යෙදුමෙන් කියවන්න

ආජීවපාරිසුද‍්ධිසීලං

ආජීවපාරිසුද‍්ධිසීලං

ආජීව පාරිසුද්ධිශීලය

ඉදානි ඉන්‍ද්‍රියසංවරසීලානන‍්තරං වුත‍්තෙ ආජීවපාරිසුද‍්ධිසීලෙ ආජීවහෙතු පඤ‍්ඤත‍්තානං ඡන‍්නං සික‍්ඛාපදානන‍්ති යානි තානි “ආජීවහෙතු ආජීවකාරණා පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො අසන‍්තං අභූතං උත‍්තරිමනුස‍්සධම‍්මං උල‍්ලපති, ආපත‍්ති පාරාජිකස‍්ස. ආජීවහෙතු ආජීවකාරණා සඤ‍්චරිත‍්තං සමාපජ‍්ජති, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස. ආජීවහෙතු ආජීවකාරණා ‘යො තෙ විහාරෙ වසති සො භික‍්ඛු අරහා’ති භණති, පටිවිජානන‍්තස‍්ස ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. ආජීවහෙතු ආජීවකාරණා භික‍්ඛු පණීතභොජනානි අගිලානො අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ආජීවහෙතු ආජීවකාරණා භික‍්ඛුනී පණීතභොජනානි අගිලානා අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජති, ආපත‍්ති පාටිදෙසනීයස‍්ස. ආජීවහෙතු ආජීවකාරණා සූපං වා ඔදනං වා අගිලානො අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජති , ආපත‍්ති දුක‍්කටස‍්සා”ති (පරි· 287) එවං පඤ‍්ඤත‍්තානි ඡ සික‍්ඛාපදානි, ඉමෙසං ඡන‍්නං සික‍්ඛාපදානං.

ඉක්බිති ඉන්‍ද්‍රියසංවරශීලයට පසුව දක්වන ලද ආජීව-පාරිශුද්ධි ශීලයෙහි: ආජීවය හේතුකොට පනවනලද ශික්‍ෂාපද සයෙහි යනු, ‘ජීවිකා හේතුවෙන්, ජීවිකාව නිසා ලාමක අදහස් ඇතිව, තෘෂ්ණාවට වසඟව, තමා කෙරෙහි අවිද්‍යාමාන වූ, නොවූවිරූ, උතුරුමිනිස්දම් ඇතැයි ප්‍රකාශ කෙරේද, ඔහුට පාරාජිකාපත්තිය වන්නේය, ජීවිකා හේතුවෙන්, ජීවිකාව නිසා, සංචරණ භාවයට (ස්ත්‍රී පුරුෂයන් අතර පණිවුඩ ගෙනයන්නකු බවට) පත්වේද, ඔහුට සංඝාදිසේස ආපත්තිය වන්නේය. ජීවිකා හේතුවෙන්, ජීවිකාව නිසා, ‘ඔබගේ විහාරයෙහි වෙසෙන භික්‍ෂුතෙමේ රහත් කෙනෙකි’යි එම වාක්‍යයෙහි අර්ත්‍ථය දන්නකුට පවසාද, ඔහුට ථුල්ලච්චය නම් ආපත්තිය වන්නේය. ජීවිකා හේතුවෙන්, ජීවිකාව නිසා, මහණෙක් තෙමේ නොගිලන්ව ප්‍රණීත භෝජනයක් තමා පිණිස ඉල්වාගෙන පරිභෝග කෙරේද, ඔහුට පාචිත්තිය නම් ආපත්තිය වන්නේය. ජීවිකා හේතුවෙන්, ජීවිකාව නිසා මෙහෙණියක් තොමෝ නොගිලන්ව ප්‍රණීත භෝජනයක් තමා පිණිස ඉල්වාගෙන පරිභෝග කරයිද ඇයට පාටිදෙසනීය නම් ආපත්තිය වන්නේය, ජීවිකා හේතුවෙන්, ජීවිකාව නිසා, නොගිලන්ව සූපයක් හෝ බත් තම පිණිස ඉල්වාගෙන පරිභෝග කෙරේද (ඒ මෙහෙණියට) දුක්කටාපත්තිය වන්නේය’යි මෙසේ පනවන ලද ශික්‍ෂාපද සයෙහිය.

කුහනාතිආදීසු අයං පාළි, “තත්‍ථ කතමා කුහනා? ලාභසක‍්කාරසිලොකසන‍්නිස‍්සිතස‍්ස පාපිච‍්ඡස‍්ස ඉච‍්ඡාපකතස‍්ස යා පච‍්චයපටිසෙවනසඞ‍්ඛාතෙන වා සාමන‍්තජප‍්පිතෙන වා ඉරියාපථස‍්ස වා අට‍්ඨපනා ඨපනා සණ‍්ඨපනා භාකුටිකා භාකුටියං කුහනා කුහායනා කුහිතත‍්තං, අයං වුච‍්චති කුහනා.

‘කුහනා’ යන ආදියෙහි පෙළ මෙසේය: එහි කුහනා යනු කිමෙක්ද? ලාභ සත්කාර කීර්ති විෂයෙහි ගිජු වූ, ලාමක අදහස් ඇති, ආශාවෙන් මඩනා ලද්දහු විසින් කුහක ලෙස සිවුපසය පිළිකෙව් කිරීම් වශයෙන් හෝ ළංවී කියන රැවටිලිබස් වශයෙන් හෝ යම් ඉරියවු නොපැවැත්වීමක් හෝ පැවැත්වීමක්, තබන ආකාරයක්, සකසා තැබීමක්, බැම හැකිලීමක්, හකුලුවන ආකාරයක්, හකුලුවන බවක්, විස්මය දැනවීමක්, විස්මය පැවැත්වීමක්, කුහක බවක් වේනම් මේ කුහනායයි කියනු ලැබේ.

“තත්‍ථ කතමා ලපනා? ලාභසක‍්කාරසිලොකසන‍්නිස‍්සිතස‍්ස පාපිච‍්ඡස‍්ස ඉච‍්ඡාපකතස‍්ස යා පරෙසං ආලපනා ලපනා සල‍්ලපනා උල‍්ලපනා සමුල‍්ලපනා උන‍්නහනා සමුන‍්නහනා උක‍්කාචනා සමුක‍්කාචනා අනුප‍්පියභාණිතා චාටුකම්‍යතා මුග‍්ගසූප්‍යතා පාරිභට්‍යතා, අයං වුච‍්චති ලපනා.

එහි ලපනා යනු කිමෙක්ද? ලාභසත්කාර කීර්ති විෂයෙහි ගිජුවූ, ලාමක අදහස් ඇති, ආශාවෙන් මඩනා ලද්දහු විසින් අනුන්හට යම් පළමුව බිණීමක්, පසුව බිණීමක්, මිහිරකොට බිණීමක්, උසස්කොට බිණීමක්, සැම අතින්ම උසස් කොට බිණීමක්, නැවත නැවත බැඳගැනීමක්, සැම අතින්ම බැඳ ගැනීමක්, උසස්කොට හැඟවීමක්, සැම අතින්ම උසස්කොට හැඟවීමක්, පිය තෙපුල් බිණීමක්, ඉච්චාබස් බිණීමක් සැබෑ නොසැබෑ මුසු බස් බිණීමක්, දරුවන් නැළවීම් වැනි ක්‍රියාවක් වේනම්, මේ ලපනායයි කියනු ලැබේ.

“තත්‍ථ කතමා නෙමිත‍්තිකතා? ලාභසක‍්කාරසිලොකසන‍්නිස‍්සිතස‍්ස පාපිච‍්ඡස‍්ස ඉච‍්ඡාපකතස‍්ස යං පරෙසං නිමිත‍්තං නිමිත‍්තකම‍්මං ඔභාසො ඔභාසකම‍්මං සාමන‍්තජප‍්පා පරිකථා, අයං වුච‍්චති නෙමිත‍්තිකතා.

එහි නෙමිත්තිකතා යනු කිමෙක්ද? ලාභසත්කාර කීර්ති ප්‍රශංසා විෂයෙහි ගිජුවූ, ලාමක අදහස් ඇති තෘෂ්ණාවෙන් මඩනා ලද්දහු විසින් අනුන්හට ඉඟිකොට යම් නිමිති බස් බිණීමක්, ඉඟි කිරීමක්, අවහාසයක් (එළියක්), අවහාස ඇතිවන ක්‍රියාවක්, අදහස ආශ්‍රයෙන් ඇවටිලි බස් කීමක්, කරුණ වටා වචන කීමක් වේනම් මේ නෙමිත්තිකතා යයි කියනු ලැබේ.

“තත්‍ථ කතමා නිප‍්පෙසිකතා? ලාභසක‍්කාරසිලොකසන‍්නිස‍්සිතස‍්ස පාපිච‍්ඡස‍්ස ඉච‍්ඡාපකතස‍්ස යා පරෙසං අක‍්කොසනා වම‍්භනා ගරහනා උක‍්ඛෙපනා සමුක‍්ඛෙපනා ඛිපනා සංඛිපනා පාපනා සම‍්පාපනා අවණ‍්ණහාරිකා පරපිට‍්ඨිමංසිකතා, අයං වුච‍්චති නිප‍්පෙසිකතා.

එහි නිප්පේසිකතා යනු කිමෙක්ද? ලාභ සත්කාර කීර්ති විෂයයෙහි ගිජුවූ, ලාමක අදහස් ඇති තෘෂ්ණායෙන් මඩනා ලද්දාහු විසින් මෙරමාහට යම් ආක්‍රෝශ කිරීමක්, නින්‍දා කිරීමක්, ගැරහීමක්, උසස්කොට බිණීමක්, සැම අතින්ම උසස්කොට තැබීමක්, සිනා ගැන්වීමක්, සෑම අතින්ම සිනා ගැන්වීමක්, ගුණ ගැයීමක්, සෑම අතින්ම ගුණ ගැයීමක්, නුගුණ පැතිරවීමක්, ළඟ නැති විට නුගුණ කීමක් වේ නම් මේ නිප්පේසිකතා යයි කියනු ලැබේ.

“තත්‍ථ කතමා ලාභෙන ලාභං නිජිගීසනතා? ලාභසක‍්කාරසිලොකසන‍්නිස‍්සිතො පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො ඉතො ලද‍්ධං ආමිසං අමුත්‍ර හරති, අමුත්‍ර වා ලද‍්ධං ආමිසං ඉධ ආහරති. යා එවරූපා ආමිසෙන ආමිසස‍්ස එට‍්ඨි ගවෙට‍්ඨි පරියෙට‍්ඨි එසනා ගවෙසනා පරියෙසනා, අයං වුච‍්චති ලාභෙන ලාභං නිජිගීසනතා”ති (විභ· 862-865).

එහි ලාභෙන ලාභං නිජිගිංසනතා යනු කිමෙක්ද? ලාභ සත්කාර කීර්ති විෂයෙහි ගිජුවූ, ලාමක අදහස් ඇති, තෘෂ්ණායෙන් මඩනා ලද්දේ මෙතැනින් ලත් ආමිෂය එතැනට ගෙනගොස් දෙයි, එතැනින් ලත් ආමිෂය මෙතැනට ගෙනවුත් දෙයි, මෙබඳුවූ ආමිෂය සෙවීමක්, ගවේෂණයක් නැවත නැවත සෙවීමක් වේනම් මේ ‘ලාභෙන ලාභං නිජිගිංසනතා’ (ලාභයෙන් ලාභ සෙවීම) යයි කියනු ලැබේ.’

ඉමිස‍්සා පන පාළියා එවමත්‍ථො වෙදිතබ‍්බො. කුහනනිද‍්දෙසෙ තාව ලාභසක‍්කාරසිලොකසන‍්නිස‍්සිතස‍්සාති ලාභඤ‍්ච සක‍්කාරඤ‍්ච කිත‍්තිසද‍්දඤ‍්ච සන‍්නිස‍්සිතස‍්ස, පත්‍ථයන‍්තස‍්සාති අත්‍ථො. පාපිච‍්ඡස‍්සාති අසන‍්තගුණදීපනකාමස‍්ස. ඉච‍්ඡාපකතස‍්සාති ඉච‍්ඡාය අපකතස‍්ස, උපද‍්දුතස‍්සාති අත්‍ථො.

මෙම පෙළෙහි අරුත් වනාහි මෙසේ දතයුතුය. පළමුකොට කුහනා නිද්දේසයෙහි පටන් පිළිවෙළින් ලාභසක්කාරසිලොකසන්නිස්සිතස්ස යනු, ලාභයද සත්කාරයද, කීර්තිඝෝෂයද කෙරෙහි ගිජුවූවහුගේ, පතන්නහුගේයි යන අර්ත්‍ථයි. පාපිච්ඡස්ස යනු, තමා කෙරෙහි ඇති ගුණ පහළ කරනු කැමැත්තහුගේ, ඉච්ඡාපකතස්ස යනු, තෘෂ්ණායෙන් මඩනා ලද්දහුගේයි, ආජීවෝපද්‍රවයට පත්වූවහුගේයි යන අර්ත්‍ථයි.

ඉතො පරං යස‍්මා පච‍්චයපටිසෙවනසාමන‍්තජප‍්පනඉරියාපථසන‍්නිස‍්සිතවසෙන මහානිද‍්දෙසෙ තිවිධං කුහනවත්‍ථු ආගතං. තස‍්මා තිවිධම‍්පෙතං දස‍්සෙතුං පච‍්චයපටිසෙවනසඞ‍්ඛාතෙන වාති එවමාදි ආරද‍්ධං. තත්‍ථ චීවරාදීහි නිමන‍්තිතස‍්ස තදත්‍ථිකස‍්සෙව සතො පාපිච‍්ඡතං නිස‍්සාය පටික‍්ඛිපනෙන, තෙ ච ගහපතිකෙ අත‍්තනි සුප‍්පතිට‍්ඨිතසද‍්ධෙ ඤත්‍වා පුන තෙසං “අහො අය්‍යො අප‍්පිච‍්ඡො න කිඤ‍්චි පටිග‍්ගණ‍්හිතුං ඉච‍්ඡති, සුලද‍්ධං වත නො අස‍්ස සචෙ අප‍්පමත‍්තකම‍්පි කිඤ‍්චි පටිග‍්ගණ‍්හෙය්‍යා”ති නානාවිධෙහි උපායෙහි පණීතානි චීවරාදීනි උපනෙන‍්තානං තදනුග‍්ගහකාමතංයෙව ආවිකත්‍වා පටිග‍්ගහණෙන ච තතො පභුති අපි සකටභාරෙහි උපනාමනහෙතුභූතං විම‍්හාපනං පච‍්චයපටිසෙවනසඞ‍්ඛාතං කුහනවත්‍ථූති වෙදිතබ‍්බං. වුත‍්තඤ‍්හෙතං මහානිද‍්දෙසෙ –

මෙතැන් පටන්, යම්හෙයකින් සිවුපස පිළිකෙව කිරීම් ළංව සිට කරුණ වටා තෙපලීම්, ඉරියව් මඟින් ඇඟවීම් වශයෙන් මහානිද්දෙසයෙහි ත්‍රිවිධ වූ කුහන වස්තුවෙක් ආයේද, එහෙයින් මෙම ත්‍රිවිධ වූ කුහන වස්තුව දක්වනු පිණිස ‘පච්චයපටිසෙධන සංඛාතෙන වා’ යන මේ ආදිය ආරබ්ධයි. එහි චීවරාදියෙන් නිමන්ත්‍රණය කරන ලද කල්හි පිළිගනු රිසිය ඇතිව පවා, ලාමක අදහස් හේතුකොටගෙන පිළිකෙව් කිරීමෙන්, එම දායක ගෘහපතියන් තමා කෙරෙහි පිහිටි දැඩි ශ්‍රද්ධා ඇත්තවුන්බව දැන, නැවත ඔවුන් ‘විස්මයෙකි! ආර්යයන් වහන්සේ අල්පේච්ඡයහ, කිසිවක් පිළිගනු නොරිසියහ, සුලුයමක් හෝ පිළිගන්නාහුනම් අපට මහත් ලාභයෙක් වන්නේය’යි නොයෙක් උපායෙන් ප්‍රණීත වූ චීවරාදිය එළවන කල්හි, හුදෙක් ඔවුනට අනුග්‍රහ කිරීමේ කැමැත්තම අඟවා පිළිගැනීමෙන් එතැන් පටන් ගැල්බරින් පවා එළවීමට හේතුවන සේ විස්මයපත් කරවීම ප්‍රත්‍යය ප්‍රතිශේධන සංඛ්‍යාත කුහන වස්තුවයයි දතයුතුය. මහානිද්දේසයෙහි කියනලදුයේමැයි:

“කතමං පච‍්චයපටිසෙවනසඞ‍්ඛාතං කුහනවත්‍ථු? ඉධ ගහපතිකා භික‍්ඛුං නිමන‍්තෙන‍්ති චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙහි. සො පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො අත්‍ථිකො චීවර…පෙ… පරික‍්ඛාරානං භිය්‍යොකම්‍යතං උපාදාය චීවරං පච‍්චක‍්ඛාති. පිණ‍්ඩපාතං…පෙ… සෙනාසනං. ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං පච‍්චක‍්ඛාති. සො එවමාහ – ‘කිං සමණස‍්ස මහග‍්ඝෙන චීවරෙන, එතං සාරුප‍්පං යං සමණො සුසානා වා සඞ‍්කාරකූටා වා පාපණිකා වා නන‍්තකානි උච‍්චිනිත්‍වා සඞ‍්ඝාටිං කත්‍වා ධාරෙය්‍ය. කිං සමණස‍්ස මහග‍්ඝෙන පිණ‍්ඩපාතෙන එතං සාරුප‍්පං යං සමණො උඤ‍්ඡාචරියාය පිණ‍්ඩියාලොපෙන ජීවිකං කප‍්පෙය්‍ය. කිං සමණස‍්ස මහග‍්ඝෙන සෙනාසනෙන, එතං සාරුප‍්පං යං සමණො රුක‍්ඛමූලිකො වා අස‍්ස අබ‍්භොකාසිකො වා. කිං සමණස‍්ස මහග‍්ඝෙන ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙන, එතං සාරුප‍්පං යං සමණො පූතිමුත‍්තෙන වා හරිටකීඛණ‍්ඩෙන වා ඔසධං කරෙය්‍යා’ති. තදුපාදාය ලූඛං චීවරං ධාරෙති, ලූඛං පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජති, ලූඛං සෙනාසනං පටිසෙවති, ලූඛං ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං පටිසෙවති, තමෙනං ගහපතිකා එවං ජානන‍්ති ‘අයං සමණො අප‍්පිච‍්ඡො සන‍්තුට‍්ඨො පවිවිත‍්තො අසංසට‍්ඨො ආරද‍්ධවීරියො ධුතවාදො’ති. භිය්‍යො භිය්‍යො නිමන‍්තෙන‍්ති චීවර…පෙ… පරික‍්ඛාරෙහි. සො එවමාහ – ‘තිණ‍්ණං සම‍්මුඛීභාවා සද‍්ධො කුලපුත‍්තො බහුං පුඤ‍්ඤං පසවති. සද‍්ධාය සම‍්මුඛීභාවා සද‍්ධො කුලපුත‍්තො බහුං පුඤ‍්ඤං පසවති. දෙය්‍යධම‍්මස‍්ස…පෙ… දක‍්ඛිණෙය්‍යානං සම‍්මුඛීභාවාසද‍්ධොකුලපුත‍්තො බහුං පුඤ‍්ඤං පසවති. තුම‍්හාකඤ‍්චෙවායං සද‍්ධා අත්‍ථි, දෙය්‍යධම‍්මො ච සංවිජ‍්ජති, අහඤ‍්ච පටිග‍්ගාහකො, සචෙහං න පටිග‍්ගහෙස‍්සාමි, එවං තුම‍්හෙ පුඤ‍්ඤෙන පරිබාහිරා භවිස‍්සන‍්ති, න මය‍්හං ඉමිනා අත්‍ථො. අපිච තුම‍්හාකංයෙව අනුකම‍්පාය පටිග‍්ගණ‍්හාමී’ති. තදුපාදාය බහුම‍්පි චීවරං පටිග‍්ගණ‍්හාති. බහුම‍්පි පිණ‍්ඩපාතං…පෙ… භෙසජ‍්ජපරික‍්ඛාරං පටිග‍්ගණ‍්හාති . යා එවරූපා භාකුටිකා භාකුටියං කුහනා කුහායනා කුහිතත‍්තං, ඉදං පච‍්චයපටිසෙවනසඞ‍්ඛාතං කුහනවත්‍ථූ”ති (මහානි· 87).

‘ප්‍රත්‍යයප්‍රතිසේධන සංඛ්‍යාත කුහන වස්තුව නම් කවරේදයත්, මෙහි දායක ගෘහපතියෝ චීවර-පිණ්ඩපාත-සේනාසන, ගිලානප්පච්චය, භෙසජ්ජපරික්‍ඛාරයෙන් භික්‍ෂුවකට නිමන්ත්‍රණය කෙරෙති, ඒ භික්‍ෂුතෙමේ ලාමක අදහස් ඇතිව, ආශාවෙන් මඩනාලදුව චීවරාදී පරිෂ්කාරයන් ලබනු කැමැතිව පවා වැඩි වැඩියෙන් ලබන රිසියෙන් චීවර-පෙ-පරිෂ්කාරයන් ප්‍රතික්‍ෂේප කරයි, හේ මෙසේ පවසයි, ‘ශ්‍රමණයකුට මහඟු සිවුරෙකින් පල කිම? ඉදින් ශ්‍රමණ තෙමේ සොහොන් බිමින් හෝ කසල ගොඩින් හෝ සල්පිල් දොරින් හෝ රෙදි කැබැලි අවුලාගෙන සඟළ සිවුරුකොට දරන්නේනම් එයම සුදුසු වන්නේය, ශ්‍රමණයකුට මහඟු පිණ්ඩපාතයෙන් කම් කිම? ඉදින් ශ්‍රමණ තෙමේ ගෙපිළිවෙළින් පිඬුසිඟා ගොස් ලබන පිණ්ඩපාත ආහාරයෙන් ජීවිකාව කෙරේ නම් එයම සුදුසු වන්නේය, ශ්‍රමණයකුට මහඟු සේනාසනයෙන් කම් කිම? ඉදින් ශ්‍රමණතෙමේ රුක්මුල්හි වසන්නෙක් හෝ අභ්‍යවකාශයෙහි වසන්නෙක් වන්නේනම් එයම සුදුසු වන්නේය, ශ්‍රමණයකුට මහඟු ගිලන්පස, බෙහෙත් පිරිකරින් කම් කිම? ඉදින් ශ්‍රමණතෙමේ ගෝමූත්‍රයෙන් හෝ අරළු කැබැල්ලෙකින් බෙහෙත් කරන්නේනම් එයම සුදුසු වන්නේය. හේ එතැන් පටන් දළ සිවුරු දරයි, කටුසර බොජුන් වළදයි, දළ සෙනසුන් පරිභෝග කරයි, දළ ගිලන්පස, බෙහෙත් පිරිකර ගනියි. ගෘහස්ථ දායක ජනයා ඔහු මෙසේ හැඳිනගනිති: මේ ශ්‍රමණතෙමේ අපිස් ගුණයෙන් යුක්තය, සතොස් ගුණයෙන් යුක්තය, විවේකයෙහි ඇලුණේය, කුලයා කෙරෙහි ගණයා කෙරෙහි නොඇලුණේය, ඇරඹි වීර්යය ඇත්තේය, ධුතංගගුණ පවසන්නේයයි වැඩි වැඩියෙන් සිවුරු-පෙ-බෙහෙත් පිරිකරින් පවරති. ඒ ශ්‍රමණතෙමේ මෙසේ කියයි: ‘කරුණු තුනක් එක් වීමෙන් සැදැහැවත් කුලපුත්තෙමේ බොහෝ පින් රැස් කරයි, දීමට සුදුසු දානවස්තු -පෙ- දක්‍ෂිණාව ලැබීමට සුදුසු ප්‍රතිග්‍රාහකයන් හමුවීමෙන් සැදැහැවත් කුලපුත් තෙමේ පෙ-පින් රැස්කරයි, ඔබට මෙකී ශ්‍රද්ධාව ඇත, දීමට සුදුසු දාන වස්තුද ඇත, මමද සුදුසු ප්‍රතිග්‍රාහකයෙක් වෙමි, ඉදින් මම් නොපිළිගන්නෙම් නම් ඔබ පිනට අහිමි වන්නාහුය, මට නම් මෙයින් පලෙක් නැත, එතෙකුදු වුවත් ඔබ කෙරෙහි අනුකම්පායෙන්ම පිළිගන්නෙමි’යි එතැන් පටන් බොහෝ සිවුරුද, පිළිගන්නේය, බොහෝ පිණ්ඩපාතයද පිළිගන්නේය, -පෙ-බෙහෙත් පිරිකරද පිළිගන්නේය. මේ ආකාර වූ යම් බැම හැකිලීමක්, මුහුණ හැකිලවීමක්, විස්මය දැනවීමක්, විස්මය පැවැත්වීමක්, විස්මයට පත්කරවීමේ ස්වභාවයක් වේනම්, මෙය සිවුපස පිළිකෙව් කිරීම් සංඛ්‍යාත කොහොන් වතයයි කියනු ලැබේ.’

පාපිච‍්ඡස‍්සෙව පන සතො උත‍්තරිමනුස‍්සධම‍්මාධිගමපරිදීපනවාචාය තථා තථා විම‍්හාපනං සාමන‍්තජප‍්පනසඞ‍්ඛාතං කුහනවත්‍ථූති වෙදිතබ‍්බං. යථාහ –

ලාමක අපේක්‍ෂා ඇත්තහුගේම වනාහි උතුරුමිනිස්දම් අවබෝධකොට ඇතැ’යි හැඟවෙන වචනයෙන් ඒ ඒ ආකාරයෙන් විස්මය පත්කරවීම සාමන්තජප්පන සංඛ්‍යාත කොහොන්වතයයි දතයුතුය. යම්සේ කියනලදද:

“කතමං සාමන‍්තජප‍්පනසඞ‍්ඛාතං කුහනවත්‍ථු? ඉධෙකච‍්චො පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො සම‍්භාවනාධිප‍්පායො ‘එවං මං ජනො සම‍්භාවෙස‍්සතී’ති අරියධම‍්මසන‍්නිස‍්සිතං වාචං භාසති ‘යො එවරූපං චීවරං ධාරෙති, සො සමණො මහෙසක‍්ඛො’ති භණති. ‘යො එවරූපං පත‍්තං ලොහථාලකං. ධම‍්මකරණං පරිස‍්සාවනං කුඤ‍්චිකං, කායබන්‍ධනං උපාහනං ධාරෙති, සො සමණො මහෙසක‍්ඛො’ති භණති. යස‍්ස එවරූපො උපජ‍්ඣායො ආචරියො සමානුපජ‍්ඣායකො, සමානාචරියකො මිත‍්තො සන්‍දිට‍්ඨො සම‍්භත‍්තො සහායො. යො එවරූපෙ විහාරෙ වසති අඩ‍්ඪයොගෙ පාසාදෙ හම‍්මියෙ ගුහායං ලෙණෙ කුටියා කූටාගාරෙ අට‍්ටෙ මාළෙ උද‍්දණ‍්ඩෙ උපට‍්ඨානසාලායං මණ‍්ඩපෙ රුක‍්ඛමූලෙ වසති, සො සමණො මහෙසක‍්ඛො’ති භණති. අථ වා ‘කොරජිකකොරජිකො භාකුටිකභාකුටිකො කුහකකුහකො ලපකලපකො මුඛසම‍්භාවිකො, අයං සමණො ඉමාසං එවරූපානං සන‍්තානං විහාරසමාපත‍්තීනං ලාභී’ති තාදිසං ගම‍්භීරං ගූළ‍්හං නිපුණං පටිච‍්ඡන‍්නං ලොකුත‍්තරං සුඤ‍්ඤතාපටිසංයුත‍්තං කථං කථෙසි. යා එවරූපා භාකුටිකා භාකුටියං කුහනා කුහායනා කුහිතත‍්තං, ඉදං සාමන‍්තජප‍්පනසඞ‍්ඛාතං කුහනවත්‍ථූ”ති (මහානි· 87).

‘සාමන්තංජප්පන සංඛ්‍යාත කුහන වස්තුව නම් කවරේද? මේ ශාසනයෙහි ලාමක අපේක්‍ෂා ඇති, තෘෂ්ණාවට වසඟවූ කිසිවෙක් ගරුබුහුමන් ලැබීමේ අභිලාෂයෙන්, ‘ජනයා මෙසේ මා වෙත ගරු බුහුමන් කරන්නාහුය’යි ආර්යධර්මය හා සම්බන්‍ධකොට වචන භාවිත කෙරෙයි, ‘යමෙක් මෙවන් සිවුරු දරානම් ඒ ශ්‍රමණ තෙමේ මහේශාඛ්‍යයයි කියයි, යමෙක් මෙවන් පාත්‍රයක් -පෙ- ලොහොතලියක්-පෙ-ඩබරාවක්-පෙ- පෙරහනක්-යතුරුමුදුවක්-පෙ-කාබහනක්-පෙ-වහන්සඟලක් දරානම් ඒ ශ්‍රමණ තෙමේ මහේශාඛ්‍යයයි කියයි. යමකුට මෙවන් උපාධ්‍යාය කෙනෙක් -පෙ-ආචාර්ය කෙනෙක්-පෙ-එක්ම උපාධ්‍යායයන් ඇත්තෙක් -පෙ-එක්ම ආචාර්යයන් ඇත්තෙක්-පෙ-මිත්‍රයෝ-පෙ-දුටුමතින් මිතුරු වූවෝ-පෙ-බැතිමත් මිතුරෝ-පෙ-සහායකයෝ වෙත්නම් ඒ ශ්‍රමණතෙමේ මහේශාඛ්‍යයයි කියයි. යමෙක් මෙවන් විහාරයෙක්හි වෙසේනම් නම් ඒ ශ්‍රමණ තෙමේ මහේශාඛ්‍යයයි කියයි. යමෙක් මෙවන් අඩ්ඪයෝග (දිගටි සෙවෙනි ඇති) පහයෙක්හි-පෙ-සිවුරැස් ගෙයෙක්හි-පෙ-සඳලු සහිත ගෙයෙක්හි-පෙ-ගුහායෙක්හි-පෙ-ලෙණෙක්හි-පෙ-කුටියෙක්හි-පෙ-කුළුගෙයෙක්හි-පෙ-උස්ගෙයෙක්හි-පෙ-මාලකයෙක්හි-පෙ-දීර්ඝ ශාලාවෙක්හි-පෙ-උවටැන් හලෙක්හි-පෙ- මණ්ඩපයෙක්හි-පෙ-රුක් මුලෙක්හි වෙසේනම් ඒ ශ්‍රමණතෙමේ මහේශාඛ්‍යයයි කියයි. නැතහොත් හැඟීම් බරින් බොහෝසෙයින් හැකිලෙමින්, බොහෝසෙයින් බැම හකුලුවමින්, බොහෝසෙයින් විස්මයට පත්වෙමින් බොහෝසෙයින් දොඩමලුවෙමින්, ප්‍රශංසාවචන කියමින්, ‘මේ ශ්‍රමණතෙමේ විහාරසමාපත්ති ලාභියෙකැ’යි තමන් උදෙසාම, එවැනි ගැඹුරු, සැඟවුණු, වැසුණු, ලොවුතුරු, නිවන්මඟ පිළිබඳ කථා බෙණෙයි. මෙබඳුවූ යම් බැම හැකිලවීමක්, බැම හැකිලවීමේ ආකාරයක් විස්මය දැනවීමක්, විස්මය පත්කරවීමක්, විස්මය පත්කරවන ආකාරයක් වේනම් එය සාමන්තජප්පන සංඛ්‍යාත කුහන වස්තුවයයි කියනු ලැබේ.’

පාපිච‍්ඡස‍්සෙව පන සතො සම‍්භාවනාධිප‍්පායකතෙන ඉරියාපථෙන විම‍්හාපනං ඉරියාපථසන‍්නිස‍්සිතං කුහනවත්‍ථූති වෙදිතබ‍්බං. යථාහ – “කතමං ඉරියාපථසඞ‍්ඛාතං කුහනවත්‍ථු. ඉධෙකච‍්චො පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො සම‍්භාවනාධිප‍්පායො ‘එවං මං ජනො සම‍්භාවෙස‍්සතී’ති ගමනං සණ‍්ඨපෙති , ඨානං සණ‍්ඨපෙති, නිසජ‍්ජං සණ‍්ඨපෙති, සයනං සණ‍්ඨපෙති, පණිධාය ගච‍්ඡති, පණිධාය තිට‍්ඨති, පණිධාය නිසීදති, පණිධාය සෙය්‍යං කප‍්පෙති, සමාහිතො විය ගච‍්ඡති, සමාහිතො විය තිට‍්ඨති, නිසීදති, සෙය්‍යං කප‍්පෙති, ආපාථකජ‍්ඣායී ච හොති, යා එවරූපා ඉරියාපථස‍්ස අට‍්ඨපනා ඨපනා සණ‍්ඨපනා භාකුටිකා භාකුටියං කුහනා කුහායනා කුහිතත‍්තං, ඉදං වුච‍්චති ඉරියාපථසඞ‍්ඛාතං කුහනවත්‍ථූ”ති (මහානි· 87).

ලාමක අපේක්‍ෂා ඇත්තහුගේම වනාහි ගරුබුහුමන් ලැබීමේ අභිලාෂයෙන් කරන ලද ඉරියවු මඟින් විස්මය පත්කරවීම ඉරියවු සබඳකොට ඇති කොහොන්වතයයි දතයුතුයි යම්සේ කියනලදද: ‘ඉරියාපථ සංඛ්‍යාත කුහනවස්තු නම් කවරේද යත්, මේ ශාසනයෙහි ලාමක අපේක්‍ෂා ඇති තෘෂ්ණාවෙන් මඩනාලද කිසිවෙක් ගරුබුහුමන් ලැබීමේ අභිලාෂයෙන්, ‘මෙසේවූ කල ජනයා ගරු බුහුමන් කෙරෙති’යි ගමන් පිහිටුවති, සිටීම් පිහිටුවති, හිඳිම් පිහිටුවති, හෙවීම් පිහිටුවති, මනාකොට පිහිටුවාගෙන ගමන් කරති, මනාකොට පිහිටුවාගෙන සිටිති, මනාකොට පිහිටුවාගෙන හිඳිති, මනාකොට පිහිටුවාගෙන හොවිති, අභිමුඛයෙහි ධ්‍යාන ලාභියකු මෙන් හැසිරෙති, මෙබඳුවූ යම් ඉරියවු පිහිටුවීමක්, තැබීමක්, මනාකොට තැබීමක්, බැම හැකිලවීමක්, බැම හකුලුවන ආකාරයක්, විස්මයට පත්වීමක්, විස්මය පත්කරවීමක්, විස්මය පත්කරවන ආකාරයක් වේනම්, මෙය ඉරියාපථසංඛ්‍යාත කුහනවස්තුයයි කියනු ලැබේ.’

තත්‍ථ පච‍්චයපටිසෙවනසඞ‍්ඛාතෙනාති පච‍්චයපටිසෙවනන‍්ති එවං සඞ‍්ඛාතෙන පච‍්චයපටිසෙවනෙන වා සඞ‍්ඛාතෙන. සාමන‍්තජප‍්පිතෙනාති සමීපභණිතෙන. ඉරියාපථස‍්ස වාති චතුඉරියාපථස‍්ස. අට‍්ඨපනාතිආදි ඨපනා, ආදරෙන වා ඨපනා. ඨපනාති ඨපනාකාරො. සණ‍්ඨපනාති අභිසඞ‍්ඛරණා, පාසාදිකභාවකරණන‍්ති වුත‍්තං හොති. භාකුටිකාති පධානපුරිමට‍්ඨිතභාවදස‍්සනෙන භාකුටිකරණං, මුඛසඞ‍්කොචොති වුත‍්තං හොති. භාකුටිකරණං සීලමස‍්සාති භාකුටිකො. භාකුටිකස‍්ස භාවො භාකුටියං. කුහනාති විම‍්හාපනා. කුහස‍්ස ආයනා කුහායනා. කුහිතස‍්ස භාවො කුහිතත‍්තන‍්ති.

එහි පච්චයපටිසෙධනසංඛාතෙන යනු, සිවුපස පිළිකෙව් කිරීමයයි කියන ලද කොහොන් වතිනි. සාමන්තජප්පිතෙන යනු, (කාරණයට) ළංව සිට බිණීමෙනි. ඉරියාපථස්ස වා යනු, සිවු ඉරියවු පිළිබඳ, ආඨපනා යනු, පළමුකොට පිහිටුවීමයි, ආදරයෙන් පිහිටුවීම හෝ වේ. ඨපනා යනු පිහිටුවන ආකාරයයි, සණ්ඨපනා යනු, මනාකොට පිහිටුවීමයි- පැහැදීම ඇතිවනසේ සැදීමයයි කීසේයි. භාකුටිතා යනු, වීර්ය වැඩීමෙන් මිරිකුණුබව දැක්වෙන සේ බැම හැකිලීමයි. මුහුණ හැකිලවීමයයි කීසේයි. බැම හැකිලවීම ස්වභාවකොට ඇත්තේනුයි භාකුටික නමි. භාකුටික ස්වභාවය භාකුටිය නමි. කුහනා යනු, විස්මයට පත්වීමයි, විස්මය පැවැත්වීම කුහායන නමි. විස්මාපිත ස්වභාවය කුහිතත්ත නමි.

ලපනානිද‍්දෙසෙ ආලපනාති විහාරං ආගතෙ මනුස‍්සෙ දිස‍්වා “කිමත්‍ථාය භොන‍්තො ආගතා, කිං භික‍්ඛූ නිමන‍්තිතුං, යදි එවං ගච‍්ඡථ රෙ, අහං පච‍්ඡතො පත‍්තං ගහෙත්‍වා ආගච‍්ඡාමී”ති එවං ආදිතොව ලපනා. අථ වා අත‍්තානං උපනෙත්‍වා “අහං තිස‍්සො, මයි රාජා පසන‍්නො, මයි අසුකො ච අසුකො ච රාජමහාමත‍්තො පසන‍්නො”ති එවං අත‍්තුපනායිකා ලපනා ආලපනා. ලපනාති පුට‍්ඨස‍්ස සතො වුත‍්තප‍්පකාරමෙව ලපනං. සල‍්ලපනාති ගහපතිකානං උක‍්කණ‍්ඨනෙ භීතස‍්ස ඔකාසං දත්‍වා දත්‍වා සුට‍්ඨු ලපනා. උල‍්ලපනාති මහාකුටුම‍්බිකො මහානාවිකො මහාදානපතීති එවං උද‍්ධං කත්‍වා ලපනා. සමුල‍්ලපනාති සබ‍්බතොභාගෙන උද‍්ධං කත්‍වා ලපනා.

ලපනා නිද්දේස කිරීමෙහි: ආලපනා යනු, විහාරයට පැමිණ ජනයා දැක, ‘පින්වත්හු කුමක් පිණිස ආහුද? භික්‍ෂූන් නිමන්ත්‍රණය කිරීම පිණිසද? එසේනම් යනු මැනවි, මම් පසුව එමි’යි පළමුකොටම කීමයි. නැතහොත්, තමා ඉදිරිපත් කරමින් ‘මම් තිස්ස නම් වෙමි. රජතෙමේ මා කෙරෙහි ප්‍රසන්නය, අසුවල් අසුවල් රජ ඇමැතිවරු මා කෙරෙහි ප්‍රසන්නයහයි මෙසේ තමා උදෙසා කීම ආලපනා නමි. ලපනා යනු, පිළිවිසින ලදුව මෙකී අයුරු පැවසීමයි. සල්ලපනා යනු, [missing trans] සැම අතින්ම උසස්කොට බිණීමයි.

උන‍්නහනාති “උපාසකා පුබ‍්බෙ ඊදිසෙ කාලෙ නවදානං දෙථ, ඉදානි කිං න දෙථා”ති එවං යාව “දස‍්සාම, භන‍්තෙ, ඔකාසං න ලභාමා”තිආදීනි වදන‍්ති, තාව උද‍්ධං උද‍්ධං නහනා, වෙඨනාති වුත‍්තං හොති. අථ වා උච‍්ඡුහත්‍ථං දිස‍්වා “කුතො ආභතං උපාසකා”ති පුච‍්ඡති. උච‍්ඡුඛෙත‍්තතො, භන‍්තෙති. කිං තත්‍ථ උච‍්ඡු මධුරන‍්ති. ඛාදිත්‍වා, භන‍්තෙ, ජානිතබ‍්බන‍්ති. “න, උපාසක, භික‍්ඛුස‍්ස උච‍්ඡුං දෙථා”ති වත‍්තුං වට‍්ටතීති. යා එවරූපා නිබ‍්බෙඨෙන‍්තස‍්සාපි වෙඨනකථා, සා උන‍්නහනා. සබ‍්බතොභාගෙන පුනප‍්පුනං උන‍්නහනා සමුන‍්නහනා.

සමුන්නභනා යනු, ‘උපාසකවරුනි, පෙර මෙවන් කාලයෙහි අගසස් දන් දෙන්නහුය, දැන් කවරහෙයින් නොදෙන්නහුදැ’යි මේ ආකාරයෙන්, ‘ස්වාමීනි, දෙන්නමෝය, එයට අවසරයක් නොලබම්හ’යි යන ආදිය කියනතුරු යලි යලිදු අල්වා බැඳීමයි, වෙළීමයයි කී නියායි. නැතහොත්, උක් ගෙනයන්නකු දැක, උපාසකය, කොයින් ගෙන අවුදැ’යි පිළිවිසියි, ‘ස්වාමීනි, උක්කෙතෙනි,’ ‘කිම එහි උක් මිහිරිද?’, ‘ස්වාමීනි කා බලා දතයුතුය’, ‘උපාසකය, උක්දෙව’යි කියනු භික්‍ෂුවකට නොසුදුසුය. මේ ආදී වශයෙන් ගැලවී යනු කැමැත්තකු පවා යලි යලිදු අල්වා බැඳීමේ කථා උන්නහනා නමි. සෑම අතින්ම යලි යලි බැඳීමයි. සමූන්නහනා

උක‍්කාචනාති “එතං කුලං මංයෙව ජානාති. සචෙ එත්‍ථ දෙය්‍යධම‍්මො උප‍්පජ‍්ජති, මය‍්හමෙව දෙතී”ති එවං උක‍්ඛිපිත්‍වා කාචනා උක‍්කාචනා, උද‍්දීපනාති වුත‍්තං හොති. තෙලකන්‍දරිකවත්‍ථු චෙත්‍ථ වත‍්තබ‍්බං. සබ‍්බතොභාගෙන පන පුනප‍්පුනං උක‍්කාචනා සමුක‍්කාචනා.

උක්කාචනා යනු, අසුවල් ගෙහි ඇත්තෝ මා මෙසේ මෙසේ දන්නාහුය, එහි දෙනුමනා දෙයක් වෙතොත් මටම දෙති’යි මෙසේ ඔසවා තැබීම උක්කාචනා නමි, අතිශයෝක්තියෙන් කීමයයි පැවසූ සේයි. මෙහිලා තෙලකන්‍දරිකාවගේ වත සඳහන් කළ යුතුය. සැම අතින්ම යලියලිදු ඉහළින් තබා වර්ණනා කිරීම සමුක්කාචනා නමි.

අනුප‍්පියභාණිතාති සච‍්චානුරූපං ධම‍්මානුරූපං වා අනපලොකෙත්‍වා පුනප‍්පුනං පියභණනමෙව. චාටුකම්‍යතාති නීචවුත‍්තිතා අත‍්තානං හෙට‍්ඨතො හෙට‍්ඨතො ඨපෙත්‍වා වත‍්තනං. මුග‍්ගසූප්‍යතාති මුග‍්ගසූපසදිසතා. යථා හි මුග‍්ගෙසු පච‍්චමානෙසු කොචිදෙව න පච‍්චති, අවසෙසා පච‍්චන‍්ති, එවං යස‍්ස පුග‍්ගලස‍්ස වචනෙ කිඤ‍්චිදෙව සච‍්චං හොති, සෙසං අලීකං, අයං පුග‍්ගලො මුග‍්ගසූප්‍යොති වුච‍්චති. තස‍්ස භාවො මුග‍්ගසූප්‍යතා. පාරිභට්‍යතාති පාරිභට්‍යභාවො. යො හි කුලදාරකෙ ධාති විය අඞ‍්කෙන වා ඛන්‍ධෙන වා පරිභටති, ධාරෙතීති අත්‍ථො. තස‍්ස පරිභටස‍්ස කම‍්මං පාරිභට්‍යුං. පාරිභට්‍යස‍්ස භාවො පාරිභට්‍යතාති.

අනුප්පියභාණිතා යනු, සත්‍යයට හෝ ධර්මයට අනුකූලදැයි නොවිමසා යලි යලිදු ප්‍රිය වචනම කථා කිරීමයි. චාටුකම්‍යතා යනු, යටත් පහත් පැවතුම් ඇතිබවයි, තමා පහළින් පහළින් තබා හැසිරීමයි, මුග්ගසුප්‍යතා යනු, මුඟු ඇට සූපයක් වැනිබවයි, යම්සේ මුං පිසනු ලබන කල සමහර ඇට නොපැසී තිබියදී සෙසු ඇට පැසේද, එසේ කිසියම් පුද්ගලයකුගේ වචන අතුරෙන් සුලු ප්‍රමාණයක් සත්‍යද සෙස්ස අසත්‍යද වේනම්, මෙබඳු පුද්ගලයා මුග්ගසුප්පයයි කියනු ලැබේ. එවැන්නහුගේ ස්වභාවය මුග්ගසුප්‍යතා නමි. පාරිභට්ටතා යනු, දරුවන් වැඩීම කරන බවයි, යම් කිසිවෙක් කිරිමවක මෙන් ප්‍රත්‍යය දායකයන්ගේ දරුවන් ඇකයෙන් හෝ කරින් දරත්නම්, ඔවුන්ගේ ඒ ක්‍රියාව පාරිභට්ට නමි. පාරිභට්ටභාවය පාරිභට්ටතා නමි.

නෙමිත‍්තිකතානිද‍්දෙසෙ නිමිත‍්තන‍්ති යංකිඤ‍්චි පරෙසං පච‍්චයදානසඤ‍්ඤාජනකං කායවචීකම‍්මං. නිමිත‍්තකම‍්මන‍්ති ඛාදනීයං ගහෙත්‍වා ගච‍්ඡන‍්තෙ දිස‍්වා “කිං ඛාදනීයං ලභිත්‍ථා”තිආදිනා නයෙන නිමිත‍්තකරණං. ඔභාසොති පච‍්චයපටිසංයුත‍්තකථා. ඔභාසකම‍්මන‍්ති වච‍්ඡපාලකෙ දිස‍්වා “කිං ඉමෙ වච‍්ඡා ඛීරගොවච‍්ඡා උදාහු තක‍්කගොවච‍්ඡා”ති පුච‍්ඡිත්‍වා “ඛීරගොවච‍්ඡා, භන‍්තෙ”ති වුත‍්තෙ “න ඛීරගොවච‍්ඡා, යදි ඛීරගොවච‍්ඡා සියුං, භික‍්ඛූපි ඛීරං ලභෙය්‍යු”න‍්ති එවමාදිනා නයෙන තෙසං දාරකානං මාතාපිතූනං නිවෙදෙත්‍වා ඛීරදාපනාදිකං ඔභාසකරණං. සාමන‍්තජප‍්පාති සමීපං කත්‍වා ජප‍්පනං. කුලූපකභික‍්ඛු වත්‍ථු චෙත්‍ථ වත‍්තබ‍්බං.

නෙමිත්තිකතා නිද්දේසයෙහි: නිමිත්තං යනු, අන්‍යයන් තුළ, ප්‍රත්‍යයදානය පිළිබඳ හැඟීම දනවනු පිණිස කයින් හෝ වචනයෙන් කරනු ලබන යම් කිසි ක්‍රියාවෙකි. නිමිත්තකම්මං යනු, කැවිලි වෙසෙසක් ගෙන යන්නකු දැක, ‘කිමෙක්ද? කැවිලි ලැබුණේද?’ ආදි වශයෙන් කරනු ලබන කථා නිමිත්තකම්ම නමි. ඔභාසො යනු, ප්‍රත්‍යය පිළිබඳව කරනු ලබන කථායි. ඔභාසකම්මං යනු, වස්සන් රක්නවුන් දැක, ‘කිමෙක්ද? මේ කිරිදෙනුන්ගේ වස්සෝද? නැතහොත් මෝරු, දෙනුන්ගේ වස්සෝදැ’යි විචාරා ‘ස්වාමීනි කිරිදෙනුන්ගේ වස්සෝය’යි කීකල්හි, ‘කිරිදෙනුන්ගේ වස්සන් විය නොහැකිය, ඉදින් කිරි දෙනුන්ගේ වස්සන් වෙතොත් භික්‍ෂූන්ටද කිරි ලැබිය යුතුය’ මේ ආදි වශයෙන් එම ගොපලු දරුවන් ලවා මාපියන්හට දැනගන්නට සලස්වා කිරි දෙන්නට පෙළඹවීම ආදිය ඕභාසකරණ නමි. සාමන්තජප්පා යනු, ඉච්ඡිත වස්තූන් පිළිබඳව සමීපකොට බිණීමයි. මෙහිලා කුලුපග භික්‍ෂුවගේ කථා වස්තුව සඳහන් කළ යුතුය.

කුලූපකො කිර භික‍්ඛු භුඤ‍්ජිතුකාමො ගෙහං පවිසිත්‍වා නිසීදි. තං දිස‍්වා අදාතුකාමා ඝරණී “තණ‍්ඩුලා නත්‍ථී”ති භණන‍්තී තණ‍්ඩුලෙ ආහරිතුකාමා විය පටිවිස‍්සකඝරං ගතා. භික‍්ඛුපි අන‍්තොගබ‍්භං පවිසිත්‍වා ඔලොකෙන‍්තො කවාටකොණෙ උච‍්ඡුං, භාජනෙ ගුළං, පිටකෙ ලොණමච‍්ඡඵාලෙ, කුම‍්භියං තණ‍්ඩුලෙ, ඝටෙ ඝතං දිස‍්වා නික‍්ඛමිත්‍වා නිසීදි. ඝරණී “තණ‍්ඩුලෙ නාලත්‍ථ”න‍්ති ආගතා. භික‍්ඛු “උපාසිකෙ ‘අජ‍්ජ භික‍්ඛා න සම‍්පජ‍්ජිස‍්සතී’ති පටිකච‍්චෙව නිමිත‍්තං අද‍්දස”න‍්ති ආහ. කිං, භන‍්තෙති. කවාටකොණෙ නික‍්ඛිත‍්තං උච‍්ඡුං විය සප‍්පං අද‍්දසං, ‘තං පහරිස‍්සාමී’ති ඔලොකෙන‍්තො භාජනෙ ඨපිතං ගුළපිණ‍්ඩං විය පාසාණං, ලෙඩ‍්ඩුකෙන පහටෙන සප‍්පෙන කතං පිටකෙ නික‍්ඛිත‍්තලොණමච‍්ඡඵාලසදිසං ඵණං, තස‍්ස තං ලෙඩ‍්ඩුං ඩංසිතුකාමස‍්ස කුම‍්භියා තණ‍්ඩුලසදිසෙ දන‍්තෙ, අථස‍්ස කුපිතස‍්ස ඝටෙ පක‍්ඛිත‍්තඝතසදිසං මුඛතො නික‍්ඛමන‍්තං විසමිස‍්සකං ඛෙළන‍්ති. සා “න සක‍්කා මුණ‍්ඩකං වඤ‍්චෙතු”න‍්ති උච‍්ඡුං දත්‍වා ඔදනං පචිත්‍වා ඝතගුළමච‍්ඡෙහි සද‍්ධිං සබ‍්බං අදාසීති. එවං සමීපං කත්‍වා ජප‍්පනං සාමන‍්තජප‍්පාති වෙදිතබ‍්බං. පරිකථාති යථා තං ලභති තස‍්ස පරිවත‍්තෙත්‍වා කථනන‍්ති.

කුලුපග භික්‍ෂු තෙමේ වනාහි වළදනු කැමතිව ගෙයකට පිවිස හුන්නේය. ඒ දැක දෙනු නොරිසි ගෘහිණී තොමෝ සහල් නැතැ’යි කියමින් සහල් සෙවීමට යන ලෙසක් පා අසල ගෙයකට ගියාය. භික්‍ෂු තෙමේ ඇතුළු ගෙයට වැද, පිරික්සනුයේ කවුළු කොන්හි උක්ගසක්ද, බදුනෙක ලූ සකුරුද, පැසෙක්හි බහා තුබූ ලුණුමස් පලුවක්ද, සැලෙක්හි තුබූ සහල්ද, කළයක බහාලූ ගිතෙල් ද දැක නික්ම පෙරළා අවුත් හුන් තැනම හුන්නේය. ගෘහිණී තොමෝද සහල් නොලදිමියි කියමින් පෙරළා පැමිණියාය. භික්‍ෂු තෙමේ, ‘උපාසිකාවෙනි, අද භික්‍ෂාව නොලැබෙන බවට පෙරමඟදීම නිමිති දිටිමි’යි කීය. ‘ස්වාමීනි, කවර නිමිත්තෙක්දැයි විචාළ කල්හි, ‘කවුළු කොන්හි ඇති උක්දඬුව වැනි සර්පයකු දිටිමි, උහුට ගසමි’යි බලන විට බඳුනෙහි ඇති සිකුරු කැට වැනි කැට කැබැලිතිද, පැසෙහි තබා ඇති ලුණුමස් පෙති සෙයින් පහර ලත් සර්පයාගේ පෙණයද, සැළෙහි බහා ඇති සහල් සෙයින් කැබැලිති ඩැහැගනු රිසි සර්පයාගේ දත්ද, ඉක්බිති කළයෙහි තබා ඇති ගිතෙල් සෙයින් කුපිත වූ සර්පයාගේ මුවින් නික්මුණු විෂ මුසු කෙළද දිටිමි’යි කීය. ඕ තොමෝ ‘මේ මුඩු මහණ රැවටිය නොහැකැ’යි උක්දඬු දී බත්පිස ගිතෙල්, සකුරු, මස් හා සමඟ දුන්නීය. මෙසේ රිසි දෙයට ළංකොට බිණීම සාමන්තජප්පන මැ’යි දතයුතුයි. පරිකථා යනු, තමා රුචිකරන දෙය ලැබෙන ආකාරයට පෙරළ පෙරළා බිණීමයි.

නිප‍්පෙසිකතානිද‍්දෙසෙ අක‍්කොසනාති දසහි අක‍්කොසවත්‍ථූහි අක‍්කොසනං. වම‍්භනාති පරිභවිත්‍වා කථනං. ගරහණාති අස‍්සද‍්ධො අප‍්පසන‍්නොතිආදිනා නයෙන දොසාරොපනා. උක‍්ඛෙපනාති මා එතං එත්‍ථ කථෙථාති වාචාය උක‍්ඛිපනං. සබ‍්බතොභාගෙන සවත්‍ථුකං සහෙතුකං කත්‍වා උක‍්ඛෙපනා සමුක‍්ඛෙපනා. අථ වා අදෙන‍්තං දිස‍්වා “අහො දානපතී”ති එවං උක‍්ඛිපනං උක‍්ඛෙපනා. මහාදානපතීති එවං සුට‍්ඨු උක‍්ඛෙපනා සමුක‍්ඛෙපනා. ඛිපනාති කිං ඉමස‍්ස ජීවිතං බීජභොජිනොති එවං උප‍්පණ‍්ඩනා. සංඛිපනාති කිං ඉමං අදායකොති භණථ, යො නිච‍්චකාලං සබ‍්බෙසම‍්පි නත්‍ථීති වචනං දෙතීති සුට‍්ඨුතරං උප‍්පණ‍්ඩනා. පාපනාති අදායකත‍්තස‍්ස අවණ‍්ණස‍්ස වා පාපනං. සබ‍්බතොභාගෙන පාපනා සම‍්පාපනා. අවණ‍්ණහාරිකාති එවං මෙ අවණ‍්ණභයාපි දස‍්සතීති ගෙහතො ගෙහං ගාමතො ගාමං ජනපදතො ජනපදං අවණ‍්ණහරණං. පරපිට‍්ඨිමංසිකතාති පුරතො මධුරං භණිත්‍වා පරම‍්මුඛෙ අවණ‍්ණභාසිතා. එසා හි අභිමුඛං ඔලොකෙතුං අසක‍්කොන‍්තස‍්ස පරම‍්මුඛානං පිට‍්ඨිමංසං ඛාදනමිව හොති, තස‍්මා පරපිට‍්ඨිමංසිකතාති වුත‍්තා. අයං වුච‍්චති නිප‍්පෙසිකතාති අයං යස‍්මා වෙළුපෙසිකාය විය අබ‍්භඞ‍්ගං පරස‍්ස ගුණං නිප‍්පෙසෙති නිපුඤ‍්ඡති, යස‍්මා වා ගන්‍ධජාතං නිපිසිත්‍වා ගන්‍ධමග‍්ගනා විය පරගුණෙ නිපිසිත්‍වා විචුණ‍්ණෙත්‍වා එසා ලාභමග‍්ගනා හොති, තස‍්මා නිප‍්පෙසිකතාති වුච‍්චතීති.

නිස්පේසිකතා නිද්දේස කිරීමෙහි: අක්කොසනා යනු, දශ ආක්‍රෝශ වස්තුවෙන් බැණවැදීමයි. වම්භනා යනු, නින්‍දාකොට බිණීමයි. ගරහනා යනු, ‘සැදැහැ නැත්තෙහිය, ප්‍රසාද නැත්තෙහිය,’ ආදි වශයෙන් ගැරහීමයි. උක්‍ඛෙපනා යනු, ‘මේ දෙය මෙහි නොකියව’යි වදන් කියා නෙරපීමයි, සැම අතින්ම සාක්‍ෂ්‍ය සහිතකොට, හේතු සහිතකොට නෙරපීම සමුක්‍ඛෙපනා නමි. නොහොත්, නොදෙන්නහු දැක ‘ඔහෝ දානපතිය’ යන ආකාරයෙන් උපහාස කිරීම උක්‍ඛෙපනායි, ‘මහාදානපතිය’යි මෙසේ මහත්සේ උපහාස කිරීම සමුක්‍ඛෙපනායි. ඛිපනා යනු, ‘බිජුවට කන මොහුගේ ජීවිතයෙන් පල කිමැ’යි මෙසේ දැඩිලෙස උපහාස කිරීමයි. සඞ්ඛිපනා යනු, ‘මොහු නොදෙන්නෙකැ’යි කවර හෙයින් කියවුද? නිතරම සැමටම ‘නැත’ යන වචනය දෙන්නේයයි මෙසේ අතිශයින් උපහාස කිරීමයි. පාපනා යනු, නොදෙන්නකුබවට, නැතහොත් නුගුණ ඇත්තකු බවට පත්කිරීමයි. සෑම අතින්ම එසේ පැමිණවීම සම්පාපනායි. අවණ්ණහාරිතා යනු, මෙසේ නුගුණ කියනුවට බියෙන් හෝ දෙන්නේ යයි ගෙන්ගෙට, ගමින්ගමට, ජනපදයෙන් ජනපදයට නුගුණ ගෙනයාමයි. පරපිට්ඨිමංසිකතා යනු, අභිමුඛයෙහි මිහිරි බස් කියා අනභිමුඛයෙහි නුගුණ කීමයි. මේ වනාහි අභිමුඛයෙහිදී බලන්නට පවා නොහැකිව අනභිමුඛයන්ගේ පිට මස් කෑම හා සමාන වේ, එහෙයින් පරපිට්ඨිමංසිකතායි කියනලදි. අයං වුච්චති නිප්පෙසිකතා යනු, මෙය වනාහි උණ පතුරෙන් කළ පිස්නාවක් සිරුරෙහි ගල්වනලද අඟරාවක් පිසිනාසේ මෙරමා ගුණ පිසලන්නේ වේද, සුවඳ ජාතියක් සුනුකොට සුවඳ සොයන්නාසේ මෙරමා ගුණ සුණුකොට ලාභ සොයන්නේ වේද, එහෙයින් නිප්පේසිකතායයි කියනු ලැබේ යන අර්ත්‍ථයි.

ලාභෙන ලාභං නිජිගීසනතානිද‍්දෙසෙ නිජිගීසනතාති මග‍්ගනා. ඉතො ලද‍්ධන‍්ති ඉමම‍්හා ගෙහා ලද‍්ධං. අමුත්‍රාති අමුකම‍්හි ගෙහෙ. එට‍්ඨීති ඉච‍්ඡනා. ගවෙට‍්ඨීති මග‍්ගනා. පරියෙට‍්ඨීති පුනප‍්පුනං මග‍්ගනා. ආදිතො පට‍්ඨාය ලද‍්ධං ලද‍්ධං භික‍්ඛං තත්‍ර තත්‍ර කුලදාරකානං දත්‍වා අන‍්තෙ ඛීරයාගුං ලභිත්‍වා ගතභික‍්ඛුවත්‍ථු චෙත්‍ථ කථෙතබ‍්බං. එසනාතිආදීනි එට‍්ඨිආදීනමෙව වෙවචනානි, තස‍්මා එට‍්ඨීති එසනා. ගවෙට‍්ඨීති ගවෙසනා, පරියෙට‍්ඨීති පරියෙසනා. ඉච‍්චෙවමෙත්‍ථ යොජනා වෙදිතබ‍්බා. අයං කුහනාදීනං අත්‍ථො.

ලාභෙන ලාභං නිජිගිංසනතා නිද්දේස කිරීමෙහි: නිජිගිංසනතා යනු, සොයා යාමයි. ඉතො ලද්ධං යනු, මෙහෙයින් ලද දෙයයි, අමුත්‍ර යනු අර ගෙහි, එට්ඨි යනු පැතීමයි, ගවෙට්ඨි යනු, සොයා යාමයි, පරියෙට්ඨි යනු, නැවත නැවත සොයා යාමයි. මුලපටන් ලදලද දෑ ඒ ඒ ගෙහි කුලදරුවනට දී අවසන කිරිකැඳ ලැබ ගිය භික්‍ෂුවගේ වත මෙහිලා සඳහන් කළ යුතුය. ‘එසනා’ යන ආදිය ‘එට්ඨි’ යන ආදියට පර්යාය වචනයි. එහෙයින් ‘එට්ඨි’ යනු එසනා වශයෙන්ද, ‘ගවෙට්ඨි’ යනු ‘ගවෙසනා’ වශයෙන් ද, ‘පරියෙට්ඨි’ යනු ‘පරියෙසනා’ වශයෙන්ද, මෙහි යෙදීම දත යුතුයි. මේ කුහනා යන ආදියෙහි අරුති.

ඉදානි එවමාදීනඤ‍්ච පාපධම‍්මානන‍්ති එත්‍ථ ආදිසද‍්දෙන “යථා වා පනෙකෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සද‍්ධාදෙය්‍යානි භොජනානි භුඤ‍්ජිත්‍වා තෙ එවරූපාය තිරච‍්ඡානවිජ‍්ජාය මිච‍්ඡාජීවෙන ජීවිකං කප‍්පෙන‍්ති. සෙය්‍යථිදං, අඞ‍්ගං, නිමිත‍්තං, උප‍්පාතං, සුපිනං, ලක‍්ඛණං, මූසිකච‍්ඡින‍්නං, අග‍්ගිහොමං, දබ‍්බිහොම”න‍්ති (දී· නි· 1.21) ආදිනා නයෙන බ්‍රහ‍්මජාලෙ වුත‍්තානං අනෙකෙසං පාපධම‍්මානං ගහණං වෙදිතබ‍්බං. ඉති ය‍්වායං ඉමෙසං ආජීවහෙතු පඤ‍්ඤත‍්තානං ඡන‍්නං සික‍්ඛාපදානං වීතික‍්කමවසෙන, ඉමෙසඤ‍්ච “කුහනා ලපනා නෙමිත‍්තිකතා නිප‍්පෙසිකතා ලාභෙන ලාභං නිජිගීසනතා”ති එවමාදීනං පාපධම‍්මානං වසෙන පවත‍්තො මිච‍්ඡාජීවො, යා තස‍්මා සබ‍්බප‍්පකාරාපි මිච‍්ඡාජීවා විරති, ඉදං ආජීවපාරිසුද‍්ධිසීලං. තත්‍රායං වචනත්‍ථො. එතං ආගම‍්ම ජීවන‍්තීති ආජීවො. කො සො, පච‍්චයපරියෙසනවායාමො. පාරිසුද‍්ධීති පරිසුද‍්ධතා. ආජීවස‍්ස පාරිසුද‍්ධි ආජීවපාරිසුද‍්ධි.

දැන් එවමාදීනඤ්ච පාපධම්මානං යනු, මෙහිලා ආදි ශබ්දයෙන්, යම්සේ ඇතැම් පින්වත් මහණ බමුණු කෙනෙක් සැදැහැයෙන් දෙනලද බොජුන් වළඳා අංගලක්‍ෂණ විද්‍යාය, නිමිත්ත ශාස්ත්‍රය, උල්කාපාත විද්‍යාය, ස්වප්න විද්‍යාය, ලක්‍ෂණ විද්‍යාය, මූෂිකච්ඡින්න විද්‍යාය, අග්නි හෝමය, දර්වී හෝමය, යන මේ ආදී තිරශ්චීන විද්‍යායයි දක්වන ලද මෙවන් මිථ්‍යාජීවයෙන් ජීවිකාව කෙරෙත්දැ’යි ආදි වශයෙන් බ්‍රහ්මජාල සූත්‍රයෙහි කියනලද නොයෙක් පාපස්වභාවයන්ගේ ග්‍රහණය දතයුතුය. මෙසේ යම් මේ ආජීව හේතුවෙන් පනවනලද සිකපද සය ඉක්මවීම් වශයෙන්ද, කුහනා, ලපනා, නෙමිත්තකතා, නිප්පෙසිකතා, ලාභෙන ලාභං නිජිගිංසනතා යන මේ ආදී පාපස්වභාවයන්ගේ වශයෙන්ද පවත්වනලද මිථ්‍යා ආජීවයෙක් වේද, ඒ සකලාකාර මිථ්‍යා ආජීවයෙන් වෙන්වීම මේ ආජීව පාරිසුද්ධිසීලයයි. මේ එහි වචනාර්ත්‍ථයි: මෙයට පැමිණ ජීවත්වෙත්නුයි ‘ආජීව’ නමි. ඒ කවරේද? ප්‍රත්‍යය සොයා යෑමේ ව්‍යායාමයයි. ‘පාරිසුද්ධි’ යනු පිරිසුදුබවයි, ආජීවයෙහි පිරිසුදුබව ආජීව පාරිසුද්ධි නමි.