පච්චයසන්නිස්සිතසීලං
පච්චයසන්නිස්සිතසීලං
ප්‍රත්‍යයසන්නිශ්‍රිත ශීලය
යං පනෙතං තදනන්තරං පච්චයසන්නිස්සිතසීලං වුත්තං, තත්ථ පටිසඞ්ඛා යොනිසොති උපායෙන පථෙන පටිසඞ්ඛාය ඤත්වා, පච්චවෙක්ඛිත්වාති අත්ථො . එත්ථ ච සීතස්ස පටිඝාතායාතිආදිනා නයෙන වුත්තපච්චවෙක්ඛණමෙව “යොනිසො පටිසඞ්ඛා”ති වෙදිතබ්බං. තත්ථ චීවරන්ති අන්තරවාසකාදීසු යංකිඤ්චි. පටිසෙවතීති පරිභුඤ්ජති, නිවාසෙති වා පාරුපති වා. යාවදෙවාති පයොජනාවධිපරිච්ඡෙදනියමවචනං, එත්තකමෙව හි යොගිනො චීවරපටිසෙවනෙ පයොජනං යදිදං සීතස්ස පටිඝාතායාතිආදි, න ඉතො භිය්යො. සීතස්සාති අජ්ඣත්තධාතුක්ඛොභවසෙන වා බහිද්ධාඋතුපරිණාමනවසෙන වා උප්පන්නස්ස යස්ස කස්සචි සීතස්ස. පටිඝාතායාති පටිහනනත්ථං. යථා සරීරෙ ආබාධං න උප්පාදෙති, එවං තස්ස විනොදනත්ථං. සීතබ්භාහතෙ හි සරීරෙ වික්ඛිත්තචිත්තො යොනිසො පදහිතුං න සක්කොති, තස්මා සීතස්ස පටිඝාතාය චීවරං පටිසෙවිතබ්බන්ති භගවා අනුඤ්ඤාසි. එස නයො සබ්බත්ථ. කෙවලඤ්හෙත්ථ උණ්හස්සාති අග්ගිසන්තාපස්ස. තස්ස වනදාහාදීසු සම්භවො වෙදිතබ්බො. ඩංසමකසවාතාතපසරීසපසම්ඵස්සානන්ති එත්ථ පන ඩංසාති ඩංසනමක්ඛිකා, අන්ධමක්ඛිකාතිපි වුච්චන්ති. මකසා මකසා එව. වාතාති සරජඅරජාදිභෙදා. ආතපොති සූරියාතපො. සරීසපාති යෙ කෙචි සරන්තා ගච්ඡන්ති දීඝජාතිකා සප්පාදයො, තෙසං දට්ඨසම්ඵස්සො ච ඵුට්ඨසම්ඵස්සො චාති දුවිධො සම්ඵස්සො, සොපි චීවරං පාරුපිත්වා නිසින්නං න බාධති, තස්මා තාදිසෙසු ඨානෙසු තෙසං පටිඝාතත්ථාය පටිසෙවති. යාවදෙවාති පුන එතස්ස වචනං නියතපයොජනාවධිපරිච්ඡෙදදස්සනත්ථං , හිරිකොපීනපටිච්ඡාදනඤ්හි නියතපයොජනං, ඉතරානි කදාචි කදාචි හොන්ති. තත්ථ හිරිකොපීනන්ති තං තං සම්බාධට්ඨානං. යස්මිං යස්මිඤ්හි අඞ්ගෙ විවරියමානෙ හිරී කුප්පති විනස්සති, තං තං හිරිං කොපනතො හිරිකොපීනන්ති වුච්චති. තස්ස ච හිරිකොපීනස්ස පටිච්ඡාදනත්ථන්ති හිරිකොපීනපටිච්ඡාදනත්ථං. හිරිකොපීනං පටිච්ඡාදනත්ථන්තිපි පාඨො.
ඉනික්බිතිව යම් මේ ප්‍රත්‍යයසන්නිශ්‍රිත ශීලයක් කියනලදුයේද, එහි පටිසංඛා යොනිසො යනු, සදුපාය මාර්ගයෙන් දැන නුවණින් පිරික්සා, ප්රත්යවේක්ෂා කොට’යි යන අර්‍ත්‍ථයි. මෙහි වනාහි, සීතස්ස පටිඝාතාය (ශිතය නසනු පිණිස) ආදි නයින් කියනලද ප්රත්යවෙක්ෂණයම ‘යොනිසො පටිසඞ්ඛාය’ යනුවෙන් දතයුතුයි. එහි, චීවරං යනු, අඳනය ආදීවූ කිසිදු වස්ත්‍ර විශේෂයකි. පටිසෙවති යනු, පරිභෝජනය කරයි, හඳියි, නොහොත් පොරවයි. යාවදෙව යනු, ප්‍රයෝජන සීමාව පිරිසිඳ දක්වන වචනයි. යෝගාවචරයාහට චීවර පරිභෝගයෙහි ඇති ප්‍රයෝජනය මෙපමණෙක් මැයි එනම්: ශීතය නැසීම පිණිස ආදියයි, මෙයට වැඩියෙන් ප්‍රයෝජනයක් නැති. සීතස්ස යනු, සිරුර තුළ දොස් කිපීම් වශයෙන් හෝ බාහිරවූ සෘතුවිපර්යාසාදි වශයෙන් හෝ උපන් යම්කිසි ශීත ගුණයක්, පටිඝාතාය යනු, නැසීම පිණිස, ශරීරයෙහි ආබාධයක් නො උපදනා සේ එම ශීතය දුරුකිරීම පිණිසයි. ශරීරය ශීතයෙන් පෙළෙනවිට විසිරුණු සිත් ඇතිවන හෙයින් නුවණින් යුක්තව වීර්ය කරනු නොහැකි වේ, එහෙයින් ශීතය නැසීම පිණිස සිවුරු පරිභෝග කළයුතුයයි භාග්‍යවතුන්වහන්සේ අනුදැන වදාළහ. සියලු තන්හි මේ නය මැයි. මෙහි උණභස්ස යනු, හුදෙක් ගින්නෙන් උපදින තාපයයි, එම තාපය වනාහි ලැව්ගිනි ආදියෙන් උපදිති’යි දතයුතුය. ‘ඩංස-මකස-වාතා’තපසිරිංසප සම්ඵස්සානං’ යන මෙහි වනාහි, ඩංස යනු, ඩැහැ ලේ බොන මැස්සෝයි, අඳ මැස්සෝයයිද කියනු ලැබේ. මකස යනු, මදුරුවෝය, වාත යනු, දූවිලි සහිත, දූවිලිරහිත ආදි භේද ඇති වාතයයි, ආතප යනු ඉර අව්වයි. සිරිංසප යනු, ඇදෙමින් යන දික්සිරුරු ඇති සර්ප ආදීහුයි. ඔවුන්ගේ ස්පර්ශය නම් ඩැසීමෙන් හෝ වෙර තැවරීමෙන් දෙ-ආකාරයෙකින් සිදුවන ස්පර්ශයයි. සිවුරු හැඳ පොරවා හුන්නහුට සර්පස්පර්ශයෙන් පීඩා නොවේ. එහෙයින් එබඳු තන්හිදී ඒ ඒ ගැහැට දුරු කරනු පිණිස සිවුරු පරිභෝග කරනු ලැබේ. යාවදෙව යනු, නැවතත් නියත ප්‍රයෝජන සීමාව පිරිසිඳ දක්වනු පිණිසයි. ලජ්ජාව දනවන අඟපසඟ මුවහ කිරීම නියත ප්‍රයෝජනයයි, සෙසු ප්රයෝජනයෝ කවර කවර විටෙක හෝ වෙති. එහි හිරිකොපීන යනු ඒ ඒ සම්බාධස්ථානයි. යම් යම් අඟපසඟක් විවෘත කැරෙනවිට ලජ්ජාව හටගනීද, නැතහොත් එය නැසේද, ඒ ඒ අඟපසඟ ලජ්ජාව කුප්වන හෙයින් හිරිකොපීනයයි කියනු ලැබේ, එම හිරිකොපීනය වසා තබනු පිණිසැ’යි හිරිකොපීන පටිච්ඡාදනත්ථං’ යයි කීහු. හිරිකොපීනං පටිච්ඡාදනත්ථං යනුද පාඨයි.
පිණ්ඩපාතන්ති යංකිඤ්චි ආහාරං. යො හි කොචි ආහාරො භික්ඛුනො පිණ්ඩොල්‍යෙන පත්තෙ පතිතත්තා පිණ්ඩපාතොති වුච්චති. පිණ්ඩානං වා පාතො පිණ්ඩපාතො, තත්ථ තත්ථ ලද්ධානං භික්ඛානං සන්නිපාතො සමූහොති වුත්තං හොති. නෙව දවායාති න ගාමදාරකාදයො විය දවත්ථං, කීළානිමිත්තන්ති වුත්තං හොති. න මදායාති න මුට්ඨිකමල්ලාදයො විය මදත්ථං, බලමදනිමිත්තං පොරිසමදනිමිත්තඤ්චාති වුත්තං හොති. න මණ්ඩනායාති න අන්තෙපුරිකවෙසියාදයො විය මණ්ඩනත්ථං, අඞ්ගපච්චඞ්ගානං පීණභාවනිමිත්තන්ති වුත්තං හොති. න විභූසනායාති න නටනච්චකාදයො විය විභූසනත්ථං, පසන්නච්ඡවිවණ්ණතානිමිත්තන්ති වුත්තං හොති. එත්ථ ච නෙව දවායාති එතං මොහූපනිස්සයප්පහානත්ථං වුත්තං. න මදායාති එතං දොසූපනිස්සයප්පහානත්ථං. න මණ්ඩනාය න විභූසනායාති එතං රාගූපනිස්සයප්පහානත්ථං. නෙව දවාය න මදායාති චෙතං අත්තනො සංයොජනුප්පත්තිපටිසෙධනත්ථං. න මණ්ඩනාය න විභූසනායාති එතං පරස්සපි සංයොජනුප්පත්තිපටිසෙධනත්ථං. චතූහිපි චෙතෙහි අයොනිසො පටිපත්තියා කාමසුඛල්ලිකානුයොගස්ස ච පහානං වුත්තන්ති වෙදිතබ්බං.
පිණ්ඩපාතං යනු, කිසියම් ආහාරයෙකි, යම්කිසි ආහාරයක් භික්ෂා චර්යාවෙහිදී භික්ෂු කෙනෙකුගේ පාත්‍රයෙහි බහාලන ලදුයේ පිණ්ඩපාතයයි කියනු ලැබේ. පිඬු වශයෙන් එකතුවූයේ පිණ්ඩපාතයි. ඒ ඒ තැනින් ලද භික්‍ෂාවන්ගේ සන්නිපාතයැ’යි සමූහයැ’යි කී සේයි. නෙව දවාය යනු, ගැමිදරුවන් සෙයින් කෙළි පිණිස නොවේ, ක්‍රීඩාවට නිමිත්තක් නොවේයයි කීසේයි. න මදාය යනු, මුෂ්ටිමල්ලවාදීනට සෙයින් මද පිණිස නොවේ, බලය නිසා උපදනා මදයට හෝ පෞරුෂය නිසා හටගන්නා මදයට නිමිති නොවේයයි කී නියායි. න මණ්ඩනාය යනු, අන්තඃපුර ස්ත්‍රීනට හෝ ගණිකා ස්ත්‍රීනට මෙන් සැරසිලි පිණිස නොවේ. අංගප්‍රත්‍යංග පෝෂණයට නිමිති නොවේයයි කීසේයි. න විභූසනාය යනු, නට- නර්තකාදීනට සෙයින් අලංකාර පිණිස නොවේ, පහන් සිරුරු පැහැයට නිමිති නොවේයයි කීසේයි. මෙහි වනාහි ‘නෙව දවාය’ යන මෙය මෝහයට උපනිශ්‍රය නසනු පිණිස කියනලදි. ‘න මදාය’ යනු, ද්වේෂයට උපනිශ්‍රය නසනු පිණිසද ‘න මණ්ඩනාය, න විභූසනාය’ යන මෙය රාගයට උපනිශ්‍රය නසනු පිණිසද කියනලදි. ‘නෙව දවාය න මදාය’ යන මෙය තමා පිළිබද සංයෝජනයන්ගේ උපත ප්රතිෂේධ කරනු පිණිසද, ‘න මණ්ඩනාය න විභූසනාය’ යන මෙය අනුන් පිළිබඳ වූ සංයෝජනයන්ගේ උපත ප්රතිෂේධ කරනු පිණිසද කියනලදි. මේ සතරින්ම අනුපාය ප්‍රතිපත්තියෙහිද, කාමසුඛල්ලිකානුයෝගයෙහිද ප්රහාණය කියන ලදැ’යි දතයුතුය.
යාවදෙවාති වුත්තත්ථමෙව. ඉමස්ස කායස්සාති එතස්ස චතුමහාභූතිකස්ස රූපකායස්ස. ඨිතියාති පබන්ධට්ඨිතත්ථං. යාපනායාති පවත්තියා අවිච්ඡෙදත්ථං, චිරකාලට්ඨිතත්ථං වා. ඝරූපත්ථම්භමිව හි ජිණ්ණඝරසාමිකො, අක්ඛබ්භඤ්ජනමිව ච සාකටිකො කායස්ස ඨිතත්ථං යාපනත්ථඤ්චෙස පිණ්ඩපාතං පටිසෙවති, න දවමදමණ්ඩනවිභූසනත්ථං. අපිච ඨිතීති ජීවිතින්ද්රියස්සෙතං අධිවචනං, තස්මා ඉමස්ස කායස්ස ඨිතියා යාපනායාති එත්තාවතා එතස්ස කායස්ස ජීවිතින්ද්රියපවත්තාපනත්ථන්තිපි වුත්තං හොතීති වෙදිතබ්බං. විහිංසූපරතියාති විහිංසා නාම ජිඝච්ඡා ආබාධට්ඨෙන. තස්සා උපරමත්ථම්පෙස පිණ්ඩපාතං පටිසෙවති, වණාලෙපනමිව උණ්හසීතාදීසු තප්පටිකාරං විය ච. බ්රහ්මචරියානුග්ගහායාති සකලසාසනබ්රහ්මචරියස්ස ච මග්ගබ්රහ්මචරියස්ස ච අනුග්ගහත්ථං. අයඤ්හි පිණ්ඩපාතපටිසෙවනපච්චයා කායබලං නිස්සාය සික්ඛත්තයානුයොගවසෙන භවකන්තාරනිත්ථරණත්ථං පටිපජ්ජන්තො බ්රහ්මචරියානුග්ගහාය පටිසෙවති, කන්තාරනිත්ථරණත්ථිකා පුත්තමංසං (සං· නි· 2.63) විය, නදීනිත්ථරණත්ථිකා කුල්ලං (ම· නි· 1.240) විය, සමුද්දනිත්ථරණත්ථිකා නාවමිව ච.
යාවදෙව යනු, පළමු කියනලද අර්‍ත්‍ථයෙහි මැයි. ඉමස්ස කායස්ස යනු, චතුර් මහාභූතයන්ගෙන් උපන් මේ රූපකායයෙහි, ඨිතියා යනු, බැඳී පවතිනු පිණිස, යාපනාය යනු, දිවිපැවැත්ම පිණිස, නොසිඳීම පිණිස, බෝකල් සිටිනු පිණිස හෝ වේ. දිරාපත් ගෙයක හිමිකරුවකු ගෙයට මුක්කු ලන සෙයින්ද, ගැල්කරුවකු අක්ෂයෙහි ලිහිසි තෙල් යොදන සෙයින්ද, කයෙහි පැවැත්ම පිණිසද, යැපීම පිණිසද, පිණ්ඩපාතය පරිභෝග කරයි. කෙළි පිණිස, මද පිණිස, සැරසීම පිණිස, අලංකරණය පිණිස පරිභෝග නොකරයි. තවද ඨිති යන මෙය ජීවිතේන්ද්රියට පර්යාය වචනයෙකි, එහෙයින් ‘ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය’ යනු මෙතෙකින් මේ කයෙහි ජීවිතේන්ද්රියය පවත්වා ගැනීම පිණිසැ’යි කියන ලදුයේයයි දත යුතුය. විහිංසූපරතියා යනු. විහිංසා නම් සාගිනියි, රෝගාබාධ ඇති කරන හෙයිනි. එම විහිංසා ආබාධය සන්සිඳුවනු පිණිස පිණ්ඩපාතය පරිභෝග කරයි, වණයෙක්හි බෙහෙත් ගල්වන සෙයින්ද, උෂ්ණ ශීතාදිය ඇති කල එයට ප්‍රතිකාර සලස්වන සෙයින්ද, පිණ්ඩපාතය පරිභෝග කරයි. බ්රහ්මචරියානුග්ගහාය යනු, සියලු ශාසන බ්රහ්මචර්යාවටද, මාර්ග බ්රහ්මචර්යාවටද, අනුග්‍රහ පිණිස, මේ තෙමේ පිණ්ඩපාත පරිභෝග හේතුවෙන් කායබලය ලැබ ශික්ෂාත්රයයෙහි යෙදීම් වශයෙන් සසර කතර තරණය කරනු පිණිස පිළිපන්නේ බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස පිණ්ඩපාතය පරිභෝග කරයි. කාන්තාර තරණය කරනු කැමැති දෙ-මහල්ලන් (අතර මගදී මළ) පුතුගේ මාංශය මෙන්ද, ගඟෙකින් එතෙර යනු කැමැත්තන් පසුරක් මෙන්ද, මුහුදින් එතෙර යනු කැමැත්තන් නැවක් මෙන්ද (සසර කතර තරණය කරනු කැමැත්තෝ පිණ්ඩපාතය උපයෝග කර ගනිති.)
ඉතිපුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමීති එතං ඉමිනා පිණ්ඩපාතපටිසෙවනෙන පුරාණඤ්ච ජිඝච්ඡාවෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං අපරිමිතභොජනපච්චයං ආහරහත්ථකඅලංසාටකතත්රවට්ටකකාකමාසකභුත්තවමිතකබ්රාහ්මණානං අඤ්ඤතරො විය න උප්පාදෙස්සාමීතිපි පටිසෙවති, භෙසජ්ජමිව ගිලානො. අථ වා යා අධුනා අසප්පායාපරිමිතභොජනං නිස්සාය පුරාණකම්මපච්චයවසෙන උප්පජ්ජනතො පුරාණවෙදනාති වුච්චති. සප්පායපරිමිතභොජනෙන තස්සා පච්චයං විනාසෙන්තො තං පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි. යා චායං අධුනා කතං අයුත්තපරිභොගකම්මූපචයං නිස්සාය ආයතිං උප්පජ්ජනතො නවවෙදනාති වුච්චති. යුත්තපරිභොගවසෙන තස්සා මූලං අනිබ්බත්තෙන්තො තං නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමීති එවම්පෙත්ථ අත්ථො දට්ඨබ්බො. එත්තාවතා යුත්තපරිභොගසඞ්ගහො අත්තකිලමථානුයොගප්පහානං ධම්මිකසුඛාපරිච්චාගො ච දීපිතො හොතීති වෙදිතබ්බො.
ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි යනු, මෙසේ මේ පිණ්ඩපාත පරිභෝගය හේතුකොටගෙන පැරණි සාගිනි වේදනාව නසමි. පමණ නොදැන ආහාර වැළදීම හේතුකොට සිදුවන ආහරහත්ථකය, අලංසාටකය, තත්ථවට්ටකය, කාකමාසකය, භුත්තවමිතකය යන මේ ලක්ෂණ ඇති බමුණන් අතුරෙන් කිසිවකු මෙන් නව වේදනාවක් හෝ නො-උපදවමි’යි සිතා (පිණ්ඩපාත පරිභෝග) කරයි. බෙහෙතක් වළඳන රෝගියකු සෙයිනි; නොහොත්, අහිතකර ලෙස පමණ නොදැන ආහාර පරිභෝග කිරීම නිසා පූර්ව කර්ම හේතුවෙන් උපදනා හෙයින් යම් වේදනාවක් වර්තමානයෙහි පුරාණ වේදනායයි කියනු ලැබේද, හිතකර ලෙස පමණ දැන වැළඳීමෙන් එම පුරාණ වේදනාවට හේතුව නසමින් එම පුරාණ වේදනාවද නසමි. වර්තමානයෙහි කරනලද අනුචිත පරිභෝග කර්මය හේතුකොට මතුවට උපදනා හෙයින් යම් වේදනාවක් නව වේදනායයි කියනු ලැබේද, උචිත පරිභෝග වශයෙන් එම නව වේදනාවට මුල නො-උපදවන හෙයින් එම නව වේදනාවද නො-උපදවමි’යි යන මේ ආකාරයෙන්ද මෙහි අර්ත්ථය දතයුතුය. මෙතෙකින් යුක්ත පරිභොගසංග්රහයද, අත්තකිලමථානුයෝග ප්‍රහාණයද, ධාර්මිකසුඛ අපරිත්යාගයද දක්වන ලදැ’යි දතයුතුය.
යාත්‍රා ච මෙ භවිස්සතීති පරිමිතපරිභොගෙන ජීවිතින්ද්රියුපච්ඡෙදකස්ස ඉරියාපථභඤ්ජකස්ස වා පරිස්සයස්ස අභාවතො චිරකාලගමනසඞ්ඛාතා යාත්‍රා ච මෙ භවිස්සති ඉමස්ස පච්චයායත්තවුත්තිනො කායස්සාතිපි පටිසෙවති, යාප්යරොගී විය තප්පච්චයං. අනවජ්ජතා ච ඵාසුවිහාරො චාති අයුත්තපරියෙසනපටිග්ගහණපරිභොගපරිවජ්ජනෙන අනවජ්ජතා, පරිමිතපරිභොගෙන ඵාසුවිහාරො. අසප්පායාපරිමිතපරිභොගපච්චයා අරතිතන්දීවිජම්භිතා. විඤ්ඤූගරහාදිදොසාභාවෙන වා අනවජ්ජතා, සප්පායපරිමිතභොජනපච්චයා කායබලසම්භවෙන ඵාසුවිහාරො. යාවදත්ථඋදරාවදෙහකභොජනපරිවජ්ජනෙන වා සෙය්යසුඛපස්සසුඛමිද්ධසුඛානං පහානතො අනවජ්ජතා, චතුපඤ්චාලොපමත්තඌනභොජනෙන චතුඉරියාපථයොග්යභාවපටිපාදනතො ඵාසුවිහාරො ච මෙ භවිස්සතීතිපි පටිසෙවති. වුත්තම්පි හෙතං –
යාත්‍රා ච මෙ භවිස්සති යනු, හිතකර පරිමිත පරිභෝගය හේතුකොට, ජීවිතේන්ද්රිය නසනසුලු වූ හෝ ඉරියවු බිඳිනසුලු වූ උවදුරු නොවන හෙයින් බෝකල් පැවැත්ම හෙවත් ප්‍රත්‍යය හේතුකොට පවත්නා මාගේ මේ ශරීරය පිළිබඳ ජීවිතයාත්‍රාව සිදුවන්නේයයි සිතා, යැපියහැකි රෝගයකින් පෙළෙන්නෙකු යෝග්‍යවූ බෙහෙත් පරිභෝග කරන්නා සේ පිණ්ඩපාතය පරිභෝග කරයි. අනවජ්ජතා ච ඵාසුවිහාරො ච යනු, අයුතු සෙවීමය, අයුතු පිළිගැනීමය අයුතු වැළදීමය යන මෙයින් වැලකීමෙන් අනවද්‍යතාව වන්නේය, පමණ දැන වැළදීමෙන් පහසු විහරණය වන්නේය. යෝග්‍ය නොවන සේ පමණ ඉක්මවා වැළදීමෙන් ඇතිවන අරති හෙවත් භාවනායෙහි නොඇලීමය, තන්දී හෙවත් නිදිමතය, විජම්භිකා හෙවත් ඇඟමැලි බවය, විඤ්ඤුගරහ හෙවත් නුවණැත්තවුන් විසින් ගරහනු ලැබීමය යන මේ දෝෂයන් නොවීමෙන් හෝ අනවද්‍යතාව වන්නේය. යෝග්‍ය වන සේ පමණ නොඉක්මවා අහර වැළදීමෙන් කය බල ලැබීම හේතුකොටගෙන හෝ පහසු විහරණය වන්නේය. කුස පිරෙන තෙක් අහර වැළදීමෙන් වැලකීම හේතුකොටගෙන හෝ සයනය කිරීමෙන් ලැබෙන සුවය, සැප පහසු ලෙස වැතිරීමෙන් ලැබෙන සුවය, නිද්‍රාවෙන් ලැබෙන සුවය, යන මෙයින් වැලකීම හේතුකොටගෙන හෝ නිරවද්‍යතාව වන්නේය, පිඬු සතරක් පහක් පමණ අඩුවෙන් වැළදීම හේතුකොට සිවු ඉරියවු පැවැත්වීමට පහසුබව ඇතිවන හෙයින් මාගේ පහසු විහරණය වන්නේයයි සිතා පිණ්ඩපාතය පරිභෝග කරයි. කියනලද මැයි:
“චත්තාරො පඤ්ච ආලොපෙ, අභුත්වා උදකං පිවෙ; අලං ඵාසුවිහාරාය, පහිතත්තස්ස භික්ඛුනො”ති. (ථෙරගා· 983);
චත්තාරො පඤ්ච ආලොපෙ අභූත්වා උදකං පිවෙ අලං ඵාසුවිහාරය පහිතත්තස්ස භික්ඛුනො
පිඬු සතරක් පහක් නොවළඳා (ඉඩ තබා) පැන් බොන්නේය, පධන්වීය්ය ලත් බවුන් වැඩූ භික්ෂුවකට පහසු විහරණය පිණිස මෙය ප්රමාණවත්ය.
එත්තාවතා ච පයොජනපරිග්ගහො මජ්ඣිමා ච පටිපදා දීපිතා හොතීති වෙදිතබ්බා.
මෙතෙකින් වනාහි පිණ්ඩපාතයෙහි ප්රයෝජනමාත්රයද, එය පිළිබඳ මධ්‍යම ප්‍රතිපදාවද දක්වන ලදැ’යි දතයුතුය.
සෙනාසනන්ති සෙනඤ්ච ආසනඤ්ච. යත්ථ යත්ථ හි සෙති විහාරෙ වා අඩ්ඪයොගාදිම්හි වා, තං සෙනං. යත්ථ යත්ථ ආසති නිසීදති, තං ආසනං. තං එකතො කත්වා සෙනාසනන්ති වුච්චති. උතුපරිස්සයවිනොදනපටිසල්ලානාරාමත්ථන්ති පරිසහනට්ඨෙන උතුයෙව උතුපරිස්සයො. උතුපරිස්සයස්ස විනොදනත්ථඤ්ච පටිසල්ලානාරාමත්ථඤ්ච. යො සරීරාබාධචිත්තවික්ඛෙපකරො අසප්පායො උතු සෙනාසනපටිසෙවනෙන විනොදෙතබ්බො හොති, තස්ස විනොදනත්ථං එකීභාවසුඛත්ථඤ්චාති වුත්තං හොති. කාමඤ්ච සීතපටිඝාතාදිනාව උතුපරිස්සයවිනොදනං වුත්තමෙව. යථා පන චීවරපටිසෙවනෙ හිරිකොපීනපටිච්ඡාදනං නියතපයොජනං, ඉතරානි කදාචි කදාචි භවන්තීති වුත්තං, එවමිධාපි නියතං උතුපරිස්සයවිනොදනං සන්ධාය ඉදං වුත්තන්ති වෙදිතබ්බං. අථ වා අයං වුත්තප්පකාරො උතු උතුයෙව. පරිස්සයො පන දුවිධො පාකටපරිස්සයො ච, පටිච්ඡන්නපරිස්සයො ච (මහානි· 5). තත්ථ පාකටපරිස්සයො සීහබ්යග්ඝාදයො. පටිච්ඡන්නපරිස්සයො රාගදොසාදයො. යෙ යත්ථ අපරිගුත්තියා ච අසප්පායරූපදස්සනාදිනා ච ආබාධං න කරොන්ති, තං සෙනාසනං එවං ජානිත්වා පච්චවෙක්ඛිත්වා පටිසෙවන්තො භික්ඛු පටිසඞ්ඛා යොනිසො සෙනාසනං උතුපරිස්සයවිනොදනත්ථං පටිසෙවතීති වෙදිතබ්බො.
සෙනාසනං යනු, හෝනා හිඳිනා තැනයි. යම් තැනෙක හොවීද, විහාරයක් හෝ වේවා, අඩ්ඪයොග නම් (ගුරුළු පියාපත් ලෙසින් දෙපසට විහිදුණු සෙවෙනි සහිත) ගෘහයක් හෝ වේවා, එය ‘සෙන’ (සයන) නමි. යම් තැනෙක හිඳීද, හිඳගනීද, එය ‘ආසන’ නමි. එක්ව ගෙන ‘සෙනාසන’ යයි කියනු ලැබේ. උතුපරිස්සයවිනොදනං පටිසල්ලානාරාමත්ථං යනු, පීඩනාර්ත්ථයෙන් ‘උතු’ යනුම ‘උතුපරිස්සය’යි කියනු ලැබේ. එම ඍතු පීඩාවන් දුරලීම පිණිසද, කමටහන් අරමුණෙහි සිත රඳවා ගැනිමට අවශ්‍ය එකලාබව පිණිසද, සේනාසන පරිභෝගයෙන් දුරුකළයුතු ශරීරාබාධයන් මෙන්ම චිත්ත වික්ෂේපයද, දනවන අහිතකර සෘතුපීඩාවන් දුරලීම පිණිසද, හුදකලාබවින් ලැබෙන විවේක සුවය පිණිසදැ’යි කී නියාය. ‘සීතස්ස පටිඝාතාය’ යන ආදියෙන් එතැතින්ම සෘතුපීඩාවන් දුරුකිරීම කියන ලද්දේ වේ. යම්සේ වනාහි ලජ්ජා උපදවන තැන් වැසීම සිවුරු හැඳීමෙහි පෙරවීමෙහි නියත ප්‍රයෝජනය වෙතැ’යිද, සෙසු ප්රයෝජනයන් යම්කිසි විටෙක පමණක් වෙතැයිද කියන ලද්දේවේද, එසේම මෙහිදීද නියත ප්‍රයෝජනය වූ සෘතුපීඩාවන් දුරලීම අරමුණුකොට මෙය කියන ලදැ’යි දතයුතුය, නොහොත් ‘උතු’ යනු කියනලද ආකාර ඇති සෘතුහු මැයි, ‘පරිස්සය’ යනු ප්‍රකට උවදුරුය, සැඟවුණු උවදුරුයයි දෙආකාර වේ. එහි ප්‍රකට උවදුරු නම් සිංහ ව්යාඝ්ර ආදීහුය, සැඟවුණු උවදුරු නම් රාග, ද්වේෂ ආදියයි. රැකවරණ නොමැති බව හේතුකොට හෝ අහිතකර රූපදර්ශනාදිය හේතුකොට හෝ සිදුවන මේ උවදුරු යම් තැනෙක ආපදා නොකෙරේද, එය සේනාසනයයි මෙසේ දැන ප්රත්යවේක්ෂාකොට පරිභෝග කරන භික්ෂුතෙමේ නුවණින් මෙනෙහිකොට සේනාසන -පෙ-සෘතුපීඩාවන් දුරුකරනු පිණිස පරිභෝග කෙරේය’යි දතයුතුය.
ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරන්ති එත්ථ රොගස්ස පටිඅයනට්ඨෙන පච්චයො, පච්චනීකගමනට්ඨෙනාති අත්ථො. යස්ස කස්සචි සප්පායස්සෙතං අධිවචනං. භිසක්කස්ස කම්මං තෙන අනුඤ්ඤාතත්තාති භෙසජ්ජං. ගිලානපච්චයොව භෙසජ්ජං ගිලානපච්චයභෙසජ්ජං, යංකිඤ්චි ගිලානස්ස සප්පායං භිසක්කකම්මං තෙලමධුඵාණිතාදීති වුත්තං හොති. පරික්ඛාරොති පන “සත්තහි නගරපරික්ඛාරෙහි සුපරික්ඛතං හොතී”ති (අ· නි· 7.67) ආදීසු පරිවාරො වුච්චති. “රථො සීලපරික්ඛාරො, ඣානක්ඛො චක්කවීරියො”ති (සං· නි· 5.4) ආදීසු අලඞ්කාරො. “යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා”ති (ම· නි· 1.191-192) ආදීසු සම්භාරො. ඉධ පන සම්භාරොපි පරිවාරොපි වට්ටති. තඤ්හි ගිලානපච්චයභෙසජ්ජං ජීවිතස්ස පරිවාරොපි හොති, ජීවිතනාසකාබාධුප්පත්තියා අන්තරං අදත්වා රක්ඛණතො සම්භාරොපි. යථා චිරං පවත්තති, එවමස්ස කාරණභාවතො, තස්මා පරික්ඛාරොති වුච්චති. එවං ගිලානපච්චයභෙසජ්ජඤ්ච තං පරික්ඛාරො චාති ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරො. තං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං. ගිලානස්ස යංකිඤ්චි සප්පායං භිසක්කානුඤ්ඤාතං තෙලමධුඵාණිතාදි ජීවිතපරික්ඛාරන්ති වුත්තං හොති. උප්පන්නානන්ති ජාතානං භූතානං නිබ්බත්තානං. වෙය්යාබාධිකානන්ති එත්ථ බ්යාබාධොති ධාතුක්ඛොභො, තංසමුට්ඨානා ච කුට්ඨගණ්ඩපීළකාදයො. බ්යාබාධතො උප්පන්නත්තා වෙය්‍යාබාධිකා. වෙදනානන්ති දුක්ඛවෙදනා අකුසලවිපාකවෙදනා. තාසං වෙය්යාබාධිකානං වෙදනානං. අබ්යාබජ්ඣපරමතායාති නිද්දුක්ඛපරමතාය. යාව තං දුක්ඛං සබ්බං පහීනං හොති තාවාති අත්ථො.
ගිලානපච්චය භෙසජ්ජ පරික්ඛාරං යනු, මෙහි රෝගයට විරුදුව යෙති’යි යන අරුතින් පච්චය නමි; ප්රතිපක්ෂ ගමනිනැ’යි යන අර්‍ත්‍ථයි. පථ්‍ය වූ කිසියම් දෙයක් හැඳින්වීම පිණිස මේ පර්යාය වචනයෙකි. (භිසග්) වෙදහුගේ කාර්යය, නොහොත් වෙදහු විසින් අනුදත් හෙයින් හෝ භේසජ්ජ නමි. ගිලානපච්චයම භේසජ්ජ වේනුයි ගිලානපච්චය භේසජ්ජ නමි. ගිලනහුට පථ්‍ය වූ යම්කිසි ප්‍රතිකාර විධියෙකැ’යි, එනම්: තෙල් මී පැණි ආදියයි කීසේයි. පරික්ඛාරො යනු, ‘නගර පරික්ඛාර සතෙකින් මනාකොට රැකවරණ කරන ලද්දේ වේ’ යන ආදියෙහි පිරිවර පවසයි. ‘ශීල නමැති පරික්ඛාර ඇති, ධ්‍යාන නමැති අක්ෂ ඇති, වීර්ය නමැති සක් ඇති, ආර්යමාර්ග නමැති රථය’ යන මෙහි අලංකාර විශේෂ පවසයි. ‘යම් මේ ජීවිත පරික්ඛාරයක් පැවිද්දකු විසින් එලවිය යුත්තේවේද යන ආදියෙහි පරිභෝග භාණ්ඩ පවසයි. මෙහි වනාහි පරිභෝග භාණ්ඩ යන අරුතද, පරිවාර භාණ්ඩ යන අරුතද යෝග්‍ය වේ. එම ගිලානපච්චය - භේසජ්ජය ජීවිතයට පරිවාරයෙක් වේ, ජීවිතය නසන ආබාධ හටගැනීමට ඉඩ නොදී රක්නා හෙයින්, සම්භාරයෙක්ද වේ යම්සේ ජීවිතය බෝකල් පවතීද, එසේ ජීවිතයට කාරණ වන හෙයිනි. එහෙයින් පරික්ඛාරයයි කියනු ලැබේ. මෙසේ ගිලානපච්චය-භෙසජ්ජද එම පරික්ඛාරද එම වේනුයි ‘ගිලානපච්චය භෙසජ්ජපරික්ඛාර’ නමි. එම ගිලානපච්චය භේසජ්ජපරික්ඛාරයයි. ගිලනහුට පථ්‍ය වූ, වෙදහු විසින් අනුමත යම්කිසි තෙල්, මී පැණි ආදී ජීවිත පරිෂ්කාරයයි කීසේයි. උප්පන්නානං යනු, උපන්, හටගත්, නිපන්, වෙය්යාබාධිකානං යන මෙහි ‘ව්‍යාබාධ’ නම් ධාතූන්ගේ කැළඹීමයි. කුෂ්ට ගණ්ඩ පිළිකා ආදිය එය හේතුකොට හටගනී. ව්‍යාබාධ හේතුකොට හටගත් හෙයින් වෙය්යාබාධික නමි. වෙදනානං යනු, දු:ඛවේදනා හෙවත් අකුසලවිපාක - වේදනා යන එම වෙය්යාබාධික වේදනාවන්ගේ, අබ්යාපජ්ජපරමතාය යනු, නිදුක් වනු පිණිසයි. ඒ සියලු දුක් වේදනා පහවන තෙක් යන අර්‍ත්‍ථයි.
එවමිදං සඞ්ඛෙපතො පටිසඞ්ඛා යොනිසො පච්චයපරිභොගලක්ඛණං පච්චයසන්නිස්සිතසීලං වෙදිතබ්බං. වචනත්ථො පනෙත්ථ – චීවරාදයො හි යස්මා තෙ පටිච්ච නිස්සාය පරිභුඤ්ජමානා පාණිනො අයන්ති පවත්තන්ති, තස්මා පච්චයාති වුච්චන්ති. තෙ පච්චයෙ සන්නිස්සිතන්ති පච්චයසන්නිස්සිතං.
මෙසේ නුවණින් මෙනෙහිකොට ප්‍රත්‍යය පරිභෝග කිරීම ලක්‍ෂණකොට ඇති මේ ප්‍රත්‍යය සංනිශ්රිත ශීලය සැකෙවින් දතයුතුයි. මෙහි වචනාර්ත්ථය වනාහි, යම් හෙයකින් චීවරාදිය හේතුකොට, ඒවා නිසා, ඒවා පරිභෝග කෙරෙමින් ප්‍රාණීහු හැසිරෙත්ද, යෙත්ද, පවතිත්ද, එහෙයින් ‘පච්චය’යි කියනු ලැබේ. එම ප්‍රත්‍යයයන් ඇසුරු කොට ඇත්තේනුයි ප්‍රත්‍යය සන්නිශ්‍රිත (පච්චය සන්නිස්සිත) නමි.