ඉන්ද්රියසංවරසීලං
ඉන්ද්රියසංවරසීලං
ඉන්ද්රියසංවර ශීලය
යං පනෙතං තදනන්තරං “සො චක්ඛුනා රූපං දිස්වා”තිආදිනා නයෙන දස්සිතං ඉන්ද්රියසංවරසීලං, තත්ථ සොති පාතිමොක්ඛසංවරසීලෙ ඨිතො භික්ඛු. චක්ඛුනා රූපං දිස්වාති කාරණවසෙන චක්ඛූති ලද්ධවොහාරෙන රූපදස්සනසමත්ථෙන චක්ඛුවිඤ්ඤාණෙන රූපං දිස්වා. පොරාණා පනාහු “චක්ඛු රූපං න පස්සති, අචිත්තකත්තා, චිත්තං න පස්සති, අචක්ඛුකත්තා, ද්වාරාරම්මණසඞ්ඝට්ටෙ පන චක්ඛුපසාදවත්ථුකෙන චිත්තෙන පස්සති. ඊදිසී පනෙසා ‘ධනුනා විජ්ඣතී’තිආදීසු විය සසම්භාරකථා නාම හොති, තස්මා චක්ඛුවිඤ්ඤාණෙන රූපං දිස්වාති අයමෙවෙත්ථ අත්ථො”ති. න නිමිත්තග්ගාහීති ඉත්ථිපුරිසනිමිත්තං වා සුභනිමිත්තාදිකං වා කිලෙසවත්ථුභූතං නිමිත්තං න ගණ්හාති, දිට්ඨමත්තෙයෙව සණ්ඨාති. නානුබ්යඤ්ජනග්ගාහීති කිලෙසානං අනුඅනුබ්යඤ්ජනතො පාකටභාවකරණතො අනුබ්යඤ්ජනන්ති ලද්ධවොහාරං හත්ථපාදසිතහසිතකථිතවිලොකිතාදිභෙදං ආකාරං න ගණ්හාති, යං තත්ථ භූතං, තදෙව ගණ්හාති, චෙතියපබ්බතවාසී මහාතිස්සත්ථෙරො විය.
අනතුරුව ‘සො චක්ඛුනා රූපං දිස්වා’ යන ආදී නයින් යමක් දක්වන ලද්දේ ද, ඒ ඉන්ද්රියසංවරශීලයයි. එහි සො යනු, ප්රාතිමොක්ෂ සංවර ශීලයෙහි පිහිටි ඒ භික්ෂු තෙමේයි. ‘චක්ඛුනා රූපං දිස්වා’ යනු කාරණා වශයෙන් ‘චක්ඛු’ යයි ව්‍යවහාරයට පත් රූප දර්ශනයට සමත් චක්ඛුවිඤ්ඤාණයෙන් යන රූපයන් දැක, පුරාණාචාර්යවරයෝ වනාහි මෙසේ කීහු: ඇස රූප නොදකියි, අචේතනික වූ හෙයිනි, සිතද නොදකියි, ඇසක් නොවන හෙයිනි, ද්වාරය ආරම්මණය යන දෙක්හි ගැටීමක් ඇතිවිට චක්ඛුප්පසාදවත්ථුක වූ සිතින් දැකීම සිදුවේ. මෙබඳු වූ මෙය වනාහි, ‘දුන්නෙන් විදියි’ යන ආදියෙහි මෙන් ගම්යාර්ත්ථවත් කියමනෙකි. එහෙයින් චක්ඛු විඤ්ඤාණයෙන් රූපයක් දැකැ’යි යන මෙයම මෙහි අර්‍ත්‍ථයි. න නිමිත්තග්ගාහී යනු, ස්ත්‍රී පුරුෂ ආදි වශයෙන් හෝ ශුභ අශුභ ආදී වශයෙන් හෝ කෙලෙස් ඉපැදීමට වස්තුභූත වූ නිමිති නොගනියි, දුටු පමණින්ම නවතියි. නානුබ්යඤ්ජනග්ගාහී යනු, කෙලෙසුනට ලකුණු වන හෙයින්, ප්‍රකටබව ඇතිකරවන හෙයින් අනුඛ්යඤ්ජනයයි ව්‍යවහාරයට පත් අත් පා මඳසිනා මහසිනා බිණීම් බැලීම් ආදී නොයෙක් ආකාරයන් සිතට නොගනියි, එහි ඇති යථාස්වරූපයක් ගනියි. සෑගිරි වැසි මහතිස් තෙරුන් මෙනි.
ථෙරං කිර චෙතියපබ්බතා අනුරාධපුරං පිණ්ඩචාරත්ථාය ආගච්ඡන්තං අඤ්ඤතරා කුලසුණ්හා සාමිකෙන සද්ධිං භණ්ඩිත්වා සුමණ්ඩිතපසාධිතා දෙවකඤ්ඤා විය කාලස්සෙව අනුරාධපුරතො නික්ඛමිත්වා ඤාතිඝරං ගච්ඡන්තී අන්තරාමග්ගෙ දිස්වා විපල්ලත්ථචිත්තා මහාහසිතං හසි. ථෙරො කිමෙතන්ති ඔලොකෙන්තො තස්සා දන්තට්ඨිකෙ අසුභසඤ්ඤං පටිලභිත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං –
තෙරුන් සෑගිරියෙහි සිට පිඬු පිණිස අනුරාධපුරය දෙසට එද්දී, එක්තරා කුලගෙයක ලෙහෙළිය සිය සැමියා සමග කලහකොට, මනාව හැදපැළඳ දෙවඟනක මෙන් සැරසී, වේලාසනින්ම අනුරාධපුරයෙන් නික්ම සිය නෑයන්ගේ ගෙට යන්නී අතරමඟදී තෙරුන් දැක කැළඹුණ සිතින් හඬනගා සිනාසුණාය. තෙරණුවෝ ‘මේ කිමෙක්දැ’යි බලන්නාහු ඇයගේ දත් ඇට කෙරෙහි අශුභ සංඥා ලැබ රහත්බවට පැමිණියාහ. එහෙයින් කියන ලදි,
“තස්සා දන්තට්ඨිකං දිස්වා, පුබ්බසඤ්ඤං අනුස්සරි; තත්ථෙව සො ඨිතො ථෙරො, අරහත්තං අපාපුණී”ති.
‘තස්සා දන්තට්ඨිකං දිස්වා පුබ්බසඤ්ඤං අනුස්සරි, තත්ථෙව සො ඨිතො ථෙරො අරහත්තමපාපුණි’
ඇයගේ දත් ඇට දැක පෙර හුරුපුරුදු අශුභ සංඥාව සිහිපත් කළහ. ඒ තෙරණුවෝ එහි සිටිවනම රහත්බවට පැමිණියාහ.
සාමිකොපි ඛො පනස්සා අනුමග්ගං ගච්ඡන්තො ථෙරං දිස්වා “කිඤ්චි, භන්තෙ, ඉත්ථිං පස්සථා”ති පුච්ඡි. තං ථෙරො ආහ –
ඇයගේ සැමියාද ඇය ගිය මග අනුව යමින් තෙරුන් දැක, ‘ස්වාමීනි, කිසියම් ස්ත්‍රියක යනු දුටුදැ’යි විමසීය. තෙරණුවෝ ඔහුට මෙසේ කීහ:
“නාභිජානාමි ඉත්ථී වා, පුරිසො වා ඉතො ගතො; අපිච අට්ඨිසඞ්ඝාටො, ගච්ඡතෙස මහාපථෙ”ති.
‘නාභිජානාමි ඉත්ථි වා පුරිසො වා ඉතා ගතො, අපි ච අට්ඨිසංඝාටො ගච්ඡතෙස මහාපථෙ’
ස්ත්‍රියක්ද පුරුෂයෙක්දැ’යි නොදනිමි, එහෙත් මෙතැනින් ගිය තෙල ඇට ගොඩ (තවමත්) මහමග යයි.
යත්වාධිකරණමෙනන්තිආදිම්හි යංකාරණා යස්ස චක්ඛුන්ද්රියාසංවරස්ස හෙතු එතං පුග්ගලං සතිකවාටෙන චක්ඛුන්ද්රියං අසංවුතං අපිහිතචක්ඛුද්වාරං හුත්වා විහරන්තං එතෙ අභිජ්ඣාදයො ධම්මා අන්වාස්සවෙය්යුං අනුබන්ධෙය්යුං. තස්ස සංවරාය පටිපජ්ජතීති තස්ස චක්ඛුන්ද්රියස්ස සතිකවාටෙන පිදහනත්ථාය පටිපජ්ජති. එවං පටිපජ්ජන්තොයෙව ච රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජතීතිපි වුච්චති. තත්ථ කිඤ්චාපි චක්ඛුන්ද්රියෙ සංවරො වා අසංවරො වා නත්ථි. න හි චක්ඛුපසාදං නිස්සාය සති වා මුට්ඨසච්චං වා උප්පජ්ජති. අපිච යදා රූපාරම්මණං චක්ඛුස්ස ආපාථං ආගච්ඡති, තදා භවඞ්ගෙ ද්වික්ඛත්තුං උප්පජ්ජිත්වා නිරුද්ධෙ කිරියමනොධාතු ආවජ්ජනකිච්චං සාධයමානා උප්පජ්ජිත්වා නිරුජ්ඣති. තතො චක්ඛුවිඤ්ඤාණං දස්සනකිච්චං. තතො විපාකමනොධාතු සම්පටිච්ඡනකිච්චං. තතො විපාකාහෙතුකමනොවිඤ්ඤාණධාතු සන්තීරණකිච්චං. තතො කිරියාහෙතුකමනොවිඤ්ඤාණධාතු වොට්ඨබ්බනකිච්චං සාධයමානා උප්පජ්ජිත්වා නිරුජ්ඣති, තදනන්තරං ජවනං ජවති.
යත්වාධිකරණමෙතං යන ආදියෙහි, යම් කරුණක් නිසා චක්‍ෂුරින්‍ද්‍රිය අසංවරයක් හේතුකොට, සිහි නමැති පියන්පතින් නොවැසූ චක්‍ෂුරින්‍ද්‍රිය ඇතිව, නොපියනලද චක්ෂුද්වාර ඇතිව හැසිරෙන පුද්ගලයා වෙත අභිධ්යාදීවු මේ ක්ලේශධර්මයෝ ගලා එත්ද, වැල නොකැඩී එත්ද, තස්ස සංවරාය පටිපජ්ජති යනු, ඒ චක්‍ෂුරින්‍ද්‍රිය සිහි නමැති පියන් පතින් වසනු පිණිස පිළිපදියි, මෙසේ පිළිපදිනුයේම චක්‍ෂුරින්‍ද්‍රිය රකියි, චක්‍ෂුරින්‍ද්‍රිය විෂයෙහි සංවරයට පැමිණේයයිද කියනු ලැබේ. එහිලා චක්‍ෂුරින්‍ද්‍රිය පිළිබඳව කිසිදු සංවරයෙක් හෝ අසංවරයෙක් නැත, චක්ෂුඃප්රසාදය නිසා සිහිය හෝ සිහිමුළාව හෝ සිදු නොවේ. එසේ වතුදු, රූපාරම්මණයක් චක්ෂුඃපථයට පැමිණිවිට භවාංගචිත්තය දෙවරක් ඉපිද නිරුද්ධ වූ පසු කිරියමනොධාතුව ආවර්ජන කෘත්‍යය සිදුකෙරෙමින් ඉපිද නිරුද්ධ වේ, ඉක්බිති චක්ෂුර්විඥානය දර්ශනකෘත්යයද, විපාකමනෝධාතුව ප්රතිග්රහණකෘත්යයද, අනතුරුව විපාකඅහේතුක මනෝවිඤ්ඤාණධාතුව සන්තීරණකෘත්යයද, ඉන් ඉක්බිතිව කිරියඅහේතුක මනෝවිඤ්ඤාණධාතුව ව්යවස්ථාපනකෘත්යයද සපුරාලමින් ඉපිද නිරුද්ධ වී යයි. අනතුරුව ජවනචිත්තය දිවෙයි.
තත්රාපි නෙව භවඞ්ගසමයෙ, න ආවජ්ජනාදීනං අඤ්ඤතරසමයෙ සංවරො වා අසංවරො වා අත්ථි. ජවනක්ඛණෙ පන සචෙ දුස්සීල්යං වා මුට්ඨසච්චං වා අඤ්ඤාණං වා අක්ඛන්ති වා කොසජ්ජං වා උප්පජ්ජති, අසංවරො හොති. එවං හොන්තො පන සො චක්ඛුන්ද්රියෙ අසංවරොති වුච්චති. කස්මා? යස්මා තස්මිං සති ද්වාරම්පි අගුත්තං හොති, භවඞ්ගම්පි ආවජ්ජනාදීනිපි වීථිචිත්තානි . යථා කිං? යථා නගරෙ චතූසු ද්වාරෙසු අසංවුතෙසු කිඤ්චාපි අන්තොඝරද්වාරකොට්ඨකගබ්භාදයො සුසංවුතා හොන්ති, තථාපි අන්තොනගරෙ සබ්බං භණ්ඩං අරක්ඛිතං අගොපිතමෙව හොති. නගරද්වාරෙන හි පවිසිත්වා චොරා යදිච්ඡන්ති, තං කරෙය්යුං, එවමෙව ජවනෙ දුස්සීල්යාදීසු උප්පන්නෙසු තස්මිං අසංවරෙ සති ද්වාරම්පි අගුත්තං හොති, භවඞ්ගම්පි ආවජ්ජනාදීනිපි වීථිචිත්තානි.
එහිද භවාංග අවස්ථාවෙහිදී හෝ, ආවර්ජනාදී අන් අවස්ථාවෙක්හිදී හෝ සංවරයෙක් හෝ අසංවරයෙක් සිදු නොවේ. ජවනක්ෂණයෙහිදී වනාහි, ඉදින් දුසිල්බවක් හෝ සිහිමුළාබවක් හෝ අනවබෝධයක් හෝ අසහනයක් හෝ, අලසබවක් හෝ ඉපැදුණහොත් අසංවරය ඇතිවේ. මෙසේවූ කල්හි වනාහි ඒ තෙමේ චක්‍ෂුරින්‍ද්‍රිය විෂයෙහි අසංවෘතයෙකැ’යි කියනු ලැබේ. කවර හෙයින්ද යත්, එසේවූ කල චක්ෂූර්ද්වාරයද, භවාංගයද, ආවර්ජනාදී විථිචිත්තයන්ද නොරක්නාලද හෙයිනි. කුමක් මෙන්දයත්, නගරයෙක සතර වාසල් නොවසනලද කල්හි, එහි ඇතුළත ගේදොර, කොටු ගබඩා ආදිය කෙතරම් රක්නා ලද්දේවුවද, නගරය තුළ පිහිටි සියලු බඩු නොරක්නා ලද්දේමැයි, නගරද්වාරයෙන් පිවිස සොරුන්ට තමන් කැමති දෙයක් කළ හැකිය. එසේම ජවන අවස්ථාවෙහි දුසිල්බව ආදිය උපන් කල්හි, එහි අසංවරබව ඇති කල්හි ද්වාරයද, භවාංගයද, ආවර්ජනාදී වීථිචීත්තයෝද නොරක්නා ලද්දාහු වෙති.
තස්මිං පන සීලාදීසු උප්පන්නෙසු ද්වාරම්පි ගුත්තං හොති, භවඞ්ගම්පි ආවජ්ජනාදීනිපි වීථිචිත්තානි. යථා කිං? යථා නගරද්වාරෙසු සංවුතෙසු කිඤ්චාපි අන්තොඝරාදයො අසංවුතා හොන්ති, තථාපි අන්තොනගරෙ සබ්බං භණ්ඩං සුරක්ඛිතං සුගොපිතමෙව හොති. නගරද්වාරෙසු හි පිහිතෙසු චොරානං පවෙසො නත්ථි, එවමෙව ජවනෙ සීලාදීසු උප්පන්නෙසු ද්වාරම්පි ගුත්තං හොති, භවඞ්ගම්පි ආවජ්ජනාදීනිපි වීථිචිත්තානි. තස්මා ජවනක්ඛණෙ උප්පජ්ජමානොපි චක්ඛුන්ද්රියෙ සංවරොති වුත්තො.
එහි (ජවනාවස්ථාවෙහි) ශීලාදිය උපන් කල්හි, ද්වාරයද, භවාංගයද, ආවර්ජනාදී වීථිචිත්තයෝද, රක්නාලද්දාහු වෙති. කුමක් මෙන්දයත්, නගරයක වාසල් මනාසේ රක්නාලද කල්හි එහි ඇතුළත පිහිටි ගේදොර නොරක්නා ලද්දේවුවද, නගරය තුළ පිහිටි සියලු දෙය සුරක්ෂිතවූයේ සුගෝපිතවූයේද වේ. නගරද්වාරයන් වසනලද කල්හි සොරුන් පිවිසීමෙක් නැත. එමෙන්ම ජවනාවස්ථායෙහි ශීලාදිය උපන් කල, ද්වාරයද, භවාංගයද, ආවර්ජනාදී වීථි චිත්තයෝද රක්නාලද්දාහු වෙති, එහෙයින් ජවනක්ෂණයෙහි උපදිනුයේම චක්ෂුරින්ද්රියසංවරයයි කියනු ලැබේ.
සොතෙන සද්දං සුත්වාතිආදීසුපි එසෙව නයො. එවමිදං සඞ්ඛෙපතො රූපාදීසු කිලෙසානුබන්ධනිමිත්තාදිග්ගාහපරිවජ්ජනලක්ඛණං ඉන්ද්රියසංවරසීලන්ති වෙදිතබ්බං.
‘කණින් ශබ්දයක් අසා’යි යන ආදි තන්හිද මෙසේමැයි. රූපාදියෙහි කෙලෙස් අනුව ගිය නිමිති ගැනීම් ආදිය වැලැක්වීම ලක්‍ෂණකොට ඇති මෙය ඉන්ද්රියසංවරශීලයයි මෙසේ සැකෙවින් දතයුතුය.