චතුපාරිසුද්ධිසම්පාදනවිධි
චතුපාරිසුද්ධිසම්පාදනවිධි
චතුපාරිසුද්ධිසීල-පකිණ්ණක-කථා
එවමෙතස්මිං චතුබ්බිධෙ සීලෙ සද්ධාය පාතිමොක්ඛසංවරො සම්පාදෙතබ්බො. සද්ධාසාධනො හි සො, සාවකවිසයාතීතත්තා සික්ඛාපදපඤ්ඤත්තියා. සික්ඛාපදපඤ්ඤත්තියාචනපටික්ඛෙපො චෙත්ථ නිදස්සනං. තස්මා යථා පඤ්ඤත්තං සික්ඛාපදං අනවසෙසං සද්ධාය සමාදියිත්වා ජීවිතෙපි අපෙක්ඛං අකරොන්තෙන සාධුකං සම්පාදෙතබ්බං. වුත්තම්පි හෙතං –
මෙසේ මේ සිවුවැදෑරුම් ශීලයෙහි:- ප්රාතිමෝක්ෂ සංවර ශීලය ශ්‍රද්ධාව කරණකොටගෙන සැපයීය යුතුය; එය වනාහි ශ්‍රද්ධාවෙන් සාදා ගතයුතුය, ශික්ෂාපද පැනවීම ශ්‍රාවක විෂය ඉක්මවා සිටි හෙයින් එම ශික්ෂාපද පැනවීම (සඳහා අවසර පතමින් සැරියුත් තෙරුන් විසින් කරන ලද ආයාචනය) වචනයෙන්ම ප්‍රතික්ෂේප කිරීමද මෙහි නිදර්ශනයි. එහෙයින් යෝග්‍ය වූ පරිදි පනවනලද නිරවශේෂ ශික්ෂාපදය ශ්‍රද්ධාවෙන් සමාදන්ව ජීවිතය ගැන පවා අපේක්ෂා රහිතව මනාසේ සම්පාදනය කළයුතුය. කියනලදමැයි:
“කිකීව අණ්ඩං චමරීව වාලධිං, පියංව පුත්තං නයනංව එකකං; තථෙව සීලං අනුරක්ඛමානකා, සුපෙසලා හොථ සදා සගාරවා”ති.
කිකීව අණ්ඩං චමරීව වාලධිං පියං ව පුත්තං නයනං ව එකකං තථෙව සීලං අනුරක්ඛමානකා සුපෙසලා හොථ සදා සගාරවා
කිරළා තම බිජුවට මෙන්ද, සෙමරියක් තම වලිගය මෙන්ද, (මවක්) තම ප්‍රිය පුත්‍රයා මෙන්ද, (කණකු) තම තනි ඇස මෙන්ද, ශීලය ගරුසරු ඇතිව ආරක්ෂා කෙරෙමින් සියලු කල්හි ශික්ෂාකාමී වව්.
අපරම්පි වුත්තං – “එවමෙව ඛො පහාරාද යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං, තං මම සාවකා ජීවිතහෙතුපි නාතික්කමන්තී”ති (අ· නි· 8.19). ඉමස්මිං ච පනත්ථෙ අටවියං චොරෙහි බද්ධථෙරානං වත්ථූනි වෙදිතබ්බානි.
අනෙකක්ද වදාරන ලදි. ‘මෙසේම මහරජ, ශ්‍රාවකයන් උදෙසා යම් ශික්ෂාපදයක් මවිසින් පනවන ලද්දේද, මාගේ ශ්‍රාවකයෝ ජීවිතය හේතුකොටගෙන පවා එය නොඉක්මවති’. මේ කාරණයෙහිලා සොරුන් විසින් වනයෙහි බැඳදමනලද තෙරුන්ගේ කථාවස්තූන් දතයුතුය.
මහාවත්තනිඅටවියං කිර ථෙරං චොරා කාළවල්ලීහි බන්ධිත්වා නිපජ්ජාපෙසුං. ථෙරො යථානිපන්නොව සත්තදිවසානි විපස්සනං වඩ්ඪෙත්වා අනාගාමිඵලං පාපුණිත්වා තත්ථෙව කාලං කත්වා බ්රහ්මලොකෙ නිබ්බත්ති.
මහාවත්තනි නම් වනයෙහි සොරු එක් තෙරනමක් කළුවැල්වලින් බැඳ හොවා තැබූහ. තෙරණුවෝ හෙවූ සැටියෙන්ම සත් දිනක් විදර්ශනා වඩා, අනාගාමී ඵලයට පත්ව එහිම කාලක්‍රියා කොට බ්‍රහ්ම ලෝකයෙහි උපන්හ.
අපරම්පි ථෙරං තම්බපණ්ණිදීපෙ පූතිලතාය බන්ධිත්වා නිපජ්ජාපෙසුං. සො වනදාහෙ ආගච්ඡන්තෙ වල්ලිං අච්ඡින්දිත්වාව විපස්සනං පට්ඨපෙත්වා සමසීසී හුත්වා පරිනිබ්බායි. දීඝභාණකඅභයත්ථෙරො පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං ආගච්ඡන්තො දිස්වා ථෙරස්ස සරීරං ඣාපෙත්වා චෙතියං කාරාපෙසි. තස්මා අඤ්ඤොපි සද්ධො කුලපුත්තො –
අනෙක්, තෙරණු කෙනෙකු තාම්රපර්ණි දිවයිනෙහිදී කිඳිවැල්වලින් බැඳ හොවාපූහ. තෙරණුවෝ ලැව්ගිනි ඇවිල එද්දී වැල නොසිඳම විදර්ශනා වඩා ජීවිතය නිරුද්ධ වන්නා සමගම ක්ලේශප්රහාණයද කරමින් පිරිනිවන් පෑහ. දීඝභාණක අභය තෙරණුවෝ භික්ෂූන් පන්සිය නමක් සමඟ වඩින්නාහු තෙරුන්ගේ සිරුර දැක ආදාහන කරවා එහි සෑයක් කරවූහ. එහෙයින් අනෙක් සැදැහැවත් කුලපුත් තෙමේද:
පාතිමොක්ඛං විසොධෙන්තො, අප්පෙව ජීවිතං ජහෙ; පඤ්ඤත්තං ලොකනාථෙන, න භින්දෙ සීලසංවරං.
පාතිමොක්ඛං විසොධෙන්තො අප්පෙව ජීවිතං ජහෙ, පඤ්ඤත්තං ලොකනාථෙන න භින්දෙ සිලසංවරං,
ප්රාතිමෝක්ෂය පිරිසුදුව තබාගෙන ජීවිත පරිත්‍යාගය වුවද යෙහෙකි. ලෝකනාථයන්වහන්සේ විසින් පනවනලද ශීලසංවරය නොබිඳින්නේය.
යථා ච පාතිමොක්ඛසංවරො සද්ධාය, එවං සතියා ඉන්ද්රියසංවරො සම්පාදෙතබ්බො. සතිසාධනො හි සො, සතියා අධිට්ඨිතානං ඉන්ද්රියානං අභිජ්ඣාදීහි අනන්වාස්සවනීයතො. තස්මා “වරං, භික්ඛවෙ, තත්තාය අයොසලාකාය ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය චක්ඛුන්ද්රියං සම්පලිමට්ඨං, න ත්වෙව චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු අනුබ්යඤ්ජනසො නිමිත්තග්ගාහො”ති (සං· නි· 4.235) ආදිනා නයෙන ආදිත්තපරියායං සමනුස්සරිත්වා රූපාදීසු විසයෙසු චක්ඛුද්වාරාදිපවත්තස්ස විඤ්ඤාණස්ස අභිජ්ඣාදීහි අන්වාස්සවනීයං නිමිත්තාදිග්ගාහං අසම්මුට්ඨාය සතියා නිසෙධෙන්තෙන එස සාධුකං සම්පාදෙතබ්බො. එවං අසම්පාදිතෙ හි එතස්මිං පාතිමොක්ඛසංවරසීලම්පි අනද්ධනියං හොති අචිරට්ඨිතිකං, අසංවිහිතසාඛාපරිවාරමිව සස්සං. හඤ්ඤතෙ චායං කිලෙසචොරෙහි, විවටද්වාරො විය ගාමො පරස්ස හාරීහි. චිත්තඤ්චස්ස රාගො සමතිවිජ්ඣති, දුච්ඡන්නමගාරං වුට්ඨි විය. වුත්තම්පි හෙතං –
යම්සේ ප්රාතිමෝක්ෂ සංවරය ශ්‍රද්ධාවෙන් සම්පාදනය කළයුතු වේද, එසේම ඉන්ද්රියසංවරය සිහියෙන් සම්පාදනය කළයුතු වේ. සිහිය හේතුකොට සාදාගතයුතුය. සිහියෙන් ඉටාගන්නාලද ඉන්ද්රියයන් අභිධ්‍යා ආදී පාපධර්මයනට ලුහුබැඳියහැකි නොවන හෙයිනි. එහෙයින්, ‘මහණෙනි රත්වූ ඇවිල දිලියෙන ගිනිසහිත නාරාසනයෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය පළහනු ලැබීම මැනවි, චක්ෂුරින්ද්රියයෙන් දැකිය යුතු රූපයන් කෙරෙහි නැවත නැවත බැලීම් වශයෙන් සුබ නිමිති ගැනීම නොමැනවි’යි ආදී නයින් දෙසනලද ආදිත්තපරියාය දේශනාව මැනවින් සිහිකොට රූපාදී අරමුණු විෂයෙහි චක්‍ෂුර්ද්වාරාදියෙහි පවත්නා විඤ්ඤාණය අභිධ්යාදීන් විසින් ලුහුබැඳියහැකි නිමිති ආදිය ගැනීම නොමුළාවූ සිහියෙන් වලක්වමින් මේ ඉන්ද්රිය සංවරය මැනවින් සම්පාදනය කළයුතුය. මේ ඉන්ද්රියසංවරය මෙසේ සම්පාදිත නොවූ කල්හි ප්රාතිමෝක්ෂ ශීලයද කල් පවත්නේ නොවේ. දිගුකල් සිටිනුයේ නොවේ. මනාසේ සකස් නොකළ වැට සහිත ගොයමක් මෙනි. මේ ප්රාතිමෝක්ෂ සංවරශීලය කෙලෙස් සොරුන් විසින් වනසනු ලැබේ, නොවැසූ දොරටු සහිත ගමක් ගම්පහරන්නවුන් විසින් වනසනු ලබන්නාක් මෙනි. රාගය තෙමේ මොහුගේ සිතද විනිවිද යයි, වැස්ස මනාසේ සෙවෙනි නොකළ ගෙයක් විනිවිද යන්නාක් මෙනි. කියනලද මැයි:
“රූපෙසු සද්දෙසු අථො රසෙසු, ගන්ධෙසු ඵස්සෙසු ච රක්ඛ ඉන්ද්රියං; එතෙ හි ද්වාරා විවටා අරක්ඛිතා, හනන්ති ගාමංව පරස්ස හාරිනො”.
රූපෙසු සද්දෙසු අථො රසෙසු ගන්ධෙසු ඵස්සෙසු ච රක්ඛ ඉන්ද්රියං, එතෙ හි ද්වාරා විවටා අරක්ඛිතා හනන්ති ගාමං ව පරස්ස හාරිනො
“යථා අගාරං දුච්ඡන්නං, වුට්ඨී සමතිවිජ්ඣති; එවං අභාවිතං චිත්තං, රාගො සමතිවිජ්ඣතී”ති. (ධ· ප· 13);
යථාගාරං දුච්ඡන්නං වුට්ඨි සමතිවිජ්ඣති, එවං අභාවිතං චිත්තං රාගො සමතිවිජ්ඣති
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන මොවුන් විෂයෙහි ඉන්ද්රියයන් රකුව, නොරක්නාලද, විවෘත වූ ද්වාරයන් කරණයකොට මොවුහු (රූප ශබ්දාදිය), සොරුන් ගමක් පහරන්නාක් මෙන්, පහරති (කොල්ල කති).
යම්සේ වැස්ස මනාව සෙවිලි නොකළ ගෙයක් විනිවිද යන්නේද එසේම රාගය (භාවනාදියෙන්) නොවඩනාලද සිත විනිවිද යන්නේය.
සම්පාදිතෙ පන තස්මිං පාතිමොක්ඛසංවරසීලම්පි අද්ධනියං හොති චිරට්ඨිතිකං, සුසංවිහිතසාඛාපරිවාරමිව සස්සං. න හඤ්ඤතෙ චායං කිලෙසචොරෙහි , සුසංවුතද්වාරො විය ගාමො පරස්ස හාරීහි. න චස්ස චිත්තං රාගො සමතිවිජ්ඣති, සුච්ඡන්නමගාරං වුට්ඨි විය. වුත්තම්පි චෙතං –
මේ ඉන්ද්රිය සංවර ශීලය සම්පාදිත වූ කල්හි ප්රාතිමෝක්ෂ ශීලයද කල් පවත්නේ වේ, දිගුකල් පිහිටනුයේද වේ, මනාසේ සකස්කළ වැට සහිත ගොයමක් මෙනි. මේ ප්රාතිමෝක්ෂ සංවර ශීලයද කෙලෙස් සොරුන් විසින් වැනසිය නොහැකි වේමය. වසනලද දොරටු සහිත ගමක් සොරුන් විසින් වනසනු නොහැකි වන්නාක් මෙනි. රාගය මොහුගේ සිතද විනිවිද නොයයි, වැස්ස මනාසේ සෙවිලි කළ ගෙයක් විනිවිද නොයන්නාක් මෙනි. කියනලද මැයි:
“රූපෙසු සද්දෙසු අථො රසෙසු, ගන්ධෙසු ඵස්සෙසු ච රක්ඛ ඉන්ද්රියං; එතෙ හි ද්වාරා පිහිතා සුසංවුතා, න හන්ති ගාමංව පරස්ස හාරිනො”.
රූපෙසු සද්දෙසු අථො රසෙසු ගන්ධෙසු ඵස්සෙසු ච රක්ඛ ඉන්ද්රියං එතෙ හි ද්වාරා පිහිතා සුසංවුතා න හන්ති ගාමං ව පරස්ස හාරිනො
“යථා අගාරං සුච්ඡන්නං, වුට්ඨී න සමතිවිජ්ඣති; එවං සුභාවිතං චිත්තං, රාගො න සමතිවිජ්ඣතී”ති. (ධ· ප· 14);
යථාගාරං සුච්ඡන්නං වුට්ඨි න සමතිවිජ්ඣති එවං සුභාවිතං චිත්තං රාගො න සමතිවිජ්ඣති
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන මොවුන් විෂයෙහි ඉන්ද්රියයන් රකුව, මනාසේ රක්නාලද, වසනලද ද්වාරයන් කරණකොට මොවුහු, සොරුන් ගමක් පහරනු නොහැකි වන්නාක් මෙන්, පහරනු නොහැකි වෙති.
යම්සේ වැස්ස මනාකොට සෙවිලි කරනලද ගෙයක් විනිවිද නොයන්නේද, එසේම රාගය තෙමේ මනාසේ වඩනාලද සිත විනිවිද නොයන්නේය.
අයං පන අතිඋක්කට්ඨදෙසනා.
මේ වනාහි අතිශය උත්කෘෂ්ට දේශනායි.
චිත්තං නාමෙතං ලහුපරිවත්තං, තස්මා උප්පන්නං රාගං අසුභමනසිකාරෙන විනොදෙත්වා ඉන්ද්රියසංවරො සම්පාදෙතබ්බො, අධුනාපබ්බජිතෙන වඞ්ගීසත්ථෙරෙන විය.
මේ සිත වනාහි යුහුව පෙරළෙනසුලුය. එහෙයින් රාගයක් උපනහොත් එය අසුබ මෙනෙහි කිරීමෙන් දුර හැර ඉන්ද්රිය සංවරය සම්පාදනය කළයුතුය. පැවිදිව නොබෝකල් වූ වංගීස තෙරුන් මෙනි.
ථෙරස්ස කිර අධුනාපබ්බජිතස්ස පිණ්ඩාය චරතො එකං ඉත්ථිං දිස්වා රාගො උප්පජ්ජති. තතො ආනන්දත්ථෙරං ආහ –
අලුත පැවිදිවූ වංගීස තෙරුන් පිඬු පිණිස හැසිරෙද්දී එක් ස්ත්‍රියක් දැක රාගය උපනි. ඉක්බිති ආනන්ද තෙරුන් අමතා මෙසේ කීහ:
“කාමරාගෙන ඩය්හාමි, චිත්තං මෙ පරිඩය්හති; සාධු නිබ්බාපනං බ්රූහි, අනුකම්පාය ගොතමා”ති. (සං· නි· 1.212; ථෙරගා· 1232);
කාමරාගෙන ඩය්හාමි චිත්තං මෙ පරිඩය්හති සාධු නිබ්බාපනං බ්‍රෑහි අනුකම්පාය ගොතමාති
ගෞතමයන්වහන්ස, මම කාමරාගයෙන් දැවෙමි. මාගේ සිත පැළහේ. මා කෙරෙහි අනුකම්පාවෙන් එය නිවන සැටි කියනු මැනවි.
ථෙරො ආහ –
තෙරණුවෝ මෙසේ කීහ:
“සඤ්ඤාය විපරියෙසා, චිත්තං තෙ පරිඩය්හති; නිමිත්තං පරිවජ්ජෙහි, සුභං රාගූපසඤ්හිතං; අසුභාය චිත්තං භාවෙහි, එකග්ගං සුසමාහිතං. (සං· නි· 1.212; ථෙරගා· 1233-1234);
සඤ්ඤාය විපරීයෙසා චිත්තං තෙ පරිඩය්හති, නිමිත්තං පරිවජ්ජෙහි සුභං රාගූපසංහිතං අසුහාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං
“සඞ්ඛාරෙ පරතො පස්ස, දුක්ඛතො නො ච අත්තතො; නිබ්බාපෙහි මහාරාගං, මා ඩය්හිත්ථො පුනප්පුන”න්ති. (සං· නි· 1.212);
සඞ්ඛාරෙ පරතො පස්ස දුක්ඛතො නො ච අත්තතො නිබ්බාපෙහි මහාරාගං මා ඩයහිත්ථො පුනප්පුනං ති
සංඥාව වරදවා ගත් හෙයින් ඔබගේ සිත පැළහේ. රාගය හා සමඟ බැඳුණු සුබ නිමිත්ත වලකාලනු.
අසුභ සංඥාවෙහි සිත වඩනු. එකඟ කරනු. මොනවට සන්සුන්ද කරනු. සංස්කාරයන් තමා සතු නොවන්නන් ලෙසින්ද දුක් වශයෙන්ද අනාත්ම වශයෙන්ද දකිනු. මේ මහාරාගය නිවනු, නැවත නැවතත් නොම දැවෙනු.
ථෙරො රාගං විනොදෙත්වා පිණ්ඩාය චරි. අපිච ඉන්ද්රියසංවරපූරකෙන භික්ඛුනා කුරණ්ඩකමහාලෙණවාසිනා චිත්තගුත්තත්ථෙරෙන විය චොරකමහාවිහාරවාසිනා මහාමිත්තත්ථෙරෙන විය ච භවිතබ්බං. කුරණ්ඩකමහාලෙණෙ කිර සත්තන්නං බුද්ධානං අභිනික්ඛමනචිත්තකම්මං මනොරමං අහොසි, සම්බහුලා භික්ඛූ සෙනාසනචාරිකං ආහිණ්ඩන්තා චිත්තකම්මං දිස්වා “මනොරමං, භන්තෙ , චිත්තකම්ම”න්ති ආහංසු. ථෙරො ආහ “අතිරෙකසට්ඨි මෙ, ආවුසො, වස්සානි ලෙණෙ වසන්තස්ස චිත්තකම්මං අත්ථීතිපි න ජානාමි, අජ්ජ දානි චක්ඛුමන්තෙ නිස්සාය ඤාත”න්ති. ථෙරෙන කිර එත්තකං අද්ධානං වසන්තෙන චක්ඛුං උම්මීලෙත්වා ලෙණං න උල්ලොකිතපුබ්බං. ලෙණද්වාරෙ චස්ස මහානාගරුක්ඛොපි අහොසි. සොපි ථෙරෙන උද්ධං න උල්ලොකිතපුබ්බො. අනුසංවච්ඡරං භූමියං කෙසරනිපාතං දිස්වාවස්ස පුප්ඵිතභාවං ජානාති.
තෙරණුවෝ රාගය දුරු කොටම පිඬු සිඟා වැඩියහ. තවද ඉන්ද්රියසංවරය පුරන පැවිද්දා විසින් කුරණ්ඩක මහලෙන් වැසි චිත්තගුත්ත තෙරුන් මෙන්ද චෝරක මහවෙහෙර වැසි මහාමිත්ත තෙරුන් මෙන්ද වියයුතුය. කුරණ්ඩක ලෙනෙහි වනාහි සත්බුදුවරයන්ගේ අභිනිෂ්ක්‍රමණය විදහාපාන මනරම් සිතුවම් විය. බොහෝ භික්ෂූහු සේනාසනචාරිකාවෙහි හැසිරෙන්නාහු සිතුවම් දැක, ‘ස්වාමීනි, සිතුවම් මනහරය’යි කීහ. තෙරණුවෝ, ‘ඇවැත්නි, සැට වසකට වැඩි කලක් ලෙණෙහි වසන්නෙම් සිතුවමක් ඇති බව හෝ නොදනිමි, අද ඇස් ඇත්තවුන් නිසා දැන ගතිමි’යි කීහ. මේසා දිගු කලක් ලෙණෙහි වසන තෙරුන් විසින් ඇස් ඇර ලෙණ දෙස නොබලනලද විරූය. ලෙන් දොර අබියස මහ නා රුකක් විය. තෙරුන් විසින් උඩට ඇස් යොමා එයද නොබලනලද විරූය. වසරක් පාසා එහි බිම වැගුරුණු රේණු දැකම එය පිපීගියබව දැනගනිති.
රාජා ථෙරස්ස ගුණසම්පත්තිං සුත්වා වන්දිතුකාමො තික්ඛත්තුං පෙසෙත්වා අනාගච්ඡන්තෙ ථෙරෙ තස්මිං ගාමෙ තරුණපුත්තානං ඉත්ථීනං ථනෙ බන්ධාපෙත්වා ලඤ්ජාපෙසි “තාව දාරකා ථඤ්ඤං මා ලභිංසු, යාව ථෙරො න ආගච්ඡතී”ති. ථෙරො දාරකානං අනුකම්පාය මහාගාමං අගමාසි. රාජා සුත්වා “ගච්ඡථ භණෙ, ථෙරං පවෙසෙථ සීලානි ගණ්හිස්සාමී”ති අන්තෙපුරං අභිහරාපෙත්වා වන්දිත්වා භොජෙත්වා “අජ්ජ, භන්තෙ, ඔකාසො නත්ථි, ස්වෙ සීලානි ගණ්හිස්සාමීති ථෙරස්ස පත්තං ගහෙත්වා ථොකං අනුගන්ත්වා දෙවියා සද්ධිං වන්දිත්වා නිවත්ති. ථෙරො රාජා වා වන්දතු දෙවී වා, “සුඛී හොතු, මහාරාජා”ති වදති. එවං සත්තදිවසා ගතා. භික්ඛූ ආහංසු “කිං, භන්තෙ, තුම්හෙ රඤ්ඤෙපි වන්දමානෙ දෙවියාපි වන්දමානාය “සුඛී හොතු, මහාරාජ”ඉච්චෙව වදථාති. ථෙරො “නාහං, ආවුසො, රාජාති වා දෙවීති වා වවත්‍ථානං කරොමී”ති වත්වා සත්තාහාතික්කමෙන “ථෙරස්ස ඉධ වාසො දුක්ඛො”ති රඤ්ඤා විස්සජ්ජිතො කුරණ්ඩකමහාලෙණං ගන්ත්වා රත්තිභාගෙ චඞ්කමං ආරූහි. නාගරුක්ඛෙ අධිවත්ථා දෙවතා දණ්ඩදීපිකං ගහෙත්වා අට්ඨාසි. අථස්ස කම්මට්ඨානං අතිපරිසුද්ධං පාකටං අහොසි. ථෙරො “කිං නු මෙ අජ්ජ කම්මට්ඨානං අතිවිය පකාසතී”ති අත්තමනො මජ්ඣිමයාමසමනන්තරං සකලං පබ්බතං උන්නාදයන්තො අරහත්තං පාපුණි. තස්මා අඤ්ඤොපි අත්තත්ථකාමො කුලපුත්තො –
රජ තෙමේ තෙරුන්ගේ ගුණ සම්පත්තිය අසා වඳිනු කැමැතිව තුන් වරක් කැඳවා යවාද, තෙරුන් නොඑන කල ‘යම්තාක් තෙරුන්වහන්සේ නොඑන සේක්ද ඒ තාක් දරුවෝ කිරි නොලබත්වා’යි එගම ළදරුවන් ඇති ස්ත්රීන්ගේ පියොවුරු බඳවා හස් තබවා පීය. තෙරණුවෝ දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් මාගමට වැඩියහ. රජතෙමේ එපවත් අසා, ‘යවු දරුවෙනි, තෙරුන්වහන්සේ කැඳවාගෙන එවු, සිල් ගනු කැමැත්තෙමැ’යි අන්තඃපුරයට ගෙන්වා වැඳ, දන් වළඳවා, ‘ස්වාමීනි, අද අවසර නැත, හෙට සිල් ගන්නෙමැ’යි තෙරුන්ගේ පාත්‍රය ගෙන මඳක් පසු ගමන් ගොස් බිසොව හා වැඳ නැවතියේය. තෙරුන්වහන්සේ රජු හෝ වේවයි බිසොව හෝ වේවයි, වඳින කල, ‘මහරජ සුවපත් වේවා’යි කියති. මෙසේ සත් දිනක් ඉකුත්ව ගියේය. භික්ෂූහු මෙසේ කීහ. ‘කිමෙක්ද ස්වාමීනි, ඔබවහන්සේ රජු වඳින කලද, බිසොව වඳින කලද, ‘මහරජ, සුවපත් වේව’යි කියන සේකැ’යි පැවසූහ. තෙරණුවෝ, ‘ඇවැත්නි, මම් රජුදැයි හෝ බිසොවදැ’යි හෝ විපරම් නොකෙරෙමි’යි පවසා, සත් දිනක් ඉකුත්ව ගිය කල්හි, ‘තෙරුන්හට මෙහි විසීම අපහසුය’යි රජු විසින් මුදවාහළ කල්හි කුරණ්ඩක මහලෙණට ගොස් රාත්‍රිභාගයෙහි සක්මන් මලුවට නැඟියාහ. එහි නාරුකට අධිගෘහිත දෙවියා දඬුවැට පහනක් ගෙන සිටියේය. ඉක්බිති, උන්වහන්සේට කමටහන් ඉතා පිරිසුදු ලෙස වැටහිණි. තෙරණුවෝ, ‘කිමෙක්ද අද මාගේ කමටහන් ඉතා පැහැදිලියයි සතුටුව, මැදයම ඉකුත්වත්ම මුළු පර්වතය සාධුනාදයෙන් උන්නාද කරවමින් රහත්බවට පැමිණියහ. එහෙයින්, වැඩකැමැති සෙසු කුලපුත්‍රයකු වුවද,
මක්කටොව අරඤ්ඤම්හි, වනෙ භන්තමිගො විය; බාලො විය ච උත්රස්තො, න භවෙ ලොලලොචනො.
මක්කටො’ව අරඤ්ඤම්හි වනෙ භන්තමිගො විය බාලො විය ච උත්රසෙතා න භවෙ ලොලලොචනො
අධො ඛිපෙය්ය චක්ඛූනි, යුගමත්තදසො සියා; වනමක්කටලොලස්ස, න චිත්තස්ස වසං වජෙ.
අධො ඛිපෙය්ය චක්ඛූනි යුගමත්තදසො සියා වනමක්කටලොලස්ස න චිත්තස්ස වසං වජෙ ති.
වනයෙහි වෙසෙන වදුරකු මෙන් හෝ වනයෙහි මුළාවූ මුවකු මෙන් තැතිගත් ළදරුවකු මෙන් හෝ චංචල ඇස් ඇත්තකු නොවියයුතුය.
ඇස් පහතට යොමාගතයුතුය. වියදඬු පමණ බැලිය යුතුය. වනවඳුරෙකු මෙන් චංචල වූ සිතෙහි වසඟයට නොයායුතුය.
මහාමිත්තත්ථෙරස්සාපි මාතු විසගණ්ඩකරොගො උප්පජ්ජි, ධීතාපිස්සා භික්ඛුනීසු පබ්බජිතා හොති. සා තං ආහ – “ගච්ඡ අය්යෙ, භාතු සන්තිකං ගන්ත්වා මම අඵාසුකභාවං ආරොචෙත්වා භෙසජ්ජමාහරා”ති. සා ගන්ත්වා ආරොචෙසි. ථෙරො ආහ – “නාහං මූලභෙසජ්ජාදීනි සංහරිත්වා භෙසජ්ජං පචිතුං ජානාමි, අපිච තෙ භෙසජ්ජං ආචික්ඛිස්සං – “අහං යතො පබ්බජිතො, තතො පට්ඨාය න මයා ලොභසහගතෙන චිත්තෙන ඉන්ද්රියානි භින්දිත්වා විසභාගරූපං ඔලොකිතපුබ්බං, ඉමිනා සච්චවචනෙන මාතුයා මෙ ඵාසු හොතු, ගච්ඡ ඉදං වත්වා උපාසිකාය සරීරං පරිමජ්ජා”ති. සා ගන්ත්වා ඉමමත්ථං ආරොචෙත්වා තථා අකාසි. උපාසිකාය තංඛණංයෙව ගණ්ඩො ඵෙණපිණ්ඩො විය විලීයිත්වා අන්තරධායි, සා උට්ඨහිත්වා “සචෙ සම්මාසම්බුද්ධො ධරෙය්ය, කස්මා මම පුත්තසදිසස්ස භික්ඛුනො ජාලවිචිත්රෙන හත්ථෙන සීසං න පරාමසෙය්යා”ති අත්තමනවාචං නිච්ඡාරෙසි. තස්මා –
මහාමිත්ත තෙරුන්ගේද මෑණියන්හට විසගඩු රෝගයෙක් උපනි. ඇයගේ දියණියෝද මෙහෙණවරෙහි පැවිදිව වෙසෙති. ඕතොමෝ ‘ආර්යාවෙනි, බෑණන් වෙත යනු මැනවි, ගොස් මට අසනීපබව දන්වා බෙහෙතක් සපයාගෙන එනු මැනවැ’යි මෙහෙණියන්හට කීවාය. මෙහෙණියෝද ගොස් එපවත් දැන්වූහ. තෙරණුවෝ, ‘මම බොහෝ මුල් ආදිය රැස්කොට බෙහෙත් පිසන්නට නොදනිමි. එතෙකුදු වුවත් ඔබට බෙහෙතක් කියන්නෙමි, යම්හෙයකින් මා පැවිදි වූ තැන් පටන් මවිසින් ලොභ සහගත සිතින්, ඉන්ද්රිය සංවරය බිඳ කෙලෙසුන් ඉපැදවීමට හේතුවන විෂම රූපයක් නොබලන ලද විරූද, මේ සත්‍ය වචනයෙන් මාගේ මෑණියන්හට සුවවේවා! යනු මැනව. මේ බව කියා උපාසිකාවගේ ශරීරය පිරිමදිනු මැනවැ’යි කීහ. තෙරණියෝද ගොස් මෙපවත් දන්වා එසේ කළහ. එකෙණෙහිම උපාසිකාවගේ විසගඩුව පෙණපිඬක් මෙන් දියවී අතුරුදන් විය. ඕ තොමෝ නැඟී සිට, ‘ඉදින් සම්මා සම්බුදුන්වහන්සේ ජීවමාන වූසේක් නම්, මා පුත් තෙරුන් වැනි භික්ෂු කෙනෙකුගේ හිස දැලක් වැනි විසිතුරු අතින් කවර හෙයින් නොපිරිමදින සේක්දැ’යි ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කළාය. එහෙයින්,
කුලපුත්තමානි අඤ්ඤොපි, පබ්බජිත්වාන සාසනෙ; මිත්තත්ථෙරොව තිට්ඨෙය්ය, වරෙ ඉන්ද්රියසංවරෙ.
කුලපුත්තමානී අඤ්ඤොපි පබ්බජිත්වාන සාසනෙ මිත්තත්ථෙරො’ව තිට්ඨෙය්ය චරෙ ඉන්ද්රියසංවරෙ
කුලපුත් හැඟීමෙන් ශාසනයෙහි පැවිදිවූ අන් පැවිද්දකු වුවද, මිත්ත තෙරුන් මෙන් සිටිය යුතුය. ඉන්ද්රිය සංවරයෙහි හැසිරිය යුතුය.
යථා පන ඉන්ද්රියසංවරො සතියා, තථා වීරියෙන ආජීවපාරිසුද්ධි සම්පාදෙතබ්බා. වීරියසාධනා හි සා, සම්මාරද්ධවීරියස්ස මිච්ඡාජීවප්පහානසම්භවතො. තස්මා අනෙසනං අප්පතිරූපං පහාය වීරියෙන පිණ්ඩපාතචරියාදීහි සම්මා එසනාහි එසා සම්පාදෙතබ්බා පරිසුද්ධුප්පාදෙයෙව පච්චයෙ පටිසෙවමානෙන අපරිසුද්ධුප්පාදෙ ආසීවිසෙ විය පරිවජ්ජයතා. තත්ථ අපරිග්ගහිතධුතඞ්ගස්ස සඞ්ඝතො, ගණතො, ධම්මදෙසනාදීහි චස්ස ගුණෙහි පසන්නානං ගිහීනං සන්තිකා උප්පන්නා පච්චයා පරිසුද්ධුප්පාදා නාම. පිණ්ඩපාතචරියාදීහි පන අතිපරිසුද්ධුප්පාදායෙව. පරිග්ගහිතධුතඞ්ගස්ස පිණ්ඩපාතචරියාදීහි ධුතගුණෙ චස්ස පසන්නානං සන්තිකා ධුතඞ්ගනියමානුලොමෙන උප්පන්නා පරිසුද්ධුප්පාදා නාම. එකබ්යාධිවූපසමත්ථඤ්චස්ස පූතිහරිටකීචතුමධුරෙසු උප්පන්නෙසු “චතුමධුරං අඤ්ඤෙපි සබ්‍රහ්මචාරිනො පරිභුඤ්ජිස්සන්තී”ති චින්තෙත්වා හරිටකීඛණ්ඩමෙව පරිභුඤ්ජමානස්ස ධුතඞ්ගසමාදානං පතිරූපං හොති. එස හි “උත්තමඅරියවංසිකො භික්ඛූ”ති වුච්චති. යෙ පනෙතෙ චීවරාදයො පච්චයා, තෙසු යස්ස කස්සචි භික්ඛුනො ආජීවං පරිසොධෙන්තස්ස චීවරෙ ච පිණ්ඩපාතෙ ච නිමිත්තොභාසපරිකථාවිඤ්ඤත්තියො න වට්ටන්ති. සෙනාසනෙ පන අපරිග්ගහිතධුතඞ්ගස්ස නිමිත්තොභාසපරිකථා වට්ටන්ති.
යම්සේ ඉන්ද්රියසංවරය සිහියෙන් සම්පාදනය කළයුතුවේද, එසේම ආජීව පාරිශුද්ධි ශීලය වීර්යයෙන් සම්පාදනය කළයුතුය, එය වනාහි වීර්යය හේතුකොට සාධනය කරනු ලැබේ. මනාකොට ඇරඹි වීර්ය ඇත්තහුට මිථ්යාජීවප්රහාණය සිදුවන හෙයිනි. එහෙයින් උචිත නොවූ ප්රත්යයාන්වේෂණය (සිවුපසය ඉපයීම) හැරපියා වීර්යයෙන් පිණ්ඩපාතචර්යා ආදියෙන් උචිත ලෙස ප්රත්යයාන්වේෂණය සම්පාදනය කළයුතුය. පිරිසුදු ලෙස උපයාගත් සිවුපසය සෙවුමින් අපිරිසුදු ලෙස උපදවනු ලබන ප්‍රත්‍යයන් ආශීර්විෂයන් මෙන් දුරු කරමින් මේ ප්රත්යයාන්වේෂණය සම්පාදනය කළයුතුය. එහි ධුතාංග සමාදන් නොවූවහුට නම්, සංඝයා කෙරෙන්ද, (සෞත්‍රාන්තික ආදී) ගණයා කෙරෙන්ද, ධර්මදේශනා ආදී ගුණයෙහි පහන් ගිහි ජනයාගෙන්ද උපන් සිවුපසය පිරිසුදු ඉපැදවීම නමි. පිණ්ඩපාතචර්යා ආදියෙන් ලද සිවුපසය ඉතාපිරිසුදු ඉපැදවීම වේ. ධුතාංග සමාදන් වූවහුට පිණ්ඩපාත චර්යාවෙන්ද, ධුතාංග ගුණයෙහි පහන් ජනයාගෙන්ද, ධුතාංග නියමයට අනුකුලව උපන් ප්‍රත්‍යය පිරිසුදු ඉපැදවීම නමි. කිසියම් ව්‍යාධියක් ශමනය කරනු පිණිස, ගෝමූත්රයෙන් පැසවනලද අරළුද චතුමධුරද ලැබුණ විටෙක, සෙසු සබ්රම්සරහුද චතුමධුරය පරිභෝග කරන්නාහුයයි සලකා අරළු කැබැල්ල පමණක් පරිභෝග කරන්නහුට ධූතාංග සමාදානය යෝග්‍ය වේ. (මෙවන් ස්වභාව ඇති) මේ තෙමේ ආර්යයන්ගේ වංශයට අයත් උතුම් භික්ෂුකෙනකැ’යි කියනු ලැබේ. යම් මේ චීවරාදී ප්‍රත්‍යයෝ වෙත්ද, ඔවුනතුරෙන් චීවරය, පිණ්ඩපාතය යන දෙක පිළිබඳව නිමිත්තය, ඕභාසය, පරිකථාය, විඤ්ඤත්තිය යන සතර, ආජීවය පිරිසිදුකරන භික්ෂු කෙනකුට යෝග්‍ය නොවේ. සේනාසන විෂයෙහි වනාහි, ධූතාංග සමාදන් නොවූවකුට නම්, නිමිත්තය, ඕභාසය, පරිකථාය යන තුන නොසුදුසු නොවේ.
තත්ථ නිමිත්තං නාම සෙනාසනත්ථං භූමිපරිකම්මාදීනි කරොන්තස්ස “කිං, භන්තෙ, කරියති, කො කාරාපෙතී”ති ගිහීහි වුත්තෙ “න කොචි”ති පටිවචනං, යං වා පනඤ්ඤම්පි එවරූපං නිමිත්තකම්මං. ඔභාසො නාම “උපාසකා තුම්හෙ කුහිං වසථා”ති. පාසාදෙ, භන්තෙති. “භික්ඛූනං පන උපාසකා පාසාදො න වට්ටතී”ති වචනං, යං වා පනඤ්ඤම්පි එවරූපං ඔභාසකම්මං. පරිකථා නාම “භික්ඛුසඞ්ඝස්ස සෙනාසනං සම්බාධ”න්ති වචනං, යා වා පනඤ්ඤාපි එවරූපා පරියායකථා. භෙසජ්ජෙ සබ්බම්පි වට්ටති. තථා උප්පන්නං පන භෙසජ්ජං රොගෙ වූපසන්තෙ පරිභුඤ්ජිතුං වට්ටති, න වට්ටතීති. තත්ථ විනයධරා “භගවතා ද්වාරං දින්නං, තස්මා වට්ටතී”ති වදන්ති. සුත්තන්තිකා පන “කිඤ්චාපි ආපත්ති න හොති, ආජීවං පන කොපෙති, තස්මා න වට්ටති”ච්චෙව වදන්ති.
එහි නිමිත්ත නම්: සේනාසනයක් ඉදි කිරීම පිණිස බිම සකස් කරන විට, ‘ස්වාමීනි, කුමක් කරයිද? කවරෙක් කරවාදැ’යි ගිහියන් විමසන කල ‘කිසිවෙක් නැතැ’යි පිළිතුරු දීමයි. නැතහොත් වෙනත් මෙබඳු ඉඟියකින් පිළිතුරු දීමයි. ඕභාස නම්: ‘උපාසකවරුනි, තෙපි කොහි වෙසෙවුද?’, ‘ස්වාමීනි, පහයෙක්හිය,’ ‘උපාසකවරුනි, භික්ෂූන්හට පහයක් නොවටීදැ?’යි යන මෙවැනි වචනයි. නැතහොත්, මෙබඳු වෙනත් හැඟවීමක් කිරීමයි. පරිකථා නම්: ‘භික්ෂු සංඝයාහට සේනාසනය ගැහැට සහිතය’යි කීමයි. නැතහොත්, වෙනත් මෙබඳු ඇඟවීමක් කිරීමයි. බෙහෙත් පසයෙහිදී දේ මේ සියල්ල (සතර)ම යෝග්‍ය වේ. එසේ උපන් බෙහෙත් පසය රෝගය සුවවූ පසු පරිභෝග කිරීම සුදුසුද, නොසුදුසුදැ’යි යන මේ කාරණයෙහිලා විනයධර භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේ විසින් අවසර දී ඇති හෙයින් වළදනු වටී’යයි කියති, සෞත්‍රාන්තික භික්ෂූහු වනාහි, කිසිදු ඇවැතක් සිදුනොවෙතත්, ‘ආජීවය පලුදුවන හෙයින් නොවටීමය’යි කියති.
යො පන භගවතා අනුඤ්ඤාතාපි නිමිත්තොභාසපරිකථාවිඤ්ඤත්තියො අකරොන්තො අප්පිච්ඡතාදිගුණෙයෙව නිස්සාය ජීවිතක්ඛයෙපි පච්චුපට්ඨිතෙ අඤ්ඤත්රෙව ඔභාසාදීහි උප්පන්නපච්චයෙ පටිසෙවති, එස “පරමසල්ලෙඛවුත්තී”ති වුච්චති, සෙය්යථාපි ථෙරො සාරිපුත්තො.
යම් භික්ෂු කෙනෙක් වනාහි භාග්‍යවතුන්වහන්සේ විසින් අනුදත් තන්හි පවා නිමිත්තය, ඕභාසය, පරිකථාය, විඤ්ඤත්තිය යන මේවා නොකෙරෙමින් අල්පේච්ඡාතාදී ගුණයන් නිසාම මරණය එළඹි කල්හි පවා ඔභාසාදිය හේතුකොට උපන් සිවුපසය හැර වැළදීම කෙරෙත්ද, මේ භික්ෂු තෙමේ පරමසල්ලේඛ වූ පැවතුම් ඇත්තෙකැ’යි කියනු ලැබේ, සැරියුත් තෙරණුවන් මෙනි.
සො කිරායස්මා එකස්මිං සමයෙ පවිවෙකං බ්රූහයමානො මහාමොග්ගල්ලානත්ථෙරෙන සද්ධිං අඤ්ඤතරස්මිං අරඤ්ඤෙ විහරති, අථස්ස එකස්මිං දිවසෙ උදරවාතාබාධො උප්පජ්ජිත්වා අතිදුක්ඛං ජනෙසි. මහාමොග්ගල්ලානත්ථෙරො සායන්හසමයෙ තස්සායස්මතො උපට්ඨානං ගතො ථෙරං නිපන්නං දිස්වා තං පවත්තිං පුච්ඡිත්වා “පුබ්බෙ තෙ, ආවුසො, කෙන ඵාසු හොතී”ති පුච්ඡි. ථෙරො ආහ, “ගිහිකාලෙ මෙ, ආවුසො, මාතා සප්පිමධුසක්කරාදීහි යොජෙත්වා අසම්භින්නඛීරපායාසං අදාසි, තෙන මෙ ඵාසු අහොසී”ති. සොපි ආයස්මා “හොතු, ආවුසො, සචෙ මය්හං වා තුය්හං වා පුඤ්ඤං අත්ථි, අප්පෙව නාම ස්වෙ ලභිස්සාමා”ති ආහ.
ඒ ආයුෂ්මතුන්වහන්සේ වනාහි එක් සමයෙක්හි පවිවේකය (පලසමවත්) වඩනසේක් මහමුගලන් තෙරුන් හා සමඟ එක්තරා වනයෙක්හි වාසය කරන සේක. ඉක්බිති, එක් දවසක් උදරවාතාබාධයක් හටගෙන අධික දුක් වේදනා දෙන්නට විය. මුගලන් තෙරණුවෝ සවස් කාලයෙහි උන්වහන්සේ වෙත එළඹ වැදහොත් තෙරුන් දැක, එපවත් අසා, ‘ඇවැත්නි, පෙර ඔබවහන්සේට මෙබඳු ආබාධයක් හටගත් කල කුමක් කොට සුව වීදැ’යි විචාළහ. සැරියුත්තෙරණුවෝ ‘ඇවැත්නි, ගිහිකල මාගේ මෑණියෝ ගිතෙල් මීපැණි උක්සකුරු ආදිය යොදා දිය නොමුසු කිරිබත් දුන්හ, එයින් සුව වීය’යි කීහ. ඒ ආයුෂ්මතුන් වහන්සේද, ‘එසේ වේවා, ඇවැත්නි, ඉදින් මාගේ හෝ ඔබගේ හෝ පිනක් ඇත්නම්, හෙට ලැබේවි’යි කීහ.
ඉමං පන නෙසං කථාසල්ලාපං චඞ්කමනකොටියං රුක්ඛෙ අධිවත්ථා දෙවතා සුත්වා “ස්වෙ අය්යස්ස පායාසං උප්පාදෙස්සාමී”ති තාවදෙව ථෙරස්ස උපට්ඨාකකුලං ගන්ත්වා ජෙට්ඨපුත්තස්ස සරීරං ආවිසිත්වා පීළං ජනෙසි. අථස්ස තිකිච්ඡානිමිත්තං සන්නිපතිතෙ ඤාතකෙ ආහ – “සචෙ ස්වෙ ථෙරස්ස එවරූපං නාම පායාසං පටියාදෙථ, තං මුඤ්චිස්සාමී”ති. තෙ “තයා අවුත්තෙපි මයං ථෙරානං නිබද්ධං භික්ඛං දෙමා”ති වත්වා දුතියදිවසෙ තථාරූපං පායාසං පටියාදියිංසු.
ඔවුන් දෙදෙනා වහන්සේගේ මේ කථා සල්ලාපය සක්මන්මලු කෙළවර ගසක් අධිගෘහීත දේවතා කෙනෙක් අසා සිට, හෙට ආර්යයන්වහන්සේට කිරිබත් ලබා දෙමි’යි එකෙණෙහිම ආර්යයන්වහන්සේගේ දායක ගෙයකට ගොස් වැඩිමහල් දරුවාගේ සිරුරට ආවිෂ්ටව පීඩා ඉපදවීය. ඉක්බිති ඔහුට ප්‍රතිකාර සඳහා රැස්වූ නෑයන්හට, ‘හෙට තෙරුන්වහන්සේට මෙවන් කිරිබතක් පිළියෙළකොට දෙවු, එවිට ඔහු මුදවා ලමි’යි කීහ. ඔවුහු ‘ඔබ නොකීවද අපි තෙරුන් වහන්සේට නිරතුරු දන් දෙන්නමෝය’යි පවසා පසුදින එවන් කිරිබතක් පිළියෙළ කළාහුය.
මහාමොග්ගල්ලානත්ථෙරො පාතොව ආගන්ත්වා “ආවුසො, යාව අහං පිණ්ඩාය චරිත්වා ආගච්ඡාමි, තාව ඉධෙව හොහී”ති වත්වා ගාමං පාවිසි. තෙ මනුස්සා පච්චුග්ගන්ත්වා ථෙරස්ස පත්තං ගහෙත්වා වුත්තප්පකාරස්ස පායාසස්ස පූරෙත්වා අදංසු. ථෙරො ගමනාකාරං දස්සෙසි. තෙ “භුඤ්ජථ – භන්තෙ, තුම්හෙ, අපරම්පි දස්සාමා”ති ථෙරං භොජෙත්වා පුන පත්තපූරං අදංසු. ථෙරො ගන්ත්වා “හන්දාවුසො සාරිපුත්ත, පරිභුඤ්ජා”ති උපනාමෙසි. ථෙරොපි තං දිස්වා “අතිමනාපො පායාසො, කථං නු ඛො උප්පන්නො”ති චින්තෙන්තො තස්ස උප්පත්තිමූලං දිස්වා ආහ – “ආවුසො මොග්ගල්ලාන, අපරිභොගාරහො පිණ්ඩපාතො”ති. සොපායස්මා “මාදිසෙන නාම ආභතං පිණ්ඩපාතං න පරිභුඤ්ජතී”ති චිත්තම්පි අනුප්පාදෙත්වා එකවචනෙනෙව පත්තං මුඛවට්ටියං ගහෙත්වා එකමන්තෙ නිකුජ්ජෙසි. පායාසස්ස සහ භූමියං පතිට්ඨානා ථෙරස්ස ආබාධො අන්තරධායි, තතො පට්ඨාය පඤ්චචත්තාලීස වස්සානි න පුන උප්පජ්ජි. තතො මහාමොග්ගල්ලානං ආහ – “ආවුසො, වචීවිඤ්ඤත්තිං නිස්සාය උප්පන්නො පායාසො අන්තෙසු නික්ඛමිත්වා භූමියං චරන්තෙසුපි පරිභුඤ්ජිතුං අයුත්තරූපො”ති. ඉමඤ්ච උදානං උදානෙසි –
මහමුගලන් තෙරණුවෝ උදාසනින්ම අවුත්, ‘ඇවැත්නි, මා පිඩුසිඟා එන තෙක් මෙහිම සිටිනු මැනවැ’යි පවසා ගමට පිවිසියහ. ඒ මිනිස්සු පෙර ගමන් ගොස් තෙරුන්ගේ පාත්‍රය රැගෙන කියනලද ආකාර ඇති කිරිබතින් පාත්‍රය පුරවා පිළිගැන්වූහ. තෙරණුවෝ යනු කැමැතිබව දැක්වූහ. ‘ස්වාමීනි, ඔබවහන්සේ වළදනු මැනවි, වෙනත් එකක් දෙන්නමෝය’යි තෙරුන් වළදවා යළි පාත්‍රය පුරවා දුන්හ. තෙරණුවෝ සෙනසුනට ගොස්, ‘ඇවැත්නි, සැරියුත් තෙරණුවනි, වළඳනු මැනවැ’යි පාත්‍රය එළවූහ. සැරියුත් තෙරණුවෝද එය දැක ඉතා සතුටුව, පායාසය කෙසේ නම් උපන්නේදැයි සිතන්නාහු එය ලැබීමට හේතු වූ කරුණ දැක, ‘ඇවැත්නි, මුගලන් තෙරණුවනි, ඉවත ලනු මැනවි, මෙය පරිභෝගයට යෝග්‍ය නොවන පිණ්ඩපාතයෙකැ’යි කීහ. ඒ ආයුෂ්මත්හුද, ‘මා වැන්නකු ගෙනවුත් දුන් පිණ්ඩපාතය පවා නොවළදිති’යි සිතිවිලි පමණකුදු නො-උපදවා එක් වචනයෙන්ම පාත්‍රය මුවවිටින් ගෙන පසෙක හළාපූහ. පායාසය බිමට වැටෙත්ම තෙරුන්ගේ ආබාධය පහවී ගියේය, එතැන් සිට සාලිස්වසක් යන තෙක් යළි නො-උපනි. ඉක්බිති මහමුගලන් තෙරුන් අමතා, ‘ඇවැත්නි, වාග් විඥප්තියෙන් (වචනයෙන් දැන්වීමෙන්) උපන් පායාසය අතුනු නික්ම බිම ඇවිදිතත් වළදන්නට යෝග්‍ය නොවේය’යි පැවසූහ. මේ උදානයද ප්‍රකාශ කළහ:
“වචීවිඤ්ඤත්තිවිප්ඵාරා, උප්පන්නං මධුපායසං; සචෙ භුත්තො භවෙය්‍යාහං, සාජීවො ගරහිතො මම.
වචීවිඤ්ඤත්තිවිප්ඵාරා උප්පන්නං මධුපායසං සචෙ භුත්තො භවෙය්‍යාහං සාජීවො ගරහිතො මම
“යදිපි මෙ අන්තගුණං, නික්ඛමිත්වා බහි චරෙ; නෙව භින්දෙය්යං ආජීවං, චජමානොපි ජීවිතං.
යදිපි මෙ අන්තගුණං නික්ඛමිත්වා බහී චරෙ නෙව භින්‍දෙය්‍යමාජීවං චජමානො’පි ජීවිතං
“ආරාධෙමි සකං චිත්තං, විවජ්ජෙමි අනෙසනං; නාහං බුද්ධප්පටිකුට්ඨං, කාහාමි ච අනෙසන”න්ති.
ආරාධෙමි සකං චිත්තං විවජ්ජෙමි අනෙසනං අහං හි බුද්‍ධපතිකුට්ඨං න කාහාමි අනෙසන්නති.
වාග් විඥප්ති (වචනයෙන් හැඟවීම්) වශයෙන් උපයා ගන්නා ලද මීමුසු කිරිබත් වැළඳුව හොත් මාගේ ආජීවය ගැරහියයුතු බවට පත්වේ.
මාගේ අතුනුබහන් නිකුත්ව පිටත හැසිරෙතත්, දිවි තොරවී යතත්, ආජීවය කඩ නොකරමි.
මාගේ සිත සනස්වා ගනිමි. සිවුපස සෙවීම අත්හරිමි. බුදුන් විසින් පිළිකෙව් කරන ලද ප්‍රත්‍යය සෙවීම මම් කිසිසේත් නොකරමි.
චිරගුම්බවාසිකඅම්බඛාදකමහාතිස්සත්ථෙරවත්ථුපි චෙත්ථ කථෙතබ්බං. එවං සබ්බථාපි.
චීවරගුම්බ නම් ස්ථානයෙහි විසූ අම්බඛාදක මහාතිස්ස නම් තෙරුන්ගේ වතද මෙහිදී සඳහන් කළ යුතුය. මෙසේ සෑම අතින්ම
“අනෙසනාය චිත්තම්පි, අජනෙත්වා විචක්ඛණො; ආජීවං පරිසොධෙය්ය, සද්ධාපබ්බජිතො යතී”ති.
‘අනෙසනාය චිත්තම්පි අජනෙත්වා විචක්ඛණො, ආජීවං පරිසොධෙය්ය සද්ධා පබ්බජිතො යතී’ති
සැදැහැයෙන් පැවිදි වූ නුවණැති භික්ෂුතෙමේ ප්‍රත්‍යයන් සෙවීමෙහි සිතකුදු නො-උපදවා ආජීවය පිරිසුදු කර ගන්නේය.
යථා ච වීරියෙන ආජීවපාරිසුද්ධි, තථා පච්චයසන්නිස්සිතසීලං පඤ්ඤාය සම්පාදෙතබ්බං. පඤ්ඤාසාධනං හි තං, පඤ්ඤවතො පච්චයෙසු ආදීනවානිසංසදස්සනසමත්ථභාවතො. තස්මා පහාය පච්චයගෙධං ධම්මෙන සමෙන උප්පන්නෙ පච්චයෙ යථාවුත්තෙන විධිනා පඤ්ඤාය පච්චවෙක්ඛිත්වා පරිභුඤ්ජන්තෙන සම්පාදෙතබ්බං.
මේ ආකාරයෙන් ආජීව පාරිශුද්ධිය වීර්යයෙන් සම්පාදනය කළයුතු වේනම්, එසේම ප්‍රත්‍යය සන්නිශ්‍රිත ශීලය ප්‍රඥාවෙන් සම්පාදනය කළයුතු වේ. එය වනාහි ප්‍රඥාවෙන් සාදාගත යුතුය. ප්‍රඥාවන්තයා ප්‍රත්‍යයන් පිළිබඳ දොස් හෝ අනුසස් දකිනු සමත්වන හෙයිනි. එහෙයින් ප්‍රත්‍යයන් කෙරෙහි ගිජුබව හැර දැහැමෙන් සෙමෙන් උපන් ප්‍රත්‍යය විෂයෙහි, කියන ලද නයින් නුවණින් මෙනෙහි කොට පරිභෝග කිරීමෙන් එය සම්පාදනය කළයුතුය.
තත්ථ දුවිධං පච්චවෙක්ඛණං පච්චයානං පටිලාභකාලෙ, පරිභොගකාලෙ ච. පටිලාභකාලෙපි හි ධාතුවසෙන වා පටිකූලවසෙන වා පච්චවෙක්ඛිත්වා ඨපිතානි චීවරාදීනි තතො උත්තරි පරිභුඤ්ජන්තස්ස අනවජ්ජොව පරිභොගො, පරිභොගකාලෙපි. තත්රායං සන්නිට්ඨානකරො විනිච්ඡයො –
එහි ප්රත්යවේක්ෂණය (නුවණින් මෙනෙහි කිරීම) ප්‍රත්‍යයන්ගේ ප්රතිලාභ කාලයෙහිද, පරිභෝග කාලයෙහිදැ’යි දෙ-ආකාර වේ. ප්රතිලාභ කාලයෙහි වනාහි ධාතු වශයෙන් හෝ ප්‍රතිකූල වශයෙන් හෝ ප්රත්යවේක්ෂා කොට තබන ලද සිවුරු ආදිය පසුව පරිභෝග කරන්නහුගේ එම පරිභෝගය නිරවද්‍ය වේ. පරිභෝග කාලයෙහිද, එසේම ප්රත්යවේක්ෂා කළ යුතුවේ. පරිභෝගකාල ප්රත්යවේක්ෂණය පිළිබඳව සනිටුහන් කරන විනිශ්චය මෙසේය:-
චත්තාරො හි පරිභොගා ථෙය්යපරිභොගො, ඉණපරිභොගො, දායජ්ජපරිභොගො, සාමිපරිභොගොති. තත්ර සඞ්ඝමජ්ඣෙපි නිසීදිත්වා පරිභුඤ්ජන්තස්ස දුස්සීලස්ස පරිභොගො ථෙය්යපරිභොගො නාම. සීලවතො අපච්චවෙක්ඛිත්වා පරිභොගො ඉණපරිභොගො නාම. තස්මා චීවරං පරිභොගෙ පරිභොගෙ පච්චවෙක්ඛිතබ්බං, පිණ්ඩපාතො ආලොපෙ ආලොපෙ, තථා අසක්කොන්තෙන පුරෙභත්තපච්ඡාභත්තපුරිමයාමමජ්ඣිමයාමපච්ඡිමයාමෙසු. සචස්ස අපච්චවෙක්ඛතොව අරුණං උග්ගච්ඡති, ඉණපරිභොගට්ඨානෙ තිට්ඨති. සෙනාසනම්පි පරිභොගෙ පරිභොගෙ පච්චවෙක්ඛිතබ්බං. භෙසජ්ජස්ස පටිග්ගහණෙපි පරිභොගෙපි සතිපච්චයතාව වට්ටති. එවං සන්තෙපි පටිග්ගහණෙ සතිං කත්වා පරිභොගෙ අකරොන්තස්සෙව ආපත්ති, පටිග්ගහණෙ පන සතිං අකත්වා පරිභොගෙ කරොන්තස්ස අනාපත්ති.
පරිභෝගයෝ වනාහි, ථෙය්‍ය පරිභෝගය, ඉණපරිභෝගය දායජ්ජපරිභෝගය, සාමිපරිභෝගයයි, සතර ආකාර වෙති. එහි සඟ මැද හිඳ වළඳන දුශ්ශීලයාගේ පරිභෝගය ථෙය්‍යපරිභෝග නමි. සිල්වත්හුගේ වුවද, ප්රත්යවේක්ෂා නොකොට කරන පරිභෝගය ඉණපරිභෝග නමි. එහෙයින් සිවුරු පොරවන වාරයක් වාරයක් පාසා, පිණ්ඩපාතය පිඩක් පිඩක් පාසා ප්රත්යවේක්ෂා කළ යුතුය. එසේ නොහැකි වුවහොත් පෙරවරු, පස්වරු, පෙරයම්, මැදයම්, අළුයම් කාලයන්හිදී කළයුතුය. ඉදින් ප්රත්යවේක්ෂා නොකොට සිටියදී අරුණ නැංගහොත් ඉණපරිභෝගස්ථානයෙහිම සිටියේ වේ. සේනාසනයද පරිභෝග කරන වාරයක් වාරයක් පාසා ප්රත්යවේක්ෂා කළ යුතුය. බෙහෙත් පිළිගැනීමෙහිද, පරිභෝග කිරීමෙහිද සිහියෙන් ප්රත්යවේක්ෂා කිරීම යෝග්‍ය වේ, එසේවුවද, පිළිගැනීමෙහිදී සිහිකොට නමුදු පරිභෝග කිරීමෙහිදී නොකළහොත් ඇවැත් සිදුවේ. පිළිගැනීමේදී සිහි නොකොටවුවද පරිභෝග කිරීමෙහිදී සිහිකළහොත් ඇවැත් නොවේ
චතුබ්බිධා හි සුද්ධි දෙසනාසුද්ධි, සංවරසුද්ධි, පරියෙට්ඨිසුද්ධි, පච්චවෙක්ඛණසුද්ධීති. තත්ථ දෙසනාසුද්ධි නාම පාතිමොක්ඛසංවරසීලං. තඤ්හි දෙසනාය සුජ්ඣනතො දෙසනාසුද්ධීති වුච්චති. සංවරසුද්ධි නාම ඉන්ද්රියසංවරසීලං. තඤ්හි “න පුන එවං කරිස්සාමී”ති චිත්තාධිට්ඨානසංවරෙනෙව සුජ්ඣනතො සංවරසුද්ධීති වුච්චති. පරියෙට්ඨිසුද්ධි නාම ආජීවපාරිසුද්ධිසීලං. තඤ්හි අනෙසනං පහාය ධම්මෙන සමෙන පච්චයෙ උප්පාදෙන්තස්ස පරියෙසනාය සුද්ධත්තා පරියෙට්ඨිසුද්ධීති වුච්චති. පච්චවෙක්ඛණසුද්ධි නාම පච්චයසන්නිස්සිතසීලං. තඤ්හි වුත්තප්පකාරෙන පච්චවෙක්ඛණෙන සුජ්ඣනතො පච්චවෙක්ඛණසුද්ධීති වුච්චති. තෙන වුත්තං “පටිග්ගහණෙ පන සතිං අකත්වා පරිභොගෙ කරොන්තස්ස අනාපත්තී”ති.
ශුද්ධිය (පිරිසුදුබව) වනාහි, දේශනාශුද්ධිය, සංවරශුද්ධිය, පරියෙට්ඨිශුද්ධිය, ප්රත්යවේක්ෂණශුද්ධියයි සිවු ආකාර වේ. එහි දේශනාශුද්ධි නම් ප්රාතිමෝක්ෂ සංවරශීලයයි, එය වනාහි දේශනා නයින් පිරිසුදුවන හෙයින් දේශනාශුද්ධියයි කියනු ලැබේ. සංවරශුද්ධි නම් ඉන්ද්රිය සංවරශීලයයි. එය වනාහි යළි මෙසේ නොකරන්නෙමියි සිතින් ඉටාගත් සංවරයෙන්ම පිරිසුදුවන හෙයින් සංවරශුද්ධියයි කියනු ලැබේ. පරියෙට්ඨිශුද්ධිනම් ආජීව පාරිශුද්ධිශීලයයි. එය වනාහි අයුතු සෙවීම අත්හැර දැහැමෙන් සෙමෙන් සිවුපසය උපදවන්නහුගේ සෙවීම පිරිසුදුවන හෙයින් පරියෙට්ඨිශුද්ධියයි කියනු ලැබේ. ප්රත්යවේක්ෂණශුද්ධි නම් ප්‍රත්‍යය සන්නිශ්‍රිත ශීලයයි. එය වනාහි කියනලද නයින් ප්රත්යවේක්ෂා කිරීමෙන් පිරිසුදුවන හෙයින් ප්රත්යවේක්ෂණශුද්ධියයි කියනු ලැබේ. එහෙයින් පිළිගැනීමෙහිදී සිහිනොකොට නමුදු පරිභෝග කිරීමෙහිදී සිහි කරන්නහුට ඇවැත් නොවේය’යි කියන ලදී.
සත්තන්නං සෙක්ඛානං පච්චයපරිභොගො දායජ්ජපරිභොගො නාම. තෙ හි භගවතො පුත්තා, තස්මා පිතුසන්තකානං පච්චයානං දායාදා හුත්වා තෙ පච්චයෙ පරිභුඤ්ජන්ති. කිංපනෙතෙ භගවතො පච්චයෙ පරිභුඤ්ජන්ති, උදාහු ගිහීනං පච්චයෙ පරිභුඤ්ජන්තීති. ගිහීහි දින්නාපි භගවතා අනුඤ්ඤාතත්තා භගවතො සන්තකා හොන්ති, තස්මා භගවතො පච්චයෙ පරිභුඤ්ජන්තීති වෙදිතබ්බා. ධම්මදායාදසුත්තඤ්චෙත්ථ සාධකං.
ශෛක්ෂ්යයන් (සෝවාන් මඟ සිටියහු ආදි කොට ඇති වෙනෙය්‍ය ජනයන්) සත්දෙනාගේ ප්‍රත්‍යයපරිභෝගය දායජ්ජ පරිභෝග නමි. ඔවුහු වනාහි භාග්‍යවතුන්වහන්සේගේ පුත්‍රයෝ නම් වෙති. එහෙයින් පියසන්තකවූ ප්‍රත්‍යයන් ප්රවේණි උරුමයෙන් ලැබ පරිභෝග කරන්නෝනම් වෙති. කිමෙක්ද? ඔවුහු භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රත්‍යයන් පරිභෝග කෙරෙත්ද? නැතහොත් ගිහියන්ගේ ප්‍රත්‍යයන් පරිභෝග කෙරෙත්ද? ගිහියන් විසින් දෙනු ලබන නමුදු භාග්‍යවතුන්වහන්සේ විසින් අනුදන්නාලද හෙයින් ප්‍රත්‍යයෝ භාග්‍යවතුන්වහන්සේ සතු වෙති. එහෙයින් භාග්‍යවතුන්වහන්සේගේ ප්‍රත්‍යයන් පරිභෝග කරන්නාහුයයි දතයුතුය. මෙහිලා ධම්මදායාද සූත්‍රයද, සාධක වේ.
ඛීණාසවානං පරිභොගො සාමිපරිභොගො නාම. තෙ හි තණ්හාය දාසබ්යං අතීතත්තා සාමිනො හුත්වා පරිභුඤ්ජන්ති.
රහතුන්ගේ පරිභෝගය සාමිපරිභෝග නමි. ඔවුහු වනාහි තෘෂ්ණාදාසත්වය ඉක්මවා සිටි හෙයින් ස්වාමිත්වය ඇතිව පරිභෝග කෙරෙති.
ඉමෙසු පරිභොගෙසු සාමිපරිභොගො ච දායජ්ජපරිභොගො ච සබ්බෙසං වට්ටති. ඉණපරිභොගො න වට්ටති. ථෙය්යපරිභොගෙ කථායෙව නත්ථි. යො පනායං සීලවතො පච්චවෙක්ඛිතපරිභොගො, සො ඉණපරිභොගස්ස පච්චනීකත්තා ආණණ්යපරිභොගො වා හොති, දායජ්ජපරිභොගෙයෙව වා සඞ්ගහං ගච්ඡති. සීලවාපි හි ඉමාය සික්ඛාය සමන්නාගතත්තා සෙක්ඛොත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති. ඉමෙසු පන පරිභොගෙසු යස්මා සාමිපරිභොගො අග්ගො, තස්මා තං පත්ථයමානෙන භික්ඛුනා වුත්තප්පකාරාය පච්චවෙක්ඛණාය පච්චවෙක්ඛිත්වා පරිභුඤ්ජන්තෙන පච්චයසන්නිස්සිතසීලං සම්පාදෙතබ්බං. එවං කරොන්තො හි කිච්චකාරී හොති. වුත්තම්පි චෙතං –
මෙකී පරිභෝගයන් අතුරෙන් දායජ්ජපරිභෝගයද, සාමිපරිභෝගයද සියල්ලනටම යෝග්‍ය වේ. ඉණපරිභෝගය සුදුසු නොවේ. ථෙය්‍යපරිභෝගය ගැන කවර කථාද? සිල්වතුන්ගේ යම් මේ ප්රත්යවේක්ෂා සහිත පරිභෝගයක් ඇත්ද, එය ඉණපරිභෝගයට ප්රතිපක්ෂ වන හෙයින් ආණන්ය (ණය නැති) පරිභෝගනම් හෝ වේ. නැතහොත් එය දායජ්ජපරිභෝගය තුළම සංග්‍රහයට යෙයි (එහිම ඇතුළත්වෙයි). සිල්වත්හු ශික්ෂාවෙන් සමන්විත වන හෙයින්ම ශෛක්ෂ්ය වෙතැ’යි කියනු ලැබේ. මෙකී පරිභෝගයන් අතුරෙන් සාමිපරිභෝගය ශ්‍රේෂ්ඨවන හෙයින් එය පතන භික්ෂුව විසින් කියන ලද ආකාර ඇති ප්රත්යවේක්ෂණයෙන් ප්රත්යවේක්ෂාකොට පරිභෝග කරමින් ප්‍රත්‍යය සන්නිශ්‍රිත ශීලය පිරිය යුතුය. මෙසේ කරනුයේ වනාහි කළයුතු කාර්යය ඉටුකරනුයේ නම් වේ. කියනලද මැයි:
“පිණ්ඩං විහාරං සයනාසනඤ්ච, ආපඤ්ච සඞ්ඝාටිරජූපවාහනං; සුත්වාන ධම්මං සුගතෙන දෙසිතං, සඞ්ඛාය සෙවෙ වරපඤ්ඤසාවකො.
පිණ්ඩං විහාරං සයනාසනඤ්ච ආපඤ්ච සඞ්ඝාටි-රජූපවාහනං සුත්වාන ධම්මං සුගතෙන දෙසිතං සඞ්ඛාය සෙවෙ වරපඤ්ඤසාවකො
“තස්මා හි පිණ්ඩෙ සයනාසනෙ ච, ආපෙ ච සඞ්ඝාටිරජූපවාහනෙ; එතෙසු ධම්මෙසු අනූපලිත්තො, භික්ඛු යථා පොක්ඛරෙ වාරිබින්දු. (සු· නි· 393-394);
තස්මා හි පිණ්ඩෙ සයනාසනෙ ච ආපෙ ච සඞ්ඝාටි-රජූපවාහනෙ එතෙසු ධම්මෙසු අනූපලිත්තො භික්ඛු යථා පොක්ඛරෙ වාරිබින්දු
“කාලෙන ලද්ධා පරතො අනුග්ගහා, ඛජ්ජෙසු භොජ්ජෙසු ච සායනෙසු ච; මත්තං ස ජඤ්ඤා සතතං උපට්ඨිතො, වණස්ස ආලෙපනරූහනෙ යථා.
කාලෙන ලද්ධා පරතො අනුග්ගහා ඛජ්ජෙසු භොජ්ජෙසු ච සායනෙසු මත්තං ස ජඤ්ඤා සතතං උපට්ඨිතො වණස්ස ආලෙපනරූහනෙ යථා
“කන්තාරෙ පුත්තමංසංව, අක්ඛස්සබ්භඤ්ජනං යථා; එවං ආහාරෙ ආහාරං, යාපනත්ථමමුච්ඡිතො”ති.
කන්තාරෙ පුත්තමංසං’ව අක්ඛස්ස’බ්හඤ්ජනං යථා එවං ආහරි ආහාරං යාපනත්ථාය’ මුච්ඡිතො ති
උතුම් ප්‍රඥා ඇති ශ්‍රාවක තෙමේ බුදුන් විසින් දෙසනලද ධර්මය අසා නුවණින් මෙනෙහි කොට පිණ්ඩපාතය, සේනාසනය යහන්ය, අසුන්ය, සිවුරුය, බොන පැන්ය, නහන සෝදන පැන්ය යන මෙතෙක් ද සේවනය කරන්නේය.
එහෙයින් පිණ්ඩපාතය, සේනාසනය, යහන්ය, අසුන්ය, බොන පැන්ය, නහන සෝදන පැන්ය, සිවුරුය යන මේ ද්‍රව්‍යයන් කෙරෙහි නෙළුම් පතෙහි දියබිඳු නොඇලෙන සෙයින් නො ඇලුණ භික්ෂුතෙමේ,
සුදුසු කාලයෙහි අනුන්ගේ අනුග්‍රහයෙන් ලැබුණු කෑයුතු, බිදියයුතු, ලෙවියයුතු අහරෙහි, වණයක් බෙහෙත් ගල්වා සුවකරන සෙයින්, නිතර එළඹසිටි සිහියෙන් යුතුව, පමණ දැන වළඳන්නේය.
කාන්තාරය තරණය කිරීමෙහිදී (මළ) පුතුගේ මාංශය වළඳන සෙයින්ද, රථ-අක්ෂයෙහි ලිහිසි තෙල් යොදන සෙයින්ද, ජීවිතය පවත්වා ගැනීම පිණිස, නොමුළාව ආහාර වළඳන්නේය.
ඉමස්ස ච පච්චයසන්නිස්සිතසීලස්ස පරිපූරකාරිතාය භාගිනෙය්යසඞ්ඝරක්ඛිතසාමණෙරස්ස වත්ථු කථෙතබ්බං. සො හි සම්මා පච්චවෙක්ඛිත්වා පරිභුඤ්ජි. යථාහ –
මේ ප්‍රත්‍යය සන්නිශ්‍රීත ශීලය සම්පූර්ණ කිරීමෙහිලා භාගිණෙය්‍ය සංඝරක්ඛිත සාමරණේරයන්ගේ කථාවස්තුව කිවයුතුය. ඔහු මැනවින් ප්රත්යවේක්ෂා කොටම පරිභෝග කළහ. යම්සේ කියනලදද:
“උපජ්ඣායො මං භුඤ්ජමානං, සාලිකූරං සුනිබ්බුතං; මා හෙව ත්වං සාමණෙර, ජිව්හං ඣාපෙසි අසඤ්ඤතො.
උපජ්ඣායො මං භුඤ්ජමානං සාලිකූරං සුනිබ්බුතං මා හෙව ත්වං සාමණෙර ජීව්හං ඣාපෙසි අසඤ්ඤතො
“උපජ්ඣායස්ස වචො සුත්වා, සංවෙගමලභිං තදා; එකාසනෙ නිසීදිත්වා, අරහත්තං අපාපුණිං.
උපජ්ඣායස්ස වචො සුත්වා සංවෙගමලහිං තදා, එකාසනෙ නිසීදිත්වා අරහත්තං අපාපුණිං
“සොහං පරිපුණ්ණසඞ්කප්පො, චන්දො පන්නරසො යථා; සබ්බාසවපරික්ඛීණො, නත්ථි දානි පුනබ්භවො”ති.
සො’හං පරිපුණ්ණසඞ්කප්පො චන්දො පණ්ණරසො යථා සබ්බාසවපරික්ඛීණො නත්ථිදානි පුනබ්භවො’ති
ඉතා ශීතල වූ හැල්බතක් බුදිනවිට මාගේ උපාධ්‍යායයන්වහන්සේ මාහට, ‘සාමණේරය, නොමෙනෙහි කොට වළඳා දිව පුළුස්සා නොගනුව’යි කීහ.
උපාධ්‍යායයන් වහන්සේගේ වදන් අසා එවිට මම සංවේග උපදවා ගතිමි, එ-අසුන්හි හුන්වනම හිඳ රහත් බවට පැමිණියෙමි.
එසේ වූ මම පුන් පොහෝ සඳ මෙන් පිරිපුන් සිත් ඇත්තෙමි සියලු කෙලෙසුන් නැසුවෙමි, දැන් මට නැවත ඉපදීමෙක් නැත.
“තස්මා අඤ්ඤොපි දුක්ඛස්ස, පත්ථයන්තො පරික්ඛයං; යොනිසො පච්චවෙක්ඛිත්වා, පටිසෙවෙථ පච්චයෙ”ති.
තස්මා අඤ්ඤොපි දුක්ඛස්ස පත්ථයන්තො පරික්ඛයං යොනිසො පච්චවෙක්ඛිත්වා පටිසෙවෙථ පච්චයෙ ති
එවං පාතිමොක්ඛසංවරසීලාදිවසෙන චතුබ්බිධං.
මෙසේ ප්රාතිමෝක්ෂ සංවරශීලාදි වශයෙන් ශීලය සිවු ආකාර වේ.