යෙදුමෙන් කියවන්න

දුතියසීලපඤ‍්චකං

දුතියසීලපඤ‍්චකං

දුතියසීලපඤ්චකං

දුතියපඤ‍්චකෙ පාණාතිපාතාදීනං පහානාදිවසෙන අත්‍ථො වෙදිතබ‍්බො. වුත‍්තඤ‍්හෙතං පටිසම‍්භිදායං –

දෙවන පංචකයෙහි පාණාතිපාතාදීන්ගේ ප්‍රහාණ ආදී වශයෙන් අර්ත්‍ථය දත යුතුය. කියන ලද මැයි පටිසම්භිදාවෙහි:

“පඤ‍්ච සීලානි පාණාතිපාතස‍්ස පහානං සීලං, වෙරමණී සීලං, චෙතනා සීලං, සංවරො සීලං, අවීතික‍්කමො සීලං. අදින‍්නාදානස‍්ස, කාමෙසුමිච‍්ඡාචාරස‍්ස, මුසාවාදස‍්ස, පිසුණාය වාචාය, ඵරුසාය වාචාය, සම‍්ඵප‍්පලාපස‍්ස, අභිජ‍්ඣාය, බ්‍යාපාදස‍්ස, මිච‍්ඡාදිට‍්ඨියා, නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දස‍්ස, අබ්‍යාපාදෙන බ්‍යාපාදස‍්ස, ආලොකසඤ‍්ඤාය ථිනමිද‍්ධස‍්ස, අවික‍්ඛෙපෙන උද‍්ධච‍්චස‍්ස, ධම‍්මවවත්‍ථානෙන විචිකිච‍්ඡාය, ඤාණෙන අවිජ‍්ජාය, පාමොජ‍්ජෙන අරතියා, පඨමෙන ඣානෙන නීවරණානං, දුතියෙන ඣානෙන විතක‍්කවිචාරානං, තතියෙන ඣානෙන පීතියා, චතුත්‍ථෙන ඣානෙන සුඛදුක‍්ඛානං, ආකාසානඤ‍්චායතනසමාපත‍්තියා රූපසඤ‍්ඤාය පටිඝසඤ‍්ඤාය නානත‍්තසඤ‍්ඤාය, විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්තියා ආකාසානඤ‍්චායතනසඤ‍්ඤාය, ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තියා විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤාය, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තියා ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤාය, අනිච‍්චානුපස‍්සනාය නිච‍්චසඤ‍්ඤාය, දුක‍්ඛානුපස‍්සනාය සුඛසඤ‍්ඤාය, අනත‍්තානුපස‍්සනාය අත‍්තසඤ‍්ඤාය, නිබ‍්බිදානුපස‍්සනාය නන්‍දියා, විරාගානුපස‍්සනාය රාගස‍්ස, නිරොධානුපස‍්සනාය සමුදයස‍්ස, පටිනිස‍්සග‍්ගානුපස‍්සනාය ආදානස‍්ස, ඛයානුපස‍්සනාය ඝනසඤ‍්ඤාය, වයානුපස‍්සනාය ආයූහනස‍්ස, විපරිණාමානුපස‍්සනාය ධුවසඤ‍්ඤාය, අනිමිත‍්තානුපස‍්සනාය නිමිත‍්තස‍්ස, අප‍්පණිහිතානුපස‍්සනාය පණිධියා, සුඤ‍්ඤතානුපස‍්සනාය අභිනිවෙසස‍්ස, අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය සාරාදානාභිනිවෙසස‍්ස, යථාභූතඤාණදස‍්සනෙන සම‍්මොහාභිනිවෙසස‍්ස, ආදීනවානුපස‍්සනාය ආලයාභිනිවෙසස‍්ස, පටිසඞ‍්ඛානුපස‍්සනාය අප‍්පටිසඞ‍්ඛාය, විවට‍්ටනානුපස‍්සනාය සඤ‍්ඤොගාභිනිවෙසස‍්ස, සොතාපත‍්තිමග‍්ගෙන දිට‍්ඨෙකට‍්ඨානං කිලෙසානං, සකදාගාමිමග‍්ගෙන ඔළාරිකානං කිලෙසානං, අනාගාමිමග‍්ගෙන අණුසහගතානං කිලෙසානං, අරහත‍්තමග‍්ගෙන සබ‍්බකිලෙසානං පහානං සීලං, වෙරමණී, චෙතනා, සංවරො, අවීතික‍්කමො සීලං. එවරූපානි සීලානි චිත‍්තස‍්ස අවිප‍්පටිසාරාය සංවත‍්තන‍්ති, පාමොජ‍්ජාය සංවත‍්තන‍්ති, පීතියා සංවත‍්තන‍්ති, පස‍්සද‍්ධියා සංවත‍්තන‍්ති, සොමනස‍්සාය සංවත‍්තන‍්ති, ආසෙවනාය සංවත‍්තන‍්ති, භාවනාය සංවත‍්තන‍්ති, බහුලීකම‍්මාය සංවත‍්තන‍්ති, අලඞ‍්කාරාය සංවත‍්තන‍්ති, පරික‍්ඛාරාය සංවත‍්තන‍්ති, පරිවාරාය සංවත‍්තන‍්ති, පාරිපූරියා සංවත‍්තන‍්ති, එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්තී”ති (පටි· ම· 1.41).

ශීලය පස් ආකාර වේ. ප්‍රාණඝාතය (කුශල චිත්තයෙන්) ප්‍රහීණ කිරීම ශීලයයි, එයින් වෙන්වීම ශීලයයි, එයට ප්‍රතිපක්‍ෂ චේතනාව ශීලයයි, එයින් වැලකීම ශීලයයි, එම ශික්‍ෂාපදය නොඉක්මවීම ශීලයයි. අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මුසාවාදය, පිශුණංවචනය, පරුෂවචනය, සම්ඵප්පලාපය, අභිධ්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණ කිරීම ශීලයයි, නෙක්ඛම්ම චිත්තෝත්පාදයෙන් කාමච්ඡන්‍දය, මෛත්‍රීචිත්තයෙන් ව්‍යාපාදය, ආලෝක සංඥාවෙන් ථීනමිද්ධය, අවික්ෂේපයෙන් උද්ධච්චය, ධර්මව්‍යවස්ථානයෙන් විචිකිච්ඡාව, ඥානයෙන් අවිද්‍යාව, ප්‍රමෝදයෙන් අරතිය, ප්‍රථමධ්‍යානයෙන් නීවරණය, ද්විතීයධ්‍යානයෙන් විතක්ක-විචාරය, තෘතීයධ්‍යානයෙන් ප්‍රීතිය, චතුර්ත්‍ථධ්‍යානයෙන් සුඛදුඃඛය, ආකාශානඤ්චායතන සමාපත්තියෙන් රූපසංඥාව, ප්‍රතිඝසංඥාව හා නානත්වසංඥාව විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන්, ආකාසානඤ්චායතන-සංඥාව, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතන සංඥාව, නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතන-සංඥාව, අනිච්චානුපස්සනාවෙන් නිච්චසංඥාව, දුක්ඛානුපස්සනාවෙන් සුඛසංඥාව, අනත්තානුපස්සනාවෙන් අත්තසංඥාව, නිබ්බිදානුපස්සනාවෙන් නන්‍දිරාගය, විරාගානුපස්සනාවෙන් රාගය, නිරෝධානුපස්සනාවෙන් සමුදය, පටිනිස්සග්ගානුපස්සනාවෙන් ආදානය, ඛයානුපස්සනාවෙන් ඝන සංඥාව, වයානුපස්සනාවෙන් ආයුහනය, විපරිණාමානුපස්සනාවෙන් ධුවසංඥාව, අනිමිත්තානුපස්සනාවෙන් නිමිත්තය, අප්පණිහිතානු- පස්සනාවෙන් පණිධිය, සුඤ්ඤතානුපස්සනාවෙන් අභිනිවෙසය, අධිපඤ්ඤාධම්ම විපස්සනාවෙන් සාරාදානාභිනිවෙසය, යථාභූතඤාණ-දස්සනයෙන් සම්මොහාභිනිවෙසය, ආදීනවානුපස්සනාවෙන්, ආලයාභිනිවෙසය, පටිසංඛානුපස්සනාවෙන් අප්පටිසංඛාව, විවට්ටානු-පස්සනාවෙන් සංයොගාභිනිවෙසය, සොතාපත්ති මාර්ගයෙන් දෘෂ්ටිය හා එක්ව සිටි ක්ලේශයන්, සකෘදාගාමි මාර්ගයෙන් ඔළාරික ක්ලේශයන්, අනාගාමී මාර්ගයෙන් අනුසහගත ක්ලේශයන්, අර්හත් මාර්ගයෙන් සියලු ක්ලේශ ධර්මයන් ප්‍රහීණ කිරීම ශීලයයි. විරමණය, චේතනාව, සංවරය, අව්‍යතික්‍රමණය ශීලයයි. මේ ආකාර වූ ශීලය සිතෙහි අවිපිළිසර පිණිස පවතී. ප්‍රමෝදය පිණිස පවතී, ප්‍රීතිය පිණිස පවතී, සන්සිඳීම පිණිස පවතී. සොම්නස පිණිස පවතී. ඇසුරු කිරීම පිණිස පවතී. භාවනා පිණිස පවතී. නැවත නැවත වඩනු පිණිස පවතී, (සතින්‍ද්‍රියාදී) පරිවාර පිණිස පවතී. පිරිපුන්බව පිණිස පවතී. ඒකාන්ත නිර්වේදය පිණිස, නිරෝධය පිණිස, උපශමය පිණිස අභිඤ්ඤාව පිණිස, සම්බොධය පිණිස, නිර්වාණය පිණිස පවතී.

එත්‍ථ ච පහානන‍්ති කොචි ධම‍්මො නාම නත්‍ථි අඤ‍්ඤත්‍ර වුත‍්තප‍්පකාරානං පාණාතිපාතාදීනං අනුප‍්පාදමත‍්තතො. යස‍්මා පන තං තං පහානං තස‍්ස තස‍්ස කුසලධම‍්මස‍්ස පතිට‍්ඨානට‍්ඨෙන උපධාරණං හොති, විකම‍්පාභාවකරණෙන ච සමාදානං. තස‍්මා පුබ‍්බෙ වුත‍්තෙනෙව උපධාරණසමාධානසඞ‍්ඛාතෙන සීලනට‍්ඨෙන සීලන‍්ති වුත‍්තං. ඉතරෙ චත‍්තාරො ධම‍්මා තතො තතො වෙරමණිවසෙන, තස‍්ස තස‍්ස සංවරවසෙන, තදුභයසම‍්පයුත‍්තචෙතනාවසෙන, තං තං අවීතික‍්කමන‍්තස‍්ස අවීතික‍්කමනවසෙන ච චෙතසො පවත‍්තිසබ‍්භාවං සන්‍ධාය වුත‍්තා. සීලට‍්ඨො පන තෙසං පුබ‍්බෙ පකාසිතොයෙවාති. එවං පහානසීලාදිවසෙන පඤ‍්චවිධං.

මෙහි වනාහි පහාණං යනු කියනලද ප්‍රකාර ඇති පාණාතිපාතාදිය නොඉපැදවීම පමණකි, ඒ හැර අන්කිසි ස්වභාවයක් නැත. යම්හෙයකින් ඒ ඒ අකුශලයන්ගේ ප්‍රහාණය ප්‍රතිපක්‍ෂ කුශල ධර්මයනට ප්‍රතිෂ්ඨාවීමේ අර්ත්‍ථයෙන් පාදකවේද, සිත් සසලවීම් නොකරන හෙයින් සමාධානයවේද, එහෙයින් යටකියනලද උපධාරණ-සමාධාන -සංඛ්‍යාත වූ ශීලනාර්ත්‍ථයෙන් ශීලයයි කියනලදි. (වෙරමණි) ආදී අනික් සතර ඒ ඒ ස්වභාවයෙන් වෙන්වීම් වශයෙන්ද, ඒ ඒ ස්වභාවයෙන් වැලකීම් වශයෙන්ද (වෙරමණි, සංවරය යන) දෙකින්ම සංයෝග වූ චේතනා වශයෙන්ද, ඒ ඒ ස්වභාවය ව්‍යතික්‍රමණය නොකිරීම් වශයෙන්ද සිත පිළිබඳ පැවැත්මේ සත්‍ය ස්වභාවය සඳහා කියනලදි. ඒ (වේරමණි ආදිය) පිළිබඳ ශීලාර්ථය යට පවසන ලද්දේම වේ. මෙසේ පහාණසීල ආදි වශයෙන් පස් ආකාර වේ.

එත‍්තාවතා ච කිං සීලං? කෙනට‍්ඨෙන සීලං? කානස‍්ස ලක‍්ඛණරසපච‍්චුපට‍්ඨානපදට‍්ඨානානි? කිමානිසංසං සීලං? කතිවිධං චෙතං සීලන‍්ති? ඉමෙසං පඤ‍්හානං විස‍්සජ‍්ජනං නිට‍්ඨිතං.

මෙතෙකින්, ශීලය යනු කිමෙක්ද? කවර අර්ත්‍ථයෙන් ශීල නම් වේද? එහි ලක්‍ෂණ, රස, පච්චුපට්ඨාන පදට්ඨානයෝ කවරහුද? ශිලය කවර අනුසස් ඇත්තේද? මේ ශීලය කී ආකාර වේදැයි යනුවෙන් යට දක්වන ලදි. මේ ප්‍රශ්නයන්ගේ විසදීම සමාප්තයි.