් ප්රතිමෝක්ෂසංවර ශීලය දක්වන ලද්දේය. ‘ආචාරගොචරසම්පන්නො’ යන ආදී සියල්ල වනාහි නිසි ලෙස පිළිපන්නහුට එම ශීලය සමෘද්ධ වනබව දක්වනු පිණිස කියන ලදැ’යි දතයුතුය.