පඨමසීලපඤ්චකං
පඨමසීලපඤ්චකං
පඨමසීලපඤ්චකං
පඤ්චවිධකොට්ඨාසස්ස පඨමපඤ්චකෙ අනුපසම්පන්නසීලාදිවසෙන අත්ථො වෙදිතබ්බො. වුත්තඤ්හෙතං පටිසම්භිදායං –
(ශීලය කී වැදෑරුම් වේදැයි විස්තර කෙරෙමින් යට කියනලද) පස්වැදෑරුම් කොටසෙහි, පළමුවන පංචකයෙහි, අනුපසම්පන්න ශීලාදී වශයෙන් අර්ත්ථය දතයුතුය. කියනලදමැයි පටිසම්භිදාවෙහි:
“කතමං පරියන්තපාරිසුද්ධිසීලං? අනුපසම්පන්නානං පරියන්තසික්ඛාපදානං, ඉදං පරියන්තපාරිසුද්ධිසීලං. කතමං අපරියන්තපාරිසුද්ධිසීලං? උපසම්පන්නානං අපරියන්තසික්ඛාපදානං, ඉදං අපරියන්තපාරිසුද්ධිසීලං. කතමං පරිපුණ්ණපාරිසුද්ධිසීලං? පුථුජ්ජනකල්යාණකානං කුසලධම්මෙ යුත්තානං සෙක්ඛපරියන්තෙ පරිපූරකාරීනං කායෙ ච ජීවිතෙ ච අනපෙක්ඛානං පරිච්චත්තජීවිතානං, ඉදං පරිපුණ්ණපාරිසුද්ධිසීලං. කතමං අපරාමට්ඨපාරිසුද්ධිසීලං? සත්තන්නං සෙක්ඛානං, ඉදං අපරාමට්ඨපාරිසුද්ධිසීලං. කතමං පටිප්පස්සද්ධිපාරිසුද්ධිසීලං? තථාගතසාවකානං ඛීණාසවානං පච්චෙකබුද්ධානං තථාගතානං අරහන්තානං සම්මාසම්බුද්ධානං, ඉදං පටිප්පස්සද්ධිපාරිසුද්ධිසීල”න්ති (පටි· ම· 1.37).
‘පරියන්තපාරිසුද්ධිසීලය නම් කිමෙක්ද? මෙතෙකැ’යි නියමිත සංඛ්‍යාවක් ශික්ෂාපද ඇති අනුපසම්පන්නයන්ගේ ශීලයයි, මේ පරියන්ත පාරිසුද්ධිසීලයයි. අපරියන්ත පාරිසුද්ධි සීලය නම් කිමෙක්ද? මෙතෙකැ’යි අනියමිත සංඛ්‍යාවක් ශික්ෂාපද ඇති උපසම්පන්නයන්ගේ ශීලයයි. මේ අපරියන්ත පාරිසුද්ධි සීලයයි. පරිපූණ්ණ පාරිසුද්ධිසීලය නම් කිමෙක්ද? කුශලධර්මයෙහි නියුතු, ශෛක්ෂ්යපර්යන්ත ධර්මයන් පුරන, කය හෝ ජීවිතය පිළිබඳ අපේක්ෂා නැති, ජීවිත පරිත්‍යාගයෙන් යුත් පෘථග්ජන කල්‍යාණයන්ගේ ශීලයයි. මේ පරිපුණ්ණ පාරිසුද්ධිසීලයයි. අපරාමට්ඨ පාරිසුද්ධිසීලය නම් කිමෙක්ද? ශෛක්ෂය්යන් සත්දෙනාගේ ශීලයයි, මේ අපරාමට්ඨ පාරිසුද්ධිසීලයයි. පටිප්පස්සද්ධි පාරිසුද්ධසීලය නම් කිමෙක්ද? තථාගත ශ්‍රාවක ක්ෂීණාශ්රවයන්ගේද, ප්රත්යෙක බුද්ධයන්ගේද, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන්ගේද ශීලයයි, මේ පටිපස්සද්ධි පාරිසුද්ධි සීලයයි.’
තත්ථ අනුපසම්පන්නානං සීලං ගණනවසෙන සපරියන්තත්තා පරියන්තපාරිසුද්ධිසීලන්ති වෙදිතබ්බං. උපසම්පන්නානං –
එහි අනුපසම්පන්නයන්ගේ ශීලය සංඛ්‍යා වශයෙන් පරියන්ත සහිත වන හෙයින් පරියන්ත පාරිසුද්ධියයි දතයුතුය. උපසම්පන්නයන්ගේ,
“නව කොටිසහස්සානි, අසීතිසතකොටියො; පඤ්ඤාසසතසහස්සානි, ඡත්තිංසා ච පුනාපරෙ.
නව කොටිසහස්සානි අසීති සතකොටියො පඤ්ඤාසා සතසහස්සානි ජත්තිංසා ච පුනාපරෙ
“එතෙ සංවරවිනයා, සම්බුද්ධෙන පකාසිතා; පෙය්‍යාලමුඛෙන නිද්දිට්ඨා, සික්ඛා විනයසංවරෙ”ති. –
එතෙ සංවරවිනයා සම්බුද්ධෙන පකාසිතා, පෙය්‍යාලමුඛෙන නිද්දිට්ඨා සික්ඛා විනයසංවරෙති
නව දහස් කෝටියක්ද, සිය කෝටි අසූවක්ද? පණස් ලක්ෂයක්ද, නැවන තවත් සතිසක්ද,
යන මේ සංවර විනය ශික්ෂාපද සම්බුද්ධයන්වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදුව විනය පිටකයෙහි පෙය්යාල ස්වරූපයෙන් දක්වන ලදී.
එවං ගණනවසෙන සපරියන්තම්පි අනවසෙසවසෙන සමාදානභාවඤ්ච ලාභයසඤාතිඅඞ්ගජීවිතවසෙන අදිට්ඨපරියන්තභාවඤ්ච සන්ධාය අපරියන්තපාරිසුද්ධිසීලන්ති වුත්තං, චිරගුම්බවාසිකඅම්බඛාදකමහාතිස්සත්ථෙරස්ස සීලමිව. තථා හි සො ආයස්මා –
මෙසේ ගණන් වශයෙන් පර්යන්ත සහිත වුවද, නිරවශේෂ වශයෙන් සමාදන් වියයුතු බවද, ලාභ, යශස්, ඥාති, අංග, ජීවිත වශයෙන් නොදැකිය හැකි සීමා ඇති බවද සලකා අපරියන්ත පාරිසුද්ධි සීලයයි දතයුතුය. චීවරගුම්බවාසී අම්බඛාදක මහාතිස්ස තෙරුන්ගේ ශීලය මෙනි. ඒ එසේමයි, ඒ ආයුෂ්මත්තෙමේ,
“ධනං චජෙ අඞ්ගවරස්ස හෙතු, අඞ්ගං චජෙ ජීවිතං රක්ඛමානො; අඞ්ගං ධනං ජීවිතඤ්චාපි සබ්බං, චජෙ නරො ධම්මමනුස්සරන්තො”ති. –
ධනං චජෙ යො පන අඞ්ගහෙතු අඞ්ගං චජෙ ජීවිතං රක්ඛමානො, අඞ්ගං ධනං ජීවිතං චා පි සබ්බං චජෙ නරො ධම්මමනුස්සරන්තො ති
යමෙක් තෙමේ අවයව උදෙසා ධනය හැර දමන්නේද, ජීවිතය රකිමින් අවයවද හැර දමන්නේද, ධර්මය සිහිකරන මනුෂ්‍යයා අවයවද ධනයද ජීවිතයද යන සියල්ල හැර දමන්නේය.
ඉමං සප්පුරිසානුස්සතිං අවිජහන්තො ජීවිතසංසයෙපි සික්ඛාපදං අවීතික්කම්ම තදෙව අපරියන්තපාරිසුද්ධිසීලං නිස්සාය උපාසකස්ස පිට්ඨිගතොව අරහත්තං පාපුණි. යථාහ –
යන මේ සත්පුරුෂානුස්මෘතිය නොහරිමින් ජීවිතය ගැන ශංකා ඇති කල්හි පවා ශික්ෂාපද නො-ඉක්මවා එම අපරියන්ත පාරිසුද්ධිසීලය හේතුකොටගෙන උපාසකයාගේ කරපිට හුන්නේම රහත්බවට පැමිණියේය. යම්සේ කියනලදද?
“න පිතා නපි තෙ මාතා, න ඤාති නපි බන්ධවො; කරොතෙතාදිසං කිච්චං, සීලවන්තස්ස කාරණා.
න පිතා න පි තෙ මාතා න ඤාති නපි බන්ධවො කරොතෙතාදිසං කිච්චං සීලවන්තස්ස කාරණා
සංවෙගං ජනයිත්වාන, සම්මසිත්වාන යොනිසො; තස්ස පිට්ඨිගතො සන්තො, අරහත්තං අපාපුණී”ති.
සංවෙගං ජනයිත්වාන සම්මසිත්වාන යොනිසො තස්ස පිට්ඨිගතො සන්තො අරහත්තං අපාපුණීති
පියාද නොවේ, මව්ද නොවේ, නෑයෙක් හෝ බන්ධුවරයෝ නොවෙත්. මෙවන් කිසක් කරනුයේ ඔබගේ සිල්වත්කම සලකාගෙනමයි.
මෙසේ සංවේග දනවා නුවණින් විමසා බලා ඒ උපාසකයාගේ කරපිට හුන්නේම රහත්බවට පැමිණියේය.
පුථුජ්ජනකල්යාණකානං සීලං උපසම්පදතො පට්ඨාය සුධොතජාතිමණි විය සුපරිකම්මකතසුවණ්ණං විය ච අතිපරිසුද්ධත්තා චිත්තුප්පාදමත්තකෙනපි මලෙන විරහිතං අරහත්තස්සෙව පදට්ඨානං හොති, තස්මා පරිපුණ්ණපාරිසුද්ධීති වුච්චති, මහාසඞ්ඝරක්ඛිතභාගිනෙය්යසඞ්ඝරක්ඛිතත්ථෙරානං විය.
පෘථග්ජන කල්‍යාණයන්ගේ ශීලය උපසම්පදාවෙහි සිට මොනවට පිරිසුදු කරන ලද දෑරඟමිණක් මෙන්ද, මොනවට පිරියම් කළ ස්වර්ණයක් මෙන්ද, අතිශයින් නිර්මලවන හෙයින් සිතිවිලි ඉපදවීම් පමණවූ හෝ මලයෙන් තොරවූයේ රහත්බවට පදනම් වේ, එහෙයින් නම් පරිපුණ්ණපාරිසුද්ධියයි කියනු ලැබේ. මහාසංඝරක්ඛිතය, භාගිනෙය්‍ය සංඝරක්ඛිතය යන දෙදෙනා වහන්සේගේ ශීලය මෙනි.
මහාසඞ්ඝරක්ඛිතත්ථෙරං කිර අතික්කන්තසට්ඨිවස්සං මරණමඤ්චෙ නිපන්නං භික්ඛුසඞ්ඝො ලොකුත්තරාධිගමං පුච්ඡි. ථෙරො “නත්ථි මෙ ලොකුත්තරධම්මො”ති ආහ. අථස්ස උපට්ඨාකො දහරභික්ඛු ආහ – “භන්තෙ, තුම්හෙ පරිනිබ්බුතාති සමන්තා ද්වාදසයොජනා මනුස්සා සන්නිපතිතා, තුම්හාකං පුථුජ්ජනකාලකිරියාය මහාජනස්ස විප්පටිසාරො භවිස්සතී”ති. ආවුසො, අහං “මෙත්තෙය්‍යං භගවන්තං පස්සිස්සාමී”ති න විපස්සනං පට්ඨපෙසිං. තෙන හි මං නිසීදාපෙත්වා ඔකාසං කරොහීති. සො ථෙරං නිසීදාපෙත්වා බහි නික්ඛන්තො. ථෙරො තස්ස සහ නික්ඛමනාව අරහත්තං පත්වා අච්ඡරිකාය සඤ්ඤං අදාසි. සඞ්ඝො සන්නිපතිත්වා ආහ – “භන්තෙ, එවරූපෙ මරණකාලෙ ලොකුත්තරධම්මං නිබ්බත්තෙන්තා දුක්කරං කරිත්ථා”ති. නාවුසො එතං දුක්කරං, අපිච වො දුක්කරං ආචික්ඛිස්සාමි – “අහං, ආවුසො, පබ්බජිතකාලතො පට්ඨාය අසතියා අඤ්ඤාණපකතං කම්මං නාම න පස්සාමී”ති. භාගිනෙය්යොපිස්ස පඤ්ඤාසවස්සකාලෙ එවමෙව අරහත්තං පාපුණීති.
මහාසංඝරක්ඛිත තෙරුන් සැට වයස් ඉක්මවා මරණමඤ්චකයෙහි වැදහොත් කල්හි භික්ෂු සංඝයා ලෝකෝත්තර අධිගමයක් ඇත්දැයි විචාළහ. තෙරණුවෝ ‘මට ලෝකෝත්තර අධිගමයෙක් නැතැ’යි පැවසූහ. එවිට උන්වහන්සේට උපස්ථාන කරන තරුණ භික්ෂු කෙනෙක්, ‘ස්වාමීනි, ඔබවහන්සේ පිරිනිවියහ’යි හාත්පස දොළොස් යොද්නෙක මිනිස්සු රැස්වූහ. ඔබවහන්සේ පෘථග්ජනයෙකු ලෙස අපවත් වුවහොත් මහත් විපිළිසරයෙක් වන්නේය’යි කීය. ‘ඇවැත්නි, මම් මෙතේ බුදුන් දක්නෙමැ’යි විදර්ශනා නොපිහිටුවීමි, එසේ නම් මා හිඳුවා තබා ඉඩ දෙනුයැ’යි කීහ. ඒ භික්ෂු තෙමේද තෙරුන් නඟා හිඳුවා පිටතට නික්මිණි. තෙරණුවෝ ඒ භික්ෂුව පිටතට යන්නා හා සමඟම රහත්බවට පත්ව අසුරෙකින් ඒ භික්ෂුවට සන් කළහ. සංඝයා රැස්වී ‘ස්වාමීනි, මෙවැනි මරණාසන්න අවස්ථාවෙක්හිදී පවා ලොවුතුරු දහම් ඉපැදවීමෙන් දුෂ්කර කාර්යයක් කළහුය’යි කීහ. ‘ඇවැත්නි, මෙය දුෂ්කර නොවේ, වැලිදු මම ඔබට දුෂ්කර කාර්යයක් ප්‍රකාශ කරමි, ඇවැත්නි, මා පැවිදි වූ තැන් පටන් නොසිහියෙන්, නුනුවණින් කළ කාර්යයක් නම් නොසමරමි’යි කීහ. උන්වහන්සේගේ බෑණනුවෝද පණස්වස් කාලයෙහි මෙසේම රහත්බවට පැමිණියහ.
“අප්පස්සුතොපි චෙ හොති, සීලෙසු අසමාහිතො; උභයෙන නං ගරහන්ති, සීලතො ච සුතෙන ච.
අප්පස්සුතොපි චෙ හොති සීලෙසු අසමාහිතො උභයෙන නං ගරහන්ති සීලතො ච සුතෙන ච
“අප්පස්සුතොපි චෙ හොති, සීලෙසු සුසමාහිතො; සීලතො නං පසංසන්ති, තස්ස සම්පජ්ජතෙ සුතං.
අප්පස්සුතොපි චෙ හොති සීලෙසු සුසමාහිතො සීලතො නං පසංසන්ති නාස්ස සම්පජ්ජතෙ සුතං
“බහුස්සුතොපි චෙ හොති, සීලෙසු අසමාහිතො; සීලතො නං ගරහන්ති, නාස්ස සම්පජ්ජතෙ සුතං.
බහුස්සුතොපි චෙ හොති සීලෙසු අසමාහිතො සීලතො නං ගරහන්ති නාස්ස සම්පජ්ජතෙ සුතං
“බහුස්සුතොපි චෙ හොති, සීලෙසු සුසමාහිතො; උභයෙන නං පසංසන්ති, සීලතො ච සුතෙන ච.
බහුස්සුතොපි චෙ හොති සීලෙසු සුසමාහිතො උභයෙන නං පසංසන්ති සීලතො ච සුතෙන ච
“බහුස්සුතං ධම්මධරං, සප්පඤ්ඤං බුද්ධසාවකං; නෙක්ඛං ජම්බොනදස්සෙව, කො තං නින්දිතුමරහති; දෙවාපි නං පසංසන්ති, බ්රහ්මුනාපි පසංසිතො”ති. (අ· නි· 4.6);
බහුස්සුතං ධම්මධරං සප්පඤ්ඤං බුද්ධසාවකං නෙක්ඛං ජම්බොනදස්සෙව කො තං නින්දිතුමරහති දෙවාපි නං පසංසන්ති බ්රහ්මුනාපි පසංසිතො ති’
යමෙක් අල්පශ්‍රැත වේද, ශීලයෙහි නොපිහිටියේ වේද, ඔහුට ශීලයෙන්ද බහුශ්රැතභාවයෙන්ද යන දෙකින්ම ගර්හා කෙරෙති.
යමෙක් අල්පශ්රැතවේද, ශීලයෙහි මනාව පිහිටියේවේද, ඔහුට ශීලයෙන් ප්‍රශංසා කෙරෙති, ඔහුගේ බහුශ්‍රැතභාවය නොපිරේ.
යමෙක් බහුශ්‍රැත වේද, ශීලයෙහි නොපිහිටියේ වේද, ඔහුට ශීලයෙන් ගර්හා කෙරෙති, බහුශ්‍රැතභාවය ද නොපිරේ. (නිෂ්ඵලය)
යමෙක් බහුශ්‍රැත වේද, ශීලයෙහි මනාව පිහිටියේ වේද, ඔහුට ශීලයෙන්ද, බහුශ්රැතභාවයෙන්ද, යන දෙකින්ම ප්‍රශංසා කෙරෙති.
බහුශ්‍රැතවූ ධර්මධර වූ ප්‍රඥාසම්පන්න වූ (එහෙයින්ම) දඹරන් කාසියක් මෙන් නිර්මල වූ ඔහුට කවරෙක් නින්දා කරනු හැකිවේද? දෙවියෝද ඔහුට ප්‍රශංසා කෙරෙති, බ්‍රහ්මයා විසින්ද පසස්නා ලද්දේය.
සෙක්ඛානං පන සීලං දිට්ඨිවසෙන අපරාමට්ඨත්තා, පුථුජ්ජනානං වා පන රාගවසෙන අපරාමට්ඨසීලං අපරාමට්ඨපාරිසුද්ධීති වෙදිතබ්බං, කුටුම්බියපුත්තතිස්සත්ථෙරස්ස සීලං විය. සො හි ආයස්මා තථාරූපං සීලං නිස්සාය අරහත්තෙ පතිට්ඨාතුකාමො වෙරිකෙ ආහ –
ශෛක්ෂ්යයන්ගේ ශීලය වනාහි දෘෂ්ටි වශයෙන් අපරාමෘෂ්ට වන (නොකිලිටි) හෙයින් අපරාමට්ඨපාරිසුද්ධියයි දතයුතුය. කුටුම්බියපුත්තතිස්ස තෙරුන්ගේ ශීලය මෙනි. ඒ ආයුෂ්මත්තෙමේ එවැනි වූ ශීලය නිසා රහත්බැව්හි පිහිටනු කැමතිව සතුරන්හට මෙසේ කීහ.
“උභො පාදානි භින්දිත්වා, සඤ්ඤපෙස්සාමි වො අහං; අට්ටියාමි හරායාමි, සරාගමරණං අහ”න්ති.
උභො පාදානි භින්දිත්වා සංයමෙස්සාමි වො අහං අට්ටියාමි හරායාමි සරාගමරණං අහං
“එවාහං චින්තයිත්වාන, සම්මසිත්වාන යොනිසො; සම්පත්තෙ අරුණුග්ගම්හි, අරහත්තං අපාපුණි”න්ති. (දී· නි· අට්ඨ· 2.373);
එවාහං චින්තයිත්වාන සම්මසිත්වාන යොනිසො සම්පත්තෙ අරුණුග්ගම්හි අරහත්තමපාපුණිං ති’
දෙපා බිඳදමා මා මඳකට හැරදමන ලෙස මම ඔබගෙන් ඉල්ලමි. සරාගියකු ලෙසින් මරණයට පත්වීම මම පිළිකුල් කරමි, එයට ලජ්ජාවෙමි.
මෙසේ සිතා මම නුවණින් විමසා අරුණු නැඟෙන වේලෙහි රහත්ඵලයට පැමිණියෙමි.
අඤ්ඤතරොපි මහාථෙරො බාළ්හගිලානො සහත්ථා ආහාරම්පි පරිභුඤ්ජිතුං අසක්කොන්තො සකෙ මුත්තකරීසෙ පලිපන්නො සම්පරිවත්තති, තං දිස්වා අඤ්ඤතරො දහරො “අහො දුක්ඛා ජීවිතසඞ්ඛාරා”ති ආහ. තමෙනං මහාථෙරො ආහ – “අහං, ආවුසො, ඉදානි මිය්යමානො සග්ගසම්පත්තිං ලභිස්සාමි, නත්ථි මෙ එත්ථ සංසයො, ඉමං පන සීලං භින්දිත්වා ලද්ධසම්පත්ති නාම සික්ඛං පච්චක්ඛාය පටිලද්ධගිහිභාවසදිසී”ති වත්වා “සීලෙනෙව සද්ධිං මරිස්සාමී”ති තත්ථෙව නිපන්නො තමෙව රොගං සම්මසන්තො අරහත්තං පත්වා භික්ඛුසඞ්ඝස්ස ඉමාහි ගාථාහි බ්යාකාසි –
තවද එක්තරා මහතෙරණු කෙනෙක් ඉතා ගිලන්ව සියතින් අහර වැළදීමට පවා නොහැකිව තමන්ගේම මළ මූ මත වැතිර ඒ මේ අත පෙරළෙමින් සිටියහ. ඒ දැක එක්තරා තරුණ භික්ෂු කෙනෙක්, ‘අහෝ! ජීවිත සංස්කාරයෝ දුක්සහිතයහමැ’යි කීහ. මහ තෙරණුවෝ, ‘ඇවැත්නි, දැන් මිය යන්නෙම් සග සැපත් ලබන්නෙමි, මෙහි සැකයෙක් නැත, මේ ශීලය සිඳ දමා ලබන සැපත නම් මහණදම් පිළිකෙව්කොට ලබන ගිහිබව හා සමානය’යි කියා, ‘ශීලය සමගම මැරෙන්නෙමි’යි එසේම වැදහෙව, එම රෝගය ගැනම මෙනෙහි කරමින් රහත්බවට පැමිණ භික්ෂු සංඝයාහට මේ ගාථාවන්ගෙන් ඒ බව ප්‍රකාශ කළහ :
“ඵුට්ඨස්ස මෙ අඤ්ඤතරෙන බ්යාධිනා, රොගෙන බාළ්හං දුඛිතස්ස රුප්පතො; පරිසුස්සති ඛිප්පමිදං කළෙවරං, පුප්ඵං යථා පංසුනි ආතපෙ කතං.
ඵුට්ඨස්ස මෙ අඤ්ඤතරෙන බ්යාධිනා රොගෙන බාළ්හං දුඛිතස්ස රුප්පතො පරිසුස්සති ඛිප්පමිදං කලෙබරං පුප්ඵං යථා පංසුනි ආතපෙ කතං
“අජඤ්ඤං ජඤ්ඤසඞ්ඛාතං, අසුචිං සුචිසම්මතං; නානාකුණපපරිපූරං, ජඤ්ඤරූපං අපස්සතො.
අජඤ්ඤං ජඤ්ඤසඞ්ඛාතං අසුචිං සුචිසම්මතං නානාකුණපපරිපූරං ජඤ්ඤරූපං අපස්සතො
“ධිරත්ථු මං ආතුරං පූතිකායං, දුග්ගන්‍ධියං අසුචි බ්යාධිධම්මං; යත්‍ථප්පමත්තා අධිමුච්ඡිතා පජා, හාපෙන්ති මග්ගං සුගතූපපත්තියා”ති.
ධිරත්ථු’මං ආතුරං පූතිකායං දුග්ගන්‍ධියං අසුචිං ව්යාධිධම්මං යත්‍ථප්පමත්තා අධිමුච්ඡිතා පජා හාපෙන්ති මග්ගං සුගතූප්පත්තියා ති’
කිසියම් රෝගයක් වැළදීමෙන් දැඩිසේ දුකට පත්ව පෙළෙන මාගේ මේ ශරීරය අව්වෙන් රත්වූ පස්මත හෙලූ මලක් මෙන් වහා වියලී යන්නේය.
මනෝඥයයි ගනු ලබන මුත් අමනෝඥ වූ පිරිසුදු යයි ගනුලබන මුත් අපිරිසුදුවූ නොයෙක් කුණපයෙන් පිරුණු, (ඇතිතතු) නොදක්නාහට රම්‍ය රූපයක් වූ,
ආතුර වූ, දුර්ගන්ධ වූ, අපිරිසුදු වූ, ව්‍යාධිය ස්වභාවකොට ඇති මේ කුණුකයට නින්දා වේවා! මේ කය පිළිබඳව පමාවූ (මෝහයෙන්) මුසපත් ජනයා සුගතියෙහි ඉපැදීමේ මාර්ගයෙන් පිරිහෙත්.
අරහන්තාදීනං පන සීලං සබ්බදරථප්පටිප්පස්සද්ධියා පරිසුද්ධත්තා පටිප්පස්සද්ධිපාරිසුද්ධීති වෙදිතබ්බං. එවං පරියන්තපාරිසුද්ධිආදිවසෙන පඤ්චවිධං.
රහතුන් ආදීන්ගේ ශීලය වනාහි සියලු කෙලෙස්විඩා සන්සිදීම් හේතුවෙන් පිරිසුදු වූ හෙයින් පටිප්පස්සද්ධි පාරිශුද්ධියයි දතයුතුය. මෙසේ පරියන්ත පාරිශුද්ධි ආදී වශයෙන් පස් ආකාර වේ.